බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

19 සහ 20 පාර්ලිමේන්තුවේ මොනවද සිදු වෙන්නේ?   හරියටම දැනගමු! – පාර්ලිමේන්තුව නිවේදනය කරයි…

by editor
ජූලි 18, 2022
in පුවත්
parliament of sri lanka
Share on FacebookShare on Twitter

මෙරට පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම පිළිබදව මීට පෙර එක් අද්දැකීමක් තිබුණත් මෙවර විශේෂත්වයක් තියෙනවා. මීට පෙර 1993 වසරේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ අභාවය නිසා එවකට වැඩබලන ජනාධිපති ඩී.බී විජේතුංග මහතා ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඉතිරි ධුර කාලය සදහා තේරී පත් වුනේ ඒකමතිකව එනම් ඡන්ද විමසීමක් නොමැතිවයි. නමුත් මෙවර අපේක්ෂකයන් කිහිප දෙනෙකු ඉදිරිපත් වන බව දැනටමත් පවසා ඇති නිසා එසේ වුවහොත් ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවනවා. ඒ අනුව එය මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයට නවමු අත්දැකීමක් වනු ඇති.

ධුර කාලය අවසන් වීමට පෙර ජනාධිපතිධුරය හිස් වුවහොත් පාර්ලිමේන්තුවෙන් නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ක්‍රියා පටිපාටියට අදාළ කරුණු දක්වලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ  1981 අංක 2 දරන ජනාධිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතෙයි. මේ අනුව මෙහි දක්වා ඇති සියලු කටයුතු  පියවරෙන් පියවර එම පනතේ දක්වා තියෙනවා.

19 වැනිදා සිදුවන්නේ මොනවාද?

  • ජනාධිපතිධුරය පුරප්පාඩු වී ඇති බව නිවේදනය කිරීමේ සිට  පැය 48කට (දින දෙකකට) කලින් නොවන එමෙන්ම දින හතකට පසු නොවන දිනයක මහලේකම්වරයා  විසින් පාර්ලිමේන්තුවෙන් නාම යෝජනා භාරගනු ලබන දිනයක් සහ වේලාවක් නියම කළ යුතුයි.
  • මේ නිසා 19 වැනි අඟහරුවාදා උදෑසන 10.00 ට පාර්ලිමේන්තුව රැස්වී නාම යෝජනා භාරගැනීම කළ යුතු බව මහලේකම්වරයා සභාවට පසුගිය 16 වැනි සෙනසුරාදා දන්වා සිටියා.
  • මේ අනුව 19 වැනිදා වෙන් වන්නේ ජනාධිපතිධුරය සදහා නාම යෝජනා භාරගැනීම සදහා පමණයි.
  • නාම යෝජනා භාරගැනීමේ ක්‍රියාවලිය මෙහෙයවන නිලධාරියා හෙවත් තේරීම්භාර නිලධාරියා වශයෙන් කටයුතු කරන්නේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයායි.
  • ජනාධිපති ලෙස තේරීපත් වුවහොත්  ධුරය දැරීමට කැමති බවට ලිඛිත එකගත්වය  කලින් අවශ්‍යයි…
  • පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධුරය සඳහා තෝරාපත් කර ගනු ලැබීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු යෝජනා කිරීමට අදහස් කරන සෑම මන්ත්‍රීවරයෙකුම තමා විසින්  එසේ යෝජනා කිරීමට අපේක්ෂා කරන මන්ත්‍රීවරයා තේරී පත්වුනොත්, ජනාධිපති ධුරයෙහි සේවය කිරීමට එම මන්ත්‍රීවරයා කැමති බවට ලිඛිත එකඟත්වය කලින් ලබාගත යුතුයි. එම නිසා එහි පිටපතක් නාම යෝජනා භාරගනු ලබන 19 වැනිදා මහලේකම්වරයාට භාර දිය යුතුයි.
  • එමෙන්ම පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධුරය සඳහා යම් මන්ත්‍රීවරයෙකුගේ නම යෝජනා කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයෙකු වශයෙන් තෝරා පත්කර ගැනීමට දක්වා ඇති නුසුදුසුකම් පිළිබඳව සැලකිලිමත් වීමත් අත්‍යවශ්‍යයි.
  • ඒ අනුව එදින මන්ත්‍රීවරයෙක්  මහලේකම්වරයා අමතමින් තවත් මන්ත්‍රීවරයෙක්ව ජනාධිපතිධුරයට යෝජනා කළ යුතුයි. එසේ යෝජනා කරන මොහොතේ තමා යෝජනා කරන මන්ත්‍රීවරයා සභා ගර්භයට පැමිණ සිටීම අත්‍යවශ්‍යයි. ඊට පස්සේ ඒ යෝජනාව වෙනත් මන්ත්‍රීවරයෙකු විසින් ස්ථීර කළ යුතුයි.  මේ ගැන වාද විවාද කිරීමට කිසිම  අවසරයක් නැහැ.

එක් මන්ත්‍රීවරයෙකුගේ නමක් පමණක් යෝජනා උනොත්..??

  • යම් ආකාරයකින් එක් මන්ත්‍රීවරයෙකුගේ නමක් පමණක් යෝජනා කර, ස්ථීර කළහොත්, එම මන්ත්‍රීවරයා පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තුව විසින් තෝරා පත්කරනු ලැබ තිබෙන බව එදිනම මහලේකම්වරයා විසින් ප්‍රකාශයට පත් කරනවා. ඒ අනුව ඉක්මනින් මෙම කටයුත්ත අවසන් වෙනවා (1993 දී ඩී.බී විජේතුංග ජනාධිපතිවරයා පත්වුනේ මේ ආකාරයටයි)

20 වැනිදා මොනවද සිදුවන්නේ?

  • එක් මන්ත්‍රීවරයකුට වඩා වැඩි දෙ‍නෙකුගේ නම් යෝජනා කොට ස්ථීර කළහොත්  නාම යෝජනා  භාර ගැනීමේ වේලාවෙන් දින දෙකකට  පසුව නොවූ දිනයක ඡන්ද විමසීම පැවැත්විය යුතුයි.
  • ඒ අනුව 19 වැනිදා නම් දෙකක් හෝ  කිහිපයක් යෝජනා වුවහොත් 20 වැනිදා වෙන් වන්නේ ඡන්ද විමසීම පවත්වා ජනාධිපතිවරයා තෝරා ගැනීමටයි.
  • මෙහිදීත් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා තේරීම්භාර නිලධාරියා වශයෙන් ක්‍රියා කිරීම සිදුවෙනවා.

ඡන්ද විමසීම පැවැත්වෙන්නේ කොහොමද?

  •  ඡන්දය දීම ආරම්භ කිරීමට පෙර තේරීම්භාර නිලධාරියා විසින් හිස් ඡන්ද පෙට්ටිය හෝ හිස් ඡන්ද පෙට්ටි මන්ත්‍රීවරුන්ට පෙන්වා ඒවාට මුද්‍රා තැබීම ( සීල් කිරීම) සිදුකරනවා.
  • මෙම ඡන්ද විමසීමේදී කථානායකවරයාටත්  ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය  හිමිවීමත් විශේෂත්වයක්.
  • මේ අනුව ඡන්දය දීම ආරම්භ කළ විට තේරීම්භාර නිලධාරියා ලෙස කටයුතු කරන මහලේකම්වරයා, කථානායකවරයා ඇතුළු එක් එක් මන්ත්‍රීවරයාගේ නම අඬගසනු ලබනවා. එවිට එම මන්ත්‍රීවරයා තේරීම්භාර නිලධාරියා ගේ මේසය වෙත ගොස් ඡන්ද පත්‍රිකාවක් ලබාගත යුතුයි.  එවිට එම මන්ත්‍රීවරයා ඉදිරියේදීම තේරීම්භාර නිලධාරියා ඡන්ද පත්‍රිකාවේ පසුපස තම මුලකුරු සමග කෙටි අත්සන යෙදීම සිදු කරනවා.
  • ඉන්පසු ඡන්ද පත්‍රිකාව ලබාගත් මන්ත්‍රීවරයා සභාගර්භයේ මැද සකස් කර ඇති කුටියට ගොස් ඡන්ද පත්‍රිකාව ලකුණු කොට තේරීම් භාර නිලධාරියාගේ කෙටි අත්සන පෙනෙන ලෙස නවා තේරීම් භාර නිලධාරියාගේ මේසය මත ඇති පෙට්ටියට දැමිය යුතුයි.

ඡන්ද පත්‍රිකාව ලකුණු කරන්නේ කොහොමද?

  •  එක් මන්ත්‍රීවරයෙකුට එක් ඡන්දයක් පමණක් හිමි වන අතර ඡන්දය දෙන අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් ඇති කොටුවෙහි  “1” යන ඉලක්කම යොදා ඡන්දය සළකුණු කළ යුතුයි. අපේක්ෂකයින් කිහිපදෙනෙක් සිටින විට මනාප සළකුණු කිරීමටද අවස්ථාව පවතී. ඒ අනුව ඉදිරිපත්වී ඇති අපේක්ෂකයන් ගණන අනුව අනෙකුත් ඡන්ද අපේක්ෂකයන්ගේ නම් ඉදිරියේ ඇති කොටු තුළ  2,3 ආදී ලෙස මනාපයන් අනුපිළිවෙල අනුව ලකුණු කිරීමට පුලුවන්.
  • මෙහිදී  මන්ත්‍රීවරයෙකු අතින් අතපසුවීමකින් සිදුව ඡන්ද පත්‍රිකාවක් ලකුණු කිරීමකදී වැරදීමක් සිදුවුවහොත් ( පනතේ මෙය සදහන් වන්නේ, මන්ත්‍රීවරයෙතු විසින් අනවධානයෙන් ඡන්ද පත්‍රිකාවක් නරක් කරන ලද්දේ නම් … යනුවෙනුයි) එය තේරීම්භාර නිලධාරියාට ආපසු දිය හැකි අතර මේ පිළිබඳ තේරීම්භාර නිලධාරියා සෑහීමකට පත්වන්නේ නම් වෙනත් ඡන්ද පත්‍රිකාවක් ඔහුට දිය යුතුය. එසේම ද එම නරක් වූ ඡන්ද පත්‍රිකාව තේරීම්භාර නිලධාරියා විසින් නොපමාවම අවලංගු කළ යුතුයි.
  • නම අඬ ගැසූ විට ඡන්දය නොදුන් යම් මන්ත්‍රීවරයෙකුගේ නම ඡන්දය දීම අවසන් කළයුතු වෙලාවට පෙර දෙවන වරටත් අඬ ගසන අතර එහිදී ද එම මන්ත්‍රීවරයා ඡන්දය නොදී සිටී නම් ඔහු ඡන්දය දීමෙන් වැළකී සිටිය ලෙස  සලකනවා.

ඡන්දය ගණන් කොට ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරන්නේ කොහොමද? ජයග්‍රහණය සදහා ඡන්ද 113 ක් ලබා ගත යුතුද?

  • ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව එක් එක් අපේක්ෂකයා වෙනුවෙන් සටහන් කරනු ලැබූ මනාප සංඛ්‍යාව ගණන් කිරීම සිදුවෙනවා. ඡන්දය ගණන් කිරීම සිදුකරන ස්ථානයට යම් අපේක්ෂකයෙකු පැමිණීමට කැමති නම් ඔහුට ඒ සඳහා අවස්ථාව හිමිවන අතර නැතහොත් තමා නියෝජනය කිරීමට වෙනත් මන්ත්‍රීවරයකු එම ස්ථානයට යෑමට පත්කිරීමට එම අපේක්ෂකයාට හැකියාව පවතිනවා.
  • දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් යම් අපේක්ෂකයෙකු ලබා ගන්නේ නම් එම අපේක්ෂකයා ජනාධිපතිධුරයට තෝරා පත් කර ගනු ලැබූ බව මෙහිදී තේරීම්භාර නිලධාරියා එනම් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා නොපමාව ප්‍රකාශයට පත් කරනවා.
  • දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයකු ලබා නොමැතිනම් මෙම කටයුතු ටිකක් දීර්ඝ වෙනවා. එවිට අඩුම ඡන්ද සංඛාවක් ගත් අපේක්ෂකයා තරගයෙන් ඉවත් කරනවා. එසේ තරගයෙන් ඉවත් කළ අපේක්ෂකයාට පළමු මනාපය ලෙස ඡන්දය දුන් එක් එක් මන්ත්‍රීවරයාගේ  තම දෙවන මනාපය ඇති නම් ඒවා අදාළ අපේක්ෂකයාට එකතු කිරීම සිදුවෙනවා.
  • එසේ සිදුකොටත් කිසිම අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් ‍දෙකෙන් එකකට වැඩි සංඛ්‍යාවක් ලබා ගෙන නොමැති නම් එක් එක් ගණනය කිරීමකදී අවම මනාප සංඛ්‍යාවක් ගත් අපේක්ෂකයා තරගයෙන් ඉවත් කරමින් දෙවන, තෙවන..යනාදී වශයෙන් මනාප ඉතිරි අපේක්ෂකයන්ට එකතු කරමින් ඡන්දය ගණන් කිරීම සිදුවෙනවා.
  • එසේ සිදුකොටත් කිසිම අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකක් ලබා ගෙන නොමැති නම් ඉහත පරිදි ගණන් කිරීම අවසානයේ බහුතර ඡන්ද සංඛ්‍යාවක් ගත් අපේක්ෂකයා ජනාධිපති ධුරයට තෝරා පත් කර ගත් බව තේරීම් භාර නිලධාරියා විසින් ප්‍රකාශයට පත් කරනවා.
  • එසේම අපේක්ෂකයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර ඡන්ද සමාන වූ විට තේරීම් භාර නිලධාරියාගේ පරම අභිමතය පරිදි කුසපත් ඇදීමක් සිදු වේ.
  • එසේම ජනාධිපතිවරයා තෝරා ගැනීමේ සිට දින තුනක් ඇතුළත අපේක්ෂකයාගේ නම මහලේකම්වරයා විසින් ගැසට් පත්‍රයේ පළ කළ යුතුයි.

 

 

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නාමල්ගේ හැසීරීම  විවර කළ  කවුළුවෙන් ලංකාවේ දූෂිත දේශපාලනය දුටු බ්‍රිතාන්‍ය විද්වතෙක් තැබූ සටහන….

Next Post

ජාතික ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය  යටතේ ඉන්ධන බෙදා දීම 21  දා සිට….

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.