බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කලාපයටම බලශක්ති දැල එළන ඉන්දියාව කියා දෙන පාඩම

by Lanka Sara Editor
ජූලි 19, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

 

ශ්‍රී ලංකාව මේවන විට ලොව වඩාත් දරුණුතම බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින රටවල් කිහිපයෙන් එකක් බවට පත්ව ඇත.
මෙලෙස ශ්‍රී ලංකාව බලශක්ති අර්බුදයකට මුහුණ දීමට මූලිකම හේතුව වී ඇත්තේ රටේ සමස්ථ බලශක්ති අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රතිශතයක් ඛණිජ තෙල් මත යැපීම හේතුවෙනි. එහිදි රටේ වැඩිම අපනයන වියදම ලෙස ඛණිජ තෙල් ආනයන සටන් වෙන පසුබිමක ඇතිව තිබෙන විදේශ විනිම හිඟය දැඩි බලශක්ති අර්බුදයකට රට පත්කළ ආකාරය පසුගිය කාලයේදී මානව අවබෝධ කරගැනීමට හැකි විය.

එවන් පසුබිමක ශ්‍රී ලංකාවට තම බලශක්ති අවශ්‍යතා විවිධාංගීකරණ ගැනීමටත් එය පුනර්ජනනීය බලශක්ති ප්‍රබව ඔස්සේ සපුරා ගැනීමට ඇති හැකියා පිළිබඳවත් කදිම අවබෝධයක් ලබා ගැනීමට හැකියාව මේවන වට උදා වී තිබේ.

ඒ සම්බන්ධයෙන් නිසි අවබෝධයක් ලබා ගැනීමට අප කළාපය තුලින්ම අවස්ථාව නිර්මාණය වී තිබීමද විශේෂත්වයකි. එහිදී මේවන විට ඉන්දියාව, බංගලාදේශය සහ නේපාලය එකට එක්ව කටයුතු කරන ආකාරය ඉතා සුවිශේෂීය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ඒ අනුව කලාපයේ අපගේ අසල් වැසියන් වන ඉන්දියාව මූලිකත්වය ගෙන මෙම බලශක්ති අභියෝගය ජයගන්නා ආකාරය මෙලෙසා විමසා බලමු.
ලොව ඉතා වැදගත්ම ආර්ථික කළාපයක් බවට පත්වෙමින් පවතින දකුණු ආසියාවේ, සිය බලශක්ති වෙළෙඳ පොළ ඉදිරියේදි නවමතම දිශානතියකට යොමුවීමට නියමිතයි.

ඒ අනුව අද වන විට ඊට අදාල මූලික වැඩ සටහන් සම්පාදනය කර අවසන් ව තිබේ. මෙම නව බලශක්ති ගණුදෙනුව මූලිකත්වය කාලාපයේ බලවතා මෙන්ම වැඩිම බලශක්ති පරිභෝජනය නිතරව වන ඉන්දියාව ගෙන ඇත.

එම වැඩසහන යටතේ බංගලාදේශය, නේපාලය, එක්වීමට නියමිය. එහිදී ඉන්දීය විදුලි රැහන් ඔස්සේ නේපාලයේ ජල විදුලිය ආනනය කිරීමටත් එම සැපයුම මගින්ම බංගලා දේශයටද සිය විදුලි අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය කරන්නාවූ අවකාශය සලසා දීමට අපෙක්ෂිතය.

මෙහිදී බංගලාදේශයේ සහ නේපාලයේ බලධාරීන් විසින් අධි බලැති සම්ප්‍රේෂණ මාර්ගයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් ඉන්දියානු පාර්ශවය සමඟ මූලික සාකච්ඡාවන් අවසන් කිරීමෙන් පසු, යෝජිත තුන්-මාර්ග ගිවිසුම ඉදිරි සති වලදී අත්සන් කිරීමට අපේක්ෂා කරන බවද බංග්ලාදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් පවසයි.

මේ අතර ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදී ඉකුත් මසදී නේපලයේ කළ සංචාරය අතරතුරදී නේපාල අග්‍රමාත්‍ය පුෂ්ප කමල් දහාල්ට වෙත ප්‍රකාශ කර සිටියේ කළාපය හරහා ඉතා සාර්ථික බලශක්ති සම්බන්ධතාවක් ඇති කිරීමට නව දිල්ලිය කැපවී කටයුතු කරණ බවයි.

ඉන්දියාව සිය කළාපීය මිතුරන්ගේ අවශ්‍යතා නිසි ලෙස හඳුනා ගැනීමට සමත්ව ඇති බව යලිත් පසක් කරමින් මෙම ගිවිසුම සුදුසුම කාලය තුලදී සාකච්ඡාවට බදුන්ව ඇති බවද පෙන්වා දීය හැක. පවතින ගෝලීය බලශත්කි මිල ඉහළයාමත් මේවන විට තමන් මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදයත් මධ්‍යයේ බංගලා දේශයද ශ්‍රී ලංකාවට සමාන අත් දැකීමකට මුහුණ දී සිටියි.

ඒ අනුව ප්‍රමාණතවත් පරිදි බලශක්ති නිපද වීමට අවශ්‍ය ඛණ්ජ තෙල් ආනානය කිරීමට බංගලාදේශයට මේවන විට දැඩි අභියෝගයක් වී ඇති අතර එය එරට ආර්ථික කටයුතු අඛණ්ඩව පවත්වාගනෙ යාමට අවශ්‍ය විදුලය සැපයිමට දැඩි බාධාවක් වි ඇත.

මේ අතර නේපාලය තමන්ට බලපාන වැසි සමයේදී දේශය බලශක්ති අවශ්‍යතාවයට වඩා 30% කට ආසන්න ජල විදුලියක් නිපදවන අතර එම අතිරික්ත බලශක්තියෙන් කොටසක් බංග්ලාදේශයට අපනයනය කිරීමට දිගු කලක් තිස්සේ අවශ්‍ය කර තිබිණි.
නව බලශක්ති ප්‍රවේශය සම්බන්ධයෙන් නේපාලයේ බලශක්ති ලේකම් දිනේෂ් කුමාර් පැවසුවේ, “සියල්ල හොඳින් සිදුවුවහොත්, ත්‍රෛපාර්ශ්වික ගනුදෙනුව ජූලි තුන්වන සතිය වන විට අත්සන් කිරීමට ඉඩ ඇත.” යනුවෙනි.

ඒ අනුව බංගලාදේශ රජයට අයත් බංගලාදේශ බලශක්ති සංවර්ධන මණ්ඩලය සහ නේපාල විදුලිබල අධිකාරිය විසින් මෑතකදී බහරම්පූර්-භෙරමරා අධි බලැති මාර්ගය භාවිතා කිරීම සඳහා දේශසීමා බලශක්ති වෙළඳාම සඳහා ඉන්දියාවේ නියෝජිතායතනය වන එන්ටීපීසී විද්‍යුත් ව්‍යාපර් නිගාම් සමඟ සැලසුම් සකස් කිරීමටද පියවර ගෙන තිබිණි

එමෙන්ම හමුවේ ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 193 අරමුදල් බංගලාදේශයේ බෙරමාරාහි පිහිටි බටහිර විදුලිබල පද්ධතිය ඉන්දියාවේ නැගෙනහිර බහරම්පූර්හි විදුලිබල පද්ධතියට සම්බන්ධ කරමින් ද්විපාර්ශ්වික විදුලි වෙළඳාමට මග පෑදීමක්ද සිදුකරනු ලැබීය.

මේ අතර දැනට පවතින අධි බලැති ඉන්දියානු විදුලි සැපයුම් පද්ධතිය භාවිතා කිරීම හැර, නේපාලය සහ බංග්ලාදේශය ඉන්දියාව හරහා නව විදුලි සම්ප්‍රේෂණ මාර්ගයක් පිළිබඳවද මෙම ව්‍යාපෘතිය යටතේම සලකා බැලීම සිදුකරමින් පවතියි. එහිදී දැනටමත් ඊට සුදුසු මාර්ග දෙකක් හඳුනාගෙන තිබුනද ඊට අදාල මූලික සලකා බැලීම් තවමත් සම්පූර්ණ වී නොමැත.

දැනට යෝජිත මෙගාවොට් 500 විදුලි අපනයන ගනුදෙනුව බංග්ලාදේශයේ දැනට පවතින මෙගාවොඩ් විසි පන්දහසේ ජනන ධාරිතාවට බෙහෙවින් අවශ්‍ය අතිරේකයක් වනු ඇත. මේ අතර පවතින තත්ත්වය හමුවේ බංගලාදේශයේ දැනට ජනනය කරන මෙගාවොට් විසිපන්දහසේන්ද 40% කට වඩා ක්‍රියාත්මක නොවන තත්ත්වයක පවතී .
ඊට මූලිකම හේතුව වී ඇත්තේ බංගලාදේශයේ මේවන විට පවතින දැඩි ඉන්ධන හිඟයයි. එහිදී ශ්‍රී ලංකාවට සමානම ක්‍රමවේදයක් බංගලාදේශයේදී ක්‍රියාත්මක වෙමින් ඉන්ධන සලාක ක්‍රමයක් ක්‍රියාත්මක වේ. ඒ අනුව දෛනිකව මෙගාවොට් 2000ක පමණ විදුලි ප්‍රමාණයක් බර පැටවීමකට හෝ සැලසුම් සහගත ලෙස කාල සටහනකට අනුව විදුලිය විසන්ධි කිරීමට බංගලාදේශ රජයට සිදුව තිබේ.

එවන් පසුබිමක් තුලදී ඉකුත් මැයි මස මැද භාගයේදී, බංගලාදේශය සහ නේපාලය අතර බලශක්ති සහයෝගීතාව පිළිබඳ ලේකම් මට්ටමේ ඒකාබද්ධ මෙහෙයුම් කමිටු රැස්වීමක් පැවැත්විණි. එහිදී දෙපාර්ශ්වය තීරුබදු සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට අදාලව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් බංග්ලාදේශයේ බලශක්ති අමාත්‍යාංශය යටතේ ඇති නියාමන ආයතනයක් වන පවර් සෙල් හි අධ්‍යක්ෂ ජනරාල් මොහොමඩ් හොසේන් පැවසුවේ ජල විදුලිය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයක ස්ථාවර සැපයුමක් සහතික කිරීම පැහැදිලිවම යහපත් ප්‍රතිපත්තිමය පියවරක් බවයි. එමගින් මේවන විට ට බංග්ලාදේශයට පීඩා විඳින බාහිර පාර්ශවයින් විසින් ඉන්ධන සැපයුමට අදාලව ඇතිකරන යම් බලපෑම් වලින් ආරක්ෂා වීමට හැකියාව පවතින බවයි.

මේ අතර නේපාලය විසින් මේ වන විට ජනනය කරනු ලබන විදුලියෙන් මෙගාවොට් 450ක් පමණ ඉන්දියාවට අපනයනය කරයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නේපාලයේ බලශක්ති ලේකම් දිනේෂ් කුමර් සඳහන් කර සිටියේ, “අතිරික්ත බලශක්ති නාස්තිය වළක්වා ගැනීම සඳහා, අපට පැහැදිලිවම විදේශීය වෙළඳපල සොයා ගැනීමට අවශ්‍ය වේ. අපගේ වඩාත්ම ශක්‍ය ඉලක්ක වෙළඳපල පැහැදිලිවම ඉන්දියාව සහ බංග්ලාදේශය,”යනුවෙනි.
එහිදී ඉන්දියාව සහ බංගලාදේශය නේපාලයට කදිම වෙළෙපොලක් බවටද පත්ව තබේ. ඊට මූලිකම හේතුව වී ඇත්තේ, ඉදිරි වසරවලදී පුනර්ජනනීය බලශක්ති භාවිතය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට ඉන්දියාව සහ බංග්ලාදේශය යන දෙකම අදහස් කර සිටීමයි.
ඒ අනුව වර්ෂ 2030 වන විට ඉන්දීය රජය පොසිල නොවන ප්‍රභවයන්ගෙන් ගිගාවොට් 500ක් ජනනය කිරීමටත් 50% පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමටත් ඉලක්ක කරයි. බංග්ලාදේශය තම බල ශක්ති ජනනය කිරීමේ මිශ්‍රණයේ පුනර්ජනනීය බලශක්තියේ කාර්යභාරය දැනට 3%ක සිට 2050 වන විට 40% දක්වා පුළුල් කිරීමට සැලසුම් කරයි.
එවන් තත්ත්වයක් තුල නේපාලය සිය අතිරේක ජනනය කිරීම් අපනය කිරීමටත් ඉන්දියාවට සහ බංගලාදේශයට ඉතා පහසු මිලකට පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීමටත් අවස්ථාවක් නිර්මණය වී ඇත.

ඒ අනුව ඉන්දියාව, බංගලාදේශය සහ නේපාලය එකකට එක්ව කටයුතු කිරීම ඉතා ආදර්ශමත් වන අතර ඊට ශ්‍රී ලංකාවට එක්වීමට හැකියාවක් පවතී. එමෙන්ම මෙරට තුල පසුගිය කාලයේදී වැඩි වශයෙන් පරිභෝණය කළ ජලවිදුලිය තවදුරටත් වර්ධනය කරගැනීමට ඇති හැකියාව සොයා බැලීමටද අදවන විට කාලය එළැඹ ඇත.

මෙහිදී ජල විදුලය මෙන්ම ඉන්දියාව දැන සාර්ථක අත්හදාබලා ඇති සූර්ය ශක්තියද ශ්‍රී ලංකාවට වියලි කළාපය තුල සාර්ථකව ජනනය කිරීමට හැකියාව පවතී. මීට අතිරේකව පසුගිය කාලයේදී සියලුම රජයේ ගොඩනැලි, විශේෂයෙන්ම පාසල් වල ගොඩනැගිලි මත සූර්ය පැනල ස්ථාපිත කරමින් එමගින් ජනනය වන බලශක්ති ජාතික පද්ධතියට එක්කිරීමට ඇති හැකියාව යලිත් සොයා බැලිමට දැන් කාලය එළැඹ ඇත.

Share69Tweet43
Previous Post

ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකට  එරෙහිව ළමා රෝහලේ වෛද්‍යවරු හෙට වර්ජනයක…

Next Post

චීනය ඉන්දියාව සමග සමතයකට පත්වීමට සැරසෙයි ?

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.