බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

දූෂණ විරෝධී වීරයාගේ නිදහසේ දූතයා වෙන්නට යන සේනාධිපති සූරයා….

by editor
ජනවාරි 29, 2022
in දේශපාලන
Share on FacebookShare on Twitter

ජාලිය වීරක්කොඩි –

පෙබරවාරි 04 දා රන්ජන් රාමනායකට   නිදහස ලබාදීම වෙනුවෙන් ජනාධිපතිවරයා සම්බන්ධීකරණය කරන නිදහසේ දූත මෙහෙවර ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති පවරාගැනීම දේශපාලන ක්ෂේත්‍රයේ කතා  බහකට ලක් වී තිබේ.

වංචාව හා අල්ලස ඇතුළු දේශපාලන බලය හරහා සිදුවන  මහා පරිමාණ දූෂණය සම්බන්ධව හඬක් නැගූ බව පෙනුණ රන්ජන් රාමනායක  අධිකරණයට අපහාස කිරීම හේතුවෙන්  නියම වුණු වසර හතරක සිරදඬුවම දරාගත නොහැකිව  අවස්ථා ගණනාවක දී තමන්ව නිදහස් කර දෙන ලෙස දේශපාලන සගයන්ගෙන් ඉල්ලා තිබිණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අවස්ථා තුනක දී ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තුවේ දී එම ඉල්ලීම කළේය.

මේ තත්වය තුළ නිශ්ශංක සේනාධිපති රන්ජන් රාමනායක සම්බන්ධව මැදිහත් වීමට ඉදිරිපත් වන්නේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ, දිල්හානි අශෝකමාලා,  අර්ජුන් කමලනාත් ඇතුළු කලාවට සම්බන්ධ පිරිසක් පිටකෝට්ටේ රැස්වීම් ශාලාවකදී පසුගිය 26 දා හමුවී කරන ලද ඉල්ලීමකට අනුවය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඔවුන් ඉල්ලා සිටියේ රන්ජන් රාමනායකට නිදහස ලබා දෙන ලෙස තමන් ඉදිරිපත් කරන පෙත්සම ජනාධිපතිවරයා අතට පත් කරන ලෙසය.   පොහොටට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ ඇතුළු  තම කණ්ඩායමට ජනාධිපතිවරය හමුවී කතා බහ කිරීමට අවස්ථාවක් සලසා දෙන ලෙසය.

ඒ අවස්ථාවේ දී ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති එම ඉල්ලීම පිළිගන්නේ   මේ රජය  පුද්ගලයන්ගෙන් පලි ගැනීම සඳහා පන්න පන්නා කටයුතු කරන බව තමන් කිසිසේත්ම විශ්වාස නොකරන බව කියමිනි. එමෙන්ම රන්ජන් රාමනායක සම්බන්ධව රජයට කිසිම ප්‍රශ්නයක් නැති බවද ඔහු කීවේය.

අනතුරුව ඔහු කියන්නේ කලාවට සම්බන්ධ පුද්ගලයන්ගේ ලියැවිල්ල ජනාධිපතිවරයා වෙත ලැබෙන්නට සලස්වන බවත්,  වහාම ඔවුන්ට ජනපතිව මුණ ගැස්වීමේ අවස්ථාවක් සංවිධානය කරන බවත්ය.

ඒ අවස්ථාවේදී කලාකරුවන් පැවසුවේ රන්ජන් රාමානයක නිදහස් කරගැනීම සඳහා ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගේ මැදිහත් වීම  අතිශයින්ම බලාපොරොත්තු ඇති කරන බවය.

“ මේ වැඩේ ඔබතුමාට කරන්න පුලුවන්. ඒ ගැන අපට විශ්වාසයි.“ දිල්හානි ආශෝකමාලා කීවාය. ගීතා කුමාරසිංහ පොහොට්ටු මන්ත්‍රීවරිය  නිදහස් දිනය දා රන්ජන් නිදහස ලබා එන බව තමන්ට ඉර හඳ සේ විශ්වාස බව පැවසුවාය.

රන්ජන් දැන් බලාපොරොත්තු සහගතව නිශ්ශංක සේනාධිපති දෙස බලාගෙන සිටින්නේය.  ඒ  පරිච්ඡේදය නිමා වන්නේ අතිශය ඛේදනීය ලෙස බව ලියා තැබිය යුතුය.

නිශ්ශංක සේනාධිපති මේ රටේ වංචාව දූෂණය සහිත අඳුරු යථාර්ථයේ  දැවැන්තම භූමිකාව හසුරුවන්නෙක් බව හෘදය සාක්ෂියක් සහිත ලෝකයේ යුක්ති සහගත මිනිස්සු දනිති. දූෂණය වෙනුවෙන් හඬ නැගූ බව කියන වීරයා නිදහස් කරගන්නට එන නිදහසේ දූතයා නිශ්ශංක සේනාධිපති වීම මේ රටේ විසුළු ස්වරූපය පිළිබඳව අපට කියාපාන්නේය.

දූෂණයට එරෙහිවීම   මහා පෞරුෂයක් සහිත  සමාජ දෘෂ්ඨියකින් කළ යුතු එළඹුමකි. එය  ගැලරියේ විෂිල් පාරට  “රන්ජා“ සිනමා පටයේ නින්ජාගේ භූමිකාව රඟ දක්වනු තරම්  මහපොලොවේ දී පහසු නැත. සැබෑ සමාජ අරගලයක දී  සමාජ භූමිකාවක අගය රූපණය කරන්නට ඉදිරිපත් වන්නෙක් සතුව එම කටුක යථාර්ථයට මුහුණ දිය හැකි පෞරුෂයක්  දැක්මක් සහ කැප කිරීමක් තිබිය යුතුය. එවැනි කැපකිරීම් කළ චරිතාදර්ශ ඕනෑ තරම් ඇත.

එම ජීවිත බර නොදැන ගැලරිය පිනවීමේ අභිලාෂයෙන් කරන දේශපාලනික මැදිහත්වීම්  කෙළවර වන්නේ  නිශ්ශංක සේනාධිපතිලා නිදහසේ දූතයන් කර රටේ රැඟූ වීරයා කුජීත කරවීමෙනි.  මේ අප ඉදිරියේ  කොමිටල් වන්නේ  සමාජ ප්‍රතිමාන පිළිබඳවූ ආදර්ශයන්ය.

තමන්ගේ තරම සහ බර දැනගෙන සමාජ පරිවර්තන වෙනුවෙන් පුද්ගලයින්  ඉදිරිපත්  කළ යුතු බව මුලින්ම අපට කියා දුන්නේ අපේ ජනාධිපති තුමාය.   රන්ජන් රාමනායක නිශ්ශංක සේනාධිපතිගේ මැදිහත් වීමෙන් නිදහස් වී පැමිණීයහොත්  ඒ ඇත්ත යළි තහවුරු වන්නේය.

දැන් ඔහු නිදහස් වී පැමිණ කුමක් කරනු ඇති ද?. දූෂණ විරෝධී මෙහෙයුම අලුත් වටයකින් අරඹනු ඇති ද?

ඇත්තටම රන්ජන් පවුය.  මේ ලියන මාත් පවුය. කියවන උඹත් පවුය.

කියවන්න…

පොහොට්ටු මන්ත්‍රීනී ගීතා ඇවන්ගාර්ඩ් සභාපතිගෙන් කළ  ඉල්ලීම … ජනපති හමුවීමට අවස්ථාවක් ලබා දෙන්න!  

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලුත් මාරක කොවිඩ් ප්‍රභේදය නියෝකොව්… වැළඳුන අයගෙන් තුනෙන් එකකට මරණිය අවදානමක්!

Next Post

දඹුල්ල වේලෙද්දී මාතලේටත් ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදන්න යයි!

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.