fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

වෙසක් පෝය දා හුදකලා වූ ශ්‍රී දළදා මාලිගාව ලොවට රහසින් මලින් පිරුණු හැටි

ශ්‍රි දළදා මන්දිරයේ මල් ආසන හත නෙළුම් මල් හත්දහසකින් පිරී ගියේය

වසර 2ක් ago
in සමාජ
524 5
0
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

නොසිතූ ලෙස , වෙසක් පුන් පොහෝදා කන්ද උඩරට ඵෙතිහාසික පුරවරයේ උතුම් දළදා සමිදුන්ගේ මල් ආසනය ඇතුලුව ශ්‍රි දළදා මන්දිර අභ්‍යන්තරයේ මල් ආසන හත නෙළුම් මල් හත්දහසකින් පිරී ගියේය. එපමණක් ද නොව විශ්ණු පත්තිනි නාථ කතරගම සිවුමහා දේවාල මල් ආසනද , වැල් බෝධින්වහන්සේ ද , දොඩම්වල වජිරාරාම මල් අසුනද, ගැටඹේ බෝධින්වහන්සේ ගේ මල් ආසනයද , ලේඩිබ්ලේක් ආරාම‌යේ මල් අසුනද , තවත් මල් දෙදහසකින් පිරී සුවදවත් විය.

හිටිවනම වූ මේ අරුමය කුමක්දැයි බොහෝ දෙනා සිතන්නට වූයේ, ඇදිරි නීතියත් , කොරෝනා භීතියත් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් හිස් වූ ආසන වෙසක් පුන් පොහෝදා පිරී ගිය අයුරු දුටු විටය.

“ අපිට මේ තාක් කාලයක් ජීවත් වෙන්න අත දුන්නේ මේ නෙළුම් මල් .. බුදුන් වහන්සේ ගේ පිහිටෙන් මල් ආසන පුරවන්න අපට මග පෑදුනා. මේ මලකට මිලක් නියම වුණා තමයි..ඒත් අපේ දුප්පත් අසරණකම නැති කරන්න මේ නෙළුම් මල් අපට පිහිට වෙනවා. ඒ හින්දාම අපි කතාවුණා නෙළුම්මල් නවදහසක් පූජාකරන්න. අපේ ඒ අහිංසක බලාපොරෝත්තුවට මග පාදා දුන්නේ මධ්‍යම පළාතේ නියෝජ්‍ය පොලිස්පති රණවීර මහත්තයා. ඔහු මාළිගාවේ පොලිසියේ ස්ථානාධිපති විපුල බණ්ඩාර මහත්තයාට මේ ගැන කියා තිබුණා. ඒ අනුව වැව්වලින් මල් එකතු කරලා ඒ ඒ පොලිස් ස්ථාන මගින් ශ්‍රි දළදා මාළිගාවේ පොලිසියට මල් ගෙන ඒමේ කාර්යය මෙහෙය වුයේ , ප්‍රධාන පොලිස් පරික්ෂක සේනාධීර මහත්තයා. ..”  තමන්ගේ සියළු බලාපොරොත්තු ඉෂ්ඨ වූවා සේ දිලිසෙන දෑසින් එක් හුස්මකින් විස්තර කියා සිටියේ , ශ්‍රි දළදා මාළිගා පරිශ්‍රයේ බුදුනු සහන සංසද ආරක්ෂක කමිටුවේ , සභාපති පියල් රාජ ශ්‍රි වික්‍රමය.

කාටත් කරදරයක් හිරිහැරයක් නැති , බැති සිතින් ම මල් විකුණා ජීවිකාව ගෙන යන හතලිස් දහසක් පවුල් මේ සිරිලක වෙසෙන්නේය.  දැනට දශක තුනක් තිස්සේ  ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය මල් වෙළදාමය. කුසට අහරක් හිසට නිවහනක් දුදරුවන්ට යහපත් අනාගතයක් කැටි කොට ගත් යහපත් පවුල් ජීවිතයක් ගත කරන්නට මේ නෙළුම් මල් සැමගේ පිහිටට සිටින්නේය. මල් නෙලන්නන් , මල් මිටි බදින්නන් , මල් ප්‍රවාහනය කරනන්නන් බෙදා හරින්නන් මල් කඩ වෙළදුන් උත්සව අවස්ථා සදහා මල් සපයන්නන් ඇතුළු මහා පිරිසක් මේ සිරිලක නන් දෙසම පැතිර සිටින්නේය. පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා පරාසයේ වෙසෙන මේ පිරිස , තමන්ගේ ජීවිතය රැක දෙන බුදුන් වහන්සේට ගෞරවය දැක්වීම පිණිසය වෙසක් දා මල් නවදහසකින් මල් ආසන පිරවූයේ.

පියල් රාජ ශ්‍රි මේ ක්‍රියා දාමයට අත තැබූයේ මල් හාර දහසක් පූජා‌කොට ශ්‍රි දළදා මැදුරේ දන්තධාතුන් වහන්සේ වෙත පූජා කරමි යන අධිඨන ඇතිවය. ඔහු ගේ වෑයම සාර්ථක කරමින් ඊට තවත් මල් හයසියයක් එක්කරමින් බුදුනු සහන සංසදයේ දරුවන් දෙදෙනකුද මල් ලබා දුන්නේය. එතකින් නොනැවතී දඹුල්ලේ පියල්සිරි ද කුරුණෑගල හිරිපිටියේ චමින්දද , පොළොන්නරුවේ සරත් චන්ද්‍රසිරිද සීගිරියේ තාරක වික්‍රමසිංහ ද , නිකවැරටියේ යාපා ද , අම්පාරේ බණ්ඩාර ද, මේ කර්තව්‍යට සිය දායකත්වය ලබා දෙන බව කියා සිටියහ. ඔවුනගේ මල් දහස් ගණනින් ඒ ඒ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ දායකත්වය ඇතිව නුවරට ගෙන ආහ.

වෙසක් පුන් පොහෝදා හෙවත් හත්වැනිදා අලුයම නුවරට ගෙන ආ නෙළුම් කැකුළු තොගය බුදු පුදට තබන්නට නම් මල් පුබුදුවා ලිය යුතුය. කෝවිඩ් ව්‍යසනය හේතුවෙන් වැඩි පිරිසකට එක්ව මේ කාර්යය සිදු කල නොහැකිය. සෞඛ්‍ය නීති රිති උල්ලංඝනය වන නිසාය. එබැවින් නිරෝධායන නීතිප්‍රකාරව බුදුනු සහන සංසදයේ දරුවන් හත් දෙනකුද , ශ්‍රි දළදා මාළිගයේ ආරක්ෂාව පිණිස සේවයේ යෙදි සිටින කාන්තා පොලිස් නිළධාරින් ද සෙසු පොලිස් නිළධාරින්ද එක්ව නෙළුම් පොහොට්ටු පුබුදුවා මල් වට්ටි සැකසූහ. පැය පහකට වැඩි කාලයක් මල් සුරුහමට සකසා දළදා සමිදුන් වෙතත් සෙසු ආගමික ස්ථාන වෙතත් රැගෙන ගියෝ පොලිස් නිළධාරිහුය. රටපුරා ඇදිරි නීතිය බල පැවැත්වූ බැවින් අවසර ඇත්තේ ඔවුනට පමණක් බැවිනි.

ඔවුන් මල් පුජා කල සවස හයත් හතත් කාලයේ මල් හා සමග ජීවත් වන සියළු පිරිසට පණිවුඩ යවා සාදු කාර දෙන්නැයි දන්වා සිටියේ මහනුවර බුදුනු සහන සංසදහයේ පිරිසය. ඒ අනුව , රට පුරා සෑම තැන්හිම විසිරි සිටි මල් හා බැදි සිටින මල් වෙළදුන් සාදු කාර දෙමින් පිං අනුමෝදන් කර ගත්හ.

මාර්තු මස විසිවැනිදායින් පසු සිරිලක බෞද්ධ සිද්ධස්ථාන පන්සිය පනහක මල් ආසන හිස්ව ගියේ බැතිමතුනට නිවෙස්වල වී සිටිමට සිදු වු නිසාය. ඵෙතිහාසික සිද්ධස්ථාන තුන්සිය හැටක් වෙත යමින් එහි ඵෙතිහාසික බව අත්විදිමින් බුදුන් වහන්සේ වෙත මල් පුදන සෑම බැතිමතෙක්ම මලක් මිලදි ගන්නේ මේ හතලිස් දහසකින් එක් අයෙකුගෙන්මය. බැතිමතුන් නොමැතිව හිස්ව ගිය සිද්ධස්ථාන වෙත අද ඔවුහු පිංතකා මල් පුදති. මෙවන් ව්‍යසන වෙමින් තමන්ගේ ජීවිත අදුරේ නොදැමන්නයි දෑත් එක්කොට ඉල්ලා සිටිති.

 

 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ජෙට් හිමි ඉන්දියානු කෝටිපතියෝ ලංකාවට එන්න අසති

Next Post

කොවිඩ් මැදත් සුන් කර නොගත් අයි.සී.සී. යේ විස්සයි20  බලාපොරොත්තුව

Related Posts

කඳුළු ගෑස්    වැදුණොත් මොකද වෙන්නේ ? කළ යුත්තේ කුමක්ද?

මැයි 8, 2022

රටේ ධනය හොරා කාපු හැටි ගැන ෆයිල් ටිකක තොරතුරු ටිකක් අනුර හෙළි කරයි…

මැයි 3, 2022
child

අන් අයව පිළිගන්න දරුවන්ට උගන්වන්න….

මැයි 1, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • නරි නාවන්න ලෑස්ති නෑ… 21ට මගෙ සහය නෑ… විමලවීර දිසානායක ස්ථාවරය කියයි!
  • නේපාලයේ කුඩා ගුවන් යානයක් පුද්ගලයින් 22ක් සමග අතුරුදහන්…
  • අටලුගම දැරියගේ මරණය පිළිබඳ විමර්ශන පොලිස්පති අනින් සී.අයි.ඩී. යට……
  • හරිතාගාරයක් තුළ ගංජා වැවූ වැලිමඩ කාන්තාවක් පැල 1700ක් සමග අත්අඩංගුවට…
  • අන්ත දූෂිත සෞඛ්‍ය සේවය නිසා ආධාර ආපහු හැරෙනවා… වෛද්‍ය ආධාර රැක ගන්න WHO සමඟ හවුල් ගිණුමක්!- කෙහෙළිය කියයි!

ජනප්‍රිය පුවත්

  • විදේශ ලේකම්ටත් ගෙදර යන්නට පාර කී ලාබ චීන සහන මල්ලේ කතාව!   

    218 shares
    Share 87 Tweet 55
  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

    223 shares
    Share 89 Tweet 56
  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    281 shares
    Share 112 Tweet 70
  • අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

    223 shares
    Share 89 Tweet 56
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

    203 shares
    Share 81 Tweet 51
  • අරලියගහ මන්දිරයේ සිට ආ මැරයෝ ආණ්ඩුවේ රක්ෂණයේ කෝටි 100ක් ගිල්ල හැටි ෆිච් රේටින්ග්ස් කියයි!

    211 shares
    Share 84 Tweet 53

Highlights

හරිතාගාරයක් තුළ ගංජා වැවූ වැලිමඩ කාන්තාවක් පැල 1700ක් සමග අත්අඩංගුවට…

අන්ත දූෂිත සෞඛ්‍ය සේවය නිසා ආධාර ආපහු හැරෙනවා… වෛද්‍ය ආධාර රැක ගන්න WHO සමඟ හවුල් ගිණුමක්!- කෙහෙළිය කියයි!

ගෝඨාභය  – මහින්ද පූර්ණ ආශීර්වාදයෙන්  21ට අන්නන්න කළු කුරුල්ලා වැඩ අරඹයි…  

ආර්ථිකය ස්ථාවරය කිරීමට අගමැතිගෙන් ඉහළ පෙළේ කමිටුවක්!

සහල් ආරක්ෂා කරගන්න… විකල්ප ආහාර රටාවකට හුරු වෙන්න… මහාචාර්ය බුද්ධි මාරඹේ බඩගින්නෙන් මිදෙන හැටි කියයි!

කච්චතිව් කොල්ලකන්න එන  තමිල්නාඩු මහ ඇමතිට වීරෝධය….

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

WIMALAWEERA

නරි නාවන්න ලෑස්ති නෑ… 21ට මගෙ සහය නෑ… විමලවීර දිසානායක ස්ථාවරය කියයි!

by editor
මැයි 29, 2022
0

සුජිත් හේවාජුලිගේ -   ජනාධිපතිවරයා හිර කිරීමට...

නේපාලයේ කුඩා ගුවන් යානයක් පුද්ගලයින් 22ක් සමග අතුරුදහන්…

by editor
මැයි 29, 2022
0

නේපාලයේ පෞද්ගලික ගුවන් සමාගමක් විසින් මෙහෙයවනු...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist