බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

අම්බලන්තොට  පොඩි ලක්මාල් ඝාතනය කර බෙල්ල කපා මාමඩල හන්දියේ හිස තබා ගිය අපරාධයේ  අග මුල….

by editor
මැයි 12, 2026
in සමාජ
murder
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේදී ඊයේ (මැයි 11) රාත්‍රියේ අතිශය කෲර සහ බීහිසුණු මනුෂ්‍ය ඝාතනයක් සිදුවූයේය. රාත්‍රී 8:30 ට පමණ නිවසකට කඩා වැදුණු තිදෙනෙකුගෙන් යුත් සන්නද්ධ කණ්ඩායමක් විසින් පුද්ගලයෙකුට වෙඩි තබා, පසුව තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඔහුගේ හිස ශරීරයෙන් වෙන් කර රැගෙන ගොස් තිබුණේය.

සැකකරුවන් කඳින් වෙන් කරගත් හිස   මාමඩල හන්දිය   අසල පිහිටි රත්නාවලී දේවියගේ  ප්‍රතිමාව අසලට රැගෙන විත් එම ප්‍රතිමා  මත තබා ගොස් තිබිණි.

මෙම ප්‍රහාරය වැළැක්වීමට උත්සාහ කිරීමේදී මියගිය පුද්ගලයාගේ බිරිඳගේ පියා වන කරුණාචාරි නිමල් යන අයද බරපතළ තුවාල ලැබුවේය.  ඔහු මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින්නේය.

 සිද්ධිය වූ ආකාරය

මෙම අමානුෂික ඝාතනයට ලක්වූයේ  අම්බලන්තොට, මාමඩල, අංක 396 ලිපිනයේ පදිංචිව සිටි වීරසේකර ආරච්චිගේ ලක්මාල් සඳරුවන් නමැති 34 හැවිරිදි තිදරු පියෙකි. ඔහු ප්‍රදේශයේ   ‘පොඩි ලක්මාල්’ යන අනවර්ථ නාමවලින් ද හඳුන්වනු ලබන්නේය.  ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධව සැක පිට අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර  සිටි පොඩි ලක්මාල්  ඇප ලබා නිදහස්ව එන්නේ මාර්තු 31 දා ය.

ඊයේ රාත්‍රියේ  සැකකාර ඝාතකයින්  තිදෙනා පොඩි ලක්මාල්  පදිංචිව සිටි නිවසට බලහත්කාරයෙන් කඩා වැදුනහ. පිස්තෝලයක් සහ තියුණු ආයුධ සන්නද්ධව පැමිණි සාඝතකයින් සහ නිවසේ සිටි පිරිස අතර  දැඩි පොරබැදීමක් නිවස තුළ දී ඇති විය. පොඩි ලක්මාල්ට වෙඩි තිබූ සාහකසියයෝ පසුව කපා කොටා ඔහුව ඝාතනය කර  ඔහුගේ හිස කඳින් වෙන් කර රැගෙන ගියහ.  මාමඩල හන්දියේ රත්නාවලි පිළිරුව අතර තබා තිබුණේ එම හිසය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඝාතනයේ පසුබිම

පොලිසිය විශ්වාස කරන්නේ මෙම ඝාතනය මීට පෙර පොඩි ලක්මාල් ද චූදිතයෙක් වූ   ත්‍රිපුද්ගල ඝාතනයට පළිගැනීමක් ලෙස සිදු කර ඇති බවය. එම ත්‍රිපුද්ගල ඝාතනය සිදුවන්නේ   2025 පෙබරවාරි මස 02 වැනිදා   රාත්‍රී කාලයේදී   අම්බලන්තොට පොලිස් වසමට අයත් මාමඩල, බටදිර ප්‍රදේශයේ අලේගොඩ පිහිටි නිවසක් තුළය.  ඝාතනය වූයේ එකම ප්‍රදේශයක පදිංචිකරුවන්ය.  පොලුවලින් පහර දී තියුණු ආයුධවලින් කපා කොටා මෙම තිදෙනා අමානුෂික ලෙස ඝාතනය කර තිබිණි.

මේ ගැටුමට හේතුව පාතාල  ගැටුමක් හෝ පිටත ප්‍රදේශයකින් පැමිණ කළ සංවිධානාත්මක  අපරාධයක් නොවේ.  ප්‍රදේශයම නීති විරෝධී කසිප්පු පෙරන කණ්ඩායම් දෙකක් අතර වූ කසිප්පු ආරවුලකි. මෙම කණ්ඩායම් දෙක අතර දිගු කාලයක් තිස්සේ කෝන්තරයක් තිබිණි. ටිකෙන් ටික වැඩි වූ ආරවුල අවසානයේ දී දෙපාර්ශවයේ කසිප්පු  ජාවාරම් ගැන දෙපැත්තම පොලිසියට ඔත්තු දීම දක්වා   දුර දි ගියේය.

මේ අතර එක් කණ්ඩායමක් තම  කසිප්පු බෝතලයක මිල අනෙක් කණ්ඩායමට වඩා තුනෙන් එකක මිලකට අඩු කළේය.     මේ හේතුවෙන් අඩුවෙන් කසිප්පු විකිණූ  පිරිසට   ඉතා ඉහළ ආදායමක් ලැබුණු අතර අනෙක් කණ්ඩායමේ ව්‍යාපාරය බිඳ වැටෙන්නට වූයේය.

පසුගිය වසරේ  පෙබරවාරි 02 දා පිපිරී ගියේ ඒ වෛරී ගැටුමේ උච්ඡම අවස්ථාවකි.  අලේගොඩ පිහිටි හෙට්ටි ආරච්චිගේ ප්‍රභාත් ඉන්දික (වයස 29)ක ගේ නිවසට එදා රාත්‍රියේ ඝාතකයින්  6ත් 08ත් අතර පිරිසක් තියුණු ආයුධ සහිතව සහිතව කඩා වැදුනහ.  එහිදී දෙපාර්ශවය අතර උණුසුම් බහින්බස් වීමක් ඇති වූයේය.  පසුව පැමිණි පිරිස නිවස හිමිකාර ප්‍රභාත් ඉන්දික ඇතුළු තිදෙනෙකුට පොලුවලින් පහර දි  තියුණු ආයුධවලින් ම්ලේච්ඡ ලෙස කපා කොටා දැමූහ. එම  ස්ථානයේදීම ප්‍රභාත්  මියගිය අතර, අනෙක් දෙදෙනා අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තුවාලවල බරපතළකම හේතුවෙන් මිය ගියහ.  රසික ප්‍රියදර්ශන හේවා කුමානායක (වයස 45),  උදයංග මල්ලිකාරච්චි හෙවත් මාධව අසංක මල්ලිකාරච්චි හෙවත් ‘මෙන්ත පොඩි’ (වයස 34) සහ ප්‍රභාත් ඉන්දික එදින ප්‍රහාරයෙන් මිය ගියහ.

අම්බලන්තොට පොලිසිය සහ තංගල්ල අපරාධ විමර්ශන ඒකකය ඒකාබද්ධව ඉතා කඩිනමින් විමර්ශන මෙහෙයවූ අතර, සිද්ධියෙන් පැය 24ත් 48ත් අතර කාලය තුළ සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගැනීමට සමත් විය. අත්අඩංගුවට ගත් පිරිස අතර එකම පවුලේ සාමාජිකයන් සහ සමීපතම ඥාතීන් ද සිටි බව වාර්තා විය. සිද්ධිය හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් පසු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඊයේ ඝාතනය සහ මේ ත්‍රිත්තව ඝාතනය අතර සම්බන්ධය

2026 මැයි 11 වන දින ඝාතනයට ලක් වූ වීරසේකර ආරච්චිගේ ලක්මාල් සඳරුවන්, මෙම 2025 ත්‍රිපුද්ගල ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු විය. අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔහු 2026 මාර්තු මස 31 දා ඇප මත මුදා හැර තිබුණි

2026 මැයි මස ඔහු මෙලෙස හිස ගසා දමා ඝාතනය කිරීම, 2025 වසරේ සිදු වූ එම මරණ සඳහා අනෙක් පාර්ශවය විසින් සිදු කළ පළිගැනීමක්  බව පොලිසිය සැක පහළ කර තිබේ. හේතුව  මේ වනවිට  වින්දිතයාගේ බිරිඳ විසින් ඝාතකයින් හඳුනාගෙන තිබීමය.  මේ ඝාතකයින් පසුගිය වසරේ පෙබරවාරි 02 ඝාතනය වූ පුද්ගලයෙකුගේ සමීපතමයන්ය.

විමර්ශන සහ වත්මන් තත්ත්වය

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය වහාම පුළුල් විමර්ශන ආරම්භ කළේය.  ඝාතනය සිදු වූ දින රාත්‍රියේම එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් සමත් විය. පලා ගොස් සිටින අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

මේ වන විටත් අදාළ සැකකරුවන් සෙවීමේ කටයුතු සහ වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම අඛණ්ඩව සිදු කෙරෙන අතර, විමර්ශන ප්‍රගතිය හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ZD ඇළට වැටී කිලෝමීටර් 8ක් සැඩ පහරේ ගසාගෙන ගිය වන අලියෙකුගේ දිවි බේරෙයි…

Next Post

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන අරවින්ද අනුෂ්කා දුන් සාක්ෂිය…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.