බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

පලස්තීනයේ ඛේදවාචකයෙන් කම්පනය වීම නිසා බොහෝ දේ අහිමි කරගත්  නිල් චිත්‍රපට තාරකාව  –  මියා ඛලීෆා

by editor
ඔක්තෝබර් 13, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

බීබීසී –

ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලට සහය පළ කරමින් පළකළ අදහස් හේතුවෙන් වැඩිහිටි චිත්‍රපට රංගන ශිල්පිනියක වූ මියා ඛලීෆාට දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ.

ඇය X සමාජ ජාලයේ (පෙර Twitter) පළ කළ අදහස් හේතුවෙන් ඇය සමග ගනුදෙනු කළ ආයතන රැසක් එම ගනුදෙනු නතර කිරීමට ද තීරණය කර ඇත‍.

ඇමෙරිකානු – ලෙබනන් ජාතික වැඩිහිටි චිත්‍රපට තාරකාවක වූ ඇය පළ කළ අදහසක දැක්වුණේ: “ඔබ පලස්තීනයේ තත්ත්වය දැක දැකත්, ඔබ සිටින්නේ පලස්තීනය පැත්තේ නොවේ නම් ඔබ සිටින්නේ වැරදි පැත්තේ යි,” යනුවෙනි.

If you can look at the situation in Palestine and not be on the side of Palestinians, then you are on the wrong side of apartheid and history will show that in time

— Mia K. (@miakhalifa) October 7, 2023

ඇය පළ කළ තවත් අදහස් කිහිපයක් හරහා ඇය පලස්තීනයට සහාය පළකර තිබිණි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මෙම අදහස් පළ කිරීම්වලට විරෝධය පළ කරමින් Playboy සඟරාව ඇතුළු තවත් ආයතන ඇය සමග ගනුදෙනු කිරීම නැවතීමට තීරණය කළ බව නිවේදනය කර තිබේ. Playboy සඟරාව පවසන්නේ, ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයට සහය පළ කරමින් පළ කළ අදහස් හේතුවෙන් මියා ඛලීෆා සමග පැවති සබඳතා නතරකර දමා ඇති බව ය.

මේ අතර, රෙඩ් ලයිට් හොලන්ඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටොඩ් ෂපීරෝ ‘X’හි අදහස් පළ කරමින් සඳහන් කර ඇත්තේ, මියා ඛලීෆාගේ ප්‍රකාශය පිළිකුල්සහගත බව ය.

“කරුණාකර මීට වඩා යහපත් මනුෂ්‍යයෙකු වීමට උත්සහ ගන්නා,” ලෙස ද ඔහු ඛලීෆාගෙන් ඉල්ලීමක් කර තිබේ.

This is such a horrendous tweet @miakhalifa. Consider yourself fired effective immediately. Simply disgusting. Beyond disgusting. Please evolve and become a better human being. The fact you are condoning death, rape, beatings and hostage taking is truly gross. No words can… https://t.co/ez4BEtNzj4

— Todd Shapiro (@iamToddyTickles) October 8, 2023

මේ අතර, මියා ඛලීෆාට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ ද විරෝධතා පළ වී තිබූ අතර, ඇය පලස්තීනයට සහාය පළ කිරීම අනුමත කරමින් නිකුත් කළ ප්‍රකාශ ද ඒ අතර පවතියි.

නමුත් ටොඩ්ගේ පළකිරීමෙන් පසු ඇය ඔහු ‘සයොන්වාදියෙකු’ බව පවසමින් මෙසේ සඳහන් කර තිබුණා ය: “පලස්තීනයට සහායදීමෙන් මට ව්‍යාපාරික අවස්ථා අහිමිවූ බව මම කියනවා. නමුත් මම ගනුදෙනුවට පිවිසෙන්නේ සයොන්වාදීන් සමග ද නැද්ද යන්න පරීක්ෂා නොකිරීම ගැන මම මා ගැනම කෝපයෙන් සිටිනවා.”

කවුද මේ මියා ඛලීෆා?

මියා ඛලීෆා 1993 වසරේ දී ලෙබනනයේ බේරූට්හි උපත ලබා ඇති අතර, ඇය 10 වන වියේ පසුවද්දී ඇගේ දෙමව්පියන් ඇය සමග ඇමෙරිකාවේ මේරිලන්ඩ්හි පදිංචියට පැමිණ ඇත.

ඇයට දෙමාපියන් තැබූ නම වූයේ සාරා ජෝ ය. ‘මියා කලීෆා’ යනු ඇයට වැඩිහිටි සිනමා කර්මාන්තය විසින් තබන ලද නාමය යි.

බැට්මෑන් චරිතයට සහ බාස්කට් බෝල් ක්‍රීඩාවට ප්‍රිය කළ ඇය පාසල් සමයේ දී ම ඇමෙරිකාවේ මයෑමි නගරයේ පිහිටි අවන්හලක සේවය කර ඇත්තේ මවුපියන්ට බරක් නොවී ඇගේ වියදම් පිරිමසා ගැනීමට බව ඇය ගැන ලියැවුණු චරිත කතාවල දැක්වේ.

ඇගේ අවශ්‍යතා පිරිමසා ගැනීමට එම රැකියාවෙන් ලැබූ ආදායම ප්‍රමාණවත් නොවූ හෙයින් ඇය අසභ්‍ය චිත්‍රපට හෙවත් නිල් චිත්‍රපට ක්ෂේත්‍රයට යොමු වී ඇතැ යි පැවසෙයි.

ඇය ටෙක්සාස් විශ්වවිද්‍යාලයයෙන් ඉතිහාසය පිළිබඳ උපාධියක් ද හිමිකර ගත්තා ය.

විවාහය

ඇය පාසල් වියේ දී ඇමෙරිකානු සිසුවෙකු සමග ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති අතර 2011 වර්ෂයේ දී ඔහු සමග විවාහවිය.

එම විවාහය දිගු කලක් නොපැවතුණි. 2014 වර්ෂයේ දී ඔහුගෙන් වෙන්ව තනිව ජීවත් වූ ඇය 2016 වසරේ දී ඔහුගෙන් නීත්‍යනුකූලව වෙන්වූවා ය.

පසුව, 2019 මාර්තු 14 දින ස්විස් ජාතික සූපවේදියෙකු වූ රොබර්ට් සෑන්ඩ්බර්ග් කළ විවාහ යෝජනාවකට ඇය එකඟත්වය පළ කළා ය. 2020 වසරේ දී ඇය ඔහුගෙන් වෙන්වූවා ය.

මේ වන විට ඇය රැප් ගායක ජායිකෝ සමග ප්‍රේම සබඳතාවක් පවත්වන බව වාර්තා වේ.

නිල් චිත්‍රපට

වැඩිහිටි චිත්‍රපට රංගන ශිල්පිනියක ලෙස වඩාත් ප්‍රසිද්ධියට පත්වූ මියා ඛලීෆා වඩාත් ම ප්‍රසිද්ධියට පත් වූයේ, 2014 වසරේ දී Pornhub සහ BangBros යන වැඩිහිටි වෙබ් අඩවි දෙක සඳහා හිජාබය හැඳ කළ රංගනයන් හේතුවෙනි.

මෙ වීඩියෝව නිසා ඉස්ලාමීය ප්‍රජාව දැඩි කනස්සල්ලට පත්වූ අතර, ISIS සංවිධානය විසින් ඇයට මරණ වරෙන්තු නිකුත් කරනු ලැබීය.‍

ඇය “ජීවත් වන නිවස ගූගල් මැප්හි සලකුණු කර එවමින් කළ තර්ජනවලින් පසුව දැඩි ලෙස බියට පත්වූ” බව කී ඇය ඉන් මහත් කැළඹීමට පත්ව වැඩිහිටි සිනමාවෙන් ඉවත් වීමට තීරණය කළා පමණක් නොව, එම වීඩියෝ දර්ශන ඉවත් කරන ලෙසට එම වෙබ් අඩවි දෙකට ද දැනුම් දී තිබිණි.

එහෙත් එම වීඩියෝ ඉවත් කිරීමට අදාළ වෙබ් අඩවි පියවර ගත්තේ නැත‍.

මියා පැවසුවේ, Pornhub සහ BangBros යන වෙබ් අඩවි ඇයට ගෙවා ඇත්තේ ඩොලර් ලක්ෂයකට මඳක් වැඩි මුදලක් බව ය. නමුත් ඇයගේ වීඩියෝවලින් පමණක් ඔවුන් ඩොලර් මිලියන ගණනක් උපයා ඇති බවට ඇය චෝදනා කළා ය.

මියා ඛලීෆා නිල් චිත්‍රපට ක්ෂේත්‍රයේ සේවය කළේ මාස තුනක කාලයක් පමණි. 2014 වසරේ ඔක්තෝබර් මාසයේ දී නිල් චිත්‍රපට වෙනුවෙන් රංගනය ඇරඹූ ඇය 2015 වසරේ ජනවාරි මාසය වන විට ඉන් ඉවත්වූවා ය.

නිල් චිත්‍රපටවලින් ඉවත්වීමෙන් පසු

මාස තුනකට සීමා වූ නිල් චිත්‍රපට රංගනයෙන් ඉවත් වූ ඇය, මයෑමිහි දී නීති සහායිකාවක සහ පොත් තබන්නියක ලෙස සේවය කළා ය. පසුව ඇය, වෙබ් කැම් නිරූපිකාවක සහ ක්‍රීඩා නිවේදිකාවක බවට පත්වූවා ය.

මේ වසරේ දී ඇය Sheytan නමින් ආභරණ අලෙවි ජාලයක් ආරම්භ කළා ය.

ඔක්ස්ෆර්ඩ් යුනියන් වෙතින් ලැබුණු ඇරයුම

මේ වසරේ මැයි මාසයේ දී මියා ඛලීෆා කීර්තිමත් ඔක්ස්ෆර්ඩ් යූනියන්හි දේශනයක් පැවැත්වීම සඳහා ඇරයුම් ලැබීම ජාත්‍යන්තරය විස්මයට පත් කළ ප්‍රවෘත්තියක් බවට පත් විය.

එම දේශනයේ දී ඇය විඩිහිටි සිනමාවට ප්‍රවේශවීමේ අතීතාවර්ජනයක් කළ අතර, එහිදී ඇය ලැබූ අත්දැකීම් ද විස්තර කළා ය.

එම අත්දැකීම් නොපැකිළව බෙදා ගැනීම සම්බන්ධයෙන් ඇයට බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාව හිමි විය.

මේ අතර, මියා ඛලීෆා සෞදි අරාබියේ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස පත් කරන ලෙස ඉල්ලා 2016 වසරේදී ඔන්ලයින් පෙත්සමකට ද අත්සන් තැබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජැකා… බොහෝ දෙනෙක් නොහඳුනන සිත්තරා…

Next Post

පරිසර අමාත්‍යාංශය ජනපති යටතට…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.