බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

පොලිස් වධකයින් වෘත්තීය පුහුණු අධිකාරියේ සමන්ත ප්‍රීතිකුමාරව දස වද දී මරා දැමුවා ද?

by editor
ජනවාරි 16, 2023
in සමාජ
Exif_JPEG_420

Exif_JPEG_420

Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කළමණාකරන සහකාර වරයෙකු ලෙස රාජකාරී කරමින් සිටි සමන්ත ප්‍රීති කුමාර   ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත් අඩංගුවට ගෙන සිටින විට අත්අඩංගුවේ දි මිය යන්නේ  පසුගිය 10 දින රාත්‍රියේය. ඒ බොහෝ සැක සහිත කාරණා ගනණාවක් ඉතිරි කරමිනි. 

වෘත්තීය පුහුණු අධිකාරියේ මානව සම්පත් හා පරිපාලන අංශයේ සේවය කළ ඔහු  සිද්ධිය වූ දින   කොළඔ, නාරාහේන්පිට පිහිටි ‘නිපුණතා පියස’ ගොඩනැගිල්ල ඉදිරිපස වෙළෙඳ සැලකට ගිය අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයෙකු ප්‍රමුඛ 05 දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් විසින් ඔහු අත් අඩංගුවට ‍ගෙන තිබිණ.

සමන්ත ප්‍රීති කුමාර   අමාත්‍යාංශය අසල වෙළෙද සැලට ගොස් ඇත්තේ වෘත්තීය පුහුණු අධිකාරියේම තවත් නිලධාරියෙකු සමගය. පොලිස් මත්දව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියක් පෙන්වා ඔහු  සිය ග්‍රහණයට ගෙන ජිප් රථයකට නංවා ගෙන තිබෙන අතර ඔහු සමග ගිය අනෙක් නිලධාරියාටද තර්ජනය කර බිය ගන්වා තිබේ. 

පොලිස් නිලධාරීන්  පැමිණි ඇති එම ජිප් රථයෙන්ම කොළඹ, මරදානේ පිහිටි නෙළුම් කුළුණ අසල පොලිස් බැරැක්කයට සමන්ත ප්‍රීති කුමාර  රැගෙන ආ බවද පොලීසිය උපුටා දක්වමින් ඊට පසුදින මාධ්‍ය වාර්තා කර තිබුණි. අනතුරුව ඔහු පොලිස් අත්අඩංගුවේ දී මිය ගියේය.

පොලිසිය කියන කතාව

මත්ද්‍රව්‍ය අපරාධ යනු  සමාජයෙන් තුරන් කළ යුතු අපරාධයන්ය. අපට ඒ පිළිබඳව මූලික අවබෝධයක් තිබේ. එවැනි මත්ද්‍රව්‍ය අපරාධකරුවන් සඳහා මේ රටේ විධිමත් නීති පද්ධතියක් ඇත. මූලික සැකයක් පිට අත්අඩංගුවට ගත් සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවේ දි වදයට ලක් වී මිය යන්නේ නම් අප ජීවත් වන්නේ බිහිසුණු රටකය. එය හෙට ඔබට හෝ මට සිදුවිය හැකිය.  අප ප්‍රශ්න කරන්නේ ඒ බිහිසුණු යථාර්ථය ය.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

 පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කළමණාකරන සහකාර වරයෙකු ලෙස රාජකාරී කරමින් සිටි සමන්ත ප්‍රීතිකුමාර නැමැති පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය නාශක කාර්යයාංශය මගින් අත්අඩංගුවට ගත් බව කීවේය.  ඔහු   සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 15 ක් හා රුපියල් 5000/- නේට්ටු 21 ක් සොයා ගත් බවයි.

අත් අඩංගුවට ගැනීමෙන් පසු සමන්ත ප්‍රීතිකුමාර   පොලිස් බැරැක්කයට ගෙන ප්‍රශ්න කරමින් සිටියදී බීමට ජලය ඉල්ලූ බවත් මත් දව්‍ය ජාලයට සම්බන්ධ අනෙක් අය ගැන පොලිස් බැරැක්කයේදී සමන්ත ප්‍රීතිකුමාරගෙන් ප්‍රශ්න කරමින් සිටි විට ඔහු ආවේගශීලී වූ බවත්ය. ඒ අතර ජලය දුන් විට එම වීදුරු බෝතලය කඩා පොලිස් නිලධාරියෙකුට පහර දුන් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.  

එවිට පොලිස් නිලධාරීන් සමන්තගේ දෙකකුල් වලට පොල්ලකින් පහර දුන් බවත් එවිට ඔහු ඇද වැටුණ බවත් පොලීසිය ප්‍රකාශ කර තිබුණි. ඇද වැටීමෙන් සිහිසුන් වූ සමන්ත ප්‍රීති කුමාර   ඒ නිසාම කොළඹ, ජාතික රෝහලට ඇතුළත් කල බව කීවේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ එහිදි  සමන්ත මිය ගොස් ඇති බවය. සිද්ධිය ඉතාම සරලය. පහර දී ඇත්තෙත් නීතියට යටත්වය. කකුල් දෙකටය.  

අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව එය දස වද දී කළ ඝාතනයක් ?

සමන්ත ප්‍රීතිකුමාරගේ මරණය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලද්දේ කොළඹ, ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන්ය. ඒ මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයට අනුවය. එහිදි හෙළි වන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කී හුරතල් කතාව නොවේ. 

මෙම පුද්ගලයාට මොට ආයුධවලින් පහරදීම හේතුවෙන් ශරීර අභ්‍යන්තරයේ ඇතිවූ තුවාල හා අධික රුධිර වහනය හේතුවෙන් මරණය සිදුව තිබෙන බව අජිත් තෙන්නකෝන් විසින් නිකුත් කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වූයේය. 

සමන්ත ප්‍රීති කුමාරගේ ශරීර අභ්‍යන්තරයේ තුවාල 30  කට අධික ප්‍රමාණයක් තිබෙන බවද පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ. ශරීරයේ බොහෝ ස්ථාන වල තැලීම් ඇති බවත් තැලීම් ඇති වීම සදහා කරන ලද පහරදීම් ප්‍රබල ආයාසයකින් කරන ලද ඒවා බවත් විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් නිකුත් කරන ලද වාර්තාවේ සදහන් වේ. 

එයට අමතරව ඔහුගේ යම් යම් අවයව කොටස් කඩා තිබෙන බවද පශ්චාත් ප්‍රදේශයෙන් පවා ලේ වහනය වෙමින් තිබූ බවද කොළඔ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට යාබදව පිහිටි කොළඔ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි. පශ්චාත් ප්‍රදේශයෙන් රුධිරය වහනය වන්නේ ඊට රළු යමක් ඇතුල් කිරීමෙන් බවද අධිකරණ වෛද්‍ය නිලධාරී වරයාගේ මතය වී   ඇත. 

අත්අඩංගුවට ගැනීමම අවුලක් 

සමන්ත ප්‍රීති කුමාර අත් අඩංගුවට ගන්නා ලද්දේ උපාය දූතයන් ලබාදුන් තොරතුරකට අනුව බව  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. එසේ නම් ඔහු සඳහා විමර්ශන ඉතිහාසයක් තිබිය යුතුය.    ඔහු සම්බන්ධයෙන් වූ විමර්ශන ලිපි ගොනුවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සතුව තිබිය යුතුය. නමුත් මේ වන තෙක් එවන් ලිපි ගොනුවක් මරණය සම්බන්ධව   විමර්ශන කරන කණ්ඩායම් වෙත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් යොමුකර ඇති බවක් දැනගන්නට නැත.

ඒ විමර්ශනය කර රාජකාරි වෙලාවේ ඔහු අත්අඩංගුවට ගන්නේ  ඔහු සේවය කළ ආයතනයේ ප්‍රධානියා දැනුම්වත් කර නොවේ.  එමෙන්ම පශ්චාත් මරණ පරික්ෂණයේදී ඔහු කිසිදු ආකාරයක මත්දව්‍ය භාවිතා කරන අයෙක් ලෙස තහවුරු වී  නොතිබිණි. 

පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූ කරුණු අනුව ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරන බව දැන් පොලිසිය කියන්නේය.  පොලිස් මත් දව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් බලය ඉක්මවා කටයුතු කර තිබේද? යන්න සම්බන්ධයෙන් පොලීසිය වෙනමම පරික්ෂණයක් සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේය.

ඥාතීන්ගේ හැඟීම

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමන්ත ප්‍රීතිකුමාර මහතාගේ පවුලේ ඥාතීන් තුල ඇතිව තිබෙන බරපතල සැකය දුරු කිරීමද පොලීසියේම වග කීමක් වන බවද කිව යුතුය.

සමන්ත ප්‍රීතිකුමාර මහතාගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ සම්බන්ධයෙන්ද ඔහුගේ ඥාතීන්ගේ ප්‍රසාදයක් නොමැත.  සමන්තගේ සහෝදරයා වන රුවන් කුමාර ප්‍රකාශ කරන්නේ මෙම පරීක්ෂණ මන්දගාමීව සිදුවන බවයි. මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා කෙරෙහි සිය පවුල බලවත් විශ්වාසය තබා තිබෙන බවද රුවන් කුමාර සදහන් කළේය. සමන්ත ප්‍රීතිකුමාරගේ මව සදහන් කරන්නේද තම පුතා වරදක් කර තිබුණේ නම් නීතිය හමුවට පැමිණවිය හැකිව තිබූ බවය. 

“ගහල මරන්න පොලීසියට ඇති අයිතිය කුමක්ද? “ ඇය ප්‍රශ්න කර තිබුණාය.  

මේ පුද්ගලයා දිනපතා දුම්රියේ කොළඹ පැමිණ, ඉතාම සාමාන්‍ය වත්කම් සහිත පවුලෙන් ලැබුණු බෙදා වෙන් නොකළ ඉඩමක සාමාන්‍ය ආකාරයේ නිවසක් හිමි පුද්ගලයෙකි. දියණිය 08 වසරේය. පුතා මෙවර 1 වසරට භාර දීමට නියමිතය. බිරිය සේවය කරන්නේ අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේය. මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරුවෙකුගේ ජීවිතය නොවේ. 

අවසන් කටයුතු

සමන්ත ප්‍රීතිකුමාර මහතාගේ අවසන් කටයුතු පසුගිය 14 දින පසුවරුවේ තෙල්වත්තේදී සිදු කෙරුණි. එහිදී අනුශාසනාවක් කරමින් හික්කඩුව දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී මීවනපානේ ධම්මරතන හිමියෝ මෙසේ ප්‍රකාශ කළහ.

“මරණය හා මැරීම යන්න කරුණු දෙකක්. මෙය සංවේදී මරණයක්. රටේ නීතියක් නැහැ. සමහර පොලිස් කාරයන් විතරක් නෙවෙයි, පොලිස් ලොක්කන්ගෙ ගෙවල් වලත් කූඩු තියෙනවා කියල මාධ්‍ය වාර්තා කරනවා. පොලිස් අධිකාරීවරුන්ගේ නිල නිවාස වල වහලේ ගංජා මිටි හංගගෙන විකුණනවා. ඒත් අහිංසක මිනිසුන් අල්ලගෙන ගිහින් ගහලා වද දීලා මරනවා. මෙය බරපතළ තත්ත්වයක්. ගහලා මරන්න පොලිසියට නීතියක් නැහැ. දඬුවම් දෙන්න උසාවි තියෙනවා. පොලීසියට ඕන ඕන විදියට ගහල ඔලු පලන්න මරන්න රටේ නීතියක් තියෙනවා ද කියලා අපි අහනවා.“

මේ අයගෙ බිරිඳ අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැදගත් රැකියාවක් කරන කෙනෙක්. අනෙක් අයත් එහෙමයි. දරුවො දහම් පාසලට යන්නේ කොහොමද?. එක රැයින් තමන්ගේ තාත්තා කුඩුකාරයෙක් කරලා. මේවා සහගහන අපරාධ. අද දරු පවුලක් අනාථ කරල, විතරක් නෙවෙයි, ඒ අයට පාරේ තොටේ යන්නත් අවස්ථාවක් නැති කරලයි තියෙන්නෙ. මේවාට නීතිය සාධාරණව ක්‍රියාත්මක විය යුතුයි. “

“මේ මරණයෙ ගැන පොලිසිය සඳහන් කරන්නේ ප්‍රීති කුමාර තරුණයා කුඩුකාරයෙක් පාතාලයෙක් විදිහටයි. එනිසා දරුවන්ට පියා නැති වේදනාවට වඩා වේදනාවක් ඇති වෙනවා. පාසල් යන්න දහම් පාසලට යන්න බැරිවෙලා තියනවා.  පසුගිය දවස් වල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගෙ වහලෙ සිවිලිමේ තිබිලා තමයි, ගංජා මිටි පිටින් එළියට ආවේ. ඒක තමයි ඇත්ත. රටේ ඇතැම් ජනමාධ්‍ය හරි හැටි තොරතුරු නොදැන පොලිසිය කියන කියන දේ ලියලා ජීවත් වෙනවා. මිනිස්සු නොමරා මරනවා. සත්‍යය පිළිබඳ සොයල වාර්තා කරන්න කියල ඒ අයට අපි කියනවා. මරණය පොළොවට යනවා. ඉන්න මිනිසුන් ජීවත් විය යුතුයි. අද ඒ අයටත් ජීවිතය අහිමි කරලා“  

නිතියක් නැති රටක මරණය මෙන්ම ජීවිතය ද මරණයක් බව උන් වහන්සේ කියති. පුරවැසියන් ලෙස ඉල්ලා සිටින්නේ ඒ නිතිය ක්‍රියාත්මක කරන ලෙසය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජී7 හා 20 කළ හැකි දේ ගැන ඉන්දීය ජපන් ආණ්ඩුකාරවරු සාකච්ඡාවක

Next Post

තායිලන්තය, ඉන්දියාව සමඟ සංවර්ධන සබඳතා ගොඩ නඟා ගැනීමට කැමැත්ත පළ කරයි

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.