බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

නාමල්ගේ හැසීරීම  විවර කළ  කවුළුවෙන් ලංකාවේ දූෂිත දේශපාලනය දුටු බ්‍රිතාන්‍ය විද්වතෙක් තැබූ සටහන….

by editor
ජූලි 18, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ පවතින දූෂිත ස්වභාවය තමන්ට නොවැදගත් සුලු සිද්ධීන්ගෙන් පවා නිරූපණය වන්නේ යැයි බ්‍රිතාන්‍යයේ ගෝලීය දේශපාලනය පිළිබඳ මහාචාර්යවරයෙකු වන බ්‍රයන් ක්ලාස් පවසයි.

පසුගිය 13 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පළායාමෙන් පසු, සිය ට්විටර් සමාජ ජාලය වෙත සිය අත්දැකීම් එකතු කළ මෙම මහාචාර්යවරයා තමන් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු පුත්‍රයෙකු හමුවීම විස්තර කර ඇත්තේ මෙසේය.

“මීට වසර කීපයකට කලින් ලංකාවේ හිටපු ජනාධිපතිගේ පුතාට මාව හමුවෙන්න අවශ්‍යයි කිව්වා. මම එක දවසක් ඔහුට වේලාවක් ලබා දී උදෑසන ආහාරයත්  සමඟ හමුවීම සඳහා අපේ විශ්ව විද්‍යාලය  ආසන්නයේ පිහිටි සුඛෝපභෝගී පන්නයේ අවන්හලක මේසයක් වෙන් කළා. එහි ආහාර මිල ඉතා අධික නිසා මම නිවසින් ධාන්‍ය වර්ගයක් ආහාරයට ගෙනයි එහි ගියේ.

ලංකාවේ ජනාධිපතිගේ පුතා නියමිත වේලාවට පැමිණියා. අප දෙදෙනා සෑහෙන වේලාවක් කතා කළා. ඔහු මගෙන් ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකාරීවාදය පිළිබඳව විවිධ දේවල් ඇහුවා. ඔහුගේ මේ ප්‍රශ්න පිළිබඳව මට යම් කුතුහලයකුත් ඇතිවුණා.“

“අපි දෙන්නාම එක් කෙටි ආහාර වර්ගයක් සහ කෝපි එක බැගින් ගත්තා. පැයකට පමණ පසු බිල ආවා. අපේ බිල පවුම් 100කට වඩා වැඩියි. ඒ කියන්නේ ඒ කාලේ හැටියට ඩොලර් 140ක්. අපි ගත් ආහාර වේල අනුව මෙච්චර ලොකු බිලක් එන්න විදියක් නෑ.  මම ක්ෂණිකව දැනගත්තා මොකක් හරි වැරැද්දක් ඇති කියලා. නමුත්, මම මොකුත් කියන්නත් කලින්ම ජනාධිපතිගේ පුතා ඔහුගේ පසුම්බිය දිග ඇර පවුම් 120ක් වේටර්වරයාට දුන්නා. මම පුදුමයෙන් පුදුමයට පත් වුණා.“

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

“නමුත් මම ක්ෂණයෙන් වේටර්වරයා කැඳවා මෙතන වැරැද්දක් වෙලා තියෙන බව පෙන්නුවා. ආපහු බිල පරීක්ෂා කරන්න කියා කිව්වා. එතකොටයි තේරුණේ නිවැරදි බිල පවුම් 15ක් බව. අපි ඒ මුදල ගෙවා ඊට පසු එතැනින් පිටත් වුණා.. “

“මම මේ කියන ශ්‍රී ලංකාවේ ජනාධිපති පුත්‍රයා ලෝකේ වටේ ඇවිද අත්දැකීම් ඇති කෙනෙක්. ඒ වගේම කාලයක් එංගලන්තේ ජීවත් වුණු කෙනෙක්. ඔහු පවුමක වටිනාකම පිළිබඳවත් දැනගෙන හිටියා. නමුත් ඔහු කිසි සොයා බැලීමකින් තොරව මේ මුදල ගෙවීමට සූදානම් වීමෙන් වාර්ෂික ඒක පුද්ගල ආදායම ඩොලර් 3000ක් තරම් වන රටක පාලකයින් කොතරම් දූෂිත මට්ටමක සිටින්නේ ද යන්න පිළිබඳව ලෝකයට පෙන්වන පියස්සක් වැනි අවස්ථාවකටයි මම මුහුණ දුන්නේ…“

“මම ශ්‍රී ලංකාව පිළිබඳ අධ්‍යයනය කරන්නේ නෑ.   මට ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් ලද එකම අත්දැකීම මේ ජනාධිපති පුත්‍රයා හමුවීමයි. නමුත්, විරෝධතාකරුවන් මට හමු වූ ජනාධිපති පුත්‍රයාගේ බාප්පා වන වර්තමාන ජනාධිපතිවරයාගේ මන්දිරයට කඩා වැදී එහි පිහිනුම් තටාකයේ පිහිනන විට ලංකාවේ තත්ත්වය පිළිබඳ මට සිතා ගැනීමට පවා නොහැකි වුණා. මට හමු වූ ජනාධිපති පුතා, දැන් ඊළඟ ජනාධිපතිවරයෙකු වීමට බලාපොරොත්තුවෙන් සිටියි…”

මහාචාර්ය ක්ලාස් තැබූ දීර්ඝ ට්විටර් සටහන…..

1. As Sri Lanka’s president flees and the country’s economy is in tatters, let me share a story—in which I had breakfast with the former president’s son—because it shows how little, seemingly insignificant details can reveal so much about elites in highly corrupt countries.

— Brian Klaas (@brianklaas) July 13, 2022

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාලුමුවදොර අරගලකරුවෝ විපක්ෂ නායක හමුවෙති…

Next Post

19 සහ 20 පාර්ලිමේන්තුවේ මොනවද සිදු වෙන්නේ?   හරියටම දැනගමු! – පාර්ලිමේන්තුව නිවේදනය කරයි…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.