හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායකවරයා ඉදිරියේදී දිවුරුම් දී තිබේ.
පසුගිය මහ මැතිවරණයෙන් පසු එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය වසරකට ආසන්න කාලයක් හිස්ව පැවතිණි.
1977 වසරේ සිට 2020 වසර දක්වා අඛණ්ඩව මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ 2020 වසරේ පැවති මැතිවරණයේ දී පරාජයට පත්විය.
කෙසේවෙතත් එම මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණි.