දිනසේන රතුගමගේ –
මන්නාරම පුත්තලම මාර්ගය යළි විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශය ලැබීමත් සමගම එම මාර්ගය යළි විවෘත කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ දිනවල ආරම්භ කොට තිබේ.

සමස්ත ලංකා මුස්ලිම් මහජන කොංග්‍රස් පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාර්ඩ් බදුයුදීන් ජනාධිපතිවරයගෙන් මෙම මාර්ගය යළි විවෘත කොට දෙන ලෙස කළ ඉල්ලීමකින් පසුව මාර්ගය විවෘත කිරීමට පියවර ගෙන ඇත.
මෙම මාර්ගය යළි විවෘත කිරීමත් සමගම මන්නාරමේ වැසියන්ට හා මන්නාරමේ සිට විවිධ නිෂ්පාදන කොළඹට රැගෙන යන පිරිසට එලුවන්කුලම ඔස්සේ ඉතා අඩු දුරකින් කොළඹට යාමට ගමන් පහසුව සැලසේ.
මාර්ගය විවෘත කිරීම සඳහා මූලික පියවර ගැනීමත් සමගම රිෂාර්ඩ් බදුයුදීන් මන්ත්‍රීවරයා පළාතේ ආගමික නායකයින්ද සමග එම ප්‍රදේශයට ගොස් මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ගැන සොයා බලා තිබේ.







