දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය තිබියදී මාතලේ ප්‍රදේශයේ තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට ක්‍රිකට් ආයතනය සැරසෙන බව ලංකාසරට වාර්තා වේ.
කැලයක් බඳු ඉඩමක් මේ සඳහා තෝරා ගෙන ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ පන්සියයක් ද වෙන් කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.
විශාල වියදමක් දරා තැනූ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේත් අවුරුද්දකට තරග දෙක තුනකට වඩා නොපවත්වද්දී එම ප්‍රදේශයටම තවත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් සඳහා වැය කිරීම අතාර්කික බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගම ප්‍රකාශ කළේය.