තරුණ තරුණියන්ට මානසික සෞඛ්‍යය පිළිබඳව හා භාවනා ක්‍රම සම්බන්ධයෙන් දැනුවත්භාවයක් ලබා දීමට ‘ද ආර්ට් ඔෆ් ලිවිං’ හා ජම්මු කාශ්මීරයේ කයාකින්ග් හා ඔරු පැදීමේ ජල ක්‍රීඩා සංගමය එක්ව ප්‍රථමවරට සංවිධානය කරන ලද ‘ඉන්දියා මෙඩිටේට්ස්’ වැඩසටහන ඔස්සේ උත්සහ කර තිබේ.
මෙම වැඩසටහන සෝනාමාර්ග් හි දර්ශනීය තණබිම්වල පැවැත්වුණේ ඉන්දියාවේ 75 වැනි නිදහස් දිනය සැමරීමේ අරමුණිනි.
මෙම වැඩසටහන සඳහා ජම්මු, කාශ්මීරයේ ජිවත්වන පුද්ගලයින් 250කට වැඩි සංඛ්‍යාවක් උද්යෝගිමත්ව සහභාගී වූ අතර ඔවුන් ගේ අරමුණ වූයේ ජීවිතයේ විවිධ අවස්ථාවලදී ආතති සහගත හා අභියෝගාත්මක අවස්ථාන් සමඟ කටයුතු කරන ආකාරය ඉගෙන ගැනීමයි.
‘Devdiscourse’ වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට මෙම වැඩසටහනේ මූලික අරමුණ වී ඇත්තේ, තරුණ මනසට, භාවනාව ඔවුන්ගේ දෛනික චර්යාවන්වලට ඇතුළත් කර ගන්නා ආකාරය, සෞඛ්‍යය වැඩිදියුණු කර ගැනීම, අභ්‍යන්තර සාමය හා සතුට පවත්වාගෙන යෑම සේම එවුන්ගේ ප්‍රයෝජනයට නොගත් හැකියාවන් සාක්ෂාත් කර ගැනීමට උපකාර කිරීමයි.