fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

ජාතික කලා උරුමයක් සමග වලපල්ලට යන උණවේරුවේ මිනිස්සු…

සේසත් නැන්වූ පරම්පාරවක මිනිස්සුන්ගේ ජීවිත ඛේදවාචකයය...  

1 වසරක් ago
in සංස්කෘතිය
483 5
0
Share on FacebookShare on Twitter

සංඝමිත්තා තෙරණිය  ශ්‍රී මහා බෝධීන් වහන්සේ   ලක්දිවට වැඩම කරවාගෙන පැමිණි අවස්ථාවේ දහඅට කුලයකට අයත් කලාකරුවෝද මෙහි පැමිණි බව සාහිත්‍යයේ පැනේ. බෝධින් වහන්සේට සෙවණ සැලසීම සඳහා අව් අත්තක් අල්ලාගෙන පැමිණි කුල කණ්ඩායමට පැවරුණු වගකීම වූයේ සෑම වසරකම මාල හතක් සහිත අව් අත්තක් නොඑසේනම් සේසතක් ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කිරීමයි.

එම පූජාව මහත්වූ බැතියෙන් ඉෂ්ඨ සිද්ධ කළාවූ  කුල පරම්පරාවට අයත් ශාස්ත්‍රය මැනවින් ප්‍රගුණ කළාවූ පිරිස අද මාතලේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උණවේරුව ගම්මානට පමණක් ශේෂ වී සිටිති.මාතලේ අළුවිහාරය පසුකර මද දුරක් ගියපසු වමට හැරී කිලෝ මීටර පහක පමණ දුරක් ගියවිට හමුවන උණවේරුව ගම්මානය තාමත් ගැමි සුවඳ අපූරුවට වහනය වන ගම්මානයකි. හරිත වර්ණයෙන් ඔපවත්වූ ගම්මානය පුරා දක්නට ලැබෙන්නේ සරුසාර කෙත් වතුය. නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ  පාරම්පරික සේසත් කලාව පවත්වාගෙන යන ගම්වැසියන් අතරින් බහුතරය ගොවියෝය. සැමියා කුඹුරට ගිය පසු දරුමල්ලන් සමඟ නිවසේ තනිව සේසත් නිර්මාණය කරන කාන්තාවන් එමඟින් උත්සාහ කරන්නේ කීයක් හෝ අමතර මුදලක් පවුලට එකතු කර ගන්නටය.

සේසත් පසුපස ඇති කතාව සේසත් තරම් ලස්සන නැත. නෙක රටාවන්ගෙන් හැඩ ගැන්වුණු සේසතක් නිර්මාණය කිරීමට අවශ්‍යය අමුද්‍රව්‍ය අතර මූලික වන්නේ තලාතු මිනිරන්ය. පොතු මිනිරන් ලෙසින්ද හඳුන්වන මේවා සොයා ගැනීම අසීරුය.  නිර්මාණකරුවන්ට අද ඒවා මිලට ගැනීමට සිදුව තිබෙන්නේ පෙර ගෙවූ මිලට වඩා තුන් හතර ගුණයක මුදලක්  වැය කරමිනි. මාතලේ ඇලහැර තලාගොඩ ප්‍රදේශයෙන් මෙම මිණිරන් බහුලව ලැබුණත් එම නිධි සියල්ල මොරගහකන්ද ජලාශය ඉදි කිරීමේදී ජලයෙන් යටවූයේය. මොරගහකන්දට මේ සම්පත යටවන්නට පෙර මිනිරන් ගොඩගමු යැයි ගම්මුන් පැවසුවත් ඔවුන්ගේ හඬ මොරගහන්ද ජල කඳට යටවෙන්නට හැර බලධාරීහු ඇස්කන් පියා ගත්හ.   අද මාතලේ   තලාතු මිනිරන් බොහෙම  හිඟය.

කර්මාන්තයේ උපත 

දිනමුතු වල්ලියා ගේ සිට මෙම කර්මාන්තය පැවත එන බව උණවේරුව ගම්වැසියෝ පවසති. ඔහුගේ ගෝලයෙකු වූ තෙනා ගුරුන්නාන්සේ අව් අතු නොඑසේනම් සේසත් නිර්මාණයේ කෙළ පැමිණියෙකි. ඔහු ගෙන් ශිල්ප උගත් ලොකු කිරියා උණවේරුව ගම්මානයට මෙම ශිල්පය නිර්ලෝභිව දායාද කළේය. ගම්වැසියන් කියන ආකාරයට එයද අපූරු කතාවකි.

තෙනා ගුරුන්නාන්සේ සේසත් නිර්මාණය කිරීමේ කලාව හැමෝටම කියා දුන්නේ නැත. ඔහු සේසත් නිමවා තිබෙන්නේ කිසිවෙකුගේ හෝ ඇස නොගැටෙ සේය. තෙනා ගුරුන්නාන්සේගේ  උදව්වට ගියේ ලොකු කිරියාය.  ඔහු නිදා සිටිනවා සේ ඔහුට හඟවමින් තම ගුරු සේසත් නිර්මාණය කරන ආකාරය බලාගෙන සිටියේය. මෙලෙස දිගු කළක් තිස්සේ හොර රහසේ බලා ඉඳ සේසත් නිර්මාණය උගෙන ගත් ඔහු තෙනා ගුරුන්ගේ අභාවයෙන් පසු මෙම කලාව උණවේරුවේ ජනතාවට කියා දුන්නේය. ඒ පුහුණු වැඩමුළුද පවත්වමිනි. මංගල මෙන්ම අවමංගල උත්සව වලදීද ප්‍රයෝජනයට ගන්නා සේසත සෞභාග්‍යයේ සංකේතයකි. වෙහෙර විහාරස්ථානවල සේසත් බහුලය.    පෙරහර  මංගල්‍යයන්වලදී සේසත පෙරමුණෙන් රැගෙන යාම ආනාදිමත් කාලයක පටන් පැවැත එන චාරිත්‍රයකි.   ප්‍රෞඩත්වය හා අධිකාරීත්වය පෙන්නුම් කිරීමට අතීත ප්‍රභූවරු සේසත් භාවිත කළහ. මේ ආකාරයෙන් සියවස් ගණනාවක් නොනැසී පරපුරෙන් පරපුරට පැවැත ආ මේ මහා කලාව අද ලෝකයේම සුරැකිව තිබෙන්නේ උණවේරුව ගම්මානයේ ය.

පවුල් 150 ක් පමණ ජීවත් වන මෙම ගම්මානයේ ඉන් අඩකට ආසන්න පිරිසක් ජීවිකාව ගෙන යන්නේ මෙම කර්මාන්තයෙනි.සේසත් ගමේ සේසත් නැන්වූ ඇත්තෝ

සිව් සාලිස් වසරක් සේසත් නිර්මාණයේ යෙදෙමින් දෙවරක්ම මෙරට විශිෂ්ඨතම සේසත් නිර්මාණ ශිල්පියා ලෙස ජාතික ශිල්ප සභාවේ ස්වර්ණ සම්මාන ලත් සවන්දිරක්කාර ගෙදර අනුර   උණවේරුව සේසත් නිර්මාණකරුවන්  වත්මනේ මුහුණ දී සිටින ගැටලු මෙසේ විස්තර කළේය…

“අද අපට තිබෙන ලොකුම ප්‍රශ්නය සේසත් නිර්මාණයට අවශ්‍යය තලාතු මිනිරන් සොයා ගැනීමට නොහැකි වීමයි .මොරගහකන්ද හැදෙන්න කලින් අපිට ඕන තරම් මිනිරන් ලැබුණා.කි ලෝව රුපියල් 50.00 ට 60.00 ට ගත්තේ. මිනිරන් තිබ්බ තැන් ඔක්කොම වතුරට යට වුණා. අපි කිව්වා ජලාශයට වතුර පුරවන්න කලින් මේවා ගොඩගමු කියලා. කවුරුවත් ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ. දැන් ඉල්ලුමට අවශ්‍යය මිනිරන් නැති නිසා කළුකඩ  මුදලට තමයි ඒවා ගන්න වෙලා තියෙන්නේ. කිලෝව රුපියල් තුන් හාරසීයක් වෙනවා. ආණ්ඩුවේ රක්ෂිතවල මිනිරන් තියෙනවා. ඒවා ගන්න විදිහක් නැහැ.“

කොවිඩ් වසංගතයත් සමග තත්වය වෙනස්ය.     රටේ පෙරහර උත්සව එහෙම් පිටින්ම ඇන හිට අත්තේය දැන් සේසත්වලට පෙර සේ අලෙවියක් නැත.  අනුර මේ සියල්ල දකින්නේ උපේක්ෂාවෙනි.

මේ කරමාන්තය තවත් පාරම්පරික ශිල්ප ගම්මානයක් සමග එකමුතුවකින් කරන වැඩකි.  ඔහු ඒ ගැන කියන්නේ මෙසේය.

අනර සිය පුතු බුද්ධික සමග රාජ්‍ය සම්මාන අතැතිව

“ සේසත හා මිට ගොඩක් වෙලාවට දෙන්නෙක් නිර්මාණය කරන්නේ. අඩි හතක උසින් යුත් සේසත් මිට සපු ලීයෙන් හදා ගන්නේ. ලාක්ෂාවලින්   හැඩදාලා නිම කරන්න ඕන. හපුවිද ගමේ තමයි පාරම්පරික ලාක්ෂා කර්මාන්ත කරුවෝ ඉන්නේ.  ඔවුන්ගෙ සහය ගන්නවා. මමනම් මේ දෙකම කරනවා.

මගේ පුතා බුද්ධික බාලසූරිය හා දුව කාංචනා මධුෂානි මේ කර්මාන්තය දැන් කරනවා.පුතා 2018 වසරේදී සේසතක් නිර්මාණය කරලා මම වගේම ජාතික ශිල්ප සභාවේ ස්වර්ණ සම්මානය දිනාගත්තා. ජනාධිපති මන්දිරයේ තිබෙන්නෙත් මම හදපු සේසත් දෙකක්. මේ පාරම්පරික කලා ශිල්පීන්ට විශ්‍රාම වැටුපක් ලැබෙන වැඩපිළිවෙළක් හදන්න කියලා අපි හැම රජයකින්ම ඉල්ලුවා. ඒ වෙනුවට රක්ෂණ ක්‍රමයක් තමයි දෙන්න ගියේ. ඒකට අපි සල්ලි ගෙවන්න ඕන. ඒකට සල්ලි ගෙවන්න හැමෝම අකමැති වුණා. අන්තිමට ඒ වැඩපිළිවෙළ අසාර්ථක වුණා. අපේ රටේ පාරම්පරික කලාකරුවන් රැක ගන්න නිසි වැඩපිළිවෙළක් නැහැ. කර්මාන්තය ආරක්ෂා වෙන්නේ ශිල්පීන් ආරක්ෂා වුනොත් විතරයි.

සේසත් හදන ගැහැණු

උණවේරුවේ සේසත් කර්මාන්තයේ නිරතව සිටින බහුතරය කාන්තාවන්ය. පවුල ආර්ථික  මුදා ගන්නට කාන්තාවෝ නෙක රටා මවමින් සේසත් නිර්මාණයේ යෙදෙති. සේසතක් නිර්මාණය කිරීමට අවශ්‍යය වන්නේ පරිසරයෙන් සොයා ගන්නා තල ගොබ, කොකෝ පට්ටා, තලාතු මිනිරන් වැනි අමුද්‍රව්‍යන්ය. අතීතයේ සේසත් නිර්මාණය වී තිබුණේ කළු, සුදු,   තැඹිලි, රතු හා කහ යන වර්ණ වලින් වුවත් අදවන විට නෙක වර්ණ වලින් සේසත හැඩ ගැන්වෙයි. සම්ප්‍රදායික සේසතක විශ්කම්භය අඟල් 28 කි. එසේ වුවත් ප්‍රදර්ශන සඳහා අඟල් 32, 38 හා 40  ප්‍රමාණයේ සේසත්ද නිර්මාණය කරන බව ගම්වැසියෝ පවසති.

වර්ණ ගන්වන හැටි

“ සේසත් එක එක ප්‍රමාණයකින් හැදෙන නිසා ඒවාට වැයවන මුදල එකිනෙකට වෙනස්.සාමාන්‍ය සේසත් ජෝඩුවක් රුපියල් 7000.00 ක් විතර වෙනවා. මිටත් එක්ක  රුපියල් 10000.00 ක වගේ මුදලකට තමයි සේසත් ජෝඩුවක් විකුණන්නේ. විසි තිස් දහස් ගණන්වල සේසත්   තියෙනවා. මිනිරන් කිලෝ දෙකක් විතර එක සේසතට ඕන වෙනවා. තලබොඩ ඉරලා තම්බා ගන්න ඕන. ඒ කරලා කොලේ සුදුපාට වෙනකල් තද අව්වේ වේල ගන්නවා. ඊට පස්සේ තමයි ඩයි කරන්නේ. පවනේ වේලලා කොලේ ඉරා ගන්නවා. ඒවගෙන් තමයි පටි ගොතන්නේ. සේසත හරිම ලස්සනයි. ඒ වුණාට ඒකේ තියෙන අපේ කඳුළු කාටවත් පේන්නේ නැහැ. අපි පුදුම මහන්සියක් ගන්නේ සේසතක් හදන්න. එක සේසතකට දහයක් විතර මහන්සි වෙනවා. ඒ මහන්සියට හරියන මුදලක් ලැබෙන්නේ නැහැ.

සේසත් හදලා එළියේ තියන්න බැහැ. පුස් කනවා. හුළං වදින්නේ නැති වෙන්න අල්මාරියේ දාලා තියන්න ඕන. මේ දවස්වල සේසත් විකුණගන්න බැරි නිසා මාසෙකට එකක් විතර හදන්නේ. ඉස්සර මාසෙට තුන හතර හදනවා.

මම 2019 අවුරුද්දේ මධ්‍යම පළාත් කාර්මාන්ත ආමාත්‍යාංශය පවත්වපු නිර්මාණ තරඟයෙන් ජයග්‍රහණය කළා. දැන් කර්මාන්තයක් විදිහට මේක කරන්න අමාරුයි. රාජ්‍ය අනුග්‍රහය මේකට ලැබෙන්න ඕන. ලක්සලට බඩු දැම්මම මාස ගණන් ඉන්න ඕන සල්ලි ගන්න. ඒක අද කාලේ හැටියට අමාරුයි…  සේසත් හදන කේ.ඩී.ජී රම්‍යලතා පැවසුවාය.

උණවේරුව ගම්වැසියන්ගේ නිර්මාණ ජනතාව අතරට ගෙනයෑම පිණිස ප්‍රදර්ශනාගාරයක් ඉදිකර දීම ක්‍රිසලිස් (Chrysalis) ආයතනය මගින් සිදුකෙරෙමින් පවතී.   ඒ සඳහා පර්චස් 15 ක ඉඩමක් නොමිලේ ලබාදී තිබෙන්නේ ගම්වැසියෙකු වන කේ.ඩී.ජී ආරියසේන කටයුතු කර ඇත. ඔහු රම්‍යලතාගේ පියාය. ඇති හැකි අය නොවූවද ගම්වැසියන්ගේ යහපත වෙනුවෙන් තම වටිනා ඉඩම් කොටස ලබා දීමට ඉදිරිපත් වූ ආරියසේන මෙසේ ප්‍රකාශ කළේය.

“මට ලොකු ඉඩකඩම් නැහැ. ගෙදර කොටස අතහැරලා උණවේරුව පාර අයිනේ ඉඩම් කෑල්ල මම මේ ප්‍රදර්ශනාගාරය හදන්න දෙන්නම් කිව්වා. අපේ ගමේ අයගේ නිෂ්පාදන එක තැනක දැක බලාගන්න තියෙනවා නම් හොඳයි. කොවිඩ් එන්න කලින් විදේශිකයෝ ඉඳහිට ගමට එනවා. දැන්නම් කවුරුවත්ම එන්නේ නැහැ. මේක තව ටික කාලයක් තියේවි.    අපේ ගමේ හොඳ ප්‍රදර්ශනාගාරයක් හැදිලා තිබුණොත් ඒක අපි හැමෝටම හොඳයි.. “ හෙතෙම පැවසුවේය.

ලාක්ෂා කර්මාන්ත දැනුම යොදාගෙන සේසත් මිට සකස් කිරීම

ලොකු කිරියා මහත්තයා තමයි මේ ගමට මේ ශිල්පය දුන්නේ. පාරම්පරික ලාක්ෂා කර්මාන්තය තිබෙන්නේ හපුවිද ගමේ. එතනින් උණවේරුවට මේ කර්මාන්තය ගෙනාවෙත් ලොකු කිරියා ගුරුන්නාන්සේ. හපුවිද පාරම්පරික ලක්ෂා කර්මාන්තයේ නිරත වික්‍රමරත්න මහත්තයා තවත් එක්කෙනෙක් එක්ක ඇවිත් අවුරුදු දෙකක් ලාක්ෂා පුහුණු කළා. ඒක සංවිධානය කළේ කුඩා කර්මාන්තයෙන්. ඉගෙන ගන්නවට දවසකට රුපියල් 2.50 පඩියකුත් දුන්නා.

මේක පටන් ගත්තේ 1974 වගේ. මම සම්බන්ධ වුණේ 76 දී. මම ලාක්ෂා කර්මාන්තය පටන් ගත්තේ 83 විතර. සේසත් හදන්න ගත්තේ 88 වගේ. අපි 1997 ජාතික ශිල්ප සභාවෙන් සමිතියක් පිහිටුවා ගත්තා. මම ලේකම් විදිහට 2019 වෙනකල් හිටියා. 2001 දී කර්මාන්ත අමාත්‍යාංශයෙන් සේසත් මඩු 18 ක් දුන්නා. ඊට පස්සේ ශිල්ප සභාවෙන් කුටි 15 ක් දුන්නා. කර්මාන්ත අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය, ජාතික ශිල්ප සභාව මගින් කොළ තම්බන්න, ඩයි කරන්න තඹ මුට්ටු දුන්නා. යතුගාන මැෂින් වගේම මේස දුන්නා. ඇස් කණ්ණාඩිත් දුන්නා. උණවේරුවට එන පාළම හැදුවේ ජනාධිපති මහින්ද මහත්තයාගේ කාලේ.“   දිමුතු ශිල්ප සංවර්ධන සමිතියේ ලේකම් ජී.ජී නන්දාවතී   කීවාය…

ප්‍රදර්ශනාගාරය

මෙම වැඩපිළිවෙළ සම්බන්ධව අදහස් දැක්වූ ක්‍රිසලිස් ආයතනයේ රොෂාන් ප්‍රශාන්ත  මෙසේ කීවේය.

“පාරම්පරික කර්මාන්ත ආරක්ෂා කරන්න නම් අපි අනිවාර්යයෙන්ම නිර්මාණ කරුවන් ආරක්ෂා කරන්න ඕන. ඒ සඳහා ඔවුන්ට අවශ්‍යය පහසුකම් ලබා දීම වැදගත්. පවතින ආර්ථික වටපිටාව තුළ පාරම්පරික කර්මාන්ත කරුවන් මේ ක්ෂේත්‍රයේ රඳවා ගන්න නම් ඔවුන්ට මූලිකව හොඳ ආදායමක් අතට ලැබිය යුතු වෙනවා. මේවන විටත් පාරම්පරික සේසත් නිර්මාණකරුවන් රැසක් වෙනත් රැකියාවලට යොමුව තිබෙනවා. සම්ප්‍රදායික සේසතට අමතරව කුඩා ප්‍රමාණයේ සේසත් නිර්මාණය කරන්න අපි මේ අයට යෝජනා කළා. ඊට අමතරව සේසත්වලට යොදා ගන්නා රටා උපයෝගි කරගෙන බෑග් වගේ දේවල් හදන්න උත්සහ කළා. පවතින වෙළෙඳපොළ ජයගන්න නම් සම්ප්‍රදාය රැකගෙන නව වෙළෙඳ පොළ අවස්ථා ලබා ගැනීමට ඉවහල් වන නිර්මණ කළ යුතුයි. නවීන තාක්ෂණය හඳුන්වාදීමත් විදේශිකයින්ගේ අවධානය ගමට ලබාදීමත් අපේ අරමුණයි. කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂා නොකර ප්‍රදර්ශනාගාරයක් ගොඩනගලා අවශ්‍යය නව පුහුණුව ලබා දෙන්න අපි කටයුතු කර තිබෙනවා.“

මෙරට පාරම්පරික කර්මාන්ත රැසක් ක්‍රමයෙන් අභාවයට යමින් තිබෙන්නේ එම කර්මාන්ත වල නියැලීම මගින් ආර්ථිකය සරිකර ගැනීමට තරම් ආදායමක් එම පවුල් වලට නොලැබීම නිසාය. සේසත් කර්මාන්තයටද අද අත්ව තිබෙන්නේ මෙම ඉරණමයි. එම කර්මාන්තයේ දශක දෙක තුනක් නියැලෙමින් සිටින පිරිස හැරෙන්නට තරුණ පරපුර අද එම කර්මාන්තයෙන් ඈත්ව වෙනත් රැකියා වලට යොමු වෙමින් සිටිති. සඝමිත් තෙරණිය සිරිමා බෝ හාමුදුරුවන් ලක්දිවට වැඩම කළ දා පටන් පැවැත එන මේ උතුම් කලාව මතු පරපුර වෙත රැක ගැනීමට නම් රාජ්‍ය අනුග්‍රහය එයට ලැබිය යුතුමය..

Join @lankasara on Telegram Channel
Tags: නවතමවිශේෂ
Previous Post

පොලිසියේ වැරැද්ද නිසා බීමතින් රිය පැදවූවාට දුන් දඬුවම ලිහිල් කරයි

Next Post

ලංකාවේ දිනකට වැඩිම කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ඊයේ වාර්තා වෙයි… මරණ 25යි

Related Posts

පෙර හෙළ රජ කල සිට පැවතෙන  වෙසක් සිරිත…

මැයි 14, 2022

තුමුල බලැති පින්සාර ගිජිඳු දැයෙන් සමු ගනිති!

මාර්තු 7, 2022
1957 දී දැලිවලින් සොයා ගත් පෞරාණික දාගැබ් ආකෘතිය සම්බන්ධව කියැවෙන ලෝකයේ හොඳින්ම ආරක්ෂා වූ එකම කරඬුව.. අද එය හොරු අරගෙන...

මහත්වරුනි… මේ සොරකම් කළේ පොන්තනෝනාගේ කූරපයියේ තිබූ කිල්ලෝටය නොවේ…

පෙබරවාරි 13, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • සූරියවැව ගොවීන් තෙල් පෝලිමට ආ හැටි.
  • අරගලකරුවන්ට ගැසූ සනත් නිශාන්ත මිලාන් ජයතිලක 25 දක්වා රිමාන්ඩ්….
  • මොරටුවේ සමන්ලාල් හා ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට
  • පොලිසිය දේශපාලනීකරණය වූ හැටි කී පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් ලැබුණු සුපිරි උත්තරේ !
  • මහින්ද නාමල් එක්කම පාර්ලිමේන්තු ඇවිත්…

ජනප්‍රිය පුවත්

  • පොලිස්පතිට තිත්ත කතා කී පොහොට්ටුවන් නිරුවත් කළ පොලිස්පතිගේ වාර්තාව මෙන්න!

    379 shares
    Share 152 Tweet 95
  • පොලිස්පතිට තිත්ත කතා කී පොහොට්ටු මන්ත්‍රීවරු නිරුත්තර කළ පොලිස්පතිගේ හෙළිදරව්ව…

    3565 shares
    Share 1426 Tweet 891
  • මහින්ද නාමල් එක්කම පාර්ලිමේන්තු ඇවිත්…

    172 shares
    Share 69 Tweet 43
  • පොලිසිය දේශපාලනීකරණය වූ හැටි කී පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් ලැබුණු සුපිරි උත්තරේ !

    172 shares
    Share 69 Tweet 43
  • පොහොට්ටු මැරයන්ගේ ගෝල් ෆේස් ගමන වලකනු එපා යැයි  DIG චන්ද්‍රකුමාරට ඉහළින් දුරකථන ඇමතුමක්!..

    172 shares
    Share 69 Tweet 43
  • කැබිනට් මණ්ඩලය 18යි… ඉතිරි 14 දෙනා අද දිවුරුම් දෙයි?!

    176 shares
    Share 70 Tweet 44

Highlights

පොලිසිය දේශපාලනීකරණය වූ හැටි කී පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් ලැබුණු සුපිරි උත්තරේ !

මහින්ද නාමල් එක්කම පාර්ලිමේන්තු ඇවිත්…

සමාවෙන්න හෙටත් පෙට්‍රල් නෑ – ඇමති කියයි

කාලගුණය හරට හිටී…. ගෑස් බෑම නවතී… පෝලිම්වල නොසිට ගෙවල්වලට යන්නැයි ලිට්‍රෝ කියයි!

ලංකාවේ අසරණ දෙමළ ජනතාවට  තමිල්නාඩුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය පාර්සල් කෝටි 04ක්..

මැයි 09 අපරාධය ගැන පොහොට්ටු මන්ත්‍රීවරු 06ක ගෙන් විමසන්න   CID ය අද පාර්ලිමේන්තුවට…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

සූරියවැව ගොවීන් තෙල් පෝලිමට ආ හැටි.

by editor
මැයි 18, 2022
0

යල කන්නය සඳහා වලව කලාපයේ ගොවීන්ට ...

අරගලකරුවන්ට ගැසූ සනත් නිශාන්ත මිලාන් ජයතිලක 25 දක්වා රිමාන්ඩ්….

by editor
මැයි 18, 2022
0

ගෝල්ෆේස් සහ අරලියගහමන්දිරය ඉදිරිපිට සාමකාමී අරගලකරුවන්ට...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist