බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ළමා මොළය කොටස් වශයෙන් වනසමින් පරපුරක් නැතිකරන ” හෙලිකොප්ටර් අම්මලා” සහ “මල්ටිබැරල්” ගුරුවරු….

“හෙළිකොප්ටර් අම්මලාගේ” “පතෝල දරුවන්” වියරු ප්‍රචණ්ඩකාරීන් වන හැටි...

by editor
ජූනි 18, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ
(මනෝ වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන සමග කළ සාකච්ඡාවක් ඇසුරිනි.)

  • මනෝ විද්‍යාඥයන්ට අනුව පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වීම යනු   දරුවාගේ මොළයේ හරි අඩක් දෙමාපියන් ගුරුවරුන් එකතු වී විනාශ කර ඇති බවක්… ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් බහුතරයක් සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලබන්නේ නෑ…

දරුවෙකු මෙලොවට බිහිවන විට ඔහුගේ මොළයේ  නියුරෝන සෛල බිලියන 100ක් පවතින බව විද්‍යාඥයින් අද හදුනාගෙන තිබේ.  මෙම නියුරෝන ක්‍රමයෙන් බාහිර පරිසරය හා සම්බන්ධ‌ වෙමින්   අන්තර් සම්බන්ධතාවන් පවත්වමින් භාෂාව, සංස්කෘතිය, සදාචාරය, හැඩතල, චාලක හැකියව ආදී ක්‍රියාකාරකම් බොහෝමයක්  මොලයට ග්‍රහණය කර ගැනීමට කටයුතු කරයි.

මෙහිදී නියුරෝන එකිනෙකට සම්බන්ධවෙමින් එක ජාලයක් බවත් පත්වෙමින් මොළයේ සැකිල්ල නිර්මාණය කර ගනී.   දරුවෙකු ඉපදී අවුරුදු 5ක් ගත වන විට  මොළයෙන් සියයට 90ක්ම සකස් වී  අවසන්ය. මෙම කාලය තුළ  තත්ත්පරයට නියුරෝන 700ක්  අන්තර් සමබන්ධතාවන් පවත්වමින් මොළයේ නියමිත සැකිල්ල  ගොඩනගා ගනී.

මෙසේ මොලයේ නියුරෝනයන් අන්තර් සබඳතා පවත්වමින් ගොඩ නගා ගැනීමට  උත්සාහ දරණ සැකිල්ල දරුවාට සකස් කර ගැනීමට   ඉඩ ලබා දී වැඩිහිටියන්වන අප පසෙකට වී බලා සිටිය යූතුය.  වැඩිහිටියන් එයට බාධා පමුණුවමින් කටයුතු කළහොත්  එම සැකිල්ල  අවුල් සහගතවේ.

ප්‍රචණ්ඩකාරී දරුවන් බිහිකරණ   මුල්ම අඩිතාලම  දමන හෙළිකොප්ටර් අම්මලා..

අද අපේ දරුවන් හිමිව  ඇත්තේ එවැනි   අවුල් සහගත සැකිල්ලකි. මෙම අවුල් සහගත සැකිල්ල දරුවන් ප්‍රචණ්ඩත්වයක් කරා ගෙන යමින් තිබේ. මෙය අද සමාජය වෙලාගෙන පවතින ව්‍යසනයක් බවට පත්ව ඇත්තේය. මෙම ව්‍යාසනයේ නිර්මාතෘවරයින් වන්නේ දෙමාපියන් සහ  ගුරුවරුන්ය.

“පඩිනගින් එපා වැටෙයි… මඩතලන් එපා  ලෙඩ බෝවෙයි… වැලි අතගාන්න එපා අත ජරාව ගෑවෙයි…  දුවන්න පනින් එපා වැටෙයි…” වැනි අදහස් අම්මලාගේ මුවින් නිරන්තරයෙන්ම පිටවේ. මෙහිදී දරුවා බාහිර පරිසරය හා ගැටෙමින් තමන්ගේ මොළයේ සැකිල්ල  නිර්මාණය කර ගැනිමට ගන්නා උත්සහය ව්‍යර්ථවේ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මෙහිදි දරුවා විසින් ක්‍රමානුකූලව සකස් කරගනිමින් පවතින සැකිල්ල සුනු විසුනුවේ. අකීකරු දරුවන් මුරන්ඩු දරුවන්, හිතුවක්කාර දරුවන්, ප්‍රචන්ඩ දරුවන් කළහකාරි දරුවන් සමාජ තුළ නිරුමාණය විමට මූලික අඩිතාලම දමනුයේ අම්මා නැතිනම් තාත්තාය.

එසේම මේ අඩිතාලම  පෞරුෂත්වයක් නොමැති දරුවෙකු නිර්මාණය කරන්නකි. දරුවාට අවුරුදු එකහමරක් පමණ වන විට තනිවම බත් කෑමට ඉඩ දිය යුතුයි. වයස අවුරුදු 3 පමණ වන විට තනිවම කාමරයක නිදා ගැනීමට ඉඩදිය යුතුය. ක්‍රමයෙන් ඔහුගේ වැඩ ඔහුට තනිවම කර ගැනීමට ඉඩදී මව හෝ පියා පිටුපසින් සිට බලා සිටීම වැදගත්ය. එවිට දරුවාගේ පෞරුෂත්වය ඔහු විසින්ම ඉබේම ගොඩනගා ගනු ඇත.

පාසල වෙත යන විට උදෑසන ප්‍රබෝදයෙන් අවදිවීම ,  තනිවම ඇදුම් ඇඳගැනිම , සපත්තු මේස් දමා ගැනීම, කොන්ඩය පීරීම, පොත් බෑගය තනිවම රැගෙන යාම වැනි දෑ දරුවාගේ පෞරුෂත්වය වැඩීමේ මුල් පියවරයන්ය.

ඒහෙත් අද අපේ අම්මලා හෙලිකොප්ටර් අම්මලා වී  දරුවාගේ පෞරුෂත්ව මුලින්ම කා දමා ‌පතෝල දරු පරපුරක් බීහි කර ඇත.

මනෝ විද්‍යාවේ  හෙලිකොප්ටර් අම්මා යනු දරුවාට සියලු ම වැඩ අම්මා විසින් කර දෙන්නන්ය. දරුවන් ගැන උවමනාවටත් ව‌ඩා සොයන්නන්ය. ඉතා අපහසුවෙන් උදෑසන අවදි කර ගන්නා දරුවා ලක ලෑස්ති කරන්න සේවා කණ්ඩායමක්ම පැමිණේ. කවන්න එකෙකි. ඔලුව පීරන්න තවත්  එකෙකි. සපත්තු මේස් දාන්න එකෙක් හෝ දෙන්නෙකි. පොත් බෑගය රැගෙන යන්න තවත් එකෙකි. අම්මා හෙලිකොප්ටරයක් සේ දරුවා වටා කැරකි කැරකි දරුවා‌ට සේවය සපයන්නීය. දරුවට තනිවම තම පෞරුෂත්වය ගොඩනා ගැනීමට ඉඩ ලබා නොදේ . දරුවා පන්තිකාමරයේද සොයන්නෙ පිටුපස අසුනකි.  යමකට ඉදිරිපත්වීමට පෞරුෂයක් නැත.

නිවස තුළ දරුවා චිත්තවේගී වශයෙන්   කායික වශයෙන්, ලිංගික   වශයෙන් අපයෝජනයට ලක්වන්නේ නම්, මව පියා නිතර අඬ දඹර ඇති කර ගන්නේ නම්, ළමයින්ව  නොසලකා හරින්නේ නම්, මත්පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සිටින්නේ නම් මව පියා වෙන්ව ජීවත් වන්නේ නම් , මානසික රෝගියෙකු නිවසේ සිටින්නෙ නම් හා සිරගතව සිටි පුද්ගලයෙකු  නිවසේ සිටින්නේ නම් එම නිවස දරුවන්ට පීඩාකාරී පරිසරයක් ඇති  කරන ස්ථානයක් බව සොයා ගෙන ඇත.

පාසල තුළ දී දරුවා විනාශ වන හැටි

තවද දරුවා හොඳ  ළමයෙකු කීකරු ළමයෙක් කිරීම මෙන්ම උගත් බුද්ධිමත් දරුවෙකු කිරීමට යැයි සිතා පාසල වෙත යැවුවද ගුරවරුන්ගේ තාඩන පීඩනවලට මැදිහත්ව පීඩාකාරි අත්දැකීම්වලට මුහුණ දීමට දරුවන්ට සිදුවන්නේ නම් ,  වේවැලෙන් තැලීම, කන මිරිකීම, ටොකු ඇනීම , දණ ගැස්සවිම වැනි පීඩාකාරී පරිසරයන් තුළ සෑදෙන දරුවාගෙන් අනාගතයේදී දැක ගැනීමට හැකි වන්නේ  ප්‍රචණ්ඩත්වයකි.

5 වසර ශිෂ්‍යත්වය සමත් බහුතරයක් සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලබන්නේ නෑ…

දරුවාගේ සාධනීය මට්මට සොයා බැලීම සඳහා දෙමාපියන් ගුරුවරයා වෙත යන අතර ගුරුවරයා දරුවා  පිලිබඳව  ලබා දෙන අදහස්  දරුවාගේ මොළයේ ඉතිරි කොටස ද  විනාශ කිරීම පාසලෙන් ආරම්භ කරන මුල්ම අවස්ථාව වන්නේය.

ගුරුවරයා දරුවා පිලිබදව දෙමාපියන්ට පවසන වචන කීපයකි.   “උනන්දුවක් නැහැ, ඔීනකමක් නැහැ ,හොදට වැඩ කරන්න පුලුවන්… නමුත් දැන් කරන්නේ නැහැ. උනන්දු වුණොත් පුලුවන්” යන්න ඒවාය.

ගුරුවරයාගේ  මේ වදන් අසා දෙමාපියන් දරුවාගේ මොලය මුලුමනින්ම විනාශ කිරීම ආරම්භ කරයි. ඒ අනුව දරුවාට‌  බනිමින්, තලමින්,එකම දෙය පුන පුනා පවසමින් දරුවාට  පීඩාව ගෙන දේ. මෙය පහ වසර ශිෂ්‍යත්ව විභාගය දක්වා දිව යන්නකි. පහ වසර ශිෂ්‍යත්වය සමත් වුවායැයි කියන්නේ දරුවාගේ මොළයේ හරි අඩක් දෙමාපියන් ගුරුවරුන් එකතු වී විනාශ කර ඇති බවක් යැයි මනෝ විදයාඥයින් පෙන්වා දෙති. පහ වසර ශිෂ්‍යත්වය සමත් බහුතරයක්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් නොලබති. ඒ ඔවුන්ගේ මොළයේ නියුරෝන පරිපතයන් නිසිලෙස සකස්  කර ගැනීමට දෙමාපියන් හා ගුරුවරුන් ඉඩ ලබා නොදුන් නිසාය.

අප උගත් යැයි සිතන පරපුරේ බහුතරය  රටට වැඩදායී සැබෑ උගතුන් ද?

මෙවැනි දරුවන්ගේ ආවේග පානය ඉතාමත් අල්පය. අද අපට හිමි ඇත්තේද ආවේග පාලනය කර ගැනීමට නොහැකි දරු පිරිසකි. කලකෝලාහල ,  එකම වයසේ මෙන්ම තම වයසින් වැඩිමහලු අයටද පොලු මූගුරුවලින් ගසා මරා දැමීම, ගුරුවන්රුන් පීඩාවට පත්කිරිම, දේපලවලට හානි පැමිණවීම වැනි ව්‍යාසනකාරී ක්‍රියාවන්ට මොවුන් යොමු කර ඇත්තේ  වැඩිහිටියන් වන අප විසින්මය.

අද අප සමාජයේ උගත් යැයි පවසන පිරිස කොපමණ නම් රටට හානි කරන්නේද ?.  ඔවුන් කොතරම් නම් සොරක්ම කිරීමට දක්ෂා වූ‌වෝද ?. ඒ ඔවුන් කොපමණ උගත් වුවද පීඩඩාකාරී පරිසරයන් තුළ හැදි වැඩුණු අය වීම නිසාය.

ප්‍රචන්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ වුණ පුද්ගලයින්ගේ සහ යහපත්ව ජීවත්වන පුද්ගලයින්ගේ මොළයේ කරන ලද ස්කෑන් පරික්ෂාවන්ගෙන් තහවුරු වී ඇත්තේ ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි   යෙදෙන පුද්ගලයින්ගේ  මොළයේ ඉදිරිපස කොටසේ නියුරෝන පරිපත   විනාශ වී අක්‍රමවත්ව පිහිටා ඇති බවත් සාමාන්‍ය පුද්ගලයින්ගේ එම කොටස ක්‍රමවත්ව සෑදී ඇති බවත්ය.

මිනිසුන්ගේ ආවේගයන් පාලනය කරනුයේ මොළය ඉදිරිපස කොටසිනි. එම කොටස විනාශ වීමෙන් සිදුවන්නේ ඔවුන්ගේ ආවේගයන් පාලනය කර ගැනීමට නොහැකිවීමය. තරහව ක්‍රෝධය ප්‍රචන්ඩත්වය මෙවැනි පුද්ගලයින්ගෙන් නිතරම දක්නට ලැබෙන්නේය.

උපන් දා පටන්ම දරුවාට   දෙමාපියන්ගේ ආධාරය කරුණාව මැද  ප්‍රබෝධ ජනක පරිසරයක ජීවත් වීමට ඉඩ හැරිය යුතුය. පීඩාකාරී පරිසරයක ජිවත් වන දරුවන් නිරන්තරයෙන්ම ප්‍රචන්ඩකාරී දරුවන් වන්නේය.

එසේනම් අද අපේ දරුවන් ප්‍රචන්ඩකාරීන් කර ඇත්තේ අප විසින්ම බව පැහැදිලිය. මේ ව්‍යසනකාරී තත්ත්වය වහාම වෙනස් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සමග අප  එක්ව මේ වන විටත් උපෙදස් මාලාවක් සාදා එය දරුවන්  ගර්භනී මව්වරුන්  , දෙමාපියන්  හා ගුරුවරුන් අතට පත්කිරිමේ   කාර්යයකට අතගසා ඇත්තෙමු.

 

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

‘ඉන්දියා මෙඩිටේට්ස්’ මඟින් තරුණ තරුණියන්ට භාවනා වැඩසටහනක්

Next Post

සියල්ල හරි කියලා හිතන අය වෙත සංවේගයෙනි… රටේ පවුලක මාසික වියදම 76,124යි… ශ්‍රම බලකායේ 20%ක ආදායම අඩකින් අඩු යි….

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.