චීනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන එරට විදේශ අමාත්‍ය වැන්ග් යී ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයසංකර් වෙත පවසා ඇත්තේ, ආසියාවේ දැවැන්තම අසල්වැසියන් දෙදෙනා සිය ද්වීපාර්ශවීය සම්බන්ධතා ශක්තිමත් කරගැනීමට කටයුුතු කළයුතු බවය.
ඒ අනුව මේවන විට ඉන්දියාව සහ චීනය අතර සිය දේශ සීමා සම්බන්ධයෙන් පැන නැගී ඇති උණුසුම්කාරී තත්ත්වය සමනය කිරීමට කටයුතු බවද ඔහු ප්‍රකාශ කර තිබේ. ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පැවති ආසියාන් රැස්වීම්වලට සමගාමීව ඉන්දියාව සහ චීනය අතර පැවති සාකච්ඡාවක් අතරතුරදී මේ බව ප්‍රකාශ කර ඇත.
මෙම හමුව අතරතුරදී වැන්ග් යී විසින් දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගය වර්ධනය කරගැනීම ඉතා වැදගත් බවට ප්‍රකාශ කර ඇති බවද චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
ඉන්දියාව සහ චීනය කිලෝමීටර් 3,800 දේශ සීමාවක් බෙදා ගන්නා අතර, එයින් බොහෝමයක් දුර්වල ලෙස සලකුණු කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස 1962 දී ඒ සම්බන්ධයෙන් යුද ගැටුමක්ද ඇති විය. ඒ අනුව 1990 මුල් භාගයේ සිටි, දේශසීමා ගිවිසුම් මාලාවකින් පසු සබඳතා වැඩිදියුණු වී ඇති අතර, චීනය අද වන විට ඉන්දියාවේ දෙවන විශාලතම වෙළඳ හවුල්කරු වේ.
කෙසේ වෙතත්, 2020 දී මෙම සම්බන්ධතාවල විශාල පසුබෑමක් ඇති වූ අතර එහිදී, ඉන්දීය හමුදා සාමාජිකයින් සහ චින හමුදා සමාජිකියන් අතර දේශසීමා සම්බන්ධයෙන් වූ ගැටුමකදී ඉන්දියානු හමුදා සමාජිකියන් 20 ක් සහ චීන හමුදා සාමාජිකයින් හතර දෙනෙකු හට දිවි අහිමි විය.
මෙහි ප්‍රතිඵලයක් ලෙස දෙරටේම ආරක්ෂක අංශ විසින් සිය දේශසීමාව වලට විශාල හමුදා ආරක්ෂාවක් යෙදවීමට පියවර ගනු ලැබීය.