බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

පොලිස්පති දේශබන්දුත් ගෑවෙන ගොනා කෝවිලේ රොහා ඝාතනයට කුඩු අංජු පොලිසියට කොන්ත්‍රාත් දුන් කතාව…

by editor
මැයි 11, 2024
in සමාජ
roha
Share on FacebookShare on Twitter

පාතාල නායකයෙක්වන කුඩු අංජු නැමැත්තාගේ කොන්ත්‍රාත්තුවක් මත ඔහුගේ ප්‍රතිවිරුද්ධ පාතාල නායකයෙක් වූ හැරල්ඩ් රෝහණ ද සිල්වා නොහොත් ගොනාකෝවිලේ රොහා පොලිසිය විසින් ඝාතනය කරන්නේ රුපියල් ලක්ෂ තුන්සිය පනහක කොන්ත්‍රාත්තුවකට බවත්, එම ඝාතනයට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද සම්බන්ධ බවත් ප්‍රකාශිත හඬ පටවලට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම දුරකථන සංවාදවලදී තමන්ගේ නම භාවිත කරමින් පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් මුදල් ලබාගන්නා පද්මලාල් නැමැති පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලිඛිතව පැමිණිලි කර තිබිණි

ඒ අනුව සිදුකළ විමර්ශන සඳහා අදාළ පොලිස් පරීක්ෂකවරයාට අවස්ථා දෙකකදී කට හඬ පරීක්ෂා කිරීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පැමිණෙන ලෙස අධිකරණය මඟින් දැනුම් දුන්නද ඔහු ඒ සඳහා ගොස් තිබුණේ නැත.
සිද්ධිය සම්බන්ධ දැඩි අවධානයකින් මාධ්‍ය පසුවෙද්දී පොලිස් පරීක්ෂක පද්මලාල් ඊයේ ජානාධිපති නිතිඥ සාලිය පීරිස් මගින් ඇප අයදුම්පතක් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබිණි.

එහිදී අධිකරණය නියෝග කළේ පොලිස් පරීක්ෂක පද්මලාල් එළැඹෙන 16 වනදා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් හඬ පරීක්ෂාව සඳහා ඉදිරිපත් විය යුතු බවය.

ගෙනා කෝවිලේ රොහාගේ ඝාතනය පොලිසිය විසින් පාතාලයෙන් ලබා ගත් කොන්තාත්‍රාත්තුවක් මත සිදුකළා ද යන සැකය කාලයක් තිස්සේ සමාජයේ තිබිණි. මේ පිළිබඳ විටින් විට මාධ්‍යය ද වාර්තා කලේය. රොහා ඝාතනය සඳහා මුලින්ම කුඩු අංජු ලක්ෂ 50ක් මුදලක් නියම කළේය. එය කෝටිය දක්වා වැඩි කර රොහා ඝාතනය කරන ඕනෑම පුද්ගලයෙකුට රුපියල් කෝටියක් ලබා දෙන බවට විවෘත ලන්සුවක් ලබා දුන්නේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

රොහා පොලිස් වෙඩි හුවමාරුවක දී ඝාතනය වන බව කියන්නේ 2020 වසරේ සැප්තැම්බර් මස 24 වනදා ය. එහෙත් වෙඩි හුවමාරුවක දී ඝාතනය වූ බව කියන රොහා අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ආකාරය සම්බන්ධ වීඩියෝවක් නෙත් එෆ්.එම් බැලුම්ගල සිය යූ ටියුබ් නාලිකාව ඔස්සේ විකාශය කර තිබිණි.

ගොනා කෝවිලේ රොහා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය එම ස්ථානයට ගොස් තිබුණේ පද්මලාල් නමැති පොලිස් පරීක්ෂකවරයාගෙන් ලද තොරතුරකට අනුවය.

එවන් පසුබිමක එම පද්මලාල් නමැති පොලිස් පරීක්ෂකවරයා සහ මියගිය රොහාගේ ප්‍රධානතම ප්‍රතිවාදියෙකු වන ඇල්ටෝ ධර්මේ නමැත්තා අතර සිදු වූ බව කියන දුරකථ න සංවාදයක්, ගොනාකෝවිලේ රොහා පොලිස් වෙඩි පහරින් මියයාමෙන් පසු පොලිස් පරීක්ෂක පද්මලාල් බවට පැවසෙන පුද්ගලයා, ඇල්ටෝ ධර්මේගෙන් රුපියල් ලක්ෂ 350ක් ලබාගත් බවට පැවසෙන දුරකථන සංවාදයක්, පොලිස් පරීක්ෂක පද්මලාල් නැමැත්තා හා රොහාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ කුඩු අංජු නැමැත්තා අතර ද සිදුවූ බව කියන දුරකථන සංවාදයක් සහිත වාර්තාවක් ඊයේ අද දෙරණ ඔස්සේ විකාශය වී තිබිණි.

මෙම දුරකථන සංවාද අතර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙම ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රකාශ, මෙන්ම මින් පෙර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කුඩු අංජු සමග කතා කරන ආකාරය ගැන ප්‍රකාශිත හඬපට සමාජය තුළ විශාල කථිකාවක් ඇති කර තිබිණි.

එම තත්ත්ව පිළිබඳ විමර්ශනයක් පැවැත්වීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට විශේෂ පැමිණිල්ලක් කරමින් විමර්ශනයක් ඉල්ලා තිබිණි.
එම විමර්ශනය දැන් ක්‍රියාත්මකය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඊයේ අහුංගල්ල ඝාතනයත්  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ කොන්ත්‍රාත්තුවක් !

Next Post

2023 දී අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය  තොග සැඟවූ කිසිම වෙළෙන්දෙක්     පාරිභෝගික අධිකාරියෙන් වටලා නෑ… විගණනය කියයි!   

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.