බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් නගා සිටුවන්න දුන් විසි කෝටි හැට ලක්ෂයක් බෙදාගත් හැටි

විගණනයෙක් හෙළිවන කතාව

by editor
ජූනි 23, 2021
in සමාජ
paddy
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

සුළු හා මධ්‍ය පරිමාන සහල් මෝල් හිමිකරුවන් සඳහා ණය සහන ලබාදිමේ වැඩ සටහන යටතේ දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයන්ගේ සමුපාකාර සමිති වෙත නිකුත් කරනු ලැබු වැඩිම ණය මුදල වු රුපියල් විසි කෝටි හැට ලක්ෂයක මුදලක් ලබා දි ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයන්ගේ සමුපාකාර සමිතිය වෙත බැවි ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

පොළොන්නරුව දිස්ත්‍රික් සමිතියේ සභාපතිවරයා විසින් ඔහුගේ පුද්ගලික අභිමතය පරිදි එක් එක් මෝල් හිමියාට වී මිලදී ගැනිම සඳහා එම ණය මුදල භාවිතා කරතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

පොළොන්නරුව දිස්ත්‍රික් සමුපාකාර සමිතියේ සභාපතිවරයා දිවයිනේ සුළු හා මධ්‍ය පරිමාන සහල් මෝල් හිමියන් නියෝජනය කරන සමිතියේ සභාපතිවරයා ද වේ.Rice-Mills

ණය දුන් මෝල් හිමියන් 09ක් වී ඇටයක් අරගෙන නෑ…

පොළොන්නරුව දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින්ගේ සමුපාකාර සමිතිය විසින් විගණනයට ලබාදුන් තොරතුරුවලට අනුව 2019 ඔක්තෝබර් මස 01 වැනිදිනට වී මෝල් හිමියන් 62ක් වෙත ණය මුදල් ලබාදි තිබුණි. එහෙත් ඉන් වී මිලදිගෙන තිබුණේ වි මොල්හිමියන් 53 දෙනෙකු පමණි. ණය ලබාගත් වි මෝල් හිමියන් 09 දෙනෙකු ණය මුදල අපේක්ෂිත අරමුණු වෙනුවෙන් යොදවා නොතිබුණි.

මිලදි ගත් රුපියල් මිලියන 388ක් වටිනා වී වලින් රුපියල් මිලියන 292.6ක් වි මිලදිගෙන තිබුණේ මෝල හිමියන් 19 දෙනෙකු විසින් බවද විගණන වාර්තාවේ දැක්වේ. මෙය මුළු වි මිලදි ගැනුම් වටිනාකමින් සියයට 75කි. ඉතිරි මෝල්හිමියන් 34 දෙනා අතර මිලියන 96 වි මිලදි ගැනිම් සිදුකොට තිබුණි. එක් එක් සාමාජිකයින් තොරාගත් පදනම ගැටලු සහගත බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

ගිණුම් පුද්ගලික බැංකුවක

මෙකී සමිතිය වෙත රජය විසින් ලබාදුන් රුපියල් මිලියන 206ක මුදල් භාවිතා කරමින් සහල් අලෙවිකර ලැබෙන මුදල් වෙනම ගිණුමක තැන්පත් කර ගනුදෙනු කළයුතු අතර ඒ අනුව පුද්ගලික බැංකුවක ආරම්භ කරනු ලැබු ගිණුමක මෙම මුදල් තැන්පත්කර තිබුණි. උතුරුමැද පළාත් සමුපාකාර ප්‍රඥප්තිය අනුව රජයේ බැංකුවක ගිණුම් ආරම්භ කළයුතු වුවත් පුද්ගලික බැංකුවක ගිණුම් ආරම්භ කොට ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

පුද්ගලික බැංකුවක ආරම්භකොට තිබු අංක 100450004581 දරණ ගිණුමෙන් 2019 අප්‍රෙල් මස 01 වැනිදින සිට ඔක්තෝබර් මස 01 වැනිදින දක්වා චෙක්පත් 70 ක් මගින් 170,055,000 මුදලක් ඉවත්කරගෙන තිබුණද ඊට අදාල ගෙවිම් වවුචර පිළියෙළකර නොතිබු අතර චෙක්පත් නිකුත් කිරිමට අදාල කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වි ඇත.

ගනුදෙනු ගැන සාමාන්‍යාධිකාරීවත් දැනුවත් නෑ…

එම සියලු ගණුදෙණු සභාපතිවරයා විසින් සිදුකර ඇති බවත් සාමාන්‍යධිකාරිවරිය ඒ පිළිබඳ කිසිවක් නොදන්නා බවත් විගණනයට ප්‍රකාශ කොට ඇත. සමුපාකාර සමිතියේ ගනුදෙනු සියල්ල පරිගණක ගතකොට Quick book මෘදුකාංගය භාවිතාකොට ඇති අතර එහි සියලු කටයුතු සභාපතිවරයා විසින් සිදුකර ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම ගිවිසුම් ප්‍රකාරව දිස්ත්‍රික් සහල් නිපදවන්නන්ගේ සමුපාකාර සමිතිවල සාමාජික සහල් මෝල් හිමියන් විසින් අපේක්ෂිත පරිදි සිය සමිති වෙත සහල් ලබාදිම කරනොමැති බව ද විගණන වාර්තාවේ සදහන් වේ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

රටේම මෝල් හිමියන් හාල් කිලෝ පහලොස් ලක්ෂ පනස් දාහක හිඟයක්…

ශ්‍රි ලංකා සහල් නිපදවන්නන්ගේ සමුපාකාර සංගමයෙන් 2019 වර්ෂයේ ඔක්තෝබර් මස 31 දිනට ලබාගත් තොරතුරුවලට අනුව අදාල ණය යෝජනා ක්‍රමය යටතේ දිස්ත්‍රික් සමිති 08 මගින් සාමාජික සහල් මෝල් හිමියන්ට වි කිලෝග්‍රැම් 17,217,999. වි ලබා දි තිබු අතර වී වලට සපේක්ෂව සහල් කිලෝග්‍රැම් 10,761,247 අදාල සමිති 08 සඳහා ලැබිය යුතුව තිබුණි. එහෙත් සාමාජික සහල් මෝල හිමියන් විසින් සමිතිවෙත ලබාදි තිබුණේ සහල් කිලෝග්‍රැම් 9206,825කි. ඒ අනුව සමිතිවලට සහල් ලබාදිමේ දි කිලෝග්‍රැම් 1,554,425 ඌණතාවයක් වි ඇති බවද විගණන වාර්තාව් දැක්වේ.

හම්බන්තොට සහල් කෙළිය

එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින්ගේ සමිතියට 2019 අප්‍රේල් මස 05 වනදින විට ලැබි තිබු රුපියල් මිලියන 38කින් සියයට 48ක් ප්‍රමාණයක් එම සමිතයේ මුළු සාමාජිකයින් 15 දෙනො අතුරින් සාමජිකයින් 03 වි මිලදි ගැනිම සඳහා ලබා දි තිබුණි. ඔවුන් තිදෙනා එම සමිතියේ සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික බව විගණන වාර්තාවේ දැක්වේ.

දිස්ත්‍රික් සමිති වෙත නිදහස් කරන ලද ප්‍රතිපාදන ආදාල දින සිට මාස 06ක් කල්පිරුනු පසු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ගෙවිමට කටයුතු කළයුතු බවට ගිවිසුම් ගතවි තිබුණි. එහෙත් රුපියල් මිලියන 99.38ක් වු, සියයට 22.85ක් නියමිත කාලවකවානු තුළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ගෙවිමට අදාල දිස්ත්‍රික් සමිති කටයුතු කර නොතිබුණි. අදාල සමිති ගිවිසුම් උල්ලංඝණය කරමින් මුදල් අනවශ්‍ය ලෙස අත රඳවාගෙන සිට ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

නැවත අයවිය යුතු ණය මුදලින් ඉහල ප්‍රතිශතයක් වාර්තා කරන හම්බන්තොට හා පොළොන්නරුව දිස්ත්‍රික් සහල්මෝල් හිමියන්ගේ සමිතිවලට එරෙහිව නිතිමය පියවර 2020ජුලි වනවිට ගෙන ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම සහල් මොල් හිමියන් සමග ගිවිසුම් අනුව පොහොර සහනාධාර වැඩසටහනේ ගොවිනාම ලේඛනයේ ලියාපදිංචි ගොවින්ගෙන් සහතික මිලට වී මිලදිගැනිම් කළයුතුය.

එහෙත් ඒ අනුව කටයුතු නොකරන ලද අවස්ථා 1187ක් දිස්ත්‍රික් 08කින් වාර්තා වි ඇති අතර පොළොන්නරුව ඉන් 602ක්ම වාර්තා වි ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙනි.

අරමුණ හොඳයි… වැඩේ ෆේල්

සුළු හා මධ්‍ය පරිමාන සහල් මෝල් හිමිකරුවන් නගාසිටුවිමෙන් සහල් වෙළදපොළ තුල තරගකාරිත්වයක් නිර්මානය කිරිම එමගින් සහල්වල සිල්ලර මිල ස්ථායිකිරිමත්, වි ගොවින්ගේ අස්වැන්න සදහා සාධාරණ මිලක් ලබාදිම අරමුණුකරගෙන 2019 වර්ෂයේ මහ කන්නයේ දි මෙකී වැඩසටහන ක්‍රියාත්මක කරණු ලැබිය. 2000 වර්ෂයේ දි මෙරට සහල් මෝල් හිමියන්ගේ සංඛ්‍යාව 2000ක් වු අතර වාර්තමානය වනවිට එම සංඛ්‍යාව 800 දක්වා අඩුවි ඇත. මේ නිසා සහල් නිෂ්පාදනය සිමිත පිරිසක් අතර පත්වි තිබෙන අතර සහල් වෙළදපොළ තුළ ඒකාධිකාරියක්ද නිර්මාණය වි ඇත.

අනුරාධපුර පොළොන්නරුව, අම්පාර, කුරුණැගල, පුත්තලම, මහනුවර, හම්බන්තොට හා මඩකළපුව යන දිස්ත්‍රික්ක 08 සුළු හා මධ්‍ය පරිමාන සහල් මෝල් හිමියන් 228 දෙනෙකු සඳහා ණය මුදල් ලබාදි තිබුණි. මෙකි ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 1000ක මුදලක් අනුමත වි තිබුණි. විගණිත දිනය වු 2019 වර්ෂයේ නොවැම්බර් මස 01 වැනිදින වනවිට ලබා දි තිබු මුළු මුදල රුපියල් මිලියන 434.87ක් බවද විගණන වාර්තාවේ සදහන් වේ.

ඒ ඒ දිස්ත්‍රික් සමිති වෙත රජය ලබාදුන් අරමුදල් සමිති විසින් නියමිත කාලය තුල පියවිමට කටයුතුකර නොතිබිම, වැඩසටහන නියාමනය සදහා අවශ්‍ය දත්ත පද්ධතිය සඳහා අවශ්‍ය දත්තයන් සාමාජික සහල් මෝල් හිමියන් විසින් නිසි පරිදි ලබානොදිම, යන කරුණුද විගණනය මගින් අනාවරණය කොට ඇත. එමෙන්ම රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස රජයේ මුදල් වැයකරමින් ක්‍රියාත්මක වු මෙම වැඩසටහන සඳහා දායකවිය යුතු එක් එක් රාජ්‍ය ආයතනවල වගකිම ඉටුකිරිම පැහැර හැරිම හෝ ප්‍රමාණවත් පරිදි ඉටුවි නොතිබුණු බවද විගණන වාර්තවේ සදහන් කොට ඇත.

මේ නිසා අදාල වැඩසටහන තුල කාර්යසාධනය ළගාකරගැනිමට නොහැකිවිමෙන් එහි ප්‍රතිලාභ එම ක්ෂේත්‍රය තුළ නියලි සිටින කර්මාන්තකරුවන්ට හා පාරිභෝගිකයින්ට අවස්ථාව නොලැබි තිබුණි බවද විගණනය මගින් අනාවරණය කොට ඇත..

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජී.එම්.ඕ.ඒ ආණ්ඩුවෙන් “කප්පම්“ ඉල්ලයි ! පී.සීආර් සාම්පල ගන්නා වෛද්‍යවරුන්ටත් තර්ජන !

Next Post

රනිල් පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙයි

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.