fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

කොළඹ නුවර පාර හැදූ ලංකාවේ  පැරණිම  ගල්  රෝල්

වසර 2ක් ago
in සංස්කෘතිය
550 6
0
Share on FacebookShare on Twitter

ආචාර්ය  කුසුම්සිරි  කොඩිතුවක්කු –

ප්‍රවාහනය  සඳහා  මාධ්‍යයක්  වූ  මහාමාර්ග  සැකසීම  ගැන  කථා  කරන  විට  නිතැතින්  ම  අපගේ  සිහියට  නැගෙන  යන්ත්‍රයකි ,  ගල්රෝල  හෙවත්  මාර්ග  තලනය  ( Road roller ).  වර්තමානයේ  විවිධ  මාදිලියේ  කාර්යක්‍ෂම  ගල්  රෝල්  භාවිතයේ  පැවතිය  ද  කාර්මීකරණයට  පෙර  දැනට  ලොව  කාර්මික  අතින්  දියුණු  රටවල්  පවා  භාවිතයට  ගැනුණේ  සතුන්  යොදා  අදිනු  ලැබූ  ගල්රොල්  ය .  බටහිර  රටවල  මේ  සඳහා  යොදාගනු  ලැබූයේ  අශ්වයින්  ය .  එහෙත්  ශ්‍රී  ලංකාව  වැනි  රටවල්  ඒ  සඳහා  ගවයින් ,  අලිඇතුන්  වැනි  සත්ත්වයින්  යොදා  ගනු  ලැබීය .  ගවයින්  විසින්  අදිනු  ලැබූ  ගල්රෝලක්  දිගින්  මීටරයක්  පමණ  වූ  අතර  විශ්කම්භය  මීටර්  3රැ4 ක්  පමණ  විය .

කෙසේ  වෙතත්  කාර්මික  විප්ලවයෙහි  ප්‍රතිඵලයක්  ලෙස  වාෂ්ප  බලයෙන්  ක්‍රියා  කෙරෙන  ගල්රෝල්  (Steam  roller )  බ්‍රි‍තාන්‍ය  තුළ  බිහි  වීමෙන්  අනතුරුව ,  ශ්‍රී  ලංකාවේ  මාර්ග  තැනීමේ  කටයුතු  සඳහා  ද  ඒවා  ගෙන්වා  භාවිතයට  ගනු  ලැබීය .  වාෂ්ප  දුම්රිය  එන්ජිමක  ( Steam  locomotive )යාන්ත්‍රික  සිද්ධාන්තයට  සමාන  වන  අයුරින්  මෙම  ගල්රෝල්  නිපදවා  තිබුණි .  වාෂ්ප  දුම්රිය  එන්ජිමක  පරිද්දෙන්  මෙම  ගල්රෝල්  ද  සිලින්ඩාකාර  බොයිලේරුව  ( Boiler ) කින්  සමන්විත  වූ  අතර  ඊට  එක්  කරන  ජලය ,  ගල්  අඟුරු  දහනයෙන්  වාෂ්ප  බවට  පත්  කොට,  එමඟින්  ක්‍රියාත්මක  කරනු  ලැබීය .  මෙම  ගල්රෝල්වල  ඉදිරිපස  මීටරයක්  පමණ  විශ්කම්භය  ඇති  ඒකාබද්ධ  කළ  යකඩ  රෝද  දෙකක්  ද  පසුපස  ගරාදි  සහිත  හෝ  රහිත  මීටර  1  1රැ2ක්  පමණ  විශ්කම්භය  ඇති  රෝද  දෙකක්  ද  විය .

ටොන්  10 ක්  පමණ  බරැති  මෙම  ගල්රෝල්  භාවිතා  කොට  මුලින්  ම  සිදුකරන  ලද්දේ  කපා  සකස්  කරන  ලද  මාර්ගය  තද  කිරීමේ  කාර්යයයි .  ඉන්  අනතුරුව  ඒ  මත  අතුරන  ලද  අඟල්  4 – 5  ප්‍රමාණයේ  ගල්  මත  ගල්රෝලය  ගමන්  කරවමින්  හොඳින්  තලන  ලද  අඩි  10 ක්  පළලැති  මාර්ගයක  සැතපුමක්  තුළ  ඇති  කිරීමට  මෙවැනි  ගල්කියුබ්  176 ක්  අවශ්‍ය  විය .  (කියුබ්  එකක්  යනු ,  ඝන  අඩි  10 ක  ගල්  ප්‍රමාණයකි . )  ඉන්  අනතුරුව  ඒ  මත  අඟල්  02ක  තට්ටුවක්  අතුරා  යළිත්  හොඳින්  තද  කරන  ලදී .  සැතපුමක්  සඳහා  එවැනි  ගල්  අවශ්‍ය  වූයේ  කියුබ්  132 කි .  අවසාන  වශයෙන්  අඟල්  3රැ4 ක  කළුගල්  තට්ටුවක්  අතුරා  ඒ  මතින්  ද  ගල්රෝලය  ගමන්  කරවා  හොඳින්  තලා  ඒ  මත  තාර  දැමීම  සිදුකරන  ලදී .

ශ්‍රී  ලංකාවේ  මුලින්  ම  භාවිතයට  ගන්නා  ලද  වාෂ්ප  ගල්රෝල  නිපදවා  ඇත්තේ  එංගලන්තයේ  කෙන්ට්  ( Kent )හි  ඇවලින්  හා  පෝටර්  ( Aveling  &  Potar  Limited )  සමාගමයි .  ලොවට  වාෂ්ප  ගල්රෝල  හ`ඳුන්වාදීමේ  ගෞරවය  හිමිවනුයේ  ද  මෙම  සමාගමට  බව  විශේෂයෙන්  සඳහන්  කළ  යුතුය .

කාර්මික  විප්ලවයට  සමකාලීනව  එංගලන්තයේ  කැපී  පෙනුණු  කාර්මික  ප්‍රදේශයක්  වූ  කෙන්ට්හි  පහළ  මෙඞ්වේ  මිටියාවතෙහි  ( Lower  Medwey  Valley )බිහිවූ  මෙම  සමාගමෙහි  නිර්මාතෘවරයා  වූයේ  තෝමස්  ඇවලින්  ( Thomas  Aveling )ය .  1850  ගණන්වලදී  මෙය  මුලින්  ම  ආරම්භ  වූයේ  කෘෂිකාර්මික  යන්ත්‍ර  අලුත්වැඩියා  කිරීමේ  වැඩපොළක්  ලෙසිනි .  පසුව  එහි  කෘෂිකාර්මික  වාෂ්ප  යන්ත්‍ර  නිපදවීම  ද  සිදුකෙරිණි .

කෙසේ  වෙතත්  මෙම  සමාගම  වඩාත්  ප්‍රචලිත  වූයේ  1862  දී  රිචඞ්  පෝටර්  (Richard  Portar) සමඟ  එක්  වී  ඇවලින්  හා  පෝටර්  සමාගම  ලෙසින්  කාර්මික  නිෂ්පාදන  ක්‍ෂේත්‍රයට  එක්  වීමත්  සමඟ ය .  ඉන්වික්ටා  ( Invicta )  නමින්  හැඳින්වූ  මෙම  කර්මාන්ත  ශාලාවේ  වැඩි  වශයෙන්  ම  නිපදවා  ඇත්තේ  වාෂ්ප  ගල්රෝල්  ය . ලොව  මුල්වරට  නිපදවූ  මෙම  සමාගමේ  ගල්රෝල්,  බොහෝ  රටවල්වලට  අපනයනය  කරනු  ලැබීය .  1870  ගණන්වලදී   ඇමරිකාවේ  මුල්  ම  ගල්රෝලය  බිහිවීමට  පෙරාතුව  භාවිතයට  ගන්නා  ලද්දේ  බ්‍රිතාන්‍යයෙන්  ආනයනය  කළ  මෙම  ගල්රෝල්  ය .  20 වැනි  සියවස  මුල්  දශක  තුනවන  විට  බ්‍රිතාන්‍යයේ  මුළු  වාෂ්ප  ගල්රෝල්  නිෂ්පාදනයෙන්  2 / 3 ක්  ම  බිහිකර  ඇත්තේ  ඇවලින්  හා  පෝටර්  සමාගමයි .

කෙසේ  වෙතත්  1990  ගණන්වලින්  අනතුරුව  මෙම  වාෂ්ප  ගල්රෝල්  ක්‍රමක්‍රමයෙන්  භාවිතයෙන්  ඉවත්ව  යන්නට  පටන්ගත්  අතර  ක්‍රමයෙන්  ඊට  කෞතුක  වටිනාකමක්  ආරෝපණය  වන්නට  විය .  දැනට  ලෝකයේ  ඇති  පැරණි  ම  වාෂ්ප  ගල්රෝල  ලෙස  සදහන්  වනුයේ  1878  දී  ඇවලින්  හා  පෝටර්  සමාගම  විසින්  නිපදවනු  ලැබූ  අංක  1457  දරණ  ගල්රෝලයි .  එය  දැනට  ඔස්ලෝහි  නෝර්වීජියානු  කාර්මික  කෞතුකාගාරයෙහි  ප්‍රදර්ශනයට  තබා  තිබේ .  ශ්‍රී  ලංකාවේ  ද  දැනට  ඉතිරිව  ඇති  පැරණි ම  වාෂ්ප  ගල්රෝල්  කිහිපයක්  පිළිමතලාව  මහාමාර්ග  කෞතුකාගාර  පරිශ්‍රයෙහි  ප්‍රදර්ශනයට  තබා  තිබේ .  ඉන්  එක්  ගල්රෝලක  නිෂ්පාදන  ආයතනය  පිළිබඳව  විස්තර  සදහන්  කර  ඇත්තේ  පහත  පරිදි  ය .

BY  ROYAL  LETTERS  PATENT                                                                                                               NO  12007
AVELING  &  PORTAR
ROCMESTER
KENT  ENGLAND

මේ  අතර  තවත්  ගල්රෝලක  ඉදිරිපස  ඇවලින්  හා  පෝටර්  සමාගමේ  කර්මාන්ත  ශාලා  නාමයවන  ඉන්වික්ටා  ( Invicta )   යන්න  ද  සදහන්  කර  තිබේ .

මෙම  ගල්රෝල්වලට  පොළොව  කැඩීමේ  උපකරණ  ( Scaritier )  ජලය  විදින  උපකරණ  : (Water  Sprayer )    හා  පොළොව  සීරීමේ  උපකරණ  ( Scrapers )  ද  සවිකර  තිබූ  අතර  ඉන්  ඇතැම්  උපකරණ  වෙනත්  සමාගම්වල  නිෂ්පාදන  ලෙස  හඳුනාගත  හැකි  වේ .  නිදසුනක්  ලෙස  පිළිමතලාව  මහාමාර්ග  කෞතුකාගාරයේ  ඇති  ඇවලින්  හා  පෝටර්  සමාගමේ  ගල්  රෝලයකට    සවිකර  ඇති  පොළොව  කැඩීමේ  උපකරණය  එංගලන්තයේ  ඔක්ස්ෆෝඞ්හි  ඇලන්  සමාගමේ    : ( Allem  &  Sons  Coxford )  Ltd )  නිෂ්පාදනයකි .

ගල්රෝල්වලට  ම  සවි  කරන  ලද  උපකරණ  හැරුණුවිට  ඇදගෙන  යා  හැකි  පරිදි  නිපදවන  ලද  පොළොව  කැඩීමේ  යන්ත්‍ර  ද  මුල්  කාලීනව  භාවිතයට  ගැනුණි .  රෝද  හතරක්  සහිත  මෙම  යන්ත්‍ර  නිපදවා  ඇත්තේ  එංගලන්තයේ  පීටර්බරෝහී  බාර්ෆෝඞ්  හා  පර්කින්  සමාගම  (Barford  & Perkin  Ltd )  යි .

ගල්රෝලක්  මාර්ග  සැකසීමේ  කාර්යය  සඳහා  ගමන්  කරන  විට  ඉහත  පොළොව  කැඩීමේ  යන්ත්‍ර  මෙන්  ම  වතුර  කරත්ත ,  ඉන්ධන  කරත්ත ,  ගල්රෝල්  ක්‍රියාකරවන්නන්ගේ  නවාතැන්  මැදිරි  හා  තාර  බොයිලේරු  ද  ඇදගෙන  යා  හැකි  පරිදි  සකස් කොට  තිබුණි .

වර්තමානයේ  භාවිතයට  ගැනෙන  නූතන  මාර්ග  සැකසීමේ  යන්ත්‍ර  දකින  විට  ඉහත  කී  ගල්රෝල්  හා  උපකරණ  භාවිත  කොට  මාර්ග  සැකසීමේ  කටයුතු  කෙලෙස  ඉටුකළේ  ද  යන්න  කෙනෙකුට  ගැටලුවක්  ඇති  විය  හැකිය  .  එහෙත්  කොළඹ  –  නුවර   මාර්ගය ඇතුළු  දිවයිනේ  මහාමාර්ග  බොහෝමයක්  ම  තනා  ඇත්තේ මීට  සියවස්  එකහමාරකට  පමණ  ඉහත  දී  එම  යන්ත්‍රසූත්‍ර  උපයෝගී  කරගෙනය .  ඒවා  අප  රටෙහි  නිෂ්පාදන  නොවූවත්  අපගේ  ම  කාර්මික  උරුමයක්  සේ  රැකගත  යුත්තේ  එලෙස  අපගේ  යටිතල  පහසුකම්වල  වත්මන්  දියුණුවේ  මූලාරම්භය  ඒ  මත  පදනම්ව  ඇති  බැවිනි .

මෙහිලා  පිළිමතලාව  මහාමාර්ග  කෞතුකාගාරය  හා  කොළඹ  නාගරික  කෞතුකාගාරය  ඉටු  කර  ඇත්තේ  පැසසිය  යුතු  මෙහෙවරකි .  එසේ  ම  මාර්ග  සංවර්ධන  අධිකාරියේ  පුත්තලම  කාර්යාලය  ද  පැරණි  ගල්  රෝල්  කිහිපයක්  ප්‍රදර්ශන  මට්ටමින්  තබා  ගෙන  මහඟු  කාර්යයකට  දායක  වී  තිබේ .

කෙසේවෙතත්  අවසාන  වශයෙන්  කිවයුත්තේ  මෙවැනි  පැරණි  යන්ත්‍රසූත්‍ර  උපකරණ  යනාදී  සුරැකීම  සඳහා  විධිමත්  දීප  ව්‍යාප්ත  වැඩ  පිළිවෙලක්  ක්‍රියාත්මක  විය  යුතු  බවයි .  එවිට  කෞතුක  භාණ්ඩ  ලෙස  අගය  කළ  යුතු  පැරණි  වාෂ්ප  ගල්රෝල්  හා  යන්ත්‍ර  සූත්‍ර  කොටස්වලට  ගැළවී  පැරණි  යකඩ  මිල  දී  ගැනීමේ  ස්ථානවල  යකඩ  ගොඩවලට  වැටී  තිබෙනු  දැකීමට  තරම්  අප  කිසිවිටකවත්  අවාසනාවන්ත  නොවනු  ඇත .

 

 

 

Join @lankasara on Telegram Channel
Previous Post

රට යළි හෙට ඇරුණාම කොවිඩ් පාලනය සමාජය අතේ……

Next Post

සී ෂෙල්ස් හදිසියේ ආපු කට්ටිය කවුදැයි හෙළි  කරන්න හඳුන්නෙත්ති ඉල්ලයි

Related Posts

පෙර හෙළ රජ කල සිට පැවතෙන  වෙසක් සිරිත…

මැයි 14, 2022

තුමුල බලැති පින්සාර ගිජිඳු දැයෙන් සමු ගනිති!

මාර්තු 7, 2022
1957 දී දැලිවලින් සොයා ගත් පෞරාණික දාගැබ් ආකෘතිය සම්බන්ධව කියැවෙන ලෝකයේ හොඳින්ම ආරක්ෂා වූ එකම කරඬුව.. අද එය හොරු අරගෙන...

මහත්වරුනි… මේ සොරකම් කළේ පොන්තනෝනාගේ කූරපයියේ තිබූ කිල්ලෝටය නොවේ…

පෙබරවාරි 13, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්
  • සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්
  • සේවයට ගෙන්වන පිරිස් සීමා කර රාජ්‍ය සේවයේ වියදම් අඩු කළ හැකි ද?
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!
  • 21ට පක්ෂ නායකයෝ එකඟ වෙති! ජවිපෙ සහ ටීඑන්ඒ හමුවට පැමිණ නෑ….

ජනප්‍රිය පුවත්

  • හොර පාස්පෝට් නඩුවට ශෂී වීරවංශ වරදකරු වෙයි… අවුරුදු 02ක් හිරේට….

    174 shares
    Share 70 Tweet 44
  • ඇමති ධුරගෙන  පක්ෂ රැස්වීමට පැමිණි නිමල් – අමරවීර සභාවේ  කොන් වෙයි…

    218 shares
    Share 87 Tweet 55
  • රාජ්‍ය සේවකයින්ගේ බලාපොරොත්තු සුන්…  වැටුප් වැඩිවීමක් නෑ…

    209 shares
    Share 84 Tweet 52
  • අවුරුද්දේ මුල් කාර්තුවේ නිමි තේ නිශ්පාදනය කිලෝ ලක්ෂ 40කින් අඩු වෙලා… නැතිවුණු විදේශ විනිමය ඩොලර් මිලියන 73ක්….

    208 shares
    Share 83 Tweet 52
  • සහන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සැලකිය යුතු වැටුප් වැඩි වීමක්! – මුදල් ඇමති රනිල් කියයි…

    288 shares
    Share 115 Tweet 72
  • පොලිස්පති දෙබිඩ්ඩෙක්… පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් චෝදනා… සාක්ෂි මෙන්න….

    204 shares
    Share 82 Tweet 51

Highlights

සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!

21ට පක්ෂ නායකයෝ එකඟ වෙති! ජවිපෙ සහ ටීඑන්ඒ හමුවට පැමිණ නෑ….

ජම්මු කාශ්මීර ගොවීන් තාක්ෂණික ගොවිතැනට

ට්‍රිලියනයක් අච්චු ගහන්නේ ධන කුවේරයන්ට බදු සහන දෙන්නද? සජිත් අසයි

බෙහෙත් නැතිව මැරෙන්න වැටුණු දුගී ජීවිත අසල- අමුතු ඩීල් එකකට යන  සිරිපාල – රඹුක්වැල්ල

ජන වරමක් නැති මේ පිං අගමැතිට 21න් ලැබෙන බලය හොබවන්න අයිතියක් නෑ…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Ranil Wickremesinghe

අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්

by Lankasara News
මැයි 28, 2022
0

ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබාදීමට සමූහයක්...

Herbal Soap

සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්

by Lankasara News
මැයි 27, 2022
0

ග්‍රාමීය ප්‍රදේශයක් වන ජබල්පූර් හි කාන්තාවන්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist