බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ජාතික ක්‍රීඩිකාවන් මැදපෙරදිග ගෘහසේවයට යන රටක්… ක්‍රීඩාව රකින්න අපෙන් පඩිගන්න මහත්වරුනි… උඹලා හිඟා කාපල්ලා…

by editor
ජූලි 16, 2023
in සමාජ
Sachini-Perera
Share on FacebookShare on Twitter

ලලංක ජයකොඩි

ජාතික මට්ටමේ දක්ෂතා පෙන්වන ක්‍රීඩිකාවන් මැදපෙරදිග ගෘහ සේවයේ යෙදෙන්නට යන රටවල් ගැන ඔබ අසා තිබෙනවාද? ඔබ ශ්‍රී ලාංකිකයකු නම් ඔබට කනගාටුවෙන් වුවද දැන්විය යුත්තේ ජාතික මට්ටමේ ක්‍රීඩිකාවක සෞදියේ ගෘහ සේවයට ගොස් සිටින රටක ඔබ ඉපදී ඇති බවයි. ඔබ ජාතිකත්වය හිමි කරගෙන ඇති බවයි.

2022 අප්‍රේල් 11 – සචිනි වාර්තාව අලුත් කළ දවස…

සචිනි කෞෂල්‍යා පෙරේරා කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාව හිමි ක්‍රීඩිකාවය.   එම ඉසව්වේ ජාතික වාර්තාව අවස්ථා හයකදීම අලුත්කර ඇති ක්‍රීඩිකාවය.    යුද හමුදා වාර්තාව සහ ආරක්ෂක සේවා වාර්තාව ලියැවී ඇති ක්‍රීඩිකාවය.  2018 සිට 2022 දක්වා අඛණ්ඩව රිටි පැනීමේ ජාතික ශූරිය ඇයය.  මහත්වරුනි… උඹලා රෙදි ඇඳන් ද? සචිනි කෞෂල්‍යා දැන් ජීවත් වීම සඳහා මැද පෙරදිග ගෘහ සේවයේය.

සචිනි කෞෂල්‍යා… දැන් ඇය මැදපෙරදිග ගෘහ සේවයේ…

ඇය දැන් මැදපෙරදිග ගෘහ සේවයට ගොස් අවුරුද්දක කාලයක් ඉක්ම ගොස් ඇත.

ඇය කුඩා කළ සිටම ක්‍රීඩාව සඳහා සිය ජීවිතයම කැප කළ බව ලෙඩ ඇඳේ සිටින මව හැඬූ කඳුලින් කිවාය. ඒ අම්මා ඔත්පලය. පක්ෂගාත රෝගය වැළඳී ඉන්නේ එක්තැන්වය. කතා කරන්නේත් අපහසුවෙනි.

“පොඩි කාලේ ඉඳන් දුව හරිම දක්ෂයි ක්‍රීඩාවට. මේ සිදු වන දේවල් එක්ක ඇයට කලකිරුණා. පසුව එයා රට ගියා. සචිනි ගේ මව ගොත ගසමින් කීවාය

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමට අවශ්‍ය පහසුකම් සඳහා රජයේ – බලධාරීන්ගේ අවධානයක් දී තිබුණේ නැත. ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමට තරම් ඇයට හෝ ඇයගේ පවුලට ආර්ථික ශක්තියක් ද  තිබුණේ නැත. ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා සේ සචිනිගේ මවද අංශභාග රෝගය නිසා පූර්ණ කාලීනව ඇඳට වැටිනි.

එදා අම්මා සමග සිටින ඡායාරූප පෙළක් පළ කර සචිනි සිය මුහුණු පොතේ මෙසේ ලියා තිබුණාය.

” අද මම මෙච්චර ලොකු ගමනක් එන්න තරම් මාව ශක්තිමත් කරේ ඔයා.ඔයාට ගොඩාක් පිං අතක් පයක් නොකඩා හදලා මාව මෙහෙම තැනකට ගෙන්න උනු මහන්සියට.බීපු ලේ කිරි බිංදුවක් ගානේ නයයි මම ඔයාට.ඒත් ඔයා ඔහොම ඉන්නවා බලන්න බෑ මට.අපි ඉක්මනට නැගිටිමු,ඇවිදිමු ඔයාට පුලුවන්. ඉක්මනට හොද වෙන්න අම්මේ ජේසු පිහිටයි!”

සචිනි දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක බාල දියණියය. අසනීපව ඔත්පල වූ අම්මා සහ අසනීප වී සිටින සිය තාත්තා සම්බන්ධව වගකීම ඇය ගත්තාය. ඇය ගෘහ සේවයට මැද පෙරදිග යෑම තෝරා ගත්තාය.

අම්මා ඔත්පල වන්නට පෙර සචිනි සමග

“අමම්ත් අසනීප තත්ත්වෙන් ඉන්නවා. අම්මගෙ බෙහෙත්වලටත් වියදම් යනවා. ඒ නිසා ඇය රට යන්න තීරණය කළා.” අසනිපව සිටින  සචිනි ගේ පියා මේ පිළිබඳ කීවේ එවැන්නකි.

ක්‍රීඩාවෙන් ඉදිරිය යෑමට සචිනිලා වැනි දක්ෂයන්ට අත දෙනාවට මෙරට පත් වෙන ආණ්ඩුවලට වඩාත් වැදගත් වගකීම් තිබෙන්නට ඇත. කාබනික පොහොර වගාව, ඇවිදින මං තීරු- නෙළුම් කුළුණු වැනි වඩාත් වැදගත් ව්‍යාපෘති සඳහා පසුගිය ආණ්ඩු වඩාත් උනන්දුවෙන් ඇප කැප වී වැඩ කරනු දක්නට ලැබිණි. ඒවායේ ප්‍රතිඵල සචිනිලා මෙන්ම රටේ බොහෝ පිරිසක් අත්විඳිනු පෙනේ.

ලංකාවේ අංක 01… ජයග්‍රහණයෙන් අනතුරුව තාත්තා වැළඳගෙන….

“මම ඉල්ලුවේ රජයෙන් පුහුණු වීමක් හෝ ජාත්‍යන්තර තරගාවලියක් සඳහා අවස්ථාව. එයින් මට අත්දැකීමක් ගන්නයි අවශ්‍යය වුණේ. කුඩා තරගාවලියක් වෙන්න පුළුවන් ඒක. ශ්‍රී ලංකාව ඇතුළේ මම මීටර් 3.50ක් පනිනවා නම් දෙවනි තැනට හිටිය කෙනා පැන්නේ මීටර් 3.20ක විතර. මට එතැන තරගයක් තිබුණේ නෑ. ඒ වගේ වටපිාටවක. මම ඉල්ලුවේ කුමන හෝ සහගෝයක් දෙන්න. එසේ වුවොත් ආසියානු මට්ටමට පුුහුණූ වෙන්න පුළුවන් කියලා. අම්මගෙ ගෙදර ප්‍රශ්නත් එක්ක ක්‍රීඩාව කරලා වැඩක් නෑ කියලා මම තීරණය කළා. ” සචිනි   කීවාය.

“මෙතතින් පස්සේ ක්‍රීඩකයන්ට රට හැර නොයන විදිහට අපි රට හදමු.  ඊයෙත්  දවසෙත් ක්‍රීඩාවෙන් පදක්කම් ගෙන ආ ක්‍රීඩකයන් ඉන්නවා. ඒ අයට ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න අවශ්‍ය පහසුකම් සලසා දෙන්න. ඒක ත මයි මම ඉල්ලන්නේ.”

ඇය කීවේ බැංකොක්හි ආසියානු මළල ක්‍රීඩා උලේලේ දි පදක්කම් ගෙන ඇයගේ සහෝදර ක්‍රීඩිකාවන් ගැනය.

සචිනි….

ඇයට තවමත් තමා ගැන කෙසේ වෙතත් ලක් අම්මාගෙන් බිහිවෙන අනෙකුත් අංකුර ක්‍රීඩකයන් ගැන නොනිවුණු බලාපොරොත්තු තිබේ. ඇය හඬන්නේ නැත. පළි ගහන්නේ නැත. සාප කරන්නේ නැත.    ක්‍රීඩාවෙන් ලැබූ මහා පන්නරය ඇය සතුව තිබේ. ඒ පන්නරය වන්නේ ආත්මාර්ථකාමි නොවන පොදු යහපත සඳහා  නොබිඳුණු බලාපොරොත්තු පමණක් බව ඇගේ තිර කට හඩින් පැහැදිලිව විද්‍යාමාන වේ.

ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැකගැනීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිකම හේතුවෙන් හෝ සිය ආර්ථික ගැටලු විසඳාගැනීම සඳහා රට හැර ගිය පළමු වැනි ක්‍රීඩිකාව සචිනි පමණක් නොවේ.  .මේ එක් කතාන්දරයක් පමණි.

අපේ රටේ බලධාරින්ට ක්‍රීඩකයන් රැක ගන්නවාට වඩා – ක්‍රීඩාව දියුණු කරනවාට වඩා ඕනෑ තරම් වැඩ තිබේ. බුලත් පයියට හෙන ගැහූ පසු හුණු කිල්ලෝටය ගැන කතා කරලා වැඩක් නැති බවට පැරණි කියමනක් තිබේ.

විදින විදින බෙහෙත් විස වී රෝගීන් මියැදෙන රටක – අබලන් පාලම්වලින් මිනිසුන් පොදි පිටින් ගංගාවලට වැටී නැසෙන රටක ඒවා පිළිසකර කරන්නට මුදල් නැතැයි ඇඟට පතට නොදැනෙන්නට මාධ්‍ය ඉදිරියේ විලි ලජ්ජාවක් නැතිව කියන ඇමතිලා සිටින රටක ක්‍රීඩකයන් නම් කවුරුන්ද?.

උඹලා පුලුවන්නම් නොමැරී ඉඳපල්ලා මිත්‍රවරුනි. ඒ ඇති.

මේ ඒ සචිනි…

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රුසියානු යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඉන්දියාවට හැකි නම් එය සාදරයෙන් පිළිගන්නා බව එක්සත් ජනපදය පවසයි

Next Post

ඩෙන්මාර්ක් ජාතික තරුණියගේ මරණ පරීක්ෂණය ඥාතීන් රටට එනතුරු කල් යයි…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.