සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

රටට දිනන්නත් පුලුවන්…. ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 246ක විශිෂ්ට ජයග්‍රහණයක්…

by editor
ජූලි 28, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ලකුණු 246ක විශිෂ්ඨ ජයග්‍රහණයක් සලකුණු කරමින් ශ්‍රී ලංකා පකිස්ථානු දෙවැනි ටෙස්ට් තරගය නිමා වී තිබේ. තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී ඇත.

ලකුණු 508ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පකිස්තානු කණ්ඩායම ලකුණු 261කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

යළිත් වරක් ප්‍රභාත් ජයසූරිය සිය විශිෂ්ඨත්වය ප්‍රකට කළේය. ඒ දෙවැනි ඉනිමේ දී කඩුළු 05ක් ලබමිනි. ඔහු ලකුණු 117ට කඩුළු 05ක් ලැබීය. රමේෂ් මෙන්ඩිස් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් සතු විපුලත්වය ප්‍රදර්ශනය කළේය. දෙවැනි ඉනිමේ දී  නොදැවී ලකුණු 45ක් ලැබූ ඔහු ලකුණු 101කට කඩුළු 04ක් ලැබුවේය. මැදපෙළ පිතිකරු ෆවාඩ් අලාම් දුවද්දී දැවී යෑමට හසුවිය.

පකිස්ථානු දෙවැනි ඉනිම වෙනුවෙන් බබාර් අසාම් හුදකලා සටනක නිරත වෙමින් ලකුණු 81ක් ලැබුවේය.  ඉමාම් උල් හක් ලකුණු 49ක් ලබා සිටිය දී දැවී ගියේය.

ඊයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 08කට ලකුණු 360ක් ලබා සිටිය දී ඉනිම අත්හිටෙව්වේය. පළමු ඉනිමේ වාසියත් සමග පකිස්ථානයට ලකුණු 508ක බෙහෙවින්ම අසීරු ජයග්‍රාහී ඉලක්කයක් ලැබී තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පකිස්තානු කඩුළු දඩයම  ඊයේම ප්‍රභාත් ජයසූරිය  විසින් ආරම්භ කළේය.

ශ්‍රී  ලංකා කණ්ඩායම ජයග්‍රහණයට  ඔසවා තැබීමේ විශිෂ්ටම මෙහෙවර පිත්තෙන් ඉටු කළේ මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වාය. ඔහු හතරේ පහර 16ක් සහිතව ලකුණු 109ක් වාර්තා කළේය.

ඉනිම ආරම්භ කිරීම දික්වැල්ලට දී මැද පෙළට පැමිණි දිමුත් කරුණාරත්න ලකුණු 61ක් ලබා ගත්තේය. ඔහු සහ ධනංජය අතර ඇතිවූ සම්බන්ධතාවය මේ ඉනිමේ විශිෂ්ටම සම්බන්ධතාවය විය.   ඔවුන් දෙදෙනා එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු  126ක සම්බන්ධතාවයක් ගොඩනැගුවේය.

මීට අමතරව ඉනිම අත්හිටුවීමට අවශ්‍ය ස්ථාවර  පදනම සපයමින්  ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වේගවත් ලකුණු 45ක් රැස් කරගන්නට රමේෂ් මෙන්ඩිස්  සමත් විය. ධනංජය ලකුණු 109කට දැවී යෑමත් සමග ඉනිම අත්හිටවීම නිසා නොදැවී සිටි රමේෂ් මෙන්ඩිස්ට සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගැනීමට නොහැකි විය.

කෙසේ වෙත්ත අසීරු ලකුණු 508ක ඉලක්කය අතර මැදදී බිඳ වැටිණි. මුල් ඉනිම 231කට සීමා වූ  පකිස්තානුවෝ දෙවැනි ඉනිමේ දී  ලකුණු 261කට දැවී ගියහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අංක තහඩු වෙනස් කරගෙන ඉන්ධන පෝලිම්වලට එන අයට වැඩ වරදියි….

Next Post

ජනපති මැදුරෙන් හමුවී අරගලකරුවන් පොලිසියට භාර දුන් මුදල අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අධිකරණ නියෝගයක්…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.