කීර්ති ප්‍රනාන්දු –
හාස්කමකින් මෙන් ලේ වැගීරීමකින් තොරව නිමා වූ ජනතා අපේක්ෂා හමුවේ දැන් කළ යුතු නොකළ යුතු දේ ඕනෑවටත් වඩ පැහැදිලිව ඇති බවත් රටේ ඉරණම ව්‍යවස්ථානුකූලව විසඳා ගැනීම සඳහා එය ජනතාව විසින් පාර්ලිමේන්තුවට පවරා ඇති මොහොතක ජනතා මතයට සපුරා පටහැනි තීරණයක් මහජන නියෝජිතයන් රැස්ව ගනු ඇතැයි ජනතාව තුළ විශාල බියක් ඇති බවත් කොළඹ අග රද ගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානෝ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත විවෘත ලිපියක් ලියමින් සිහි කරති.
ජාතියක අපේක්ෂා කුළු ගැන්වී ඇති මෙම තීරණාත්මක අවස්තාවේ දී ලැබූ ජනතා වරම ජනතාව වෙත පෙරළා පූජාකරන උදාර ජානතා පුත්‍රයෙක් වශයෙන් ජාතිය වෙනුවෙන් ගැනීමට ඇති ඓතිහාසික තීරණය ගැනීමට තවම ඉඩ හසර විවර වී ඇති බව කාදිනල් තුමෝ මන්ත්‍රිවරුන්ට කියති.
මේ තීරණාත්මක මොහොතේ තම පක්ෂ දේශපාලනික බල ව්‍යාපෘති සහ ඒවා ජය ගැනීමට කෙරෙන මුදලට මන්ත්‍රීවරුන් මිල දී ගැනීම වැනි දූෂිත ක්‍රියා පසෙක ලන්නැයි එතුමෝ දන්වා සිටිති.
මාතෘභූමියේ සහ එහි ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කිරීමට හැකි බලලෝභයෙන් හා දූෂණයෙන් තොර උපරිම කැපවීමක් සහිත නායකයෙක් තෝරා ගැනීමට තම හෘද සාක්ෂියට එකඟව උරිම දායකත්වය ලබා දෙන ලෙසත් මෙම වාසනාවන්ත ඓතිහාසික අවස්ථාව මග නොහරින ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටිති.
එම සම්පූර්ණ නිවේදනය මෙසේය.