බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

කොන්දේසි දමා උතුරේ දේශපාලනය හසුරුවන්න හදන පුනරුත්ථාපිත එල්.ටී.ටී.ඊ ය…

by editor
ජූනි 13, 2020
in දේශපාලන
ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කේ.තුලසි

ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කේ.තුලසි

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

පළාත් සභා මැතිවරණයේදී පිළිගත් දෙමළ දේශපාලන පක්ෂයක නාම යෝජනා සඳහා සියයට විස්සක නාමයෝජනා ප්‍රමාණයක් ලබා දෙන්නේ නම් මෙවර මහ මැතිවරණයේදී එම දේශපාලන පක්ෂයට  තම සහාය ලබා දෙන බව පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.සාමාජිකයන් එක් කොන්දේසියක් වශයෙන් ඉදිරිපත් කොට තිබේ.

දෙමළ ජාතික සන්ධානය කොන්දේසිවලට යටත්ව පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ව දේශපාලන කටයුතු සඳහා එක් කර නොගන්නා බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කිරීමෙන් පසුව ඔවුන්ගේ සෙසු කොන්දේසි මොනවාදැයි විමසූ විට ඔහු කියා සිටියේ එකම කොන්දේසියක් හෝ ඉදිරිපත් කරන්නේ නම් දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ සහය ලබා නොගන්නා බවය.

කොන්දේසින් විරහිතව ඔවුන් පැමිණ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට  ක්‍රියාකරන්නේ නම් ඔවුන්ගේ අනාගතය ගැන හා ඔවුන්ගේ දේශපාලන අනාගතය ගැන සිතා යමක් කිරීමට දෙමළ ජාතික සන්ධානයට හැකි බව හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔවුන්ගේ ඉතිරි කොන්දේසි මොනවාදැයි විමසූ විට ඔහු කියා සිටියේ ඔවුන්ගේ පලමු කොන්දේසියෙන්ම ඔවුන්ව එපා වූ බැවින් සෙසු කොන්දේසි ගැන විපරම් නොකළ බවයි.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

නමුත් පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් විසින් පිහිටුවා ගෙන සිටින ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමින්ගේ පක්ෂය දැනට යාපනයේ සන්ධානගතව සිටින සෑම දෙමළ සන්ධානයකටම ඔවුන්ගේ සියලුම කොන්දේසි ඉදිරිපත් කොට තිබේ.

එම සන්ධානවල පිරිස සමග සාකච්ඡා කළ අවස්ථාවේදී ඔවුන් කියා සිටියේ පළාත් සභා මැතිවරණය සඳහා සියයට විස්සක නාම යෝජනා ප්‍රතිශතයකට ඔවුන්ගේ නම් ඇතුළත් කිරීමට අමතරව මේ මහ මැතිවරණයට පසුව එලඹෙන මහ මැතිවරණයක දී උතුරු නැගෙනහිර පළාත් සඳහා ඉදිරිපත් කෙරෙන නාම යෝජනා වෙනුවන් සියයට දහයක ප්‍රතිශතයක් ඉල්ලා සිටින බවයි.

මේ යෝජනාව මීට පෙර පැවති මහමැතිවරණ සමයේ දී ඔවුන් දෙමළ සන්ධානයේ නායකයාගෙන්ම අවස්ථා හතරකදී ඉල්ලා සිටීම නිසා සම්බන්ධන් මන්ත්‍රීවරයා කෝප වී ඔවුන්ව වවුනියාවේදී එලවා ගත් බව  වන්නි දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන්   පැවසීය.

ඉන් පසුව මේ මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දීමට ආසන්නයේ යළි එම ඉල්ලීම් ඉල්ලා සිටියත් කවරෙකු හෝ ඊට ඇහුම්කන් නොදීම නිසා ඔවුන් වෙනමම නාම යෝජනා උතුරේ දිස්ත්‍රික්ක කීපයකට ලබා දී ඇති බවද අඩෙයිකලනාදන් පෙන්වා දුන්නේය.

පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් ඉල්ලා සිටින කොන්දේසි ප්‍රමාණය දොළහකට වැඩි බව කී හිටපු මන්ත්‍රීවරයා ඔවුන් දේශපාලන වශයෙන් ඔවුන්ගේ පක්ෂයට නාම යෝජනා සදහා ඉල්ලා සිටින කෝටාවට අමතරව ඔවුන් පුනරුත්ථාපනය වූ පාඨමාලාවන්ට අදාලව දේශීය හා විදේශීය රැකියා සඳහා ඔවුන්ට යම් අවස්ථාවක් ලබා දෙන මෙන්ද ඉල්ලා සිටින බව පැවසීය.

පුනරුත්ථාපනය වූ පිරිසට ඉඩම් හා නිවාස ලබාදීම මෙන්ම ඔවුන්ගේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වන තුරු යම් දීමනාවක් දෙමළ දේශපාලන පක්ෂ වලින් ඉල්ලා ඇතැයිද අඩෙයිකලනාදන්  කියා සිටියේය.

ඔවුන් එසේ ඉල්ලා සිටින්නේ කවර පදනමක් මතදැයි විමසූ විට ඔවුන් යුද්ධ කලේ දෙමළ ජනතාවගේ යහපත උදෙසා නිසා එම ඉල්ලීම සාධාරණ බව ද දෙමළ දේශපාලනඥයින්ට දේශපාලකයින් වීමට ශක්තිය ලැබුණේ ඔවුන් නිසා බවට පුහු තර්කයක් ඉදිරිපත් කරණ බව ද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ සමගම දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය විසදීම හා යුද සමයේදී අතුරුදහන් වූවන් පිළිබඳව  සොයා බැලීම යන ජාතික මට්ටමේ කාර්යයන් සඳහා තමන් සහය දක්වන දෙමළ දේශපාලන පක්ෂය  මැදිහත් විය යුතුයැයි ද ඔවුන්ගේ කොන්දේසි අතර වෙයි.

මේ පිළිබදව විමසූ  විට පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ගේ දේශපාලන පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂයේ ප්‍රකාශක තුලසියන් කියා සිටියේ මේ සියලුම කොන්දේසි ඔවුන් විසින් විශේෂ සාකච්ඡාවක් පවත්වා එම සාකච්ඡාවේ දී සම්මත කර ගන්නා ලද කොන්දේසි බවයි.

දෙමළ දේශපාලන පක්ෂ උතුරු නැගෙනහිර දෙමළ දෙමළ ජනතාව රවටා ඔවුන්ගේ ඡන්දය ලබාගෙන බලයට පත් වීමෙන් පසුව ඔවුන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීම නවතා ලීම සදහා තම පක්ෂය කොන්දේසි සහිතව ඔවුන් සමග සන්ධානගත වීමට උත්සාහ කරන බව ද තුලසියන් පැවසීය.

 

Tags: නවතම
Share79Tweet43
Previous Post

නෙල්ලිඅඩි ප්‍රදේශයේ පිපිරුමෙන් හමුදා භටයෙකුට තුවාල

Next Post

මාටින් වික්‍රමසිංහයන්ගේ දෙටු පුතු දිවියෙන් සමුගනී

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.