බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

විගණනය නොවන ඛේදවාචකය….  දින 04ක් තෙල් පෝලිමේ සිට රෝගී වී මිය ගිය වෛද්‍යවරයාගේ බිරිය කී කතාව…

by editor
ජූලි 15, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

මහත්තයා ඉන්ධන ලබාගැනිම සදහා දින 04ක් පමණ තෙල් පොලිමේ හිටියා. ඒවනවිට ඔහුට කැස්ස ගතියක් තිබුනා. මහත්තයා මහනුවර රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි  එක්මෝයන්ත්‍රයට සම්බන්ධ කිරීම සඳහා  කරාපිටිය රෝහලට මාරුකළා.

ඔහුගේ පෙනහලුවලට විෂබිජයක් ගිහින් තියෙනවා  කියලා කරාපිටිය රෝහලේ වෛද්‍යවරුකිවා යැයි  පෙනහලුවලට විෂබිජයක් ආසාදනයවිමෙන් ඇතිවු නිව්මෝනියා තත්වයකින් මියගිය වෛද්‍යවරයාගේ මරණ පරික්ෂණයේ දි සාක්ෂිදෙමින්  ඔහුගේ  බිරියවන  හෙරත්මුදියන්සේලාගේ   සජිවා තරුෂිහේරත්  (31)  එසේ  කිවාය.

 මියගොස් ඇත්තේ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරණායක ළමා රෝහලේ සේවයකරමින් සිටි තෙන්නකොන් මුදියන්සේලාගේ චින්තක දිපාල් අමරසුරිය  (30) නැමති  අංක 48, බණ්ඩාරවෙලපාර, හාලිඇළ ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකි.

මියගිය වෛද්‍යවරයාගේ හදිසි මරණ පරික්ෂණය  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින්   ඊයේ (14) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරනු ලැබිය. එහිදි සාක්ෂිකාරිය තවදුරටත් සාක්ෂිදෙමින් මෙසේ ද කිවාය.

මියගොස් සිටින්නේ මගේ සැමියායි.  මම කථන හා භාෂා චිකිත්සකවරියක් ලෙස රැකියාව කරණවා. අපි නුවර පදිංචිවෙලා හිටියේ. මහත්තයා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරණායක ළමා රෝහලේ සේවය කළා. අපි පදිංචිවෙලා සිටි ස්ථානයේ සිට  රෝහලට කිලෝමිටර් දෙකහමාරක් පමණ ඇති. අපි විවාහවෙලා අවුරුදු දෙකක් පමණ වෙනවා. මහත්තයා වෛද්‍ය වෘත්තියට ගිහින් වසර දෙකක් පමණ වෙනවා. අපිට  අවුරුද්දක් වයස පුතෙක් ඉන්නවා.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මහත්තයාට කිසිදු අසනීපයක් තිබුණේ නැහැ. මහත්තයාට පසුගිය පෙබරවාරි මාසයේ කොවිඩි රෝගය වැළඳිලා සනිපවුනා. ජුනි මාසයේ 25 වැනිදා පුතාට වෛරස් වුනක් හැදුනා. ඊට පසු අපි දෙදෙනාටත් හැදුනා. අපේ අයියාට හා අක්කලාට උණ හැදිලා සනිපවුනා. උණ රෝගයට මහත්තයා තමයි බෙහෙත් දුන්නේ. මහත්තයාට තදින් උණ හැදුණේ නැහැ. ඊට පසු රැකියාවටත්  ගියා. 

මහත්තයාට උණ වැළදුණු දින හවස   ඔහු ඉන්ධන පොලිමට ගිහින් දින දෙකක් හිටියා. මහත්තයා නිවාඩු පිට හිටියේ. නැවතත් තෙල් පොලිමට  ගිහින්  දින 02ක් තෙල් පොලිමේ හිටියා.

ජුලි මාසයේ 03,04, මහත්තයා  එකදිගට වැඩකළා. ඒවනවිට මහත්තයාට කැස්ස ගතියක් තිබුනා. කැස්සට ප්‍රථිකාර ගත්තද අඩුවක් වුනේ නැහැ. 05 වැනිදා මහත්තයා පේරාදෙණිය රෝහලට ගිහින් පෙන්නුවා. එදින රෝහලේ නතරකරගත්තා. එදිනම නුවර රෝහලට මහත්තයා මාරුකොට යැව්වා. නුවර රෝහලේ  ප්‍රථිකාර ලබමින්  සිටියදි මහත්තයා කරාපිටිය රෝහලට මාරුකළා. එක්මෝයන්ත්‍රයට සම්බන්ධ කරන්න තමයි කරාපිටිය රෝහලට මාරු කළේ.

නුවර රෝහලින් කිවා මහත්තයාගේ පෙනහලු නරක්වෙලා වගේ.  ඒනිසා කරාපිටිය රෝහලට මාරුකොට යවන බව කිවා. කරාපිටිය රෝහලේ වෛද්‍යවරු කිවා රෝගියාගේ තත්වය ටිකක් අමාරුයි පෙනහලුවලට විෂබිජ  ගිහින් කියලා. 14 වැනිදින උදෑසන 7.30ට විතර මහත්තයා මියගියා. යැයි ඇය කිවාය.

මියගිය වෛද්‍යවරයාගේ පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂාහැන්නදි මහත්මිය විසින් සිදුකරනු ලැබිය. ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත්මරණ පරික්ෂකවරයා   නිව්මෝනියාව වැළඳීමට හේතුවු විෂබිජය පෙනහලුවල හා ශරිරය පුරාපැතිරිමෙන් මරණය වි ඇති බවට තින්දු කළේය. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති ගෝඨා්භයගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ….

Next Post

පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි – අලුත් ජනාධිපති දින හතක් තුළ!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.