යුක්රේනයේ භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීභාවය පිළිගනිමින් ‘සාධාරණ හා කල්පවත්නා සාමයක්’ සාක්ෂාත් කර ගැනීම සඳහා ඉන්දියාවට හෝ වෙනත් ඕනෑම රටකට ඉටු කළ හැකි කාර්යභාර්ය එක්සත් ජනපදය සාදරයෙන් පිළිගන්නා බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් පවසයි.
පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී, රුසියාව හා යුක්රේනය අතර ඇති යුද්ධයට තිත තැබීමට ඉන්දියාවට හෝ අගමැති නරේන්ද්‍ර මෝදිට දායක විය හැකි ද යනුවෙන් මාධ්‍යවේදියෙකු ඇසූ පැනයට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
යුක්රේනය සමඟ ගැටුම රුසියාවට ‘උපායමාර්ගික අසාර්ථකත්වයක’ ට පත් කර ඇතැයි ද, රුසියාවට හමුදා නිළධාරීන් හා උපකරණ අහිමි වී ඇතැයි ද පැවසූ බව ‘එන්ඩීටීවී’ වෙබ් අඩවිය වාර්තා කරයි. යුද්ධයේ ආර්මභයේ සිටම යුක්රේනයට ලැබී ඇති ජාත්‍යන්තර සහය එක්සත් ජනපදය සාදරයෙන් පිළිගන්නා බව ද ඔහු පවසා ඇත.
මීට පෙර, ජුනි මාසයේදී, අගමැති නරේන්ද්‍ර මෝදි සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් යුක්රේනයේ ගැටුම පිළිබඳව කනස්සල්ල පළ කළ අතර එහි “භයානක හා ඛේදනීය” මානුෂීය ප්‍රතිවිපාක ගැන ශෝක වූහ. ජාත්‍යන්තර නීතිය, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්ම සහ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවයට ගරු කරන ලෙස නායකයන් දෙදෙනා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉල්ලා සිටියහ.