පාර්ලිමේන්තුව හෙට (16) දිනයේදී රැස්වන බවත් දින හතක් ඇතුළත ව්‍යවස්ථාවට අvනුව නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගන්නා බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව කථානායකවරයා මේ බව සඳහන් කළේය. ව්‍යවස්ථාවේ සඳහන් අන්දමින් නව ජනාධිපතිවරයෙකු පත් කර ගන්නා තෙක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති බලතල භාවිතා කරමින් ඊට අදාළ රාජකාරිවලට නියැලෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.







