දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත් අඩංගුවේ පසුවන සළිදු මල්ෂික කුඩු සළිදු නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැදින්වෙන පියුම් හස්තික නොහොත් “පියුමා ” නැමැති අපරාධ කල්ලි සාමාජිකයෙකු අද අළුයම කටුනාක ගුවන්තොටුපල වෙත රැගෙන ඇවිත් තිබේ.
ඒ ඩුබායි හී දී විශේෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුවය .
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ තොරතුරු පවසන්නේ මොහු ඩුබායි හි රැදී සිට කුඩු සළිදු වෙනුවෙන් මෙරට කුඩු ජවාරම මෙහෙයවා ඇති බවය.
මොහු අද අලුයම 04.50 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .
2021 වර්ෂයේ ජනවාරි මස 25 වනදා පානදුර ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාවතගේ ලක්ෂාන් සඳරුවන් නමැති අයෙකු වෙඩිතබා ඝාතනය කර තිබුණි. එම යතුරුපැදිය පදවාගෙන පැමිණ ඇත්තේ සැකකාර “පියුමා” නැමැත්තා බවට අනාවරණය වීමත් සමග 2023 වර්ෂයේ අගෝස්තු මස 23 වනදා ඔහුව එම ඝාතන සිද්ධියේ 08 වන සැකකරු පියුමාය.
මෙහිදී පොලීසිය විමර්ශන ආරම්භ කර සැකකරු සම්බන්ධයෙන් සොයාබැලීමේදී ඔහු 2021 වර්ෂයේ පෙබරවාරි මාසයේ 09 වනදා ඩුබායි රාජ්‍යය වෙත පළාගොස් ඇති බව අනාවරණය වී තිබේ. ඒ අනුව සැකකරු ජාත්‍යන්තර පොලීසියේ සහාය මත මෙරටට උදර්පණය කිරීම සඳහා සැකකරුට විරුද්ධව 2023 වර්ෂයේ නොවැම්බර් මස 02 වනදා රතු නිවේදන ලබාගෙන තිබුණි.
එමෙන්ම 22 වර්ෂයේ ජුනි මස 29 වනදා කටුබැද්ද ප්‍රදේශයේදී නිලන්ත කුමාර සහ මොහොමඩ් සම්සාඩ් යන පුද්ගලයින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද “පියුමා”ට විරුද්ධව චෝදනා එල්ලවී තිබේ. එහිදී වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ කුඩු සළිඳුගේ දැනුම්දීම මත විදේශගතව සිටිමින් “පියුමා” නැමැත්තා මෙම අපරාධය සිදුකර ඇති බවය. ඒ අනුව 2022 වර්ෂයේ ඔක්තෝබර් මස 20 වනදා සැකකරු එම ද්විත්ව ඝාතන සිද්ධියේ 05 වන සැකකරු ලෙස නම්කර තිබිණි.
කුඩු සළිඳු සන්තකයේ තිබී සොයාගත් ජංගම දුරකථනයේ තිබූ තොරතුරුවළට අනුව 2022 වර්ෂයේ ජුලි මාසයේ 06 වනදා සිට 2023 වර්ෂයේ පෙබරවාරි මාසයේ 28 වනදා දක්වා අවස්ථා 53කදී “පියුමා” සහ කුඩු සළිඳුගේ වැඩිමහල් සහෝදරයා වන සදීෂ් ගුණරත්න සමග රුපියල් මිලියන 83ක් ගණුදෙනු කර ඇති බව අනාවරණය වී තිබේ. පියුම් හස්තික නමැති සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් අද (15) අලුයම ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබුණි.
පියුම් හස්තික නොහොත් “පියුමා” නමැති සැකකරු දැනට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා විමර්ශන සිදුකරනු ලබයි. – දෙරණ