පෞද්ගලික ආයතනයක් තුළ දී දුටු දුටුවන් කම්පා කරන ආකාරයට තරුණියකට අතිශය අමානුෂික ලෙස පහර දුන් අඹු සැමි යුවල කඳාන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (14)රාත්‍රියේ දී කඳාන පොලිස් වසමේ ලිප්ටන් පාර, නාගොඩ ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මේ නින්දා සහගත පහරදීම පසුගිය දින දෙක තුළ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වූයේය. මේ අපරාධය කරන්නේ කවරෙක්දැයි හෙළි වී තිබුනේ නැත.
සිද්ධිය සම්බන්ධව විමර්ශන ආරම්භ වී ඇත්තේ ඊයේ දිනයේ 118 අංකයට ලැබුණු දුරකථන අංකයකට ලද තොරතුරක් මතය.
ඒ නුවව විමර්ශන ඇරඹූ කඳාන පොලිසිය මෙම අශිෂ්ට පහරදීම සිදුවී ඇත්තේ කඳාන පොලිස් වසමේ ආනියාකන්ද පාර, නාගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් තුළ බව අනාවරණයය කරගෙන ඇත.
සැකකරුවන් අත් අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය. අත්අඩංගුවට පත්ව ඇත්තේ, 36 හැවිරිදි කඳාන, නාගොඩ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකි. මෙම සැකකරුවන් පහර කෑමට ලක් වූ තරුණියගේ ලඟම ඥාතීන් බව හෙළි වී ඇත.
විමර්ශන කණ්ඩායම කියන්නේ ආනියාකන්ද ප්‍රදේශයේ ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ වෙළෙඳාම් සිදුකරන ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති මෙම අඹුසැමි යුවල සමීපයෙහි නැවතී වසර තුනක් තිස්සේ මෙම පහර කෑමට ලක් වූ තරුණිය සේවය කර ඇති බවය.
මුල් අවස්ථාවේ දී තරුණිය පොලිසියට පැමිණිල කර නැත්තේ සැකකාර යුවළ තරුණියගේ ඥාතීන් වීම නිසාය.
එහෙත් සිදුවීම සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම හේතුවෙන් පොලීසියට පැමිණි කිරීමට තීරණය කළ බව පහරකෑමට ලක්වූ තරුණිය පවසා ඇත.