-
ළමා රෝහලේ 8වන වාට්ටුවේ දරදඬු විශේෂඥ වෛද්‍යවරියට එරෙහිව කරන වජ්නය නිසා හෙට ළමා රෝහලේ බාහිර ප්‍රතිකාර අංශයේ වැඩ නෑ…
විශේෂඥ වෛද්‍යවරියකගේ දරදඬු ක්‍රියාකලාපය හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරු හෙට (19) දිනයේදි සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. සංගමය පවසන්නේ වෛද්‍යවරුන්ට එරෙහිව වෛද්‍යවරුන් වර්ජනයකට යන්නේ ඉතිහාසයේ මුල් වරට බවය.
මෙම වැඩ වර්ජනය රෝහලේ බාහිර රෝගී අංශය තුළ ක්‍රියාත්මක කරන බැවින් හෙට දිනයේදී බාහිර රෝගී අංශයට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගි දරුවන්ට ප්‍රතිකාර ලබා දීමක් සිදු නොවුවද හදිසි ප්‍රතිකාරයන් ඒ අයුරින්ම සිදු කරන බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේය.
රෝහලේ 8වන වාට්ටුව භාරව සිටින විශේඥ වෛද්‍යවරිය ශ්‍රේණි වෛද්‍යවරුන්ට සිය රාජකාරි කටයුතු කිරීමේදී අශෝභන අයුරින් කථා කරන බැවින් ඇය සමග තව දුරටත් වැඩකිරීමට නොහැකි බව පවසමින් වෛද්‍යවරු දිගින් දිගටම රෝහල් අධ්‍යක්ෂවරයා දැනුම් දුන් නමුත් ඔහු මේ සදහා නිසි විසදුමක් ලබා නොදුන් බවද හෙතෙම පෙන්වාදේ.
කෙසේ නමුත් මෙම ගැටලුව රෝහල් අධ්‍යක්ෂවරයාට විසඳුමක් ලබා දිය හැකිව තිබියදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ගෙන යාමට කටයුතු කර ඇතැයි ද ඔහු කියයි. සතියක් තුළ විසඳුමක් ලබා දෙන බව පැවසුවද සති තුනක් ගතව ඇති නමුත් විසදුමක් ලැබී නැතැයි විශේෂඥ වෛද්‍ය විජේසිංහ සදහන් කරයි.
මේ අතර 8 වාට්ටුවට රෝගීන් ඇතුළත් කිරිම මුළුමනින්ම අද දිනයේදී නතර කළ බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.