බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

හරක් කටාට හොඳ වැඩේ… දේශබන්දු සර්… සළිඳු එක්ක ඩීල් දාපු පොලිස් ලොක්කන් ගැනත් හොයමු!

by editor
ජනවාරි 11, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

හරක්කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයේ සිට අල්ලාගෙන ලංකාවට ගෙනාවේ පසුගිය වසරේ මාර්තු 15 ය. මේ වනතුරුත් ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරන්නේය.

මුන් දෙදෙනාම මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ය. නින්දා සහගත අපරාධකරුවන්ය.   ඔවුන් ගැන කෙරෙන විමර්ශන ගැන රටේ මිනිසුන් ඉන්නේ කුහුලෙනි.

2022 වසරේ රටේ ඇතිවූ පාතාල ඝාතන රැල්ල නිර්මාණය කළේ මේ අපරාධකරුවන් දෙදෙනාය.  උන් දෙන්නාම එකතු වී ගැසූ ගේම් සම්බන්ධව කෙරෙන විමර්ශන අරභයා බොහෝ දෙනෙක් උනන්දුය.

හරක්කටා සහ පොලිස් සබඳතා

මින් දින කීපයකට පෙර  සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ ජාවාරම්කරුවකුවන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සමඟ දුරකථන   හරහා සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් 19 දෙනකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පොලිසිය විසින් ආරම්භ කර ඇති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය.

මේ විමර්ශනය ආරම්භ වන්නේ  වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් සහ නියෝග මතය. පොලිස් මූලස්ථානය කීවේ  විශේෂ විමර්ශන ඒකකය මඟින් එම විමර්ශන මේ වන විට ආරම්භ කර ඇති බවය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්…

වාර්තාවන ආකාරයට එලෙස චෝදනා එල්ල වී තිබෙන බහුතරයක් දකුණු පළාතේ විවිධ ශ්‍රේණිවලට අයත් පොලිස් නිලධාරීන් බවට අනාවරණ වී ඇත.  හරක් කටා පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී මේ බව අනාවරණය වුවත් ඒ පිළිබඳ නිසි විමර්ශනයක් සිදු නොවීම සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පුදුමය.    එතුමා කඩිනම් විධිමත් විමර්ශනයක් සඳහා යුක්තිය මෙහෙයුම අතරම මැදිහත් වන්නේ ඒ නිසා බව පොලිස් ආරංචි මාර්ග හෙළි කරන්නේය.

හරක් කටා විදේශගතව සිටියදී හා අත්අඩංගුවට පත්ව සිටියදී එම පොලිස් නිලධාරීන් විවිධ වරදාන වරප්‍රසාද ලබාගෙන ඔහු විසින් මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාලය සමඟ ඍජු හෝ වක්‍රාකාරයෙන් සබඳතා පැවැත්වූවාද? එසේත් නැතිනම් ඔහුගේ අනුගාමිකයන්ට පහසුකම් ලබා දුන්නා ද? යන්නත් හරක්කාටගේ කුඩු හරහා උපයා ගත් අයථා ධනයක් මේ පිරිස සතුව ඇති ද යන්නත්  විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ අවධානය යොමු වී   ඇති බව පැවසිනි.

අනපේක්ෂිත ලෙස හරක් කටා පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමඟම චෝදනා එල්ල වී තිබෙන ඇතැම් පොලිස් නිලධාරීන් සේවා කාලය සම්පූර්ණ වීමටත් පෙර විවිධ හේතූන් ගෙනහැර පාමින් ස්වකැමැත්තෙන් දුෂ්කර ප්‍රදේශවලට පවා ස්ථාන මාරුවීම් ලබාගෙන පිටව ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග හෙළිකර තිබුණේය. මුන් හොඳටෝම බය වෙලාය.

එය අප ප්‍රහර්ෂයට පත් කරන ප්‍රවේශයකි. නින්දා සහගත කුඩු කාර පාදඩයින් පෝෂණය වී වැඩෙන්නේ කුපාඩි පොලිස් සුනඛයින් තුරුලේ බව පොලිසියම අවබෝධ කරගැනීම සහ ඒ කුපාඩින් සොයා විමර්ශන පැවැත්වීම තරම් විශිෂ්ඨ ක්‍රියාවක් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව රටක් බලා පොරොත්තු විය නොහැකිය. එය ඒ තරම් බලාපොරොත්තු සහගත ප්‍රවේශයකි.

එහෙත් පොඩි  පොඩි ගැටලු  මතුවෙමින් ඇත්තේ ය.  මේ රටේ කුඩු ජාලය හරහා කුඩු ගෙන්නුවේ හරක් කටා විතර ද?. වැඩිපුර   හක්කාටගේ කුඩු අත් අඩංගුවට පත් වන්නේ හරක්කටා වැඩිපුර කුඩු ගෙනා නිසා ද?.  පොලිසිය සමග ඩීල් දැම්මේ හරක්කටා විතර ද? . කුඩු සළිඳු බබා ද?.  සළිඳු සියඹලා ගෙනත්ම නැද්ද?.

සළිඳු ලංකාවට ගෙන එන්නට පෙර  පානදුරේ හැසිරුණ ආකාරයත්, සළිඳු අත් අඩංගුවට ගැනීමට පෙර ඔහුව ලංකාවෙන් පිටත් කළ ආකාරයත්, සළිඳුගේ ඩුබායි කුපාඩිකම්වල අහු මුලු ලංකාවේ දිග හැරුණු ආකාරයත් සම්බන්ධව පොලිසියේ සම්බන්ධයක් තිබුණු බවට ඕනෑවටත් වඩා කතා පොලිසියය ඇතුළෙන්ම මතු විනි. ගැටලුව වන්නේ මේ සම්බන්ධතා සම්බන්ධව නිසි විමර්ශනයක් නොවීමය.  බලා ඉන්න අපට පෙනෙන්නේ සළිඳු “සුදු කුඩු “ගෙනත් ඇති බවත් හරක්කාට “කළු කුඩු” ගෙනත් ඇති බවත්ය.

සළිදුගේ පොලිස් සම්බන්ධතා ගැන විටින් විට ඇසුන කතා

පානදුරේ කුඩු සළිඳු හෙවත් සළිඳු ගුණරත්නයනු පොලිසියේ ඉහළම නිලධාරීන් මෙන්ම කළුතර ප්‍රදේශයේ ප්‍රබලම දේශපාලකයන් ද සමීපව ඇසුරු කළ ඔවුන් වෙනුවෙන් වියදම් කළ පුද්ගලයෙක් බව වාර්තා වී තිබිණි.  වරෙක කළුතර පොහොට්ටු ප්‍රධානියා වූ රෝහිත අබේගුණවර්ධනගේ  තරුණ දේශපාලන ධාරාව මෙහයවූ ප්‍රධානම තරුණ නායකයා කුඩු සළිඳුය.  .

Salindu
සළිඳු කළුතර පොහොට්ටු වේදිකාවේ….

එමෙන්ම රටින් පැනගොස් මැඩගස්කරයේ දී අත් අඩංගුවට පත් වීමට පෙර  සළිඳුගේ ක්‍රියාකාරකම් මැඩ ඔහුගේ කුඩු ජාලය මැඩීමට කටයුතු කළ නිලධාරීන්ට පොලිසියෙන් පමණක් නොව, දේශපාලනයෙන් ද බලපෑම් එල්ල වූ බව වාර්තා විය.

වරෙක සළිඳුගේ  මත්කුඩු ජාවාරමට දිගින් දිගටම වැට බදමින් ඔහුගේ පාතාල ජාලය බිද දැමීමට   කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති වූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වැඩ කරමින් සිටියේය.  පානදුරේ සළිඳුගේ ජාවාරමට සම්බන්ධ හෙරොයින් කිලෝ 45 ක්  මින් දෙවසරකට පෙර     බණ්ඩාරගම රේරුකානේදී අත්අඩංගුවට ගැනීමට මුල්වන්නේද මෙම  ප්‍රධාන පොලිස් පරීක්ෂවරයාය. සළිදුගේ මෙහෙයුමකට අනුව පානදුර රෝහලේ ගිලන් රථ රියදුරුට වෙඩි තැබීම සම්බන්ධයෙන් වූ ප්‍රධාන සැකකරුවන්   අත්අඩංගුවට ගනු ලැබුවේද ඔහුය. මෙම පොලිස් නිලධාරියා අවසානයේ දී ස්ව කැමැත්තෙන්     යාපනයට ස්ථානමාරුවක් ලබාගෙන පිටත් වී ගිය බව කියැවිනි.  එසේ පිටවන්නේ සමහර ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් සහ දේශපාලකයින්ගෙන් එල්ල වූ පීඩනය දරා ගත නොහැකි නිසා බව වාර්තා විය.

සළිඳු පානදුරේ රඟන වකවානුවේ පානදුර කොට්ඨාසයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස සේවය කළ නිලධාරියා ද  කුඩු සළිදුගේ මත්කුඩු සහ පාතාල ජාලය බිද දැමීමට නායකත්වය ගෙන පොලිස් කණ්ඩායම් මෙහෙයවන විට ඔහුට ද රාජකාරිය එපා කරවන තැනට පොලිසියේම පිරිස් වැඩ තැනූහ.  සළිඳුගේ කුඩු ඇල්ලීම පසෙක තබා ඔහුට ස්ථාන මාරුවක් සහිතව පානදුරෙන් පිටවන්නට සිදුවිය.

පානදුරේ කුඩු සළිඳුගේ මෙහෙයැවීම මත වර්ෂ 2021 දී  පානදුරේදී ධීවර කාර්මිකයෙක් මහා දවාලයේ වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. එම ඝාතනයේ වෙඩික්කරු සහ වෙඩික්කරු පැමිණි යතුරුපැදිය පැදවූ අපරාධකරුවන් රටින් පලා ගොස් තිබිණි.  අවසානයේ දී සළිඳු ද රටින් පැනගත්තේය. සළිඳුට රටින් පිටවීමට අවස්ථාව සලසා දෙමින් විමර්ශන වෙනත් අතකට යොමු කිරීම පිළිබඳ පොලිසියේ ඉහළ  නිලධාරියෙකුට චෝදනා  එල්ල වී ඇති බවත්,  කුඩු සළිඳු සහ අදාළ ඉහළ පෙළේ නිලධාරියා අතර ඇති වී තිබුණු සම්බන්ධය බුද්ධි අංශ විසින්   යම් ප්‍රමාණයකට හෙළිදරව් කරගෙන ඇති බවත් එවකට අපට කීවේ පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ගමය.

පොලිසියේ උසස් නිලධාරියෙක්    විදේශක දී කුඩු සළිඳු මුණ ගැසී ඇති බවත් විටින් විට ඔහු සමග කළ දුරකථන සංවාදයන් පිළිබඳ දුරකථන දත්ත විශ්ලේෂණයන්ගෙන් හෙළි වී ඇති බවත් පොලිස් බුද්ධි අංශ කියා ඇති බව ද පැවසිනි.  මේ සියලු තොරතුරු බුද්ධි අංශ   ඉහළ පෙළේ නිලධාරීන් වෙත වාර්තා කර ඇති බවත් සඳහන් විය.

දැන් වැඩබලන පොලිස්පතිවරයාට මේ තොරතුරු නිවැදරදි දැයි සෙවිය හැකිය. ඒ සඳහා ඒ  ඔස්සේ විමර්ශනය කර අවශ්‍යනම් සළිඳු සම්බන්ධතා පැවැත්වූ පොලිසියේ ප්‍රබලයින් සම්බන්ධව සාධාරණ  පියවරක් ගත  හැකිය.  ගැටලුව සළිඳුගේ මත්කුඩු ජාලය හා බැඳුන පොලිස් අපරාධකරුවන් සම්බන්ධව හරක්කටාට සමීප පොලිස් අපරාධකරුවන් තරම් පහසුවෙන් හෙළිදරවු නොවන ආකාරය ය.

සළිඳු  සහ හරක්කාට ලංකාවට ගෙනන විට කළබල වුනු පොලිස් කෑලි

හරක්කටා සහ කුඩු සළිඳු ලංකාවට ගෙන්වන විට කලබලවුන පොලිස් ලොක්කන් පිරිසක් සිටි බව ද පොලිස් ආරංචි මාර්ග කීවේය.

කුඩු සළිඳු සහ හරක් කටා ජාත්‍යන්තර පොලිසිය හරහා සිදු කර ඇති රතු නිවේදනයකට අනුව  පසුගිය වසරේ මාර්තු ම 01 දා අත්අඩංගුවට පත් වන්නේ  මැඩගස්කරයේ ඉවාටෝ  ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී ය.

මින් පෙර ඩුබායිහි දි මෙම  අපරාධකරුවන් දෙපළ ජාත්‍යාන්තර පොලිස් වරෙන්තුව අනුව අත්අඩංගුවට ගනු ලැබුව ද ඉතාම අස්වභාවික ලෙස  රජය පාර්ශවයෙන් සිදුවූ ප්‍රමාදයන් ද හේතුවෙන් ඔවුන්ව ලංකාවට ගෙනඒම  මගහැරී ගියේය

පෙර අත්දැකීම්  නිසාම  අත් අඩංගුවට ගත් හරක්කාට සහ සළිඳු රටට රැගෙන ඒම සඳහා කඩිනමින් කටයුතු සංවිධානය වීමත්, ඒ වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් වීමත්, ඉහළම රාජ්‍ය අනුමැතිය සහිතව පළපුරුදු නිලධාරීන් 04 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මැඩගස්කරය වෙත යැවීමට කටයුතු කිරීමත් හේතුවෙන්  සමහර නිලධාරීන් නොසන්සුන් වූ බව කියැවිනි.

පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග කීවේ කුඩු සළිඳු මුලින් නොගෙන්වා  හරක් කටා පමණක්  රටට ගෙන ඒමට ඉහළම නිලධාරියෙක්  ඇතුළු පිරිසක් ආරම්භයේ   යම් උත්සාහයක් දරා ඇති බව ය.   ඔවුන් රටට ගෙන්වූ පසු ආරංචි වන්නේ       සළිඳු සහ හරක්කටා සම්බන්ධයෙන් පවත්වන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතට පත් නොකර වෙනත් නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතට පත් කිරීම සඳහා ද පොලිසියේ ඉහළින්  ප්‍රයත්නයක් දියත් වී ඇති බවය.

පොලිසියේම ඇතැම් තොරතුරු අපට කියන්නේ අරුම කතාවකි.  ඒ  කුඩු සළිඳු කට ඇරියොත් පොලිසියේ ඉහළ රොත්තකගේ නිල ඇඳුම් නොව යට ඇඳුමත් ගැලවෙන බවය. සළිඳු සුදු වී හරක්කටා බරපතල ලෙස කළුවෙමින් ඇත්තේ මේ පසුබිමේය.

අත් හැරුණේ සළිඳු විතර ද?

අත්හැර හැරී ඇත්තේ කුඩු සලිඳු පමණක් නොවන බව කිව යුතුය. කුඩු ටොන් එකක් රටට ගෙන්වූ බව කියා රුපියල් බිලියන ගණනක වත්කම් තහනම් කළ බව කී,  දශක දෙකකට එපිට දී  දෙමටගොඩ පොලේ කීර විකුණමින් සිටි දෙමටගොඩ චමින්දලා සම්බන්ධ සිදුකළ වත්කම් විමර්ශනවල අද තත්ත්වය කුමක් දැයි හැකිනම් රටට හෙළි කරන්නේ නම් බොහෝ දේ පැහැදිලි වනු ඇත.  රට කරන අපේ විරුවාට බොරැල්ලේ ප්‍රධාන  පක්ෂ කාර්යාලය නොමිලේ දුන්නේ චමින්දලා ය. පොදුපෙරමුනේ කොළඹ දිස්ත්‍රික්කයේ නීතිඥ මන්ත්‍රී කෙනෙක් ඔහුගේ කාර්යාලය පවත්වාගෙන ගියේත් මේ කුඩ්ඩන්ගේ ගොඩනැගිලිවලය. වැඩකරන විරුවාට ජය පතා දෙමටගොඩ සංවිධානය කළ දැවැන්තම ප්‍රචාරක රැළි දෙක සංවිධානය කළේත් මේ කුඩු සල්ලි උපයාගත් බව කියන චමින්දලා සහ රුවන්ලාය.

Dematagoda-Ruwan-Home
තහනම් කළ බව කී දෙමටගොඩ රුවන්ගේ වත්කමක්… ඔහුගේ බොරැල්ලේ නිවස…

චමින්ද සහ රුවන් ඇතුළේ සිටියත් ඔවුන්ගේ දරුවන් මේ වනවිට එළියට පැමිණ දේශපාලන ධාරාවන්හි ප්‍රාදේශීය තරුණ නායකයින් සේ සිය භූමිකාව ආරම්භ කර ඇත්තේය. ඒ මැද කොළඹිනි.  වැඩේ නම් මේ චමින්දලා රුවන්ලා ඇසුරු කළ පොලිස් ප්‍රධානීන් සහ නිලධාරී ලයිස්තු ගැන වික්‍රමාන්විත පොලිස් ලොක්කන්ගේ අවධානය යොමු නොවීමය.

නැවතත් අපට කියන්නට ඇත්තේ මොකක්දෝ බරපතල නුහුගුණයක් ඇති බවය.  සළිඳුලා චමින්දලා ගෙන්වූයේ බෝසත් කුඩු ද?. ඒ කුඩු කාරයින් ඇසුරුකරමින් උන්ගෙන් යැපුන පොලිස් කුපාඩින් නැද්ද?. ඉන්නවා නම් උන් බෝසත් ද?.

එක අතකට යුක්තියේ අර්ථාන්විත ගැඹුර කොමිටල් වි ඇති රටක යුක්තියේ අකුරු හතරත්  “අමුක ඩුමුක” අකුරු හයත් අතර වෙනසක් නැතිය. ඒ බව කල්පනා කර හිත හදාගන්නට අප සූදානම්ය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඈන් කුමරිය දළදා වඳින්න යයි!

Next Post

ත්‍රස්ත පනතට එරෙහිව ජාතික ජන බලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.