වටවල ප්‍රදේශයේ දෙමළ පාසලක විද්‍යා ගුරුවරයෙකු පාසල් සිසුවියන් තිදෙනෙකු ලිංගික ක්‍රියා සඳහා පොළඹවා ගන්නට උත්සාහ කළ බවට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලදී එම ගුරුවරයා අද (15) අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.
පොලිසිය පැවසුවේ සැකකරු 10 වැනි ශ්‍රේණියේ පාසල් සිසුවියන් තිදෙනාකු ලිංගික සබඳතා සඳහා පොළඹවා ගැනීමේ අභිලාෂයෙන් කෙටි පණිවුඩ යවා ඇතැයි ඔප්පු වී ඇති බවය .
කෙසේ වෙතත්, ඔවුන් ඔහුව කෙටි පනිවිඩ ජාලයෙන් ඉවත් කළ විට මේ තැනැත්තා දැරියන් පොළඹවා ගැනීම සඳහා ඔවුන්ගේ පුටු මත පණිවිඩ ලියා තබා ගොස් ඇත.
විමර්ශනවල දී හෙළි වී ඇත්තේ 44 හැවිරිදි මෙම විද්‍යා ගුරුවරයා දරුවන් දෙදෙනෙකුගේ පියෙකු බවය.
ඔහු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වටවල පොලිස් ස්ථානාධිපති චන්දන ගමගේ ගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.