fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ලංකාවේ කොරෝනා රෝගීන්ගෙන් අඩක් නාවිකයන්  වුණේ ඇයි?

වසර 2ක් ago
in සමාජ
997 10
0
Share on FacebookShare on Twitter
වැලිසර කඳවුර තුළ දුම් මුට්ටි ප්‍රතිකාරය

ශ්‍රි ලංකාව කොවිඩ් මර්දනය අතින් සිටියේ හොඳ තැනකය. මාර්තු මාසයේ 11 වැනිදා පළමු ශ්‍රි ලාංකික කොරෝනා රෝගියා වාර්තා වීමෙන් පසු දියත් කරන ලද කොරෝනා මර්දන මෙහෙයුමේ යම් අඩුපාඩු සිදුරු තිබුණද අපේ සෞඛ්‍ය අංශ ,පොලිසිය සහ ආරක්ෂක හමුදා එක්ව සිදු කළ සාමූහික ප්‍රයත්නය රෝගීන් ගණන 1047කින්  මේ වන විට සීමා කර ගැනිමට සමත් වී ඇත්තේ මරණ 09කට සීමා කරගෙනය. 

එහෙත් මෙලෙස රෝගීන් දහසේ සීමාව පන්නන්නට වැඩිම දායකත්වයක් දැක්වූයේ නාවික හමුදාවය.මේ වනවිට සිටින අසාදිතයන්ගෙන් අඩක් පමණම නියෝජනය වන්නේ නාවික හමුදාවෙනි. අමිහිරි වුවද එය අප පිළිගත යුතු කතාවකි. කොවිඩ් 19 මර්දනයට එක් වූ සෞඛ්‍ය සේවකයන්, පොලිසිය සහ යුධ සහ ගුවන් හමුදාව තම පිරිස් රෝගයෙන් ආරක්ෂා කර ගනිද්දී නාවික හමුදාවට පමණක් මෙසේ වූයේ ඇයිද යන්න රටම කතා කරන ගැටලුවකි. ඉතා හොඳ චිත්ත සහ කාය ශක්තියක් සහිත සෙබළ පිරිසක් නියෝජනය වන නාවික හමුදාවට මේ අපකීර්තිය කැඳවූයේ කෙසේද යන්න පිළිබඳව නාවික හමුදාව තුළද විවිධ විවේචන ඇත. 

දෙදහස් විස්සේ අප්‍රේල් මස 22 වැනිදායින් පසුව දිනෙන් දින නාවික හමුදා සෙබලුන් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම අද වනතුරුත් නතර වී නැත. පළමුව නාවික හමුදා සෙබලුන් හතකට ආසාදන ය වු මෙම වෛරසය මේ වන විට නාවික සෙබලුන් 578 දක්වා පැතිර ගොස් ඇති බව නිල වාර්තා පෙන්වා දෙයි.  

වැලිසර නාවික හමුදා කඳවුරේ මහසෙන් බලකායේ සාමාජිකයන් කිහිප දෙනකුට මුලින්ම වැලඳුණු කොවිඩ් 19 වෛරසය , දෙවනුව ගැමුණු බලකායටද තෙවනුව තක්ෂිලා බලකායටද අනතුරුව නාවික හමුදා තාක්ෂණ පුහුණු ඒකකය සහ නාවික හමුදා රෝහල් කාර්යය මණ්ඩලය දක්වා ම ව්‍යාප්ත වී  ඇත. ඒ අනුව මේ වන විට රෝගය වැලඳුණු බවට තහවුරු කර නොගත් එහෙත් රෝග ලක්ෂණ සහිත සහ රහිත  විශාල පිරිසක් නාවික හමුදා කඳවුරු තුළ සිටින බව වාර්තා වේ.

රෝගය මේ තරම් නාවික සෙබළුන් අතර පැතිරීමට බලපා අති කාරණය ලෙස නාවික හමුදා ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ කඳවුරේ සිටින ඉහළ පෙලේ නිලධාරීන් මෙම රෝගය ව්‍යාප්ත වීමේදී ඇති අවදානම් සහගත තැන් පිළිබඳව නොසැලකිලිමත්ව විවිධ පිලිවෙත් අනුගමනය කිරීමය. එයින් එක ආසන්න හේතුවක් බවට පැවසෙන්නේ ‍දේශීය වෛද්‍ය කුමයට අනුව දුම් ඇල්ලීමේ වැඩපිලිවෙළයි. සෙබළුන් 1800ක් පමණ සිටින කඳවුරට මුට්ටි දෙසියක් පමණ ගෙන්වා එක මුට්ටියකින් 45 දෙනකුට පමණ දුම් ඇල්ලීමට කටයුතු කර තිබේ. ආචාර පෙළපාලි පුහුණු ක්‍රීඩාංගනය  වෙත කැදවා මෙසේ එක් මුට්ටියකින් හතලිස් පස් දෙනකු බැගින් යොදවා දුම් ඇල්ලිම සිදු කර ඇත. 

මෙම වැඩසටහනට මුල් තැන ගත්තේ කඳවුරේ ඉහළ නිලධාරියෙකි. ඔහුගේ අදහසක් අනුව, අප්‍රේල් මස විසි අට වැනි දින සිට  මෙම  බෙහෙත් දුම් ඇල්ලීම ගැමුණු බලකායේ නාවික සෙබලුන් දහසකට වැඩි  පිරිසකට සිදු කර ඇත. එහි පැවැති අවිදිමත් බව සහ අනාරක්ෂිත බව සෙබලුන් අතර රෝගය ව්‍යාප්ත වීමට යම් බලපෑමක් කරන්නට ඇතැයි ඇතැමකුගේ මතය වී තිබේ. 

 වැලිසර කදවුරු පරිශුයේ  වෛරස පාලනය කිරිමේ වගකීම නාවික හමුදාපතිවරයා විසින් දෙන ලද්දේ කඳවුරේ බලධාරින් වෙතය. ඔවුන් තම වගකීම නිසි පරිදි සිදු කරනු ඇති බවට   විශ්වාසය තබා නැවත නැවත ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් නොකල බවත් දැනගන්නට තිබේ. එසේ වුවද ඔවුන් වගකීම් විරහිත ආකාරයෙන්ක්‍රියා කර ඇති අතර ඇතැම් සෙබලුන්ද මේ අයුරින් සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව දැඩි තැකීමක් නොමැතිව ක්‍රියා කොට තිබේ. 

නාවික හමුදා රෝහලේ කාර්යය මණ්ඩලයේ කිහිප දෙනකුටද මේ වනවිටත් රෝගය අසාදනය වී ඇති අතර ඔවුන්ගෙන් තවත් පිරිසකට රෝග ලක්ෂණ පහළ වී ඇත.  මේ වන විට පීසීආර් පරික්ෂණයට ලක් කොට නැති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. දැනට පීසිආර් පරික්ෂණ සදහා සාම්පල ලබා ගන්නේ පලපුරුද්දක් නැති පිරිසක් ද යොදවා ඇත්තේ පළපුරුදු වෛද්‍ය තාක්ෂණ ශිල්පීන් ද සිටියදී ය.

කඳවුරේ රෝගීන් සහ නිරෝධායනය වන්නන් අසලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය නිසි පරිදි විනාශ කිරීමකට ලක් නොවීමද කඳවුර තුළ කතා බහට ලක්ව ඇති කරුණකි. මෙම අපද්‍රව්‍ය කසළ වළකට බැහැර කෙරෙන අතර ඒ ආසන්නයේ භට නිල නවාසද පිහිටා ඇත.මැසි මදුරුවන්ද ගැවසෙන මෙම ප්‍රෙද්ශයෙන් වෙනත් රෝග පවා ව්‍යාප්ත වීමේ අවදානමක් ඇත්තේ එම කසල නියමිත පරිදි බැහැර නොවන නිසාවෙනි. 

එමෙන්ම නාවික හමුදාව තුළ නිරෝධායන ක්‍රියාවලියම නිසි පරිදි සෞඛ්‍ය අංශවල මඟපෙන්වීම් මත සිදුව නැති අතර ඔවුන් අතර සිටි ආසාදිතයන් හරහා මෙම නිරෝධායනය වූ සෙබලුන්ටද රෝගය ව්‍යාප්ත වී ඇත. 

  සෞඛ්‍ය ආරක්ෂිත  ඇදුම් කට්ටල වරක් පමණක් පාවිච්චි කොට ඉවත දැමිය යුතු වුවද, එම ඇදුම් කට්ටල වරින් වර ක්ලෝරින් වතුරින් සෝදා පාවිච්චි කරන ලෙස දන්වා තිබු හෙයින් ඇතැම් වෛද්‍යවරු පවා මෙම ඇදුම් නැවත පාවිච්චි කර ඇත.

මෙවැනි අවිධිමත් පාලන ක්‍රමවේදයක් සහ නොසැලකිලිමත් බව හේතුවෙන් නාවික හමුදාවට පමණක් නොව රටටම කොවිඩ් අභියෝගය වැඩි කිරීමට හේතු වූ බව පිළිගත යුතුය. දැන් කළ යුත්තේ සිදුවූ වරද ගැනවැටහීමක් ඇති කොටගෙන හැකි ඉක්මනින් නාවික සෙබළුන් මේ අර්බුදයෙන් බේරා ගැනීමය. 

 

Join @lankasara on Telegram Channel
Tags: විශේෂ
Previous Post

රුපියල් පන්දහසකට තෙරපී මැරුණු අසරණයන්ගේ කතාව

Next Post

ජනාධිපතිවරුන්ටත් පාර්ට් ටයිම් ජොබ් එකක්!

Related Posts

කඳුළු ගෑස්    වැදුණොත් මොකද වෙන්නේ ? කළ යුත්තේ කුමක්ද?

මැයි 8, 2022

රටේ ධනය හොරා කාපු හැටි ගැන ෆයිල් ටිකක තොරතුරු ටිකක් අනුර හෙළි කරයි…

මැයි 3, 2022
child

අන් අයව පිළිගන්න දරුවන්ට උගන්වන්න….

මැයි 1, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අටලුගම දැරියගේ මරණය පිළිබඳ විමර්ශන පොලිස්පති අනින් සී.අයි.ඩී. යට……
  • හරිතාගාරයක් තුළ ගංජා වැවූ වැලිමඩ කාන්තාවක් පැල 1700ක් සමග අත්අඩංගුවට…
  • අන්ත දූෂිත සෞඛ්‍ය සේවය නිසා ආධාර ආපහු හැරෙනවා… වෛද්‍ය ආධාර රැක ගන්න WHO සමඟ හවුල් ගිණුමක්!- කෙහෙළිය කියයි!
  • ගෝඨාභය  – මහින්ද පූර්ණ ආශීර්වාදයෙන්  21ට අන්නන්න කළු කුරුල්ලා වැඩ අරඹයි…  
  • ආර්ථිකය ස්ථාවරය කිරීමට අගමැතිගෙන් ඉහළ පෙළේ කමිටුවක්!

ජනප්‍රිය පුවත්

  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    281 shares
    Share 112 Tweet 70
  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

    223 shares
    Share 89 Tweet 56
  • විදේශ ලේකම්ටත් ගෙදර යන්නට පාර කී ලාබ චීන සහන මල්ලේ කතාව!   

    218 shares
    Share 87 Tweet 55
  • අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

    223 shares
    Share 89 Tweet 56
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

    203 shares
    Share 81 Tweet 51
  • අරලියගහ මන්දිරයේ සිට ආ මැරයෝ ආණ්ඩුවේ රක්ෂණයේ කෝටි 100ක් ගිල්ල හැටි ෆිච් රේටින්ග්ස් කියයි!

    211 shares
    Share 84 Tweet 53

Highlights

ගෝඨාභය  – මහින්ද පූර්ණ ආශීර්වාදයෙන්  21ට අන්නන්න කළු කුරුල්ලා වැඩ අරඹයි…  

ආර්ථිකය ස්ථාවරය කිරීමට අගමැතිගෙන් ඉහළ පෙළේ කමිටුවක්!

සහල් ආරක්ෂා කරගන්න… විකල්ප ආහාර රටාවකට හුරු වෙන්න… මහාචාර්ය බුද්ධි මාරඹේ බඩගින්නෙන් මිදෙන හැටි කියයි!

කච්චතිව් කොල්ලකන්න එන  තමිල්නාඩු මහ ඇමතිට වීරෝධය….

අසරණ වියපත් මාතාවන් දෙදෙනෙක් එකම නිවසක් තුළ මිය ගිහින්… මියගිය බව දන්නෙ දින ගණනකට පසු!

අවුරුදු 74 දී සාමාන්‍යපෙළ ලියන චන්ද්‍රදාස සීයා කියන කතාව…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

අටලුගම දැරියගේ මරණය පිළිබඳ විමර්ශන පොලිස්පති අනින් සී.අයි.ඩී. යට……

by editor
මැයි 29, 2022
0

බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ දී ඝාතනයට ලක්ව...

හරිතාගාරයක් තුළ ගංජා වැවූ වැලිමඩ කාන්තාවක් පැල 1700ක් සමග අත්අඩංගුවට…

by editor
මැයි 29, 2022
0

වැලිමඩ මියන්අරාව ප්‍රදේශයේ හරිතාගාරයක් තුළ ගංජා...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist