බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ජෛව ඩීසල් නිශ්පාදනය කළේ  අවුරුදු 15කට කලින්…  එඬරු ඇටෙන් ඩීසල් හැදූ දොස්තර මහත්තයා කී කතාව!

by editor
පෙබරවාරි 28, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල

  • මගෙ කැබ් රථය දුවන්නෙ ගෙදර හදපු ඩීසල්වලින්… ට්‍රැක්ටරයත් එහෙමයි…

  • එඬරු ඇට කිලෝ එකකින් ඉන්ධන ලීටරයක් හදා ගත හැකියි…

  • කාන්තාරවලත් හැදෙන එඬරු රේල් පාර දෙපැත්තෙ හිටෙව්ව නම් කෝච්චි ටික දුවාගන්න තිබුණා…

  • ඉන්දියාවෙ වගේම අප්‍රිකාවෙත් මේ ඩීසල් භාවිතා වෙනවා…

මේ දිනවල අපේ රට මුහුණ පා සිටින ඉන්ධන ගැටලුවට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා විසඳුම් සොයාගෙන තිබුණේ මීට වසර පහළොවකට පමණ පෙරදී ය. ඒ පිළිබඳ ව මාධ්‍ය හරහා සිදු කරන ලද ප්‍රචාරයන් අලුයම ලූ කෙල පිඬක් සේ ඉවත දමමින් කොමිස් මුදලට රට පාවා දෙන්නන් පිටරටින් තෙල් ගෙන්නන්නට ඩොලර් සොයන බව වෛද්‍ය දුලාන් සමරවීර කියන්නේය.

තමා මේ පිළිබඳ සොයා ගත් මුල් කාලයේදී ම එඬරු වවන්නට පටන් ගත්තේ නම් වර්තමාන තෙල් අර්බුදයට කිසිදු ගැටලුවකින් තොර ව මුහුණ දෙන්නට ශ්‍රී ලංකාවට හැකිව තිබූ බව ද ඔහු කීවේ ය. අප්‍රිකාවේ කාන්තාරවල ද ඉතා හොඳින් වැවෙන එඬරු ශාක ශ්‍රී ලංකාවේ ඕනෑ ම දේශගුණික කලාපයක කිසිදු පොහොර භාවිතයකින් ද තොර ව සරුවට වැඩේ.

“සාමාන්‍යයෙන් එක එඬරු ගහකින් ගෝනියක් විතර එඬරු ඇට ගන්න පුළුවන්. ඒ කියන්නේ කිලෝ විසි පහක් විතර ගත හැකියි. එඬරු ඇට කිලෝ එකකින් ඩීසල් ලීටරයක් පමණ නිපදවා ගත හැකියි. ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග දෙපස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් බිම් තීරුවල එ‍ඬරු වැව්වොත් ඒ ඇටවලින් ගන්නා ඩීසල් ලංකාවේ දුම්රිය ධාවනයට ප්‍රමාණවත් වෙනවා.

සාමාන්‍යයෙන් පොල්තෙල් හිඳින්න භාවිත කරන යන්ත්‍රයක් මගින් එඬරු ඇට අඹරා තෙල් ලබාගත හැකියි.  එඬරු තෙල් එක් ලීටරයක් නිෂ්පාදනට වැය වන්නේ රුපියල් 70ක් වැනි පමණයි. දැනට පවතින ඩීසල් වාහනවලට මෙය භාවිත කළ හැකියි. කිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මගේ කෘෂිකර්මාන්ත වැඩවලට යොදා ගන්න ටැක්ටරයටත්, මගේ කැබ් රථයටත් මම දැනටමත් යොදා ගන්නේ මා විසින් ම එඬරු ඇටවලින් සාදා ගනු ලබන මෙම  ඩීසල්මයි. මෙම ඩීසල්වල ලිහිසි ගතිය වැඩියි. ඒ නිසා වාහනයේ මෝටරයට එය ඉතා හිතකරයි.

සාමාන්‍ය ඩීසල්වලට එම ලිහිසි ගතිය ගැනීම සඳහා සල්ෆර් මුසු කරනවා. සල්ෆර් දහනයේදී පරිසරයට සල්ෆර් ඩයොක්සයිඩ් එකතුවීමෙන් වායු දූෂණයක් සිදු වෙනවා. මෙම ජෛව කාබනික ඩීසල්වලට සල්ෆර් එකතු කරන්නේ නැහැ.

ජෛව කාබනික ඩීසල් දහනයෙන් කාබන්ඩයොක්සයිඩ් පරිසරයට මුදා හැරීම සියයට 30කින් ද කාබන් මොනොක්සයිඩ් ඩිමෝචනය සියයට 50කින් ද අඩු වීමෙන් විශාල පරිසර ආරක්ෂණයක් සිදු වෙනවා.

ඒ වගේ ම පැට්‍රෝලියම් ඩීසල් භාවිතය නිසා වාහනයේ ඇන්ජිම රත්වීම, දෙදරීම, කාබන් බැඳීම මෙම ජෛව කාබනික ඩීසල් භාවිතයෙන් සිදු වන්නේ නැහැ.  අවාසියකට තියෙන්නේ වායුගෝලයේ උෂ්ණත්වය ඍණ දෙකට වඩා අඩු වෙනවා නම් මෙම ජෛව කාබනික ඩීසල් පොල්තෙල් මිදෙන්නා සේ මිදෙනවා. නමුත් ශ්‍රී ලංකාව එවැනි පහළ උෂ්ණත්වයකට පත් නොවන නිසා මෙම ජෛව කාබනික ඩීසල් ලංකාවේ ඕනෑ ම ප්‍රදේශයකට ගැලපෙනවා.

දැනටමත් ඇමරිකාව, බ්‍රසීලය, ඉන්දියාව, පිලිපීනය, ඉන්දුනීසියාව සහ අප්‍රිකාව වැනි රටවල් මීට වසර ගණනාවකට පෙර සිට ම  ජෛව කාබනික ඩීසල් නිෂ්පාදනය කර භාවිත කරනවා.”

ජෛව කාබනික ඩීසල් ශ්‍රී ලංකාවේ නිපදවීමෙන් ඒ ආශ්‍රිත රැකියා අවස්ථා උදා වන්නා සේ ම දේශීය නිෂ්පාදනයක් වීම නිසා ආර්ථික ඉතිරියක් ද සිදු වනු ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලොව විශාලතම ගුවන් යානය ම්‍රියා රුසියානු ප්‍රහාරයෙන් විනාශ වෙයි….

Next Post

ඇමරිකානු තානාපතිනිය සිංහල සහ දෙමළ ඉගනීම අරඹයි!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.