දිනසේන රතුගමගේ –
යාපනයේ නෙල්ලිඅඩි වල්ලෙයිවේලී ප්‍රදේශයේදී 12 දා සවස සිදුවූ පිපිරීමකින් එක් හමුදා භටයෙකු සුළු තුවාල ලබා තිබේ.
නෙල්ලිඅඩි හමුදා කදවුර වෙත එමින් සිටි භටයින් පිරිසක් මෙම පිපිරීමට හසුව ඇතත් එම පිපිරීම වළදමා තිබූ බෝම්බයක්ද එසේත් නොමැතිනම් වෙනත් වර්ගයක බෝම්බයක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.
නෙල්ලිඅඩි පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.