බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

කොළඹ නුවර පාර හැදූ ලංකාවේ  පැරණිම  ගල්  රෝල්

by editor
මැයි 25, 2020
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

ආචාර්ය  කුසුම්සිරි  කොඩිතුවක්කු –

ප්‍රවාහනය  සඳහා  මාධ්‍යයක්  වූ  මහාමාර්ග  සැකසීම  ගැන  කථා  කරන  විට  නිතැතින්  ම  අපගේ  සිහියට  නැගෙන  යන්ත්‍රයකි ,  ගල්රෝල  හෙවත්  මාර්ග  තලනය  ( Road roller ).  වර්තමානයේ  විවිධ  මාදිලියේ  කාර්යක්‍ෂම  ගල්  රෝල්  භාවිතයේ  පැවතිය  ද  කාර්මීකරණයට  පෙර  දැනට  ලොව  කාර්මික  අතින්  දියුණු  රටවල්  පවා  භාවිතයට  ගැනුණේ  සතුන්  යොදා  අදිනු  ලැබූ  ගල්රොල්  ය .  බටහිර  රටවල  මේ  සඳහා  යොදාගනු  ලැබූයේ  අශ්වයින්  ය .  එහෙත්  ශ්‍රී  ලංකාව  වැනි  රටවල්  ඒ  සඳහා  ගවයින් ,  අලිඇතුන්  වැනි  සත්ත්වයින්  යොදා  ගනු  ලැබීය .  ගවයින්  විසින්  අදිනු  ලැබූ  ගල්රෝලක්  දිගින්  මීටරයක්  පමණ  වූ  අතර  විශ්කම්භය  මීටර්  3රැ4 ක්  පමණ  විය .

කෙසේ  වෙතත්  කාර්මික  විප්ලවයෙහි  ප්‍රතිඵලයක්  ලෙස  වාෂ්ප  බලයෙන්  ක්‍රියා  කෙරෙන  ගල්රෝල්  (Steam  roller )  බ්‍රි‍තාන්‍ය  තුළ  බිහි  වීමෙන්  අනතුරුව ,  ශ්‍රී  ලංකාවේ  මාර්ග  තැනීමේ  කටයුතු  සඳහා  ද  ඒවා  ගෙන්වා  භාවිතයට  ගනු  ලැබීය .  වාෂ්ප  දුම්රිය  එන්ජිමක  ( Steam  locomotive )යාන්ත්‍රික  සිද්ධාන්තයට  සමාන  වන  අයුරින්  මෙම  ගල්රෝල්  නිපදවා  තිබුණි .  වාෂ්ප  දුම්රිය  එන්ජිමක  පරිද්දෙන්  මෙම  ගල්රෝල්  ද  සිලින්ඩාකාර  බොයිලේරුව  ( Boiler ) කින්  සමන්විත  වූ  අතර  ඊට  එක්  කරන  ජලය ,  ගල්  අඟුරු  දහනයෙන්  වාෂ්ප  බවට  පත්  කොට,  එමඟින්  ක්‍රියාත්මක  කරනු  ලැබීය .  මෙම  ගල්රෝල්වල  ඉදිරිපස  මීටරයක්  පමණ  විශ්කම්භය  ඇති  ඒකාබද්ධ  කළ  යකඩ  රෝද  දෙකක්  ද  පසුපස  ගරාදි  සහිත  හෝ  රහිත  මීටර  1  1රැ2ක්  පමණ  විශ්කම්භය  ඇති  රෝද  දෙකක්  ද  විය .

ටොන්  10 ක්  පමණ  බරැති  මෙම  ගල්රෝල්  භාවිතා  කොට  මුලින්  ම  සිදුකරන  ලද්දේ  කපා  සකස්  කරන  ලද  මාර්ගය  තද  කිරීමේ  කාර්යයයි .  ඉන්  අනතුරුව  ඒ  මත  අතුරන  ලද  අඟල්  4 – 5  ප්‍රමාණයේ  ගල්  මත  ගල්රෝලය  ගමන්  කරවමින්  හොඳින්  තලන  ලද  අඩි  10 ක්  පළලැති  මාර්ගයක  සැතපුමක්  තුළ  ඇති  කිරීමට  මෙවැනි  ගල්කියුබ්  176 ක්  අවශ්‍ය  විය .  (කියුබ්  එකක්  යනු ,  ඝන  අඩි  10 ක  ගල්  ප්‍රමාණයකි . )  ඉන්  අනතුරුව  ඒ  මත  අඟල්  02ක  තට්ටුවක්  අතුරා  යළිත්  හොඳින්  තද  කරන  ලදී .  සැතපුමක්  සඳහා  එවැනි  ගල්  අවශ්‍ය  වූයේ  කියුබ්  132 කි .  අවසාන  වශයෙන්  අඟල්  3රැ4 ක  කළුගල්  තට්ටුවක්  අතුරා  ඒ  මතින්  ද  ගල්රෝලය  ගමන්  කරවා  හොඳින්  තලා  ඒ  මත  තාර  දැමීම  සිදුකරන  ලදී .

ශ්‍රී  ලංකාවේ  මුලින්  ම  භාවිතයට  ගන්නා  ලද  වාෂ්ප  ගල්රෝල  නිපදවා  ඇත්තේ  එංගලන්තයේ  කෙන්ට්  ( Kent )හි  ඇවලින්  හා  පෝටර්  ( Aveling  &  Potar  Limited )  සමාගමයි .  ලොවට  වාෂ්ප  ගල්රෝල  හ`ඳුන්වාදීමේ  ගෞරවය  හිමිවනුයේ  ද  මෙම  සමාගමට  බව  විශේෂයෙන්  සඳහන්  කළ  යුතුය .

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කාර්මික  විප්ලවයට  සමකාලීනව  එංගලන්තයේ  කැපී  පෙනුණු  කාර්මික  ප්‍රදේශයක්  වූ  කෙන්ට්හි  පහළ  මෙඞ්වේ  මිටියාවතෙහි  ( Lower  Medwey  Valley )බිහිවූ  මෙම  සමාගමෙහි  නිර්මාතෘවරයා  වූයේ  තෝමස්  ඇවලින්  ( Thomas  Aveling )ය .  1850  ගණන්වලදී  මෙය  මුලින්  ම  ආරම්භ  වූයේ  කෘෂිකාර්මික  යන්ත්‍ර  අලුත්වැඩියා  කිරීමේ  වැඩපොළක්  ලෙසිනි .  පසුව  එහි  කෘෂිකාර්මික  වාෂ්ප  යන්ත්‍ර  නිපදවීම  ද  සිදුකෙරිණි .

කෙසේ  වෙතත්  මෙම  සමාගම  වඩාත්  ප්‍රචලිත  වූයේ  1862  දී  රිචඞ්  පෝටර්  (Richard  Portar) සමඟ  එක්  වී  ඇවලින්  හා  පෝටර්  සමාගම  ලෙසින්  කාර්මික  නිෂ්පාදන  ක්‍ෂේත්‍රයට  එක්  වීමත්  සමඟ ය .  ඉන්වික්ටා  ( Invicta )  නමින්  හැඳින්වූ  මෙම  කර්මාන්ත  ශාලාවේ  වැඩි  වශයෙන්  ම  නිපදවා  ඇත්තේ  වාෂ්ප  ගල්රෝල්  ය . ලොව  මුල්වරට  නිපදවූ  මෙම  සමාගමේ  ගල්රෝල්,  බොහෝ  රටවල්වලට  අපනයනය  කරනු  ලැබීය .  1870  ගණන්වලදී   ඇමරිකාවේ  මුල්  ම  ගල්රෝලය  බිහිවීමට  පෙරාතුව  භාවිතයට  ගන්නා  ලද්දේ  බ්‍රිතාන්‍යයෙන්  ආනයනය  කළ  මෙම  ගල්රෝල්  ය .  20 වැනි  සියවස  මුල්  දශක  තුනවන  විට  බ්‍රිතාන්‍යයේ  මුළු  වාෂ්ප  ගල්රෝල්  නිෂ්පාදනයෙන්  2 / 3 ක්  ම  බිහිකර  ඇත්තේ  ඇවලින්  හා  පෝටර්  සමාගමයි .

කෙසේ  වෙතත්  1990  ගණන්වලින්  අනතුරුව  මෙම  වාෂ්ප  ගල්රෝල්  ක්‍රමක්‍රමයෙන්  භාවිතයෙන්  ඉවත්ව  යන්නට  පටන්ගත්  අතර  ක්‍රමයෙන්  ඊට  කෞතුක  වටිනාකමක්  ආරෝපණය  වන්නට  විය .  දැනට  ලෝකයේ  ඇති  පැරණි  ම  වාෂ්ප  ගල්රෝල  ලෙස  සදහන්  වනුයේ  1878  දී  ඇවලින්  හා  පෝටර්  සමාගම  විසින්  නිපදවනු  ලැබූ  අංක  1457  දරණ  ගල්රෝලයි .  එය  දැනට  ඔස්ලෝහි  නෝර්වීජියානු  කාර්මික  කෞතුකාගාරයෙහි  ප්‍රදර්ශනයට  තබා  තිබේ .  ශ්‍රී  ලංකාවේ  ද  දැනට  ඉතිරිව  ඇති  පැරණි ම  වාෂ්ප  ගල්රෝල්  කිහිපයක්  පිළිමතලාව  මහාමාර්ග  කෞතුකාගාර  පරිශ්‍රයෙහි  ප්‍රදර්ශනයට  තබා  තිබේ .  ඉන්  එක්  ගල්රෝලක  නිෂ්පාදන  ආයතනය  පිළිබඳව  විස්තර  සදහන්  කර  ඇත්තේ  පහත  පරිදි  ය .

BY  ROYAL  LETTERS  PATENT                                                                                                               NO  12007
AVELING  &  PORTAR
ROCMESTER
KENT  ENGLAND

මේ  අතර  තවත්  ගල්රෝලක  ඉදිරිපස  ඇවලින්  හා  පෝටර්  සමාගමේ  කර්මාන්ත  ශාලා  නාමයවන  ඉන්වික්ටා  ( Invicta )   යන්න  ද  සදහන්  කර  තිබේ .

මෙම  ගල්රෝල්වලට  පොළොව  කැඩීමේ  උපකරණ  ( Scaritier )  ජලය  විදින  උපකරණ  : (Water  Sprayer )    හා  පොළොව  සීරීමේ  උපකරණ  ( Scrapers )  ද  සවිකර  තිබූ  අතර  ඉන්  ඇතැම්  උපකරණ  වෙනත්  සමාගම්වල  නිෂ්පාදන  ලෙස  හඳුනාගත  හැකි  වේ .  නිදසුනක්  ලෙස  පිළිමතලාව  මහාමාර්ග  කෞතුකාගාරයේ  ඇති  ඇවලින්  හා  පෝටර්  සමාගමේ  ගල්  රෝලයකට    සවිකර  ඇති  පොළොව  කැඩීමේ  උපකරණය  එංගලන්තයේ  ඔක්ස්ෆෝඞ්හි  ඇලන්  සමාගමේ    : ( Allem  &  Sons  Coxford )  Ltd )  නිෂ්පාදනයකි .

ගල්රෝල්වලට  ම  සවි  කරන  ලද  උපකරණ  හැරුණුවිට  ඇදගෙන  යා  හැකි  පරිදි  නිපදවන  ලද  පොළොව  කැඩීමේ  යන්ත්‍ර  ද  මුල්  කාලීනව  භාවිතයට  ගැනුණි .  රෝද  හතරක්  සහිත  මෙම  යන්ත්‍ර  නිපදවා  ඇත්තේ  එංගලන්තයේ  පීටර්බරෝහී  බාර්ෆෝඞ්  හා  පර්කින්  සමාගම  (Barford  & Perkin  Ltd )  යි .

ගල්රෝලක්  මාර්ග  සැකසීමේ  කාර්යය  සඳහා  ගමන්  කරන  විට  ඉහත  පොළොව  කැඩීමේ  යන්ත්‍ර  මෙන්  ම  වතුර  කරත්ත ,  ඉන්ධන  කරත්ත ,  ගල්රෝල්  ක්‍රියාකරවන්නන්ගේ  නවාතැන්  මැදිරි  හා  තාර  බොයිලේරු  ද  ඇදගෙන  යා  හැකි  පරිදි  සකස් කොට  තිබුණි .

වර්තමානයේ  භාවිතයට  ගැනෙන  නූතන  මාර්ග  සැකසීමේ  යන්ත්‍ර  දකින  විට  ඉහත  කී  ගල්රෝල්  හා  උපකරණ  භාවිත  කොට  මාර්ග  සැකසීමේ  කටයුතු  කෙලෙස  ඉටුකළේ  ද  යන්න  කෙනෙකුට  ගැටලුවක්  ඇති  විය  හැකිය  .  එහෙත්  කොළඹ  –  නුවර   මාර්ගය ඇතුළු  දිවයිනේ  මහාමාර්ග  බොහෝමයක්  ම  තනා  ඇත්තේ මීට  සියවස්  එකහමාරකට  පමණ  ඉහත  දී  එම  යන්ත්‍රසූත්‍ර  උපයෝගී  කරගෙනය .  ඒවා  අප  රටෙහි  නිෂ්පාදන  නොවූවත්  අපගේ  ම  කාර්මික  උරුමයක්  සේ  රැකගත  යුත්තේ  එලෙස  අපගේ  යටිතල  පහසුකම්වල  වත්මන්  දියුණුවේ  මූලාරම්භය  ඒ  මත  පදනම්ව  ඇති  බැවිනි .

මෙහිලා  පිළිමතලාව  මහාමාර්ග  කෞතුකාගාරය  හා  කොළඹ  නාගරික  කෞතුකාගාරය  ඉටු  කර  ඇත්තේ  පැසසිය  යුතු  මෙහෙවරකි .  එසේ  ම  මාර්ග  සංවර්ධන  අධිකාරියේ  පුත්තලම  කාර්යාලය  ද  පැරණි  ගල්  රෝල්  කිහිපයක්  ප්‍රදර්ශන  මට්ටමින්  තබා  ගෙන  මහඟු  කාර්යයකට  දායක  වී  තිබේ .

කෙසේවෙතත්  අවසාන  වශයෙන්  කිවයුත්තේ  මෙවැනි  පැරණි  යන්ත්‍රසූත්‍ර  උපකරණ  යනාදී  සුරැකීම  සඳහා  විධිමත්  දීප  ව්‍යාප්ත  වැඩ  පිළිවෙලක්  ක්‍රියාත්මක  විය  යුතු  බවයි .  එවිට  කෞතුක  භාණ්ඩ  ලෙස  අගය  කළ  යුතු  පැරණි  වාෂ්ප  ගල්රෝල්  හා  යන්ත්‍ර  සූත්‍ර  කොටස්වලට  ගැළවී  පැරණි  යකඩ  මිල  දී  ගැනීමේ  ස්ථානවල  යකඩ  ගොඩවලට  වැටී  තිබෙනු  දැකීමට  තරම්  අප  කිසිවිටකවත්  අවාසනාවන්ත  නොවනු  ඇත .

 

 

 

Share210Tweet43
Previous Post

රට යළි හෙට ඇරුණාම කොවිඩ් පාලනය සමාජය අතේ……

Next Post

සී ෂෙල්ස් හදිසියේ ආපු කට්ටිය කවුදැයි හෙළි  කරන්න හඳුන්නෙත්ති ඉල්ලයි

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.