ශ්‍රියානි විජේසිංහ
රට නැවත යථා තත්ත්වයට පත් වීමේ මුල් අදියර හෙට (26) ආරම්භ වන බැවින් කොවිඩ් 19 වෛරසය සමාජගත නොකර කටයුතුවල යෙදීමට වගබලා ගන්නැයි කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
කොවිඩ් වෛරසය පැතිරීම වලක්වා ලිය හැක්කේ සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අකුරටම පිළිපැදීම මගින් පමණක් බව පෙන්වා දෙන අධ්‍යක්ෂවරයා අයිඩීඑච් උණ රෝහලේ කාර්යමණ්ඩලයට හෝ වෛද්‍ය පර්යේෂණායතනයේ කාර්ය මණ්ඩලයට වෛරස ආසාදනය නොකරගනිමින් රෝගී සත්කාර සේවාවන් ලබා දීමට හැකි වූයේ සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපැදි නිසා යැයිද පෙන්වාදේ.
කොවිඩ් 19 වෛරසය සමග අපට සැලකිය යුතු කාලයක් ජීවත් වීමට සිදුවන බැවින් සමාජ දුරස්ථභාවය රඳවා ගනිමින් සබන් දා දෑත් නිතර සොදාගනිමින් මුඛ ආවරණ පැලඳීම වැනි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීම ජීවිතයේ එක් අංගයක් කර ගන්නැයි අධ්‍යක්ෂවරයා ජනතාවට දැනුම් දී සිටියි.