ඉන්දියාව හා ප්‍රංශය අතර ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීමට හා යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර පුළුල් උපායමාර්ගික සබඳතා හැඩගැස්වීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රංශ සංචාරය තුළින් ඉඩ සැලසෙනු ඇති බව මීඩියා ඉන්දියා ගෲප් වාර්තා කළේය.
ප්‍රංශය හා ඉන්දියාව සිය උපායමාර්ගික හවුල්කාරීත්වයේ 25 වැනි වසර සමරන මේ මොහොතේ මේ සංචාරය තුළ වැඩි වැදගත්කමක් ඇති බව ඔවුන්ගේ අදහසයි.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ ආරාධනයෙන් ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස බැස්ටිල් දින පෙළපාලියට සහභාගී වීමට අගමැති මෝදි ප්‍රංශයට පැමිණියේය. 2009 දී මන්මෝහන් සිංගෙන් පසු බැස්ටිල් දින පෙළපාලියේ ගෞරවනීය ආරාධිත අමුත්තා වූ දෙවන ඉන්දීය අගමැතිවරයා ඔහු බවට පත්වේ.
ඉන්දීය-ප්‍රංශ උපායමාර්ගික හවුල්කාරිත්වයේ මීළඟ අදියර කරා ගමන් කිරීමටත්, සංස්කෘතික, විද්‍යාත්මක, ශාස්ත්‍රීය, ආර්ථික සහයෝගීතාව සහ පුළුල් පරාසයක අවශ්‍යතා සඳහා නව අභිලාෂකාමී ඉලක්ක තැබීමටත් අගමැති මෝදිගේ සංචාරය ජාතීන් දෙකට අවස්ථාවක් ලබා දෙයි