නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි විමෙන් අනතුරුව පුරප්පාඩු වූ කැබිනට් අමාත්‍ය ධූරයක් වූ පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතට ගෙන ඇත.
ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර තිබේ.
හිටපු පරිසර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ්ගේ මන්ත්‍රීධුරය පුරප්පාඩුවී ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මැතිවරණ කොමිෂන් සභාවට පසුගිය (9) වැනිදා දැනුම් දුන්නාය.
2022 අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට පක්ෂය ගත් තීරණයට පටහැනිව රජයට පක්ෂපාතී වීම හේතුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඔහු පක්ෂයේ සාමාජිකත්වයේ ඉවත් කිරීමට එම පක්ෂයේ උත්තරිතර උත්තරීතර මණ්ඩලය ගත් තීන්දුව නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 6 වැනිදා තීන්දු කළේය.
ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසිවී ගියේ මේඅනුවය.