බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ගාසා ගින්න ලෝකයම ගිනිබත් කරයි ද?

by editor
ඔක්තෝබර් 15, 2023
in සමාජ
උතුරු ගාසා තීරයේ ජනාවාස භූමියක්...

උතුරු ගාසා තීරයේ ජනාවාස භූමියක්...

Share on FacebookShare on Twitter

අද ඉරිදාය. හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරයට අද (15) ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමට ඊශ්‍රායල හමුදා  සූදානම්ය. ඒ සිය භූමියට ඇතුළු වී    පෙර නොවූ විරූ ලෙස එල්ල කළ ප්‍රහාරයේ තීරණාත්මක පළිගැනීමේ අදියර සඳහාය.  කෙසේ වෙතත් අද මේ  වනවිටත්   අපේක්ෂිත භූමි ප්‍රහාරය ආරම්භ වී නොතිබුණි.

ඉරානයේ අනතුරු ඇඟවීම –

මේ වනවිට ඉරානය ඊශ්‍රයාලයට අනතුරු අඟවා තිබේ. පලස්තිනුවන් ඉලක්ක කරගෙන  ඊශ්‍රායලයේ මේ බෝම්බ හෙළීම    නැවැත්විය නොහැකි නම් “දුරදිග යන ප්‍රතිවිපාක” අපේක්ෂා කරන ලෙස ඔවුන් ඊශ්‍රයාලය වෙත දන්වා ඇත.

ඉරාන විදේශ ඇමති අමීර්-අබ්දුල්ලාහියන් සෙනසුරාදා ඊශ්‍රායලයට ගාසා තීරයේ “යුද අපරාධ” නතර කරන ලෙස අනතුරු ඇඟවීය.

ඊශ්‍රායලයේ “යුද අපරාධ සහ ජන සංහාරය” වහා නතර නොකළහොත්, “තත්වය පාලනයෙන් මිදිය හැකි”  බවට ඉරානයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම ඊයේ  මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබිණි.

හමාස් සංවිධානය ඊශ්‍රයාලය උතුරු සීමාවේ දී    මාරාන්තික ගැටුමකට පැටලී අරත්තේ වර්ෂ 2006 සිටය. ඒ ලෙබනන් දේශසීමාවේ සිටය.  මේ වනවිට හමාස් සහ හිස්බුල්ලා සංවිධානයට ඉරානයේ සහාය ද ලැබෙන බවට එකඟතා පල වී ඇත.

හමාස් නායක ඉස්මයිල් හනියේ, ඊයේ කටාර්හිදී ඉරාන විදේශ අමාත්‍යවරයා හමු වී ඇති අතර, පලස්තීන කණ්ඩායම ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාරය පිළිබඳව සාකච්ඡා කර ඇතැයි විදෙස් මාධ්‍ය කියයි. කණ්ඩායමේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා “සහයෝගීතාවය දිගටම  පවත්වාගෙන යාමට” ඉරානය එකඟ වූ බව හමාස් නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

දැනටමත් තවත් යුද පෙරමුණක්

දැනටමත්  යුද්ධය තවත්  පෙරමුණකට පැතිර ඇතිදැයි  බිය මතු  කරන්නේය.‍ හිස්බුල්ලා සංවිධානය ද ඊශ්‍රයාලය ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කර තිබේ. හිස්බුල්ලා සංවිධානය පැවසුවේ, මතභේදයට තුඩු දී ඇති ෂෙබා ෆාම්ස් ප්‍රදේශයේ ඊශ්‍රායල මුරපොලවල් පහකට ඩ්‍රොන මිසයිල සහ මෝටාර් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බවයි. ඊශ්‍රායල හමුදා මුරපොළකට මිසයිල ප්‍රහාර එල්ල කරන අයුරු රොයිටර් පුවත් සේවයත් වාර්තා කළේය.   ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාර ලෙස ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වී තිබිණි.

ඊශ්‍රායලයේ කාන් රේඩියෝව වාර්තා කර ඇත්තේ  ලෙබනනයේ සිට පැමිණි බවට සැක කෙරෙන ආක්‍රමණයකට ප්‍රතිචාර වශයෙන් මායිම් ගම්මාන පහක් වසා දමා ඇති බවය.  එමෙන්ම ඛාන් යුනිස් හි ගුවන් ප්‍රහාරයකින් නිරිම් සහ නිර් ඕස් යන ඊශ්‍රායල මායිම් ගම්මාන දෙකට ඔක්තෝබර් 7 ප්‍රහාරයක්  මෙහෙයවූ හමාස්  නුක්බා බලකායේ අණදෙන නිලධාරියෙකු මරා දැමූ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේය.

ඊශ්‍රායලය තවත් යුද්ධයකට පැටලී නොසිටින්නට උත්සාහ කරන” බැවින් .සටනින් ඉවත්ව සිටින ලෙස  නෙතන්යාහූ ගේ ආරක්ෂක උපදේශක ට්සචි හැනෙග්බි  හිස්බුල්ලා සංවිධානයට අනතුරු අඟවා තිබේ.

හිස්බුල්ලා සටන්කාමීන්….

ගැටුම පැතිරීමට එරෙහි ලෝක පෙළ ගැස්ම

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ අනෙකුත් ලෝක නායකයින් ගැටුම පුලුල් කරන ඕනෑම රටකට එරෙහිව නැගී සිටින බව  මේ වනවිට අනතුරු අඟවා ඇත.

මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිටින අතරම සහ සිවිල් වැසියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ සියලු ත්‍රස්තවාදී ක්‍රියා හෙළා දකිමින්  ඊශ්‍රායල-හමාස් ගැටුම පිළිබඳ කෙටුම්පත් යෝජනාවක් මත නිව්යෝක්හි දී  හෙට  ඡන්දය ප්‍රකාශ කරන ලෙස රුසියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා තිබේ.

එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ අයිසන්හවර් ගුවන් යානා වාහක ප්‍රහාරක කණ්ඩායම නැගෙනහිර මධ්‍යධරණී මුහුද දෙසට ගමන් කිරීමට පටන් ගෙන දැනටමත් එහි සිටින වෙනත් වාහක    කණ්ඩායමකට සම්බන්ධ වී ඇති බවයි.

ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පැවසුවේ එය “එය ඊශ්‍රායලයට එරෙහි සතුරු ක්‍රියාමාර්ග වලක්වාලීමට හෝ හමාස් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු මෙම යුද්ධය පුලුල් කිරීමට දරන ඕනෑම උත්සාහයක් මර්ධනය කිරීමේ  කොටසක්”  වනු ඇති බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සම්මානලාභී ක්‍රීඩකයන් රට වෙනුවෙන් විදේශ සංචාරයක නිරතවෙද්දී  පාසල් ක්‍රිකට් සම්මාන උළෙළ පවත්වන්නට සැරසෙයි…

Next Post

සමාජ මාධ්‍යය කැළඹූ වීඩියෝවේ අමානුෂික ලෙස තරුණියකට පහර දෙන ආයතන හිමිකරු සහ බිරිය පොලිසියට කොටු වෙයි!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.