ජාතික ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ QR කේත යොදාගනිමින් ඉන්ධන ලබාදීම ලබන 21 වනදා සිට ආරම්භ කරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය නිවේදනය කරයි.
එම සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ පවසන්නේ 21 වනදා සිට QR කේතය සහ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව පමණක් ඉන්ධන නිකුත් කරන බවය.
වාහන අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීමට හැකි වන දින පහතින් දක්වා ඇත.
- 0, 1, 2 – සඳුදා, බ්‍රහස්පතින්දා
- 3, 4, 5 – අඟහරුවාදා, සිකුරාදා
- 6, 7, 8, 9 – බදාදා, සෙනසුරාදා, ඉරිදා