fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

පෙති අහිමි මල් පවා සුවඳ විහිදුවයි…

වසර 2ක් ago
in විනිවිද
496 5
0
Happy family moments - Mother and child have a fun.

Happy family moments - Mother and child have a fun.

Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන –ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා –

දරුවන්ට ආදරය නොහිතෙන හදවතක් තිබිය නොහැකිය. දරුවෝ එතරම්ම ආදරබරය. එහෙත් අප ආදරය දෙන්නට දරුවන් අතරින් සුදු, මහත ලස්සන බෝල බබාලා සොයන්නේ නම් අපගේ ආදරයේ කිසියම් අසාමාන්‍ය තත්වයක් තිබේ. ලෝකයේ සර්ව සමාන කිසිවක් නැත. ඇත්තේ සමාන බවක් පමණි. දරුවන් විෂයෙහි ද එය එසේමය. එසේ නම් අපේ ආදරය වර්ග කළ යුතුද?

වර්තමාන ලෝකයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ වර්ධනයක් ඇතැයි පෙනෙන මුත් එයට තවමත් නිශ්චිත හේතුවක් සොයා ගෙන නැත. සමහර විට අද මවුපියන් තමන්ගේ එවැනි දරුවන් සමාජගත කරන්නට කරන උත්සහය නිසා ඔවුන්ගේ ගැවසීම සුලබ  වීම මෙසේ පෙනෙන්නට හේතුවක් විය හැකිය. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් යනු කවුරුද?.විශේෂ අවශ්‍යතා ඇති දරුවන් යනු සාමාන්‍ය මට්ටම යැයි පිළිගන්නා කායික මානසික බුද්ධිමය ප්‍රමිතීන්ට වඩා පහළ හෝ වඩා ඉහළ හෝ දරුවන්ය. උදාහරණ ලෙස දරුවකුගේ පංති කාමරයක සිටීමට අවශ්‍ය සාමාන්‍ය බුද්ධිඵලය ලෙස මනෝ විද්‍යාඥයින් හඳුන්වන්නේ 70 -130 අතර බුද්ධි ඵලය ඇති දරුවන්ය. එහිදී 130 යනු සුභග දරුවන් වේ. ඔවුන්ගේ බුද්ධි ඵලය ඉතා ඉහළය. සාමාන්‍ය මට්ටමක (100 ලෙස සැලකේ) දරුවන්ට වඩා ඔවුන්ගේ තර්කනය, චින්තනය, භාෂා ඥානය, සංඛ්‍යා ඥානය අවබෝධය ඉතා ඉහළය. තේරුම් ගැනීම වේගවත්ය. මෙම දරුවන් දෙවන වසරේ උගන්නා විට බුද්ධි මට්ටම හතර වසරේ දරුවකුට සමානය.

එසේම සාමාන්‍ය මට්ටමට අඩු අයගේ තර්කනය, චින්තනය, භාෂා සහ ගණිත ඥානය අඩුය. ඔවුන්ගේ ඉගෙනීම සිදුවන්නේ සෙමින්ය. මෙකී දෙයාකාරයේම සිසුන් විශේෂ අවශ්‍යතා ඇති සිසුන් වේ.

එයට අමතරව අංග සම්පූර්ණ නොවූ අවයව සහිතව, පංච ඉන්ද්‍රියන් සහිතව, දරුවෝ මේ සමාජයේ වෙසෙති. අන්ධ, ගොළු, බිහිරි දරුවෝ මෙන්ම ඇවිදීමට නොහැකි, අතපය නිසියාකාරව හැසිරවීමට නොහැකි දරුවෝද ආදි විවිධ අබල දුබලතාවන්ට ලක්වූ දරුවෝ සමාජයේ වෙසෙති. මේ සෑම දෙනාටම අප මහත සුදු බෝල බබාලාට දක්වන සෙනෙහස දැක්වීමට උත්සහ කළ යුතුය. මේ ලිපියෙන් මා කතා කරන්නේ එබඳු අඩුපාඩු සහිතව මෙලොව වෙසෙන අපේම දරුවන් ගැනය.

මව්පියනි මේ ලිපිය ලියන්නේ එවන් දරුවන් වෙනුවෙනි. එවන් දරුවන් සිටින මව්පියන් වෙනුවෙනි.ඔබගේ දරුවගේ බුද්ධි මට්ටම ඔබ පළමුවෙන් වටහා ගත යුතු වෙයි. එසේ නොමැති වුවහොත් ඔබගේ අධිකතර ආශාවන් හා බලාපොරොත්තු ඒ දරුවා මත පැටවීම ඔබ සිදු කරනු ඇත. ඔහුට එය ඉටුකරගැනීමට නොහැකි වූ විට ඔබ මෙන්ම ඔහුත් පීඩා විඳිනු ඇත. හිතන්න බුද්ධිඵලය 130 ක දරුවකු පෙන්වන දක්ෂතා බුද්ධී ඵලය 70 ක දරුවකුට නොව 100 ක් ඇති දරුවකුට පවා කිරීමට නුපුළුවන. එය ඔබ වටහා ගෙන දරුවාගේ බුද්ධියට ගැලපෙන ඉලක්ක ලබාදිම කලහොත් ඒ මට්ටමේ සිටින දරුවන් අතුරෙන් හොඳම දරුවකු ලෙස ඔබේ දරුවා ඔසවා තැබීමට ඔබට හැකිවනු ඇත.

මා වෙත පැමිණි දරුවකුගේ ප්‍රගති වාර්තාව ඔහුගේ මව මට පෙන්වූවාය. ඔහු පංතියේ විසි පස් වැනියාය. ගණිතයට ලකුණූ 10කි. භාෂාවට 24කි විද්‍යාවට 37කි. නමුත් ඔහුගේ මව ඔහුගෙන් අනාගත දොස්තර කෙනෙකු අපේක්ෂා කරයි. එය කිසිසේත්ම ඔහුට කළ නොහැකිය. ඔහු 10 වසරේ සිටියත් ඒ වසරට ප්‍රමාණවත් දැනුම ඔහු වෙත නොතිබුනි. මව ඔහුට දැනුම ලබා දෙන්නට විශාල මුදලක් අමතර පංති සදහා වියදම් කරයි. එහෙත් වෙනසක් නැත. මේ නිසා නිතර නිතර මවුපියන්ගේ දොස්වලට ලක්වීමට සිදුවීම නිසා දරුවා පීඩාවට පත්ව සිටි අතර මව සිටියේද පීඩාවෙනි. උපදේශනයේදී මවට දරුවාගේ තත්වය පහදා දුන්නෙමි. දරුවාට කළ හැකි නොහැකි දේ පිළිබඳව මව දැනුවත් වූවාය. සාමාන්‍ය පෙළ විභාගයේදී ඔහු සමත් වූයේ විෂයන් තුනක් පමණි. මව ඔහු සමග කතා බහ කොට ඔහු ඉතා ප්‍රිය කළ සුපවේදය උගන්වන පාඨමාලාවකට දැමුවාය. අද ඔහු දකුණු පළාතේ ප්‍රසිද්ධ හෝටලක ආධුනික සූපවේදියකු ලෙස සතුටින් රැකියාවක යෙදෙයි. මේ සමානම සිද්ධීයක දරුවකු අද ලන්ඩන් නුවර කීර්තිමත් හෝටලයක ප්‍රධාන සූපවේදියකු ලෙස කටයුතු කරමින් සිටී. ඹහු මෙරට පැමිණි විට තරු පහේ හෝටල් ඔහු පිළිබඳ දක්වන සැලකිල්ල ගරුත්වය ඉතාම ඉහළය.  එහිදී නම් ඔහුගේ ඉතාම බුද්ධිමත් මව දරුවාට පීඩා නොදී ඔහු කැමති ක්ෂේත්‍රයට යෑමට ඉඩ සලසා දුන්නාය. අපගේ එක් පහන් සිතුවිල්ලකින් දරුවෝ සුවපත් වෙති.

එසේම විකලාංග සහිතව ඉපදුනු දරුවෝ ඉගෙනීමේ අදක්ෂ දරුවෝ නොවෙති. සමහර දරුවෝ ඉතා ඉහළ බුද්ධි මට්ටම් ඇති අය වෙති. නොබෝදා ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබූ විද්‍යාර්ථයා දිනපතාම මව විසින් වඩාගෙන ගොස් විශ්ව විද්‍යාලයේ වාඩි කල තරුණයෙකු විය. එමනිසා දෙමව්පියන්වන අපගේ අවබෝධය දරුවන්ගේ අනාගත අභිවෘද්ධියට හේතු වන බව සිතා තම දරුවා පිළිබඳව නිශ්චිත තක්සේරුවක සිටීමට මව් පියන් උත්සහ ගත යුතුය.

නිදසුන් ලෙස 

උපතින් හෝ පසුව ඇතිවූ තත්වයකින් හෝ කකුල නොන්ඩි ගසමින් ඇවිදින දරුවකුට කෙලින් ඇවිදින ලෙස අප බලකර සිටියහොත් එය කීරීමට නොහැකි නිසා ඔහුත්,  එය ඔහු නොකරන නිසා අපිත් පීඩාවට පත්වන්නෙමු. එසේ නම් අප කළ යුත්තේ කුමක්ද ?. අප කළ යුත්තේ ඔහුගේ නොන්ඩි ගැසීම බාර ගැනීමය. ඔහු ඇවිදින ආකාරය පිළිගැනීමය. එයින් ඔහුත් අපත් මානසිකව සුවයක් ලබනු ඇත. වඩා වැදගත් වන්නේ නොන්ඩි ගසමින් හෝ දරුවා ඇවිදීම නොවේද?.එමනිසා ඔබගේ දරුවා කායික, මානසික වශයෙන් විශේෂ අවශ්‍යතා සහිත දරුවකු නම් ඔහු නිසා ඔබට සමාජයට මුහුණ දිය නොහැකි ලැජ්ජාවක් ඇති විනැයි සිතා ඔහුව කොන් නොකරන්න. ඔහුද අන් දරුවන් මෙන්ම ආදරයට පිළිගැනීමට ආරක්ෂාවට බඳුන් විය යුතුමය. සමාන අයිතීන් ඇතිව ජීවත්විය යුතුමය. හැකි තරම් ඔහුට ජීවන මගේ සාර්ථකත්වයට ළංවීමට ඔබගේ සහය ලබාදෙන්න. ඔහුගේ හැකියාවන්ට ගැලපෙන ප්‍රමාණයේ ඉලක්ක පමණක් ලබාදෙන්න. පවුලේ ඔහුට හිමි නිසි ගරුත්වය සහ ස්ථානය ලබා දෙන්න. එය ඔහුගේ අභිමානය වර්ධනයට රුකුලක් වෙයි.

එසේම කායික මානසික දුබලතා තිබුණද නිසි වයසේදී දරුවකුට ඇතිවන දේහ විද්‍යාත්මක සහ ජීව විද්‍යාත්මක විපර්යාසයන්ට ඔහු යටත් බව අවබෝධ කරගන්න. ඒ පිළිබදව වැරදි ඇසින් නොබලන්න. එම දරුවන්ටද ලිංගික හැගීම්, විරුද්ධ ලිංගික ආකර්ෂණය ඇතිවන බව සිතා නිසි කල්හි නිසි උපදෙස් ඇතිව නිසි මාර්ගවලට යොමු කරන්න. එසේම බුද්ධිඵලය 70 ට අඩු දරුවන් නිරන්තර පුහුණුවක යෙදවීමෙන් ඔහුගේ ස්වාධීනත්වය සාධනීය මට්ටමකින් වර්ධනය කළ හැකිය. මෙම මන්ද මානසික දරුවෝ අත්කම් නිර්මාණයන් කිරීමේ අති දක්ෂයෝ වෙති. සමහරු පරිගණක තාක්ෂණයෙන්ද දස්කම් දක්වා ඇත.ඔබ නැති කලෙක ජීවත්විය හැකි සේ ඔහු ස්වාධීන කරන්න. පවුලේ සහ සමාජයේ විවිධ අවස්ථාවන්ට ඔහුත් සහභාගිවීම අවශ්‍ය වෙයි. ඒ සඳහා අනිවාර්යයෙන් රැගෙන යන්න. අනිත් අය ඉවත ලන ඇදුම් පැළදුම් නොව අලුත් ඇඳුම් ඔහු වෙනුවෙන්ද මිල දී ගන්න. මලක පෙත්තක් දෙකක් අඩු වූවත් සුවඳින් අඩු නැති බව මතක තබා ගන්න.

ඔහු ගන්නා සෑම හොඳ උත්සහයක්ම අගය කරන්න. ඔහුගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්න. හැකි තරම් සාමානය පරිසරයට විවෘත කර හදාවඩා ගන්න. මිතුරු සමාගම් ඔහුට ඇති කර දෙන්න. ගුණදහම් පින්දහම් ඔහුගේ ජීවිතයට ඇතුලු කරන්න.

ඔබට පාරමිතාවක් සම්පූර්ණ කිරීමට හැකිවනු පිණිස ඔහු ඔබ වෙත පැමිණි බව සිතා ඉවසීම, කැපවීම, පරිත්‍යාගය සහ නිසි ආදරය පෙන්වා ඔහුව ගොඩ නගන්න. ලෝකයට ඉතා විශිෂ්ට දේවල් ප්‍රදානය කළ මිනිසුන් අතර විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වූ බව මතක තබා ගන්න.

ලෝක පූජිත විද්‍යාඥයකු වූ ස්ටීවන් හෝකින්ස් දෙස බලන්න. ඔහු ලොවට කරන මහා මෙහෙවර බලන්න. එසේම ඇල්බට් අයින්ස්ටයින් නම් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා ඩිස්ලෙක්ෂියා නම් වූ රෝගයකින් පෙළුන බව ඔබ දන්නවාද?. එහෙත් ඔහුගෙන් ලොවට වූ සේවය මිළ කළ හැකිද?

මව්පිය වරුනි, අද ඔබ තුරුලේ සිටින්නා වූ විශේෂ අවශ්‍යතා සහිත දරුපැටියා හෙට ලෝකය ආලෝකමත් කරන නිමැවුමක හිමි කාරයෙක් විය හැකිය. එසේ නොවුනත් ලෝකයට බරක් නොවී ඔහු ජීවත් වුවහොත් එයම ප්‍රමාණවත් නොවේද?. ඒ නිසා ඔබ ඔහු වෙනුවෙන් කැප වෙන්න. ඔහු ඔහුගේ උපරිමයට ළඟා වී ඔබේ කැපවීමට උපහාර දක්වනු ඇත.

 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

කඩා වැටුණු නුවර නිවසේ සුන්බුන් ඉවත් කිරීමටත් ලක්ෂ 28ක වියදමක්

Next Post

කොරෝනා සුවවෙන්න ට්‍රම්ප්ට තවම අත්හදා බලන ඖෂධයක අධිමාත්‍රාවක් දෙයි

Related Posts

සුලු මානසික ගැටලු ජීවිත ව්‍යසනයකින් කෙළවර වෙන්නට ඉඩ නොතබන්න… දැන් ඔවුන් සතුටින්….

ජූනි 6, 2022
child

අන් අයව පිළිගන්න දරුවන්ට උගන්වන්න….

මැයි 1, 2022

සතුට ඇත්තේ ඔබ තුළය… සතුටු විය හැක්කේ ඔබ සතුටුවීමට සූදානම්වීම තුළය…

මාර්තු 22, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!
  • ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…
  • හෙද උපාධිදාරීන්ට සායනික පුහුණුව සැපයීමට ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට
  • රට මළගෙයක් කර හිඳී ගිය තෙල් සංචිත තෙල් සමාගම්වල කොමිස් කාක්කන්ට ඉල්ලමක් පාදලා!
  • 225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…

ජනප්‍රිය පුවත්

  • පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

    172 shares
    Share 69 Tweet 43
  • අපි මහා කුමන්ත්‍රණයක ගොදුරු…. ඉන්ධන නැවු ප්‍රමාද කළේ ආණ්ඩුවේ ඒ කුමන්ත්‍රණයේ කොටසක් විදිහට….

    214 shares
    Share 86 Tweet 54
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

    195 shares
    Share 78 Tweet 49
  • බස්නාහිර සිපෙටිකෝ පිරවුම්හල් 40කට ආසන්න සංඛ්‍යාවක් අදත් සාමාන්‍ය ලෙස ඉන්ධන බෙදලා…

    218 shares
    Share 87 Tweet 55
  • තෙල් හොයන්න ගිය ඇමති කාංචන කටාර් බලශක්ති සමාගමේ සභාපති සාද් ෂෙරීඩා අල් කබී හමුවෙයි!

    205 shares
    Share 82 Tweet 51
  • මැච් එක දා පිටිය ඉදිරියේ ඇදෙන  දකුණු ලකේ ගෑස්  සිලින්ඩර පෝලිම ක්‍රිකට් ලෝකය හොල්ලයි…

    185 shares
    Share 74 Tweet 46

Highlights

රට මළගෙයක් කර හිඳී ගිය තෙල් සංචිත තෙල් සමාගම්වල කොමිස් කාක්කන්ට ඉල්ලමක් පාදලා!

225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…

පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

බැසිල් පොහොට්ටුවන්ව නෙළුම් මාවතට කැඳවයි…

ඉන්දියාවේ ත්‍රිචී සරණාගත කඳවුරේ විරෝධතාවයක සිටි ශ්‍රි ලාංකිකයින් 27ක් රොහල්ගත කරයි….

අවුරුදු 101දී සිරබත් කන්න වුන හිටපු නාසි හමුදා සමාජිකයා

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!

by editor
ජූනි 29, 2022
0

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ යළිත්...

ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…

by editor
ජූනි 29, 2022
0

රසායනික පොහොර නොමැති වීම      කෘෂිකාර්මික කටයුතු...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist