fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

නාමල්ගේ හැසීරීම  විවර කළ  කවුළුවෙන් ලංකාවේ දූෂිත දේශපාලනය දුටු බ්‍රිතාන්‍ය විද්වතෙක් තැබූ සටහන….

සති 3ක් ago
in සමාජ
572 6
0
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ පවතින දූෂිත ස්වභාවය තමන්ට නොවැදගත් සුලු සිද්ධීන්ගෙන් පවා නිරූපණය වන්නේ යැයි බ්‍රිතාන්‍යයේ ගෝලීය දේශපාලනය පිළිබඳ මහාචාර්යවරයෙකු වන බ්‍රයන් ක්ලාස් පවසයි.

පසුගිය 13 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පළායාමෙන් පසු, සිය ට්විටර් සමාජ ජාලය වෙත සිය අත්දැකීම් එකතු කළ මෙම මහාචාර්යවරයා තමන් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු පුත්‍රයෙකු හමුවීම විස්තර කර ඇත්තේ මෙසේය.

“මීට වසර කීපයකට කලින් ලංකාවේ හිටපු ජනාධිපතිගේ පුතාට මාව හමුවෙන්න අවශ්‍යයි කිව්වා. මම එක දවසක් ඔහුට වේලාවක් ලබා දී උදෑසන ආහාරයත්  සමඟ හමුවීම සඳහා අපේ විශ්ව විද්‍යාලය  ආසන්නයේ පිහිටි සුඛෝපභෝගී පන්නයේ අවන්හලක මේසයක් වෙන් කළා. එහි ආහාර මිල ඉතා අධික නිසා මම නිවසින් ධාන්‍ය වර්ගයක් ආහාරයට ගෙනයි එහි ගියේ.

ලංකාවේ ජනාධිපතිගේ පුතා නියමිත වේලාවට පැමිණියා. අප දෙදෙනා සෑහෙන වේලාවක් කතා කළා. ඔහු මගෙන් ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකාරීවාදය පිළිබඳව විවිධ දේවල් ඇහුවා. ඔහුගේ මේ ප්‍රශ්න පිළිබඳව මට යම් කුතුහලයකුත් ඇතිවුණා.“

“අපි දෙන්නාම එක් කෙටි ආහාර වර්ගයක් සහ කෝපි එක බැගින් ගත්තා. පැයකට පමණ පසු බිල ආවා. අපේ බිල පවුම් 100කට වඩා වැඩියි. ඒ කියන්නේ ඒ කාලේ හැටියට ඩොලර් 140ක්. අපි ගත් ආහාර වේල අනුව මෙච්චර ලොකු බිලක් එන්න විදියක් නෑ.  මම ක්ෂණිකව දැනගත්තා මොකක් හරි වැරැද්දක් ඇති කියලා. නමුත්, මම මොකුත් කියන්නත් කලින්ම ජනාධිපතිගේ පුතා ඔහුගේ පසුම්බිය දිග ඇර පවුම් 120ක් වේටර්වරයාට දුන්නා. මම පුදුමයෙන් පුදුමයට පත් වුණා.“

“නමුත් මම ක්ෂණයෙන් වේටර්වරයා කැඳවා මෙතන වැරැද්දක් වෙලා තියෙන බව පෙන්නුවා. ආපහු බිල පරීක්ෂා කරන්න කියා කිව්වා. එතකොටයි තේරුණේ නිවැරදි බිල පවුම් 15ක් බව. අපි ඒ මුදල ගෙවා ඊට පසු එතැනින් පිටත් වුණා.. “

“මම මේ කියන ශ්‍රී ලංකාවේ ජනාධිපති පුත්‍රයා ලෝකේ වටේ ඇවිද අත්දැකීම් ඇති කෙනෙක්. ඒ වගේම කාලයක් එංගලන්තේ ජීවත් වුණු කෙනෙක්. ඔහු පවුමක වටිනාකම පිළිබඳවත් දැනගෙන හිටියා. නමුත් ඔහු කිසි සොයා බැලීමකින් තොරව මේ මුදල ගෙවීමට සූදානම් වීමෙන් වාර්ෂික ඒක පුද්ගල ආදායම ඩොලර් 3000ක් තරම් වන රටක පාලකයින් කොතරම් දූෂිත මට්ටමක සිටින්නේ ද යන්න පිළිබඳව ලෝකයට පෙන්වන පියස්සක් වැනි අවස්ථාවකටයි මම මුහුණ දුන්නේ…“

“මම ශ්‍රී ලංකාව පිළිබඳ අධ්‍යයනය කරන්නේ නෑ.   මට ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් ලද එකම අත්දැකීම මේ ජනාධිපති පුත්‍රයා හමුවීමයි. නමුත්, විරෝධතාකරුවන් මට හමු වූ ජනාධිපති පුත්‍රයාගේ බාප්පා වන වර්තමාන ජනාධිපතිවරයාගේ මන්දිරයට කඩා වැදී එහි පිහිනුම් තටාකයේ පිහිනන විට ලංකාවේ තත්ත්වය පිළිබඳ මට සිතා ගැනීමට පවා නොහැකි වුණා. මට හමු වූ ජනාධිපති පුතා, දැන් ඊළඟ ජනාධිපතිවරයෙකු වීමට බලාපොරොත්තුවෙන් සිටියි…”

මහාචාර්ය ක්ලාස් තැබූ දීර්ඝ ට්විටර් සටහන…..

1. As Sri Lanka’s president flees and the country’s economy is in tatters, let me share a story—in which I had breakfast with the former president’s son—because it shows how little, seemingly insignificant details can reveal so much about elites in highly corrupt countries.

— Brian Klaas (@brianklaas) July 13, 2022

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ගාලුමුවදොර අරගලකරුවෝ විපක්ෂ නායක හමුවෙති…

Next Post

19 සහ 20 පාර්ලිමේන්තුවේ මොනවද සිදු වෙන්නේ?   හරියටම දැනගමු! – පාර්ලිමේන්තුව නිවේදනය කරයි…

Related Posts

Sri Lankan rupee bills stacks background

ජනපති මැදුරෙන් හමුවී අරගලකරුවන් පොලිසියට භාර දුන් මුදල අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අධිකරණ නියෝගයක්…

ජූලි 28, 2022
china

මරණාසන්න රටට  ජීවිතය හෝ මරණය තෝරා දෙන චීන තීන්දුව … 

ජූලි 28, 2022

ශ්‍රි ලංකාවේ අපි විඳින අමිහිර මාලදිවයිනටත් විඳින්නට සිදුවෙයිද?

ජූලි 26, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ගෝඨාබය හිටපු ජනපති කොන්දේසි පිට තායිලන්තයට ගොඩබැස්ස හැටි…
  • ඩුබායිහි සැඟවී ඝාතන රැල්ලකින් රට මළගෙයක් කළ පාතාලයේ හරක්කටා අත්අඩංගුවට!
  • කිසිම චීන නෞකාවක් ලංකාවේ කිසිම වරායකට ඇතුළුවන බව දන්වා නෑ – හම්බන්තොට වරාය පාලක
  • හම්බන්තොට ඉන්දියානු කොන්සල් ජනරාල්ගේ පියා දිවි නසා ගැනීමේ තැතක… 
  • රාජපක්ෂලා සමඟ හැදූ සර්ව පාක්ෂික ආණ්ඩුවට අපි එන්නේ නෑ ! ජවිපෙන් ජනපතිට පිළිතුරක්

ජනප්‍රිය පුවත්

  • දැන් මේ සමස්ථ දූෂිත ක්‍රමය වෙනස් කිරීම මගේ ජීවිත මෙහෙයුමයි… පිටුවහලේ යැවූ ස්කොට් තරුණිය කියයි!

    172 shares
    Share 69 Tweet 43
  • නිවට නිලධාරීන්ට පෙනි පෙනී රාජ්‍ය පුද්ගලික ජාවාරම්මු පෙරහර  විකුණන හැටි…

    242 shares
    Share 97 Tweet 61
  • විරෝධතා වීඩියෝ සමාජ ජාලවලට දැමූ ස්කොට් තරුණියගේ වීසා කැන්සල් ! රටින් පිටවන ලෙස නියෝග

    174 shares
    Share 70 Tweet 44
  • කොටහේන කෝටිපති ව්‍යාපාරිකයා කොල්ලකෑම සැලසුම් කර ඇත්තේ ව්‍යාපාරික බිරිය…

    223 shares
    Share 89 Tweet 56
  • හාස්කම් ගැන කියන උණවටුන ගැටරඹ සතරමහා දේවාලයේ ප්‍රධාන දේවගැති ළමා අපචාර චෝදනා මත අත්අඩංගුවට…

    215 shares
    Share 86 Tweet 54
  • ඩුබායිහි සැඟවී ඝාතන රැල්ලකින් රට මළගෙයක් කළ පාතාලයේ හරක්කටා අත්අඩංගුවට!

    172 shares
    Share 69 Tweet 43

Highlights

හම්බන්තොට ඉන්දියානු කොන්සල් ජනරාල්ගේ පියා දිවි නසා ගැනීමේ තැතක… 

රාජපක්ෂලා සමඟ හැදූ සර්ව පාක්ෂික ආණ්ඩුවට අපි එන්නේ නෑ ! ජවිපෙන් ජනපතිට පිළිතුරක්

මැයි 09 හවස “කාල්ටන්“ ගිය දිලීප වෙදආරච්චිගේ සොයුරු නිහාල් වෙදආරච්චි අත්අඩංගුවට…

පෙරහර වියදම ලක්ෂ දෙදහසක් පනී… වියදම තුන්ගුණයකින් වැඩියි – නාථ දේවාල බස්නාය නිලමේ…

දැන් මේ සමස්ථ දූෂිත ක්‍රමය වෙනස් කිරීම මගේ ජීවිත මෙහෙයුමයි… පිටුවහලේ යැවූ ස්කොට් තරුණිය කියයි!

යලේ අස්වනු නෙලන්න පටන් අරන්… වී මිල අඩුවෙලා… රජයට මැදිහත් වන්නැයි ගොවීහු ඉල්ලති!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

ගෝඨාබය හිටපු ජනපති කොන්දේසි පිට තායිලන්තයට ගොඩබැස්ස හැටි…

by editor
අගෝස්තු 11, 2022
0

හිටපු ජනපති ගෝඨාබය රාජපක්ෂ අද තායිලන්තයේ...

ඩුබායිහි සැඟවී ඝාතන රැල්ලකින් රට මළගෙයක් කළ පාතාලයේ හරක්කටා අත්අඩංගුවට!

by editor
අගෝස්තු 11, 2022
0

පසුගිය මාස දෙක තුළ ඩුබායි රාජ්‍යයේ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist