ලලිත් චාමින්ද –
මහත්තයා ඉන්ධන ලබාගැනිම සදහා දින 04ක් පමණ තෙල් පොලිමේ හිටියා. ඒවනවිට ඔහුට කැස්ස ගතියක් තිබුනා. මහත්තයා මහනුවර රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි එක්මෝයන්ත්‍රයට සම්බන්ධ කිරීම සඳහා කරාපිටිය රෝහලට මාරුකළා.
ඔහුගේ පෙනහලුවලට විෂබිජයක් ගිහින් තියෙනවා කියලා කරාපිටිය රෝහලේ වෛද්‍යවරුකිවා යැයි පෙනහලුවලට විෂබිජයක් ආසාදනයවිමෙන් ඇතිවු නිව්මෝනියා තත්වයකින් මියගිය වෛද්‍යවරයාගේ මරණ පරික්ෂණයේ දි සාක්ෂිදෙමින් ඔහුගේ බිරියවන හෙරත්මුදියන්සේලාගේ සජිවා තරුෂිහේරත් (31) එසේ කිවාය.
මියගොස් ඇත්තේ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරණායක ළමා රෝහලේ සේවයකරමින් සිටි තෙන්නකොන් මුදියන්සේලාගේ චින්තක දිපාල් අමරසුරිය (30) නැමති අංක 48, බණ්ඩාරවෙලපාර, හාලිඇළ ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකි.
මියගිය වෛද්‍යවරයාගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් ඊයේ (14) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරනු ලැබිය. එහිදි සාක්ෂිකාරිය තවදුරටත් සාක්ෂිදෙමින් මෙසේ ද කිවාය.
මියගොස් සිටින්නේ මගේ සැමියායි. මම කථන හා භාෂා චිකිත්සකවරියක් ලෙස රැකියාව කරණවා. අපි නුවර පදිංචිවෙලා හිටියේ. මහත්තයා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරණායක ළමා රෝහලේ සේවය කළා. අපි පදිංචිවෙලා සිටි ස්ථානයේ සිට රෝහලට කිලෝමිටර් දෙකහමාරක් පමණ ඇති. අපි විවාහවෙලා අවුරුදු දෙකක් පමණ වෙනවා. මහත්තයා වෛද්‍ය වෘත්තියට ගිහින් වසර දෙකක් පමණ වෙනවා. අපිට අවුරුද්දක් වයස පුතෙක් ඉන්නවා.
මහත්තයාට කිසිදු අසනීපයක් තිබුණේ නැහැ. මහත්තයාට පසුගිය පෙබරවාරි මාසයේ කොවිඩි රෝගය වැළඳිලා සනිපවුනා. ජුනි මාසයේ 25 වැනිදා පුතාට වෛරස් වුනක් හැදුනා. ඊට පසු අපි දෙදෙනාටත් හැදුනා. අපේ අයියාට හා අක්කලාට උණ හැදිලා සනිපවුනා. උණ රෝගයට මහත්තයා තමයි බෙහෙත් දුන්නේ. මහත්තයාට තදින් උණ හැදුණේ නැහැ. ඊට පසු රැකියාවටත් ගියා.
මහත්තයාට උණ වැළදුණු දින හවස ඔහු ඉන්ධන පොලිමට ගිහින් දින දෙකක් හිටියා. මහත්තයා නිවාඩු පිට හිටියේ. නැවතත් තෙල් පොලිමට ගිහින් දින 02ක් තෙල් පොලිමේ හිටියා.
ජුලි මාසයේ 03,04, මහත්තයා එකදිගට වැඩකළා. ඒවනවිට මහත්තයාට කැස්ස ගතියක් තිබුනා. කැස්සට ප්‍රථිකාර ගත්තද අඩුවක් වුනේ නැහැ. 05 වැනිදා මහත්තයා පේරාදෙණිය රෝහලට ගිහින් පෙන්නුවා. එදින රෝහලේ නතරකරගත්තා. එදිනම නුවර රෝහලට මහත්තයා මාරුකොට යැව්වා. නුවර රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි මහත්තයා කරාපිටිය රෝහලට මාරුකළා. එක්මෝයන්ත්‍රයට සම්බන්ධ කරන්න තමයි කරාපිටිය රෝහලට මාරු කළේ.
නුවර රෝහලින් කිවා මහත්තයාගේ පෙනහලු නරක්වෙලා වගේ. ඒනිසා කරාපිටිය රෝහලට මාරුකොට යවන බව කිවා. කරාපිටිය රෝහලේ වෛද්‍යවරු කිවා රෝගියාගේ තත්වය ටිකක් අමාරුයි පෙනහලුවලට විෂබිජ ගිහින් කියලා. 14 වැනිදින උදෑසන 7.30ට විතර මහත්තයා මියගියා. යැයි ඇය කිවාය.
මියගිය වෛද්‍යවරයාගේ පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂාහැන්නදි මහත්මිය විසින් සිදුකරනු ලැබිය. ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත්මරණ පරික්ෂකවරයා නිව්මෝනියාව වැළඳීමට හේතුවු විෂබිජය පෙනහලුවල හා ශරිරය පුරාපැතිරිමෙන් මරණය වි ඇති බවට තින්දු කළේය.