fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

තමන්ව තමන්ටම විවාහ කරගත් ඉන්දියානු තරුණිය…

සති 2ක් ago
in සමාජ
537 5
0
Kshama-Bindu

ක්ෂමා බින්දු

Share on FacebookShare on Twitter

බීබීසී-

පසුගිය වසර කිහිපය තුළ බටහිර රටවල ඒකල විවාහය (Sologamy) හෙවත් මිනිසුන් තමන්වම විවාහ කරගන්නා මංගල උත්සව රැල්ලක් මෙන් සිදුවන්නට පටන්ගති. එය දැන් ඉන්දියාවට ද පැමිණ ඇත.

බටහිර ගුජරාට් ප්‍රාන්තයේ වදෝදරාහි වෙසෙන ක්ෂමා බින්දු පසුගිය  11 දා සම්ප්‍රදායික හින්දු උත්සවයක් පවත්වා තමාවම විවාහකර ගත්තා ය.

ජුනි 8 වැනි දා රතු මංගල ඇඳුමෙන් සැරසුණු ඇය, දෑත්වල හෙනා ද, හිසකෙස්වල සිංධූර ද ගල්වා, පූජනීය ගින්න වටා සිරිත් පරිදි වට හතක් ගමන්කර තමා සමගම විවාහ වූවා ය. උත්සවය නිවසේ දී පැවැත්විණි.

හල්දි උත්සවය (මනාලියගේ සිරුරේ කහ මිශ්‍ර තෙල් ගැල්වීම) සහ සංගීත් උත්සවය වැනි පූර්ව විවාහ චාරිත්‍ර ද එදිනම සිදුකරනු ලැබිණ. විවාහයෙන් පසු ඇය සති දෙකක මධුසමයක් සඳහා ගෝවා වෙත පිටත්වනු ඇත.

සියලුම සැමරුම් ඇති නමුත් එහි ඇති එකම වෙනස නම් විවාහය සඳහා මනාලයකු නොමැතිවීම යි. ඇතැම් විට මෙය ඉන්දියාවේ පළමු ස්වයං-විවාහය ද විය හැකිය.

  • බින්දු කියන කතාව

“ගොඩක් දෙනා මට කියනවා මා එක්ක යාලුවෙන කෙනා හරි වාසනාවක් උදාකරගන්නේ කියලා,” 24 හැවිරිදි සමාජ විද්‍යා ශිෂ්‍යාවක සහ බ්ලොග් රචිකාවක වන ඇය පැවසුවා ය. “එතකොට මම එයාලට කියනවා ‘මමම තමයි ඒ වාසනාවන්තිය’ කියලා”.

බින්දු පවසන්නේ ඇය තමාවම විවාහකර ගැනීමෙන් තම ජීවිතය “ස්වයං ආදරය” වෙනුවෙන් කැප කරන බව යි.

“ස්වයං-විවාහය යනු ඔබ වෙනුවෙන්ම කැපවීමක්. තමන්ට කැමති ජීවනෝපාය සහ ජීවන රටාවක් තෝරගෙන ලස්සන, සන්තෝෂවත් ජීවිතයක් ගත කරන්න ඒකෙන් හැකි වෙනවා.”

“ඒකෙන් මම පෙන්නන්නේ මම ම‍ගේ විවිධ හැකියාවන් පිළිගත්ත බව. විශේෂයෙන් දුර්වලතා. ඒ කිව්වේ මානසිකව හෝ ශාරීරිකව හෝ හැඟීම් අනුව මම දුර්වලතා ලෙස දකින දේවල්. මම හිතන විදියට මේ විවාහය තමන් තමන්වම පිළිගත්ත බව පෙන්වන්න හොඳ ක්‍රමයක්. මම මේ පෙන්වන්න හදන්නේ මම මාවම පිළිගත්තු බව. මගේ හොඳ හෝ නරක ඕනම දෙයක් [මම පිළිගත්තු බව].”

ඇයගේ පවුල ද සිය ආශිර්වාදය ඇයට ලබා දී ඇති අතර, ඇගේ මිතුරන් ද සමග උත්සවයට ද සහභාගී වූහ.

“මගේ අම්මා කිව්වේ, ‘ෂා! ඔයා නිතරම අලුත් දෙයක් ගැන හිතනවා’ කියලා. මගේ දෙමව්පියෝ ඉතා විවෘත මනසකින් කටයුතු කරනවා. එයාලා කිව්වේ ‘ඔයා සතුටු වෙනතාක්කල් අපට ඒකෙන් ප්‍රශ්නයක් නැහැ,” ඇය වැඩිදුරටත් පැවසුවාය.

බින්දුගේ මංගල ඇරියුම් පත
  • ස්වයං විවාහ සංකල්පයේ ආරම්භය –

“තමා සමගම විවාහ වීම” පිළිබඳ අදහස මුලින්ම ප්‍රවෘත්තියක් බවට පත්වූයේ, අතිශය ජනප්‍රිය ඇමරිකානු කතා මාලාවක් වන සෙක්ස් ඇන්ඩ් ද සිටිහි චරිතයක් වන කැරී බ්‍රැඩ්ෂෝ මීට වසර 20කට පමණ පෙර ඒ ගැන කථා කළ අවස්ථාවේ දී ය. නමුත් එම කතා මාලාව විකට ගණයේ එකක් විය.

එතැන් සිට, බොහෝවිට තනිකඩ කාන්තාවන් විසින් එවැනි “විවාහ” සියගණනක් සිදුකර ගෙන ඇතැ යි වාර්තා වේ. ඇතැම් මනාලියන් අලංකාර මංගල ඇඳුමින් සැරසී, මල් කළඹක් රැගෙන, සමහර විට පවුලේ අය සහ මිතුරන් සමග ඔල්වරසන් මධ්‍යයේ විවාහ දිවියට පිවිස තිබේ. එක් අතිශය අසාමාන්‍ය සිදුවිමක දී, 33 හැවිරිදි බ්‍රසීලියානු නිරූපිකාවක ඇගේ ස්වයං “විවාහයෙන්” මාස තුනකට පසුව “දික්කසාද” වූවා ය.

ලෝකයේ බොහෝ ප්‍රදේශවල මේ වටා ව්‍යාපාර ද ප්‍රචලිත වී ඇති අතර, ඊට අදාළව මංගල මුදු, ඇරයුම් පත් ආදිය ද ඇතුළත් මංගල පැකේජ පවා බිහිව තිබේ.

නමුත් එවැනි දෑ ඉන්දියාව තුළ තවමත් අප්‍රකට නිසා බින්දුගේ විවාහ මංගල්‍යය එරට කතා බහට ලක්ව ඇත.

  • පුදුමයට පත් කරන සංකල්පයක්

අප හා කතා කළ මානසික සෞඛ්‍ය විශේෂඥයෙක් ඒකල විවාහය පසුපස ඇති හේතූන් පිළිබඳව “පුදුමයට පත් වූ” බවක් පෙනෙන්නට තිබුණි.

චන්දිගාර් නගරයේ PGIMER රෝහලේ හිටපු පීඨාධිපති සහ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරිය වන වෛද්‍ය සවිතා මල්හෝත්‍රා පැවසුවේ, “මට නම් එය ඉතා අමුතු සංකල්පයක්” ලෙස යි.

“හැමෝම තමන්ට ආදරෙයි. ඒක පෙන්වන්න බාහිර අනුරුවක් නිර්මාණය කරන්න අවශ්‍ය නැහැ. ඒක අපි හැමෝටම ආවේණික දෙයක්. ඒ වගේම, විවාහයක් කියන්නේ දෙන්නෙක් එකට එකතුවීම.”

මෙම පුවත සමාජ මාධ්‍ය තුළ ද සංවාදයට පාත්‍රව තිබේ. ඇතැමුන් ඇයට ප්‍රශංසා කළේ ඇය බොහෝ දෙනෙකුට ආදර්ශයක් වනු ඇති බව පවසමිනි. නමුත් බොහෝදෙනෙකුට ඒකල විවාහ සංකල්පය අවබෝධ කර ගැනීම අපහසු බව පෙනුනි.

පුදුමයට පත්ව සිටින එක් කාන්තාවක්, වෙනත් කිසිවෙකු සම්බන්ධ නොවන්නේ නම් විවාහයේ අවශ්‍යතාවය කුමක් ද යන්න ට්විටර් හි දී ප්‍රශ්නකර සිටියා ය. තවත් අයෙක් පැවසුවේ බින්දු තම පවුලේ වගකීම්වලින් පලායාමට උත්සාහ කරන බවක් පෙනෙන්නට ඇති බව යි.

සමහරු ඒකල විවාහය “විකාර සහ දුක්ඛිත ක්‍රියාවක්” ලෙස විවේචනය කළ අතර, එයට “නිදන්ගත නාසිස්මයයැ”යි දොස් පැවරූහ.

බින්දුට, ඇගේ ඇගේ විවේචකයන් වෙත කීමට ඇත්තේ “එකම එක දෙයකි”: “පිරිමියෙක් හෝ කාන්තාවක් හෝ තමාවම වේවා, මම කැමති කෙනාව විවාහ කර ගන්න එක මගේ තීරණයක්. ඒ වගේම මාව විවාහකර ගැනීමෙන් මට ඒකල විවාහය සාමාන්‍යකරණය කිරීමට අවශ්‍ය යි. මට මිනිසුන්ට පැවසීමට අවශ්‍යයි, ඔයා තනියම මේ ලෝකෙට ඇවිත් තනිවම මෙහෙන් යනවා කියලා. ඉතින් ඔයාට වඩා ඔයාට ආදරේ කරන්න පුළුවන් කාට ද? ඔයා වැටුණොත් ඔයාව ගොඩගන්න වෙන්නෙ ඔයාටම යි.”

 

 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ධම්මික පෙරේරාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු වෙයි!

Next Post

ව්සි එකේ කෑලි කැලි නැතිව සියල්ල එකවර ගේන්න විපක්ෂ නායක කියයි

Related Posts

lotus-tower

ණය කන්දකට හිණිමං බැන්ද “අවජාතක“ නෙළුම් කුලුන!

ජූනි 20, 2022

අසරණ ධීවරයින් කම්බස් කළ  බළපිටිය – අහුන්ගල්ල බස් කාරයින්ගේ භූමිතෙල් කොල්ලය…

ජූනි 19, 2022

ජනාධිපති විය හැකියි… ඒත් නීතියෙන් අමුඩය ගැසිය නොහැකියි…

ජූනි 6, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • වැලිකන්ද කන්දකාඩු කඳවුරේ ඝාතනය සම්බන්ධව හමුදාවේ 02ක් ගුවන් හමුදාවේ 02ක් අත්අඩංගුවට…
  • ඔබතුමා බොරු කළා… මහා නායක හිමිවරු ජනපතිට ලිඛිතව අප්‍රසාදය පලකරති.
  • වළලන්න යන රටකට ජීවිතය කියා දුන්න රත්තරන් කොල්ලා…
  • නිතිය නමා ඉහළ අණ පිලිපදින්න ගිය ගාල්ලේ පොලිස් ලොක්කා කුජීත වුණ හැටි…
  • ගෝඨාගෝගමේ ලහිරු වීරසේකර, රතකරව්වේ ජිනරතන හිමි සහ රැට්ටා ඇප ලබති….

ජනප්‍රිය පුවත්

  • නිතිය නමා ඉහළ අණ පිලිපදින්න ගිය ගාල්ලේ පොලිස් ලොක්කා කුජීත වුණ හැටි…

    250 shares
    Share 100 Tweet 63
  • වෛද්‍යවරුත් පැය 12ක් ඉන්ධන පෝලිම්වල… රෝහල් කටයුතු බිඳවැටේ… ප්‍රමුඛතාවට මිනිස්සු එරෙහි වෙති!

    216 shares
    Share 86 Tweet 54
  • ලංකාවේ ක්‍රිකට් ගිලින දඟ පන්දු බිල්ලා…

    209 shares
    Share 84 Tweet 52
  • ඔබතුමා බොරු කළා… මහා නායක හිමිවරු ජනපතිට ලිඛිතව අප්‍රසාදය පලකරති.

    205 shares
    Share 82 Tweet 51
  • විපක්ෂයේ සියලු පක්ෂ රට අගුළු දමන දැවැන්ත හර්තාලයකට සැරසෙයි…

    208 shares
    Share 83 Tweet 52
  • වළලන්න යන රටකට ජීවිතය කියා දුන්න රත්තරන් කොල්ලා…

    203 shares
    Share 81 Tweet 51

Highlights

නිතිය නමා ඉහළ අණ පිලිපදින්න ගිය ගාල්ලේ පොලිස් ලොක්කා කුජීත වුණ හැටි…

ගෝඨාගෝගමේ ලහිරු වීරසේකර, රතකරව්වේ ජිනරතන හිමි සහ රැට්ටා ඇප ලබති….

මාසෙකට 7500ක පඩියක් අරන් ජීවත් වෙන්න නොමැරී මැරෙන මිනිස්සු….

කොළඹ කොටුව දුම්රිය ස්ථානය නොසන්සුන් – දුම්රිය ස්ථානාධිපතිවරු නිවේදනය කරති!

කලින් නොදන්වා දුම්රිය වර්ජනයක් ඇරඹෙයි… මිනිස්සු අසරණයි…

ශ්‍රී ලංකාව ගාලු ක්‍රිකට් කතාවේ බිහිසුණුම පරාජය ලබයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

වැලිකන්ද කන්දකාඩු කඳවුරේ ඝාතනය සම්බන්ධව හමුදාවේ 02ක් ගුවන් හමුදාවේ 02ක් අත්අඩංගුවට…

by editor
ජූලි 1, 2022
0

මනම්පිටිය නිමල් ජයරත්න - වැලිකන්ද කන්දකාඩු...

ඔබතුමා බොරු කළා… මහා නායක හිමිවරු ජනපතිට ලිඛිතව අප්‍රසාදය පලකරති.

by editor
ජූලි 1, 2022
0

තමන්වහන්සේලා අවස්ථා කීපයකදී  ඉදිරිපත් කළ යෝජනා...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist