බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මානව හිමිකම් මහ කොමසාරිස් බැචලේට බ්‍රිතාන්‍යයේ නේස්බි සාමිගෙන් කටඋත්තර නැති ප්‍රශ්නයක්

by Lanka Sara Editor
පෙබරවාරි 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට හිතවත් අය මේ දිනවල මානබලන්නේ ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කොමිසමේ 46 වැනි වාර්ෂික සැසිවාරයේ ශ්‍රි ලංකාවට පහරදිමේ වාරය එනතෙක්ය. මේ වනවිටත් මානව හිමිකම් මහකොමසාරිස් මිචෙල් බැචලේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වගවීමේ පවතින ප්‍රශ්න පිළිබඳව සිය වාර්තාවෙන් දක්වා ඇත. මේ වාර්තාව බොහෝ විට පසුබිම් වී ඇත්තේ පසුගිය යුධ සමයේ සිට මේ දක්වා මෙරට සිදුවන මානව හිමිකම් කඩ කිරීම් ගැනය.

මෙම සැසිවාරයේදී ද ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවලියක් සම්මත කිරීම සඳහා යොමු කිරීමේ සූදානමක් ඇත. මෙවැනි මොහොතක ශ්‍රී ලංකාව වෙනුවෙන් බොහෝ බටහිර රටවල් සිටින්නේ විරුද්ධ පැත්තේය. අපට බොහෝ විට සිටිනුයේ අරාබිකරයේ රටවල් කිහිපයක් හැරුණු විට තවත් රටවල් අතලොස්සක් පමණි. මුස්ලිම් සිරුරු භූමදානයට ඉඩනොදීමේ තීරණය මත මෙවර මුස්ලිම් රටවල්ද බොහෝවිට අහක බැලීමට ඉඩ ඇති බව රාජ්‍ය තාන්ත්‍රික අරංචි මාර්ගවල මතයයි.

කෙසේවුවද සෑම මානව හිමිකම් සැසිවාරකදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින චරිතයක් ඇත. ඒ බ්‍රිතාන්‍යයේ නේස්බි සාමිවරයාය. මයිකල් මොරිස් බාරොන් නේස්බි නම් ඔහු බ්‍රිතාන්‍ය කන්සවේටිව් පක්ෂයේ මන්ත්‍රිවරයෙකි. දැනට 84 වියේ පසුවන නේස්බි සාමිවරයා ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා ද වෙයි. ඔහු මෙවරද මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් හඬ නගන්නේය.
ඔහු පවසන්නේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය කිසිදු වගවිභාගයකින් තොරව වගකිවයුත්තන්ගේ තොරතුරු මත නොව කොහේවත් යන ශ්‍රී ලංකාව භෞමිකව දෙකඩ කිරීමේ න්‍යාය පත්‍රයේ වැඩකරන අය දෙන උපදෙස් මත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තම වාර්තාව හරහා චෝදනා කරන බවය. ඔහු ඇතුළු වියතුන් කිහිප දෙනකු සහභාගී වූ ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර්ජාල වෙබ් සම්මන්ත්‍රණයක් පසුගියදා පැවැත්විණි. එය දැඩි අවධානයක් බොහෝ පිරිසකගෙන් එල්ල වු සමුළුවක් වු අතර එයට සම්බන්ධවීමට තිබු අධික ඉල්ලුම හේතුවෙන් බොහෝ පිරිසකට සම්බන්ධ විය නොහැකි විය.

එහිදී ඔහු හෙළිකළ කරුණුවලට අනුව නේස්බි සාමිවරයා මීට ටික දිනකට පෙර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පොදුරාජ්‍ය මණ්ඩලීය, එක්සත් ජාතීන්ගේ කටයුතු පිළිබඳව ඇමතිවරයා වන විම්බිල්ඩන්හි අහ්මෙඩ් සාමිවරයාගෙන් ලිඛිත ප්‍රශ්නයක් ඇසුවේය. විම්බිල්ඩන්හි අහ්මෙඩ් සාමිවරයා බ්‍රිතාන්‍ය මහ රැජණගේ පාර්ලිමේන්තු නියෝජිතයා ද වන්නේය. නේස්බි සාමිවරයා ඔහුගෙන් ඇසූ ප්‍රශ්නය වුයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මෑත කාලය තුළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් නිල වශයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් හෝ ශ්‍රී ලංකාවේ සිදුවීම් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය වෙත නිල වශයන් ලැබී ඇති තොරතුරු පිළිබඳව විමසා බැලුවේද යන්නය. එහිදී නේස්බි සාමිවරයා විශේෂයෙන් අසා තිබුණේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ යුධමය තත්ත්වයක පැවැති කාලයේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලට අනුයුක්තව කටයුතු කළ ආරක්ෂක උපදේශකයා වන ලුතිනන් කර්නල් ගෑෂ් විසින් නිල වශයෙන් ශ්‍රී ලංකාවේ යුධමය ක්‍රියාන්විතයේ සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් සපයන ලද වාර්තා විමර්ෂණය සඳහා ඉල්ලා සිටියේද යන්නය. මෙයට පාර්ලිමේන්තුවේ දී පිළිතුරක් දුන් අමාත්‍යවරයා වන අහ්මෙඩ් සාමිවරයා කීවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිචෙල් බැචලේ එවැනි කිසිදු තොරතුරක් හෝ නිල වාර්තාවක් බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා නොසිටි බවය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

පසුගියදා පැවැති අන්තර්ජාල සම්මන්ත්‍රණයකදී මේ බව අනාවරණය කළ නේස්බි සාමිවරයා පවසන්නේ එවැනි නිල තොරතුරු කිසිවක් ලබානොගන්නා මිචෙල් බැචලේ මහකොමසාරිස්වරිය පදනම් විරහිත සහ ඒකපාර්ශ්වික ලෙස ශ්‍රී ලංකාවට චෝදනා කරන බවය. චිලී රාජ්‍යයේ හිටපු ජනාධිතිවරියද වන මිචෙල් බැචලේ කිසිදු කෙනකුට තර්ක කළ නොහැකි විරෝධය පළ කල නොහැකි ශක්තිමත් වාර්තාවක් සකසන්නේ නම් ඇයට අවම වශයෙන් ශ්‍රි ලංකාවට එරෙහිව යෝජනා ගෙන එන්නට සහ ඊට සහය දෙන රටවල නිල තොරතුරු පදනම්ව එය සැකසිය යුතු බවය.

ශ්‍රී ලංකාවට එරෙහිව සිටින රටක් ලෙස බ්‍රිතාන්‍ය රජය සතු නිල තොරතුරු සාක්ෂි සාධක සහිතව තම වාර්තාවට ඇතුළු කිරීම එහිදී වැදගත් බව ඔහු පවසන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නැගෙන ඇතැම් මානව හිමිකම් චෝදනා ඉතා බරපතල නිසාය.

ඔවුන් නිතර පවසන කරුණක් වන්නේ 2009 වසර් උතුරේ ක්‍රියාන්විතයේදී සාමාන්‍ය වැසියන් 40,000ක් ඝාතනය වූ බවය. එසේ වුවද එය සනාථ කිරීම සඳහා කිසිදු සකෂියක් හෝ ලියවිල්ලක් මානව හිමිකම් මහකොමසාරිස්වරිය හෝ ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා කරන්නන් සතුව නොමැති බවත් ඔවුන්ට එවැනි සාක්ෂියක් පෙන්විය නොහැකි බවත් නේස්බි සාමිවරයා පවසන්නේය.

ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් යෝජනාවකට අනුග්‍රහය දක්වන බ්‍රිතාන්‍යය එය හුදෙක් උපකල්පන මත පිහිටා සිදුකරන බවත් මේ වනවිට බ්‍රිතාන්‍යය රජය අනෙක් අතින් යුධ අපරාධ සඳහා ඉඩ සලසන ආකාරයේ නිති සම්පාදනය කරමින් සිටින බවත් නේස්බි සාමිවරයා මෙම සම්මන්ත්‍රතණයේදි පෙන්වා දුන්නේය.

එහිදි ඔහු සඳහන් කළේ විදේශ සේවයේ යෙදී සිටින යුධ සෙබලුන් සහ යුධ ප්‍රවීණයින් පිළිබඳ පනතක් පසුගිය වසරේ මාර්තු මාසයේදී පාර්ලිමේන්තුවට හඳුන්වා දුන් බවත් එයින් යුද අපරාධ, හිංසකාරී ක්‍රියා ආදිය සම්බන්ධ චෝදනාවලින් නිදොස් කිරීමට අදාළ නෛතික ඉඩකඩ නිර්මාණය කිරීම අරමුණ බවය.

එක් අතකින් එවැනි දේ සිදුකරන අතරේ අනෙක් අතින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ පැවැත්ම සඳහා පවුම් මිලියන 1.8ක් පමණ ලබාදෙමින් ඔවුන් දෙබිඩි රංගනයක යෙදෙන බවට නේස්බ් සාමිවරයා බ්‍රිතාන්‍ය රජයටද චෝදනා කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

Next Post

ඉම්රාන් ඛාන් විපක්ෂ නායකත් හමුවෙයි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.