අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ළඟපාතක උත්තර නැති බිත්තරයේ ප්‍රශ්නය !

by editor
අගෝස්තු 18, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

චාමින්ද වාරියගොඩ –

බිත්තරය ලෝකයේ  කවර තැනක වුවද ප්‍රෝටීන ප්‍රශ්නයට උත්තරයකි. සාපෙක්ෂව මිල අඩුවීම , පහසුවෙන් සකසා ගැනීමට හැකි වීම, පහසුවෙන් ලබා ගැනීම ඇතුළු විශේෂ ගුණාංග හේතුවෙන් මේ ප්‍රෝටීන් අවශ්‍යතාවට ලැබෙන බිත්තරයේ උත්තරය තවත් වර්ණවත් කරවයි.

ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජය රට තුළ නිර්මාණය කළ උත්තර සෙවීම අමාරු ප්‍රශ්න අතර බිත්තරයද මේ වනවිට ලොකු ප්‍රශ්නයක් වී ඇත. ඊට හේතුව අහස උසට යන බිත්තර මිල හමුවේ පාරිභෝගික ජනතාවට වගේම පාලකයන්ටද උත්තරයක් ළඟපාතකින් සොයා ගත නොහැති තරමට එය විස්තීරණ වී තිබීමය.

මීට වසරකට පමණ පෙර රුපියල් 20 සීමාවේ පැවති බිත්තරය එකවරම දින කිහිපයක් තුළ මේ වනවිට රුපියල් 60ද ඉක්මවා ඇත. මේ තත්ත්වය මත අද බිත්තරයක ප්‍රෝටීන අවශ්‍යතාව වෙනුවෙන් අපට මීට මාස ගණනකට පෙර ගෙවූ මුදලට වඩා තුන් ගුණයක් ගෙවන්නට සිදුව ඇත. බිත්තරයක මිල මේ අයුරින් වැඩි වීමට බලපෑ හේතුව පිළිබඳ ව කතාව ට උත්තර කියන්නේ  සමස්ත ලංකා කුකුලු මස් සහ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකරය.

නිශ්පාදකයන් කියන කතාව

සමස්ත ලංකා කුකුලු මස් සහ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසන ආකාරයට බිත්තර මිල අද පවතින තැනට එන්නට හේතු වූ කරුණු ගොන්නක් ඇත. එයින් අද බිත්තරයේ මිල රුපියල් හැට පනින්නට හේතු වී ඇති පළමු කරුණ වන්නේ ඉල්ලුම තරමට සැපයුම නොමැති වීමය. විශේෂයෙන් ඉන්ධන අර්බුදය හමුවේ යම් සහනයක් ලැබීමත් සමඟ , ගෑස් භාවිතය යළි සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතිද්දී හෝටල් ඇතුළු ව්‍යාපාර යළි විවෘත වෙද්දී බිත්තර සඳහා පවතින ඉල්ලුමද විවර වීම මේ පසුපස ඇති ළඟම හේතුවයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අජිත් ගුණසේකර   කියන්නේ ඇතැම් හෝටල් හිමියන් බේකරි ඇතුළු කර්මාන්තකරුවන් ගොවිපළටම  පැමිණ රුපියල් 62 ගණනේ බිත්තර මිල දී ගන්නට සූදානම් බවය. එහෙව් ඉල්ලුමක් පවතින්නේ නම් බිත්තර නිෂ්පාදකයා සිය ව්‍යාපාරික ලාබය බලා එම මිලට බිත්තර අලෙවි කිරීමට පෙලඹීම වෙනම කතාවකි.

කෙසේ වුවද අපේ විශ්වාසයට අනුව බිත්තරයක මිල රුපියල් 60 ඉක්මවන්නේ බිත්තර නිෂ්පාදකයන් සිය අවස්ථාව බලා උපරිම ලාබය මේ ඉල්ලුම  ගන්නට දරන උත්සහායක් ලෙසිනි. එහෙත් බිත්තර සඳහා එවැනි ඉල්ලුමක් නිර්මාණය වීම පසුපස ඇත්තේ සැපයුම අඩුවීම පිළිබඳ ව කතාවකි. මේ පිළිබඳ ව අජිත් ගුණසේකර ට හොඳ විග්‍රහයක් ඇත.

කර්මාන්තයට මොකද වුනේ…

“ කොවිඩ් වසංගත කාලයේ පවා දැඩි අපහසුතා මැද අපේ ව්‍යාපාරිකයන් කරගෙන ගිය කුකුළු ගොවිපළ ව්‍යාපාරය මේ ආර්ථික අර්බුදය හමුවේ දැඩි ලෙස බිඳ වැටුණා. ඊට බලපෑ හේතු ගණනාවක් තිබෙනවා. එයින් ප්‍රධානතම එක තමයි සත්ත්ව ආහාර සපයා ගැනිමේ අපහසුතාව.

සාමාන්‍යයෙන් කුකුළු පාලන ව්‍යාපාරයේදී වැඩිම පිරිවැයක් යන්නේ සත්තව ආහාරවලට. සාමාන්‍යයෙන් බිත්තරයේ නිෂ්පාදන වියදමින් සියයට 70ක් විතර කුකුලු ආහාර සඳහා වැය වෙනවා.  මේ සත්ත්ව ආහාර මිල පසුගිය කාලයේ විශාල ලෙස වැඩි වුණා. එයට හේතු කිහිපයක් බලපෑවා. එකක් තමයි රටේ බඩ ඉරිඟු නිෂ්පාදනය මුළුමනින්ම බිඳ වැටීම. එයට හේතු වුණේ රජය අනුගමනය කළ කාබනික ප්‍රතිපත්තිය නිසා බඩඉරිගු ගොවීන් ගොවිතැනින් ඈත් වීම. බඩඉරිඟු සත්ත්ව ආහාරවල ප්‍රධානතම අමුද්‍රව්‍යයක්.

ඊළඟට සෝයා වැනි විදේශවලින් ගෙන්වන සෙසු අමුද්‍රව්‍ය ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් දැඩි ලෙස ඉහළ ගියා. අනෙක සත්ත්ව ආහාර සඳහා බැංකුවලින් ඩොලර් නිදහස් කර ගැනීම ලොකුම ගැටලුවක් . මේ නිසා ආහාර සීමා වුණා. මිල වැඩිවුණා. සත්ත්ව ආහාර හිඟය සහ මිල වැඩිවීම හේතුවෙන් හෝ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සිය ව්‍යාපාර අඛණ්ඩව කරගෙන යන්න බැරිවුණා. අද වනවිට    සුළු පරිමාණ කුකුළු බිතත්ර නිෂපාදකයන් සංඛ්‍යාව සියයට 50ක් විතර අඩුවෙලා. මේ නිසා රටේ බිත්තර නිෂ්පාදනයට විශාල පහරක් වැදුණා. මේ වනවිට සාමාන්‍යෙයන් දෛනිකව මිලියන 7ක් 8ක් පමණ නිෂ්පාදනය වුණු බිත්තර ප්‍රමාණය සියයට 40කින් පමණ පහළ ගිහින්.

මෙය ඒ තරම් නොදැනෙන්නේ  පසුගිය දිනවල ඉන්ධන සහ ගෑස් අර්බුදය නිසා ආර්ථික ක්‍රියාකාරීත්වය අඩුව තිබුණු නිසයි. නමුත් දැන් රට යළි යථා තත්ත්වයට පත්වෙමින් පැවැතීමක් එක්ක බිත්තර සඳහා පෙර පැවැති සාමන්‍ය ඉල්ලුම නිර්මාණය වෙමින් පවතිනවා. “

එහෙත් මේ සැපයුම සපුරන්නට තරම් බිත්තර නිෂ්පාදනයක් රටේ නැත. බිත්තර මිල ඉහළ යන්නේ මේ නිසාය.

අත පොවන්නට බැරි මිල අඩුකළ හැකි ද?

මේ වනවිට බිත්තර මිල ඇත්තේ සාමාන්‍ය ජනතාවට අත පොවන මානයෙන් ඔබ්බට ගොසිනි. මේ තත්ත්වයට බිත්තර නිෂ්පාදකයන් සිය ඉල්ලුම වැඩි වන අවස්ථාව බලා උපරිම ලාභ ඉපැයීමේ ව්‍යාපාරික අවස්ථාවද ග්‍රහණය  කර තිබීමත් තවත් සාධකයක් බව මේ වනවිට පෙනී යන දෙයකි. කොහොම වුණත් වෙළෙඳපළ තුළ බිත්තර මිල අඩු කිරීමට නම් වෙළෙඳපොළේ හිඟයක් පවතින තැනකදී එය සිදු කිරීම තබා ඒ ගැන කතා කිරීමවත් සුදුසු වන්නේ නැත.

එසේ නම් බිත්තර මිල අද හෙට අඩු කළ හැකිද? මේ ප්‍රශ්නයට සමස්ත ලංකා කුකුලු මස් සහ බිත්තර ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපතිවරයා දෙන්නේ මෙබඳු පිළිතුරකි. ඔහුට අනුව කිසිසේත් අද හෙට බිත්තර නිෂ්පාදනය ඉහළ දැමිය නොහැකිය.

“ අපට බිත්තර සැපයුම යළි මුල් තත්ත්වයට පත් කිරීමට කළ යුතු දේ බොහොමයක්  තිබෙනවා. එකක් තමයි දැනට ඉවත්ව සිටින බිත්තර නිෂ්පාදකයන් යළිත් ව්‍යාපාරයට  සම්බන්ධ  කර ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කිරීම. මේ සඳහා දැනට  පැටවුන් බිහි කරන සහ ඔවුන් අලෙවි කරන ප්‍රධාන ආයතන කිහිපයක් තිබෙනවා. ඔවුන් ට ඊට අවශ්‍ය පහසුකම් සැපයිය යුතුයි.

ඊළඟට ප්‍රධානතම දේ සත්තව ආහාර සැපයුම සහතික කිරීම. මේ සඳහා පියවර දෙකක් තුළ අප කටයුතු කළ යුතුයි. පලමු පියවර මෙරට බඩ ඉරිඟු වගාව වැඩි කිරීම. මේ සඳහා දැනටමත් අප සංගමය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තෙමේන්තුව සමඟ යම් වැඩකොටසක් ආරම්භ කර තිබෙනවා.

අපට අවශ්‍ය සත්ත්ව ආහාරවලට ප්‍රමාණවත් බඩ ඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 6ක් පමණ වනවා.  මොණරාගල දිස්ත්‍රික්කය බඩ ඉරිඟු වගාවට ඉතා හොඳ දිස්ත්‍රික්කයක්. අප මේ වනවිට එම දිස්ත්‍රික්කයේ ගොවීන් සමඟ එක්ව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙවර වී අස්වනු නෙලීමෙන් පසුව මෙම කටයුත්තකට අවශ්‍ය පසුබිම නිර්මාණය කරමින් පවතිනවා. කොහොම වුණත් සමස්තයක් ලෙස මුළු රටේම හෙක්ටයාර ලක්ෂයක්වත් බඩ ඉරිගු වගා කළොත් ඊට අවශ්‍ය සහය රජයෙන් ගොවි මහත්වරුන්ට දුන්නොත් අපට අඩු මිලකට සත්ත්ව ආහාර නිපදවා ගත හැකියි.

දෙවැනි කරුණ ලෙස සභාපති ගුණසේකර   පෙන්වා  දෙන්නේ සත්තව ආහාර අමුද්‍රව්‍ය  සහ කුකුළු පාලනයට අවශ්‍ය ඖෂධ ඇතුළු  ද්‍රව්‍යය ගෙන්වීම සඳහා දැනට පවතින විදේශ විනිමය හිඟයයි. ඔහු පවසන්නේ මේ සඳහා දැනට ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක පමණ හිඟයක් පවතින බවය.

මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධාන, ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය වැනි සංවිධාන ශ්‍රි ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ජනතාව සහන ලබා දීම සඳහා විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කරමින් පවතින පසුබිමක් තුළ එවැනි ආධාර සංවිධාන සමඟ මෙම මුදල  සත්ත්ව ආහාර සහ අවශ්‍යතා සඳහා වෙන් කර ගැනීම පිළිබඳව මේ වනටත් සාකච්ඡා කර ඇති බව ඔහු පවසයි.

මේ අතර වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ද ප්‍රකාශ  කරන්නේ ඉන්දියානු ණය ආධාර වැඩ සටහන යටතේ ලැබුණු ඩොලර් බිලියනයක ණය ආධාරයෙන් ඩොලර් මිලියන 20ක් වෙන් කර දීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි.

තවත් බය හිතෙන කතාවක්

මෙහිදී බිත්තර නිෂ්පාදකයන් තවත් බය හිතෙන කතාවක් කියයි. ඒ ඉදිරියේ සංචාරක සමය ආරම්භ වීමත් තව තවත් ආහාර නිෂ්පාදන ව්‍යාපාර පුළුල් වීමත් තුළ ඉදිරියේදී තවදුරටත් බිත්තර ඉල්ලුම වැඩි විය හැකි බවය. මේ ඉල්ලුම හමුවේ බිත්තර නිෂ්පාදකයන් සිය මිල ගණන් ඉහළ දැමීම වළක්වනවා නම් ඒ බිත්තර බත්පතෙන් ඉවත් කර බිත්තර වර්ජනය කිරීමෙන් ම පමණි. මේ වනවිට සමාජ මාධ්‍ය තුළ බිත්තර කුකුළු මස් මිල බස්සන තෙක් ආහාරයට නොගන්නා ලෙස දැවැන්ත ප්‍රචාරයන්ද දියත්ව ඇත.

එහෙත් අද රටේ ජනතාවගේ දැඩි ප්‍රශ්නයක්ව ඇති ප්‍රෝටීන අවශ්‍යතාව ගත්තද රටේ  කුකුළු නිෂ්පාදන කර්මාන්තය ගත්තද මේ රැල්ල ඒ කාටවත් හොඳක් කරන්නේ නැත. මිල දී ගත නොහැකි මට්ටමට මිල වැඩිවීමත් මිලදී නොගැනීම නිසා තවදුරටත් කර්මාන්තය අර්බුදයට පත්වීමත් දෙකම රටට අහිතකරය.

බිත්තර අමුද්‍රව්‍යයක් කර ගන්නා කර්මාන්ත හිමියන් පවසන්නේ ඉන්දියාව හෝ වෙනත් රටකින් තාවකාලිකව අඩු මිලට බිත්තර ගෙන්විය යුතු බවය. ඒ පළිබඳව සෘජු තීරණයක් ගන්නේ නම් ඇතැම් විට දිනකින් දෙකකින් එය සිදු කළ  හැකිය. එහෙත් මෙය දීර්ඝ කාලීනව මේ රටේ බිත්තර නිෂ්පාදකයන් තවදුරටත් වළ පල්ලට දමන කාරණයක් විය හැකිය. ඒ තුළ රටේ ආහාර සුරක්ෂිතතාව තවදුරටත් අනතුරට පත් වෙයි.

අප බිත්තර ප්‍රශ්නයට උත්තර සෙවිය යුත්තේ මේ පසුබිම් කරුණු සියල්ල දෙස බලාගෙනය. අදටත් රටේ ජනතාව බිත්තර පරිභෝජනය කරන්නේ සාමාන්‍යයෙන් වසරකට 112ක් පමණ ප්‍රමාණයකි. සාමාන්‍යයෙන් මෙය 250ක් වත් විය යුතුය යන්න පෝෂණ විශේෂඥයන්ගේ අදහසයි. එමෙන්ම මේ වනවිට බිත්තර වෙනුවට ඇති සෙසු ප්‍රෝටින විකල්ප වන මාලු කුකුළු මස් වෙනත් මස් වර්ග පවතින්නේ ඉතා අධික මිල මට්ටමකය.

ඒ අනුව බැලුවත් හැකි ඉක්මනින්ම බිත්තර නිෂ්පාදනය සහ පරිභෝජනය රට තුළ යම් ප්‍රශස්ත අගයකට පැමිණිය යුතුය. අප මෙහිදී පෙන්වා දුන් කර්මාන්තයේ අවශ්‍යතා අද හෝ හෙට සම්පූර්ණ කළහොත් අඩුම තරමින් තව මාස තුනකින් අපට බිත්තර මිල අඩුවීමක් ගැන බලාපොරොත්තු තබා ගත හැකිය. එසේ නැතිව ප්‍රශ්න විසඳුම් කල් දමන දවසක් ගාණේ අඩුම තරමින් මාස තුනයි දින ගණනකින් මේ අර්බුදය දිගුවෙයි.

බලධාරීන් මේ තත්ත්වය අවබෝධ කර ගත යුතුය. අදාළ පාර්ශ්වකරුවන් සමඟ ඉතා කඩිනමින් ඒ සඳහා වැඩපිළිවෙළක් යෙදිය යුතුය.

(මේ ගැන තවත් ලිපියක් බලාපොරොත්තු වන්න )

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගෝඨාභය යළිත් ඇමෙරිකාවේ ග්‍රීන් කාඩ් වීසා ඉල්ලයි  !

Next Post

බදියුදීන්ගේ ඉල්ලීමට ජනපති එකඟවෙයි… මන්නාරම පුත්තලම මාර්ය යළි විවෘත කිරීමට නිර්දේශ!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.