අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

යුද්ධයෙන් පසු රජයේ නායිකාව ලෙස කිළිනොච්චිය යළි ගොඩනැගූ යකඩ ගැහැනිය ලංකාසරට කී කතාව… 

by editor
පෙබරවාරි 15, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

බොහෝ ගැහුණු පොළොව සේ දරා ගනිති. ඒ ඔවුන්ගේ  හැටිය. සියලු අභියෝග දරාගනිමින් නිහඩවන ගැහැනු මෙන්ම ගැටලු සමග ගැටී  විසඳුම් සොයන යකඩ ගැහැණුද වෙති. ඇය රටක් ආදරය කළ යකඩ ගැහැනියක වූවාය. ඇය දැන් ඇය දැරූ මහා වගකීම් සම්භාර හිස මතින් ඉවත් කර විශ්‍රාම ගෙනය. ඇය රූපවතී කේතීස්වරන් ය. තිස් අවුරුදු යුද්ධයෙන් ව්‍යසනයට පත් වී ගිය කිලිනොච්චියේ රාජ්‍ය සේවය පිහිටුවා ජන ජීවිතය යථාවත් කළ යකඩ ගැහැණිය ඇය ය. 

වසර තිස් දෙකක කලයක් රාජ්‍ය පරිපාලන සේවයේ  නියුක්ව සිටි රූපවතිය පෙරේදා විශ්‍රාම ගියාය. ඒ හැට වයස් පසුකළ මහා අත්දැකීම් සම්භාරයක් දැරූ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ වෘත්තිකයෙක් ලෙසය.

ඇයට ආපසු හැරි බලන විට මහා කතාවක් කියන්නට තිබිණි. ඒ කතාව කියන්නට  රූපවතී කේතීස්වරන් ලංකාසර සමග විශේෂ කතා බහකට එක් වූවාය. 

පුරාවෘත දෙකක්… ආනන්ද සංගරි සහ රූපවතී කේතිස්වරන්….
  • එක සිවිල් වැසියෙක් නැති ප්‍රදේශයක දිසාපති වීම 

” මම දිසාපති පත්වීමත් අරගෙන කිළිනොච්චියට එනකොට කිළිනොච්චියේ සාමාන්‍ය වැසියෝ කියලා ජාතියක් හිටියේ නෑ. හිටියේ යුද හමුදාව පොලිසිය විතරයි. බොහෝ ප්‍රදේශ පාලුවට ගිහින් තිබුණේ. යුද්ධයෙන් ආණ්ඩුව ජයග්‍රහණය කරලා මුළු භූමියම අල්ල ගත්තට පස්සේ රජයේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා මුලින්ම පත් කළ දිසාපතිනියත්  මමයි.

මම කිළිනොච්චියේ මුල්ම දිසාපතිනිය කියලා දෙමළ පත්තර වල සිංහල පත්තර වල පලවෙලා තිබුණා. මම කිව්වේ යුද ජයග්‍රහණයෙන් පසුව කිළිනොච්චියට පත් වුණු මුල්ම දිසාපතිනිය මම කියලයි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

කිළිනොච්චිය මුලින්ම ලංකාවේ වෙනම දිස්ත්‍රික්කයක් වුණේ 1984 දී. ඒ මම  අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටිය අවුරුදයි. ඉතින් ඒ මුල්ම දිසාපති වුණේ කේ.එල්.ජෙයනාදන් මහත්තයා. මම එතකොට කිළිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක්.  අපේ ඉස්කෝලෙට එයා ඇවිත් තියනවා. මුල්ම දිසාපතිවරයා පිළිගන්න ගැයුම් ගායනා කළේ නැටුම් නැටුවේ අපි තමයි.

  • මට අවශ්‍ය වුනේ වෛද්‍යවරියක වෙන්න…

හැබැයි ඉගෙන ගන්න කාලෙට ඒ වගේ කවුරු හරි දැක්කම ඒයා වගේ කෙනෙක් වෙනවා කියන සිතුවිල්ල සාමාන්‍යයෙන් හිතට ආවත් මට දිසාපති කෙනෙක් වෙන හැඟිමක් තිබුණේ නෑ. මට ඕන උනේ  වෛද්‍යවරියක් වෙන්නයි. මම උසස් පෙළට හැදෑරුවෙත් විද්‍යා අංශයේ විෂයන් තමයි. නමුත් මට එහෙම වෙන්න බැරි වුණා. අවසානෙදි යාපනය විශ්ව විද්‍යාලයෙන් මම 1989 දී ලබා ගත්තේ බී.එස්.සී උපාධියක් තමයි.’’

රූපවතී කේතීස්වරන් මහත්මියගේ වෛද්‍යවරියක් වීමේ සිහිනය සැබෑ නොවුණත් ඇයට  රාජ්‍ය පරිපාලන සේවා තරග විභාගයෙන් ජය ලබන්නට හැකියාව ලැබිණි. ඒ අනුව ඇය  1991 වසරේදී කිළිනොච්චිය කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පුහුණුව ලබන සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස පත්වීම භාර ගත්තාය.

පසුව ඇයට එම තනතුරේ ස්ථිරව සේවය කිරීමට හැකියාව ලැබුණු අතර පසුකාලයේදී උතුරු නැගෙනහිර පළාත් සභාවේ මහජන සම්බන්ධතා ලේකම්වරිය වශයෙන් කටයුතු කළාය.

උතුරෙන් නැගෙනහිර පළාතට ස්ථාන මාරුවීමක් ලද රූපවතී මහත්මිය මඩකලපුවේ පරිපාලන සේවා තනතුරු කීපයක්ම මැනවින් හෙබවීම මත ඇයට මඩකලපුව අතිරේක දිසාපතිනිය වශයෙන් උසස් වීමක්  ලැබිණි. එහි වසර දෙකක කාලයක් සේවය කරමින් සිටියදී කිළිනොච්චියට රජයෙන් ඇයව දිසාපතිවරිය ලෙස පත් කරනු ලබන්නේ යුද්ධය නිසා වසර තිහකට වඩා වැඩි කාලයක් බිඳ වැටී තිබුණු රාජ්‍ය සේවා යාන්ත්‍රණය  විධිමත් කිරීම පිණිසය.

  • යුද ජයග්‍රහණයෙන් පසු පළමු දිසාපතිවරිය

” මම් කවදාවත්ම හිතුවේ නෑ මගේ උපන් ගම මා හැදුණු වැඩුණු පළාත මගේ නිජබිම වුණු කිළිනොච්චියේ රාජ්‍ය සේවයේ නායිකාව වීමට මට ලැබෙයි කියලා. කොහොම හරි ලොකූ තිගැස්සීමක් එක්ක තමයි මම වැඩ බාර ගත්තේ. මම වැඩ බාර ගත්තට පස්සේ මගේ රියදුරායි බංගලාවේ සේවකයෝ දෙන්නයි හරුණු විට කිළිනොච්චියේ එකම එක සාමාන්‍ය වැසියෙක්වත් හිටියේ නැ. ඒ සේරම දෙනා වවුනියාවේ මැණික් ෆාම් කඳවුරට ගිහින් හිටියේ. මට වැඩ කරන්න වුණේ හමුදාව එක්ක. මම දෙමළ කාන්තාවක් කියන බය මට තිබුණා. ඒත් ටික කාලෙකින් සියළු දෙනා එක්ක සහයෝගෙන් වැඩ කරන්න හැකියාව ලැබුණා. හමුදාවේ අය සේරම මට සහය දුන්නා.”

“හැමදාම එළි වෙනකොට රජයෙන් මට කුමක් හෝ විශේෂ පණිවුඩයක් ලබලා දීලා තිබ්බා. ඒකෙන් කියවුණේ කිළිනොච්චිය අතහැරලා ගිහින් ඉන්න සාමාන්‍ය මිනිස්සු කොහොම හරි ආපහු  කිළිනොච්චියට ගෙනැවිත් යළි පදිංචි කරවීමේ කටයුතු ආරම්භ කරන්න කියලයි. මම වවුනියාවට ගිහින් මැනික් ෆාම් සරණාගත කදවුරේ නිලධාරීන් එක්කයි වවුනියවේ දිසාපතිවරිය  එක්කයි කතා කරනවා. “

“ඒ කාලේ වවුනියාවේ දිසාපතිවරිය වෙලා හිටියේ දැන් උතුරු පළාතේ ආණ්ඩුකාරවරිය වෙලා ඉන්න චාර්ල්ස් මහත්මියයි. අපිදෙන්නම කාන්තාවෝ… ඒක නිසා මට ඒක ලොකූ සහනයක් උදව්වක් වුණා. කොහොම හරි කොටස් වශයෙන් ජනතාව ආපහු කිළිනොච්චියට ගෙනෙන්න මම කටයුතු  කළා.  මිනිස්සු එහෙම ආවට  වැඩේ ඒ තරම්ම පහසු වුණේ නෑ. ඒකට හේතුව ඒ මිනිස්සු කිසිම දෙයක්   නෑ. අවුරුදු තිහකට වඩා යුද්දෙත් එක්කයි ඒ අය ඉඳලා තිබුණේ. නීතියක් දන්නේ නැ. මොනව හරි කිව්ව ගමන් ගහ ගන්නයි ආවේ. මේ පිරිස තුවකුවේ බලෙන් පාලනය වෙලා උන්න පිරිසක්. ඉතින් ඒ අයගේ සිතුම් පැතිම් එක්ක වැඩ කරන්න හරීම අමාරු වුණා.”

  • අවුරුදු 30ක් යුද්ධයත් එක්ක හැදුන සිවිල් නීතිය නොදත් මිනිස්සු

“ආණ්ඩුව මේ පළාත්වල බලය අලාගෙන නීතිය ආරක්ෂා කරන්න වැඩ සටහන් හැදුවට කොටි සාමාජිකයින්ගේ නීති වලට අවනත වෙලා කාලයක් උන්න ඒ අයගේ මතිමතාන්තර ඔලුවේ දාගෙන උන්න පිරිසක් එක්ක වැඩ කරණ එක හරීම අමාරු වුණා. එක වතාවක් මම නිවාඩු දාලා උන්නා. තවත් අවස්ථාවක මම මේ පත්වීමෙන් ඉල්ලා අස්වෙන්න ලියුම් බාර දුන්නා . ඒත් ආණ්ඩුව ඒ එකක්වත් බාර ගත්තේ නෑ.” 

“ඒ වෙලාවේ මට හිතුනු දෙයක් තමයි ආණ්ඩුවට මාව ඕනේ වෙලා තියනවා. ආණ්ඩුව මගෙන් යමක් බලාපොරොත්තු වෙනවා. මම කළ දේවල් ආණ්ඩුව ඇගයීමකට ලක් කරනවා කියන කාරණය. ඉතින් මම ධෛර්යමත් වෙලා ඒ වැඩ සේරම එක දිගටම කරගෙන ගියා.”

“මම අද ගොඩාක් සන්තෝෂ වෙනවා. මම දිසාපතිනිය විදිහට වැඩ  බාර ගන්නකොට කිළිනොච්චිය කියන්නේ හිස් භූමියක් විතරයි. මිනිස්සු හිටියේ නෑ. සම්පත් තිබුණේ නෑ. රජයේ ආයතන මොනවත්ම නෑ. පාරක් තොටක් නෑ.”

“ඒත් අද වෙනකොට ඉතාම දියුණු නගරයක් බවට කිළිනොච්චිය නගරය පත් කරන්න හැකියාව ලැබුණා. මේ වෙනකොට ලංකාවේ දිගම නගරය වෙන්නේ කිළිනොච්චිය නගරයයි. මේ නගරයේ දැන් නැති දෙයක් නෑ. රාත්‍රියටත් බොහෝ ස්ථාන දැන් කිළිනොච්චියේ විවෘත වෙලා තියනවා.”

“යුද්ධයෙන් පීඩාවට පත් වුණු අයට නිවාස හදලා දෙන හැකි වුණා. ඒ අයට ආර්ථික වශයෙන් නැගී සිටින්නට කුමක් හෝ ජීවනෝපාය මාර්ගයක් හදලා දීලා තියනවා. අඩුම ගානේ වැවකින් මාළු ටිකක් හරි අල්ලගෙන ඒ අයට ජීවත් වෙන්න දැන් පුළුවන් කම ලැබිලා තියනවා.”

“මිනිස්සුන්ගේ පැත්තෙන් එව්ව එහෙම වෙලා තියෙද්දී ජාතික මටමින් කිළිනොච්චියට විශ්ව විද්‍යාලයක් ලබා ගන්න හැකියාව ලැබුණා. ඒකට අවශ්‍ය සියළුම ගොඩනැගිලි රජය එක්ක කතා කරලා ලබා ගත්තා. කෘෂිකර්ම විද්‍යාලයක්.  කාර්මික විද්‍යාලයක්  සමාජ කේන්ද්‍රයක් ඇගලුම් කම්හල් කීපයක් කිළිනොච්චියට ලබා ගත්තා. මේ ආයතන සැම එකකම වගේ දකුණේ සිංහල තරුණ තරුණියෝ වගේම සිංහල  ජනතාව ඉන්නවා. මේ තමයි අපි ලබාගෙන තියන විශාලම ජයග්‍රහණය. “

  • සංහිඳියාව ගැන කොළඹ ඉඳලා කතා කරලා වැඩක් නෑ…

“ජාතික සංහිදියාව කියන කාරණය ගැන කොළඹ ඉදලා කතා කරලා වැඩක් නෑ. ඒක ඉබේම ඇති වෙන්න ඕනේ. ඒ වගේම හිතෙන් හදවතින් ඒක ඇති වෙන්නත් ඕනේ. කිළිනොච්චියේ දැන් ඒක වෙලා ඉවරයි.”

“දැන් කිළිනොච්චියේ ළමයින්ට වඩා මේ ජාතික දේපල වලට දකුණේ ළමයින් ආදරේ කරනවා. ඉස්සර කිළිනොච්චිය කිව්වම මහ භයානක පරිසරයක් තමයි ගොඩ නැගුණේ.”

“අනෙක් වැදගත් කාරණය තමයි දෙමළ තරුණ තරුණියන් 7000 ක් විතර මේ වෙනකොට කිළිනොච්චියේ හමුදාවත් එක්ක එකට සහයෝගයෙන් වැඩ කරනවා. මේ තත්ත්වයට ඒ අයව පත් කරන්න මම මගේ ජීවිතේ විශාල පරිතයාගයක් කළා. හේතුව මම දෙමළ කාන්තාවක් වීමයි .ගණුදෙණු කරන්න වෙන්නේ සිංහල අයත් එක්කයි. සිංහල ජාතික හමුදවක් එක්කයි. ඒත් යුද්දෙට කෙළින්ම සහභාගි වුණු හත්දාහක් විතර දෙනා හමුදාවත් එක්ක එකට මුණ ගස්සල වැඩ කරන්න හැකි වුණා.  “        

  • එල්ටීටීඊ හිටිය තරුණ තරුණියො සිවිල් ආරක්ෂක සේවයට

“ දෙමළ තරුණ තරුණියන්ගෙන් 3000 ක් විතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බදවා ගත්තා. ඒ අයගෙන් විශාල ප්‍රමාණයක් කොටි සංවිධානයේ හිටිය අයයි. තවත් විශාල පිරිසක් යුද හමුදාව් සමග එක් වෙලා වැඩ කරනවා. ඔවුන් දෙගොල්ලම එකතු වෙලා ගොවිපලවල් පවත්වා ගෙන යනවා. මේක විශාල පරිවර්තනයක් කියලයි මට හිතෙන්නේ. ඒ පරිවර්තනයට කිළිනොච්චියේ කාන්තාවක් විදිහට මට දායක් වෙන්න අවස්ථාව උදා වුණ මේ නිසා මම ඒ ගැන ගොඩාක් ආඩම්බර වෙනවා.”

රජයේ පවත්නා නීති රීති හා රෙගුලාසි වලට අනුව සියළුම රාජ්‍ය සේවක සේවිකාවන් වයස අවුරුදු හැටේදී විශ්‍රාම යා යුතුය. එය එසේ නොවන්නට රූපවතී කේතීස්වරන් වැනි දිසාපතිනියන්ගේ සේවාව තව දුරටත් එවැනි පළත් වලට ලැබිය යුතුවම තිබේ. දැනට රූපවතීය  වැනි රාජ්‍ය සේවා චරිත වලට  හිමිව ඇත්තේ මහජන උපහාරයන් පමණකි.  

මහා යුද්ධයකින් වසර තිහකටත් වඩා බැට කා සියළු සබ්බ සකලමනාවම අහිමි වූ කිළිනොච්චියේ දිළිදු ජනතාව තවමත් මහා කෘතවේදීත්වයෙන් ඇය ගැන සිහි කරති. මේ මිනිස්සු සමුගන්නා දිසාපතිවරිය වෙනුවෙන් පෙරහර කළහ. සියල්ලෝ එක් වී උපහාර උත්සව පැවැත්වූහ. 

මින් මතුත් කිළිනොච්චියට දිසාපතිවරු එනු ඇත. 1984 වසරේ සිටත් දිසාපතිවරු උන්හ. නමුත් හැමදාම කිළිනොච්චියේ මහ දිසාපතිනිය වනු ඇත්තේ ඇය ය. ඒ බවනම් සහතිකය.  

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සළිඳුගේ ප්‍රධානම ගෝලයා “පියුමා” ඩුබායි සිට ලංකාවට රැගෙන එයි!

Next Post

දැරියන් 03කට ලිංගික අතවර කරන්න ගිය  සල්ලාල ගුරා අත් අඩංගුවට…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.