පෞද්ගලික අංශයේ අවම විශ්‍රාම වයස පිළිබඳ පනත් කිහිපයක් පසුගියදා සම්මත විය. මෙම පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපය තුළ දී කථානායකවරයා විසින් අත්සන් කරනු ලැබීමත් සමග නීතියක් බවට පත් වන බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති ලංකාසරට පැවසීය. ලංකාසර සමඟ කෙටි සංවාදයකට සහභාගී වෙමින් ඔහු මේ තොරතුරු හෙළිදරව් කළේය. කම්කරු කොමසාරිස් ජනරාල්වරයගෙන් අප අසූ ප්‍රශ්නවලට ඔහු ලබා දුන් පිළිතුරු පහත දැක්වෙයි.
-
පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් ගේ විශ්‍රාම ගැන්වීමේ අවම වයස් සීමාව පිළිබද පනත පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඒය නීතියක් බවට පත්වෙන්නේ කවදාද?
මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත වුණේ පසුගිය බ්‍රහස්පතින්දා. මම විශ්වාස කරනවා කථානායකතුමා ලබන සතිය තුළ මෙයට අත්සන් කරාවි කියා. පනතට කථානායකවරයා අත්සන් කළ දා පටන් ඒය නීතියක් බවට පත්වනවා.
-
ඒ අනුව ඊට පසුවදා සිට ඕනෑම කෙනකුට වයස අවුරුදු 60 වන තෙක් සේවය කිරීමට අයිතියක් තිබෙනවාද?
මූලික වශෙයන් කිව්වොත් සෑම සේවක සේවිකාවකටම තමන් රාජකාරි කළ සේවා අයතනයේ තමන්ගේ වයස අවුරුදු 60ක් වන තෙක් රාජකාරී කිරීමට මෙයින් හිමිකමක් ලැබෙනවා.
නමුත් මෙය මුලින්ම ක්‍රියාත්මක කිරීමේදී යම් අදියර කිහිපයක් යටතේ එය සිදු කිරීම සම්බන්ධව පනත තුළ ප්‍රතිපාදන සකස් කර තිබෙනවා. ඒ අනුව මේ වන විට වයස අවුරුදු 55 ක සිටින අයට අවුරුදු 57 දක්වා සේවය කිරීමට අවස්ථාව සැලෙසනවා.
මේ වනවිට වයස අවුරුදු 53ත් 54ත් අතර පසුවන අයකුට වයස අවුරුදු 58ක් දක්වා සේවය කිරීමට අවස්ථාව ලැබෙනවා. දැනට වයස අවුරුදු 52ක සිටින අයට අවුරුදු 59ක් දක්වා සේවය කරන්න පුළුවන්. ඒ වගේම 52ට අඩුවෙන් සිටින සෑම කෙනකුටම වයස අවුරුදු 60ක් දක්වා සේවය කළ හැකියි.
-
ඇයි මෙලෙස වයස් කාණ්ඩ සීමාවක් මුලදී යොදා තිබෙන්නේ?
මෙය ඇත්තටම හාම්පුතුන් ගේ ඉල්ලීමක්. ඊට හේතුව බොහෝ ආයතනවල මෙතෙක් ක්‍රියාත්මක වුණු රටාවක් තිබුණා. සිටින සේවක සේවිකාවන් සම්බන්ධ ගැටලු, ඔවුන් ගේ උසස් වීම්, අලුත් පුරප්පාඩු ඇතුළු ආයතනික රටාවේ ගැටලු නිර්මාණය වීම අවම කර ගැනීම සඳහා ඔවුන් මේ යෝජනා කළේ. අප කම්කරු උපෙද්ශක සභාවලදී මේ ගැන ඔවුන් සමග කළ සාකචඡා වලදී මේ යෝජනා එළිදක්වනු ලැබුවේ. ඒ අනුව අප මෙය මුලින් ක්‍රියාත්මක කිරීමේදී මෙවැනි වයස් කාණ්ඩ කිහිපයක් මත ක්‍රියාත්මක කිරීම අදිරය කිහියකට යොදන්න සිදුවුණා.
-
යම් ආතනයකට පුළුවන්ද තමන්ට හිතූ ආකාරයට මේ විශ්‍රාම යන වයස පිළිබඳව තීරණය ගන්න?
බැහැ. මේ පනත අනුව සෑම සේවක සේවිකාවකටම තමන් කැමති නම් වයස අවුරුදු 60 වන තෙක් අදාළ ආයතනය තුළ සේවය කිරීමට අයිතියක් පවතිනවා.
-
සේවක අර්ථ සාධක හිමිකම ලැබීමේ වයසත් මේ අනුව 60 වන තෙක් දීර්ඝ වෙනවද?
නැහැ. සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ වෙනම පනතක්. අපි මේ පනතට අතවත් තැබුවේ නෑ.
-
එනම් යමකුට අවශ්‍ය නම් සේවක අර්ථ සාධක අරමුදල වයස අවුරුදු 55 පිරුණාම ගන්න පුළුවන්ද?
පුළුවන්. නමුත් ඔහු අදාළ ආයතන සේවයෙන් විශ්‍රාම යා යුතුයි එම වයෙස්දී . ඒසේ නැතිනම් ඔවුන්ට වයස අවුරුදු 60 හෝ 55ත් 60ත් අතර වයසකදී සේවයෙන් ඉවත් වූ විට පමණක් අර්ථසාධක අරමුදල ලබා ගත හැකියි.
යමකුට අවුරුදු 55න් මේ මුදල ලබා ගත යුතු නම් කළ යුත්තේ සේවයෙන් ඉවත්වීම. නමුත් සේවා යෝජකයා කොන්ත්‍රාත් පදනම මත රැකියාව යළි පිරිනැමීමට කැමති නම් ඔහුට හෝ ඇයට වයස අවුරුදු 60 වන තෙක් සේවය කළ හැකියි.
-
මේ විදිහට වයස් සීමාව වැඩි කිරීම සම්බන්ධයෙන් විවිධ කතා බහ නිර්මාණය වී තිබෙනවා. ඇත්තටම ඇයි මේ විශ්‍රාම ගැන්වීමේ අවම වයස දීර්ඝ කෙරුණේ?
මෙයට බලපෑ ප්‍රධාන කාරණය තමයි අපේ රටේ පුද්ගලයකු ගේ ආයු කාලය දීර්ඝ වීම. මෙම වයස් සීමාව පිළිබඳව නීතිය ක්‍රියාත්මක වෙන්නේ 1958දී. ඒ වනවිට අපේ රටේ පුද්ගලයකු ගේ ආයු කාලය අවුරුදු 60ත් 65ත් අතර. නමුත් මේ වනවිට ආයු කාලය සාමාන්‍යයෙයන් අවුරදු 80ක් 85ක් දක්වා දීර්ඝ වී තිබෙනවා. ඒ අනුව ලෝකයේ බොහෝ රටවල් විශ්‍රාම වයස අවුරුදු 60, 65 දක්වා දීර්ඝ කර තිබෙනවා.
අපේ කලාපය බැලුවොත් දැනට අවුරුදු 60ට අඩුවෙන් විශ්‍රාම ගන්වන්නේ ශ්‍රි ලංකාව හැරුණු කොට බංග්ලාදේශය,නේපාලය සහ ඉන්දුනීසියාව පමණයි. මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවලිනුත් වරින් වර විවිධ යෝජනා ඉදිරිපත් වුණා. ගෝලීය තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරල තමයි මේ තත්ත්වය අප වෙනස් කළේ.