මින් පෙර සඳ ගවේෂණයේ නිරතවූ රටවල් සිය ගවේශණ මගින් ලබා ගැනීමට නොහැකි වූ දැණුමක් ඉන්දීයාවේ චන්ද්‍රයන් සඳ මෙහෙයුම ඔස්සේ ලබා ගැනීමට හැකිවනු ඇති බව ඉන්දීය විද්‍යා හා තාක්ෂණ, පරමුණුකි බලශක්ති සහ අභ්‍යාවකාශ කටයුතු පිළිබඳ අමාත් ජිතේන්ද්‍ර සිං ප්‍රකාශ කරයි.
පසුගියදා ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය වන ISRO විසින් දියත් කරන ලද චන්ද්‍රයාන් සඳ ගවේෂණ මෙහෙයුම, අභ්‍යවකාශ තාක්ෂණය සම්බන්ධයෙන් ඉන්දියාව ගෝලීය ප්‍රමුඛයෙකු බවට පත් කර ඇති බවද අමාත්‍ය්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය, සඳෙහි ගවේෂණය නොකළ දක්ෂිණ ධ්‍රැවය මත මෘදු ගොඩබෑමක් සිදුකිරීමේ අරමුණින්, සඳ ගවේෂණ වැඩසටහනේ තෙවැනි සංස්කරණය ශ්‍රීහරිකොටා, සතිෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පසුගියදා සාර්ථකව දියත් කරන ලදී.
“අපි අපේ අභ්‍යවකාශ ගමන අනෙක් රටවලට වඩා බොහෝ ප්‍රමාදයකින් ආරම්භ කළත්, අපට පෙර ගොඩ බැස්ස අයට චන්ද්‍රයාන් මෙහෙයුම් මගින් ලබාගත් එම සොයාගැනීම් ලබා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා,” යනුවෙන්ද අමාත්‍ය සිං පැවසීය.
චන්ද්‍රයාන්-3 මෙහෙයුම මඟින් එම අත්හදා බැලීම් දීර්ඝ කිරීමට නියමිත අතර එමගින් අනාගතයේදී සඳ මත මිනිස් වාසස්ථාන ඇති වීමේ යම් හැකියාවක් පවතින්නේද යන්න සම්බන්ධයෙන් සෙයාා බැලීමක්ද කළ හැකි බවට අමාත්‍යවරයා විසින් යම් ඉඟික් මාධ්‍යවේදීන් වෙත ලබා දී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
ජුලි 14 වන දින චෙන්නායි සිට කිලෝමීටර් 135 ක් පමණ දුරින් පිහිටි ශ්‍රීහරිකෝටා සිට චන්ද්‍රයාන්-3 මෙහෙයුම සාර්ථක ලෙස දියත් කිරීම දුටු අමාත්‍ය සිං, සඳ මෙහෙයුමේ ප්‍රතිඵල ඉන්දියාවට විවිධ මට්ටම් වලින් ප්‍රතිලාභ අත්පතර කර දෙනො ඇති බවටද වැඩිදුරටත් පැවසීය.







