fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ජනපති මැදුරෙන් හමුවී අරගලකරුවන් පොලිසියට භාර දුන් මුදල අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අධිකරණ නියෝගයක්…

අධිකරණයට ඉදිරිපත් කරන්න හැදූවත් දේශබන්දු එය වළක්වලා... මුදල් සහ ලිපි ලේඛණ සී.අයි.ඩි. එක යටතට අරන්...

සති 3ක් ago
in සමාජ
544 5
0
Sri Lankan rupee bills stacks background

Sri Lankan rupee bills stacks background

Share on FacebookShare on Twitter

ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් සොයාගෙන කොටුව පොලිසිය වෙත භාර දුන් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක   මුදල වහාම අධිකරණයට භාර දෙන ලෙස අද (28) කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ වෙත නියෝග කළේය.

මෙම මුදල අරගලකරුවන් විසින් පොලිසියට භාර දී සති තුනක් ගතවන නමුත් ඒ සම්බන්ධව කිසිදු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් වී නැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා එම මුදල අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙම නියෝගය  කළේය.

උක්ත අධිකරණ නියෝගය ලැබෙන්නේ  මෙම මුදල අධිකරණයට ඉදිරිපත් කිරීමට ඉඩ නොදී  කළ බලපෑම පිටුපස බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිටි බව  හෙළිදරව් වී ඇති පසුබිමකය.

එම සම්පූර්ණ සිද්ධිය මෙසේය.

ජනාධිපති මන්දිරයේ සුරක්ෂිතව තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදලක්   එම මන්දිරයට ඇතුළු වූ විරෝධතා කරුවන් පිරිසක් විසින් පසුගිය 09 වැනිදා සොයාගෙන  තිබිණි.

බැංකු සටහන් සමග  එම මුදල තිබී ඇත්තේ  අලුත්ම මුදල් නෝට්ටු ලෙසය. එම මුදල සොයා ගත් වහාම එම තරුණයන්  ජනාධිපති මන්දිරයේ ආරක්ෂාව භාරව සිටින විශේෂ කාර්ය බලකායේ  පොලිස් අධිකාරී නිශේධ ප්‍රනාන්දුට දන්වා ඔහුට එම මුදල භාර දුන්නේය.

එහෙත් පොලිස් අධිකාරීවරයා එය තමන් භාර ගැනීම නොව වඩාත් නීත්‍යානුකූල ක්‍රමවේදයකට එය පොලිස් භාරයට පත් කළ යුතු බව එම තරුණයින්ට දන්වා කොටුව පොලිස්  ස්ථානාධිපති සාගර ලියනගේට මේ බව දන්වා තිබිණි.

සාගර ලියනගේ පොලිස් කණ්ඩායමක් සමග පැමිණ එම මුදල භාර ගෙන මුදල තිබූ ස්ථානය හා එම මුදල් ප්‍රමාණය වීඩියෝ ගත කර භාර ගත්තේය.  අනතුරුව එම ස්ථානයේ රැඳී සිටි තරුණයින් පස් දෙනෙකුගෙන් සාක්ෂිත්  සටහන් කරගෙන පොලිස් සථානයට පැමිණීමෙන් පසු සියලු තොරතුරු පොත්පත්වල සටහන් කළේය.

දේශබන්දුගේ බලපෑම

ඉදිරි නෛතික කටයුතු සඳහා සූදානම් වෙමින් සිටිය දී  09 වැනිදා රාත්‍රියේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේට දුරකථනයෙන් අමතා ඇත. ඒ වනතුරු   දුරකථනය විසන්ධි කරගෙන සිටි බවට වාර්තා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සාගර ලියනගේ අමතා ඔහුට තදින් දෝෂාරෝපණය කර මෙම මුදල පොත් පත්වල සටහන් කළේ කුමක් නිසා දැයි ප්‍රශ්න කර තිබිණි

අනතුරුව ඉරිදා (10) උදෑසන වනවිට මුදල පොලිසිය භාර ඇමතිවරයාගේ නිවසේ තිබිය යුතු බවට ඔහු කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත  දන්වා ඇත.

එය කළ නොහැකි බවත් නීත්‍යානුකූල නොවන බවත් පැහැදිලි කිරීමට ගිය කොටුව ස්ථානාධිපතිවරයාට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා ඇත්තේ තමන්ට මේ පැහැදිලි කිරීම් අනවශ්‍ය බවය.

මේ අවස්ථාවේ දී කොටුව පොලිස් ස්ථානාධිපති  සාගර ලියනගේ පොලිස්පතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානීත්වය දරන නියෝජ්‍ය පොලිස්පතිවරයා අමතා  ඒ හරහා සිද්ධිය පිළිබඳ පොලිස්පතිවරයා දැනුම්වත් කර තිබිණි.

ඒ අනුව පොලිස්පතිවරයා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට උපදෙස් ලබා දී ඇත්තේ  කිසිම අනීතික කටයුත්තක් නොකරන ලෙසය. නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.  ඕනෑම උපදෙසක් අවශ්‍ය නම් පොලිස්පතිවරයා විමසන ලෙසය.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සිදුකළ බලපෑම සම්බන්ධව  සටහනක් තබන ලෙස ද පොලිස්පතිවරයා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දී තිබිණි. මේ අතර සමහර උසස් පොලිස් නිලධාරීන් උක්ත මුදල ඇමතිවරයාට භාර දී අනවශ්‍ය ප්‍රශ්න වලින් වැලකී සිටින ලෙස කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දී ඇත.

එම අවස්ථාවේ දී කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම මුදල තමන් භාර දෙන්නේ කිසිවෙකුටවත් නොව උසාවියට බවය.

සීඅයිඩී ය මුදල් භාර ගැනීම –

මේ තත්ත්වය තුළ පසුගිය 13 වැනිදා එම මුදල අධිකරණය වෙත භාර දීමට අවශ්‍ය සියලු කටයුතු කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා සකස් කර තිබිණි.

ඒ අතර මෙම  රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදල උසාවියට ඉදිරපත් කිරීම වළක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 12 වැනිදා එය තමන්ගේ  භාරයට ගත්තේය.

එම මුදල් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් භාර ගන්නා විටි අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව දන්වා ඇත්තේ  මෙම  මුදල් සම්බන්ධව පමණක් නොව   බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් මෙම මුදල් සඳහා  කළ බලපෑම් සම්බන්ධවත් විධිමත් පරීක්ෂණයක් පවත්වන බවය.

ඒ අනුව සියලුම ලිපිලේඛණ හා සාක්ෂි සටහන් සහිතව එම මුදල  පසුගිය 12 වැනිදා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත්තේය.

එම මුදල වහාම අධිකරණයට භාර දෙන ලෙස අද කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් කොටුව පොලිස් ස්ථානාධිපතිට දන්වා සිටින්නේ  මේ පසුබිමේ දී ය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

රටට දිනන්නත් පුලුවන්…. ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 246ක විශිෂ්ට ජයග්‍රහණයක්…

Next Post

ඇෆ්ගන් පාකිථාන ආර්ථික අර්බුද දෙරට උරණ කර ලකුණු

Related Posts

china

මරණාසන්න රටට  ජීවිතය හෝ මරණය තෝරා දෙන චීන තීන්දුව … 

ජූලි 28, 2022

ශ්‍රි ලංකාවේ අපි විඳින අමිහිර මාලදිවයිනටත් විඳින්නට සිදුවෙයිද?

ජූලි 26, 2022

ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමයෙන් පෙළෙන අපේ රටේ මිනිස්සු!

ජූලි 23, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • වෙන්ව ගමනක් නෑ… ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කියන්නෙ එක කාසියක දෙපැත්ත… ජනපති කියයි!  
  • ශ්‍රී ලංකා ක්‍රිකට් අර්ජුන රණතුංගගෙන් බිලියන 02ක වන්දියක් ඉල්ලයි….
  • විදුලිය  පැයතුන කැපෙන්නෙ මෙහෙමයි…
  • මෝදී අවුරුදු විසි පහක කැපකිරීමක් තරුණයින්ගෙන් ඉල්ලයි
  • පොහොට්ටුව ජොන්ස්ටන්ට, රෝහිතට, සහ මහින්දානන්දට ප්‍රධාන කැබිනට් ඇමති ධූර ඉල්ලයි!

ජනප්‍රිය පුවත්

  • පොහොට්ටුව ජොන්ස්ටන්ට, රෝහිතට, සහ මහින්දානන්දට ප්‍රධාන කැබිනට් ඇමති ධූර ඉල්ලයි!

    172 shares
    Share 69 Tweet 43
  • ගල්කටස් එක්ක සමග අත්අඩංගුවට ගත් හරක්කටාගේ “ප්‍රධාන ඝාතකයා“ ගැන කතාවක්!

    213 shares
    Share 85 Tweet 53
  • ශ්‍රී ලංකා ක්‍රිකට් අර්ජුන රණතුංගගෙන් බිලියන 02ක වන්දියක් ඉල්ලයි….

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය වියදම් පාලනයට අදාළ භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම අනිවාර්යයි.

    172 shares
    Share 69 Tweet 43
  • රට දිනවූ නෙත්මි අහිංසාව රැවටූ හැටි හෙළි වෙයි… විලි ලජ්ජයි නාමල්!

    291 shares
    Share 116 Tweet 73
  • හොරාත් හොල්මන් කළ ඇමති දියණියගේ ලක්ෂ 25ක මඟුල් මුද්ද…

    258 shares
    Share 103 Tweet 65

Highlights

මෝදී අවුරුදු විසි පහක කැපකිරීමක් තරුණයින්ගෙන් ඉල්ලයි

පොහොට්ටුව ජොන්ස්ටන්ට, රෝහිතට, සහ මහින්දානන්දට ප්‍රධාන කැබිනට් ඇමති ධූර ඉල්ලයි!

සමුද්‍ර ගවේෂණ ඩෝනියර් ගුවන් යානය ඉන්දියාව අද   ශ්‍රි ලංකාවට භාර දෙයි!

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 02ක් අක්‍රීයයි. විදුලි කප්පාදුව පැය 03යි….

ගල්කටස් එක්ක සමග අත්අඩංගුවට ගත් හරක්කටාගේ “ප්‍රධාන ඝාතකයා“ ගැන කතාවක්!

රාජ්‍ය වියදම් පාලනයට අදාළ භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම අනිවාර්යයි.

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

වෙන්ව ගමනක් නෑ… ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කියන්නෙ එක කාසියක දෙපැත්ත… ජනපති කියයි!  

by editor
අගෝස්තු 15, 2022
0

ඉන්දියාව  සහ ශ්‍රී ලංකාව   දෙරටටම වෙන්ව...

ශ්‍රී ලංකා ක්‍රිකට් අර්ජුන රණතුංගගෙන් බිලියන 02ක වන්දියක් ඉල්ලයි….

by editor
අගෝස්තු 15, 2022
0

අසත්‍ය හා අවමන් සහගත ප්‍රකාශ කරමින්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist