විරෝධතා හමුවේ පළා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළිත් ඇමෙරිකාවට යාම සඳහා එරට ග්‍රීන්කාඩ් වීසා යෝජනා ක්‍රමය යටතේ වීසා අපේක්ෂා කිරීමට අදාළ කටයුතුවල මේ වනවිට නිරත වෙමින් සිටින බවත් ඔහු සිය බිරිය සහ පුත්‍රයා සමඟ ඇමෙරිකාවේ පදිංචි වීමට අදාළ කටයුතු සිදු කරමින් පවතින බවත් ඉහළ පෙළේ ආරංචි මාර්ග උපුටා දක්වන ඩේලිමිරර් වාර්තා කරයි.
රාජපක්ෂ හිටපු ජනාධිපතිරයාගේ ඇමෙරිකානු නීතීඥ කණ්ඩායමක් මේ වනවිට ඊට අදාළ පිරිවිතර සම්පූර්ණ කරමින් සිටින බවත් විශේෂයෙන් සිය බිරිඳ වන අයෝමා රාජපක්ෂට දැනටත් ඇමෙරිකානු පුරවැසි භාවය හිමි බැවින් ඒ අවස්ථාව හරහා ග්‍රින්ගාඩ් ක්‍රමය යටතේ වීසා අපේක්ෂා කිරිමට පියවර ගෙන ඇති බවත් මෙම ආරංචි මාර්ග ඩේලිමිරර් වෙත පවසා ඇත.
පසුගියදා සිංගප්පූරුවේ සිට තායිලන්තයේ බැංකොක් නුවරට පැමිණ සිටින හිටපු ජනාධිපතිවරයා සිය සැලසුම වෙනස් කරමින් ලබන 25 වැනිදා ශ්‍රි ලංකාවට පැමිණීමට සැලසුම් කර ඇති බවද දක්වන මෙම වාර්තාව මඟින් අනාවරණය කර ඇත්තේ නොවැම්බර් මාසය වන තෙක් තායිලන්තයේ රැඳී සිටීමට ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අපේක්ෂා කළද ඔහුට පවතින තත්ත්වය යටතේ ආරක්ෂක හේතු මත රැඳී සිටින හෝටලයෙන් පවා පිටතට යාමට අවසර නොලැබෙන බැවින් යළි ශ්‍රි ලංකාවට පැමිණීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.
ඔහුගේ ඇමෙරිකානු විසා අපේක්ෂක්තවයට අදාළ සෙසු නීතිඥ කටයුතු ශ්‍රිංලකාවේ ඔහුට හිතවත් නීතීඥ කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන බව ද එම ආරංචි මාර්ග සඳහන් කර ඇත.
ගොඨ්භය රාජපක්ෂට ඇමෙරිකාවේ ද්විත්ව පුරවැසි භාවය පැවති අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඔහු 2019 වසරේදී සිය ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත් කර ගත්තේය.