fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

කෙල්ල දිනුම්!

මාස 4ක් ago
in ජීවිතය
468 5
0
Share on FacebookShare on Twitter

ඒ 19 හැවිරිදි  කෙල්ල අපේක්ෂා කළ අයුරින්ම සිය ලෝක වාර්තාව තැබුවාය. ඒ ඊයේ සවසය.

සාරා රදර්ෆඩ් ගැන දැන් අප දන්නේය. ලෝක වර්තාවක් පිහිටවනු සඳහා හුදකලාව සැහැල්ලු ගුවන් යානයක නැගී ලෝකය වටේ කරක්ගහන අතර ඇය අපේ රත්මලාන ගුවන්තොටුපලින් අපේ රටටත් ගොඩබැස්සාය. ඒ පසුගිය දෙසැම්බර් 27 වැනිදා ය.

යන ගමන් මෙහෙමත් කීවාය. “  ලොව වටා සංචාරයක යෙදෙනවා නම් ලංකාව ස්ඵර්ශ කළ යුතුමයි.  සිලෝන් ටී කියන්නෙ අමතක කරන්න බැරි රසයක්“

ඇය ඊයේ  බටහිර බෙල්ජියමේ Kortrijk ගුවන් පථය ඇයගේ කුඩා ගුවන් යානයෙන් ස්ඵර්ශ කළාය.    ගෙදරින් පිටත්ව ගොස් දින 155 කට පසු ඇය යළි ගෙදර පැමිණියේ තනිව ලොව වටා පියාසර කළ ලාබාලතම කාන්තාව ලෙස ලෝක වාර්තාවක්  තබමිනි.

ගුවන් සේවා  කර්මාන්තය සහ ලෝකය මෙහෙයවන නිශ්චිත විද්‍යාවන් සම්බන්ධව   පිරිමි ආධිපත්‍යය දරන අංශවල සාර්ථක වීමට උත්සාහ කරන සියලුම තරුණියන් වෙනුවෙන්, ඔවුන්ට ආත්ම ශක්තිය සහ විශ්වාසයක් ඇතිකිරීම වෙනුවෙන්  ඇය ඒ අභියෝගාත්මක ගමන ආරම්භ කර සාර්ථකව නිමා කර තිබුණාය.

“එය කරන්න හැකියි. නමුත් එයට බොහෝ කාලයක්, ඉවසීමක්, සහ  විශාල වැඩ කොටසක් කිරීමට අවශ්‍යයයි.  නමුත් එය ඇදහිය නොහැකි තරම්  අත්දැකීමක්, ”

සිය අභියෝගාත්මක චාරිකාවෙන් පසු  සාරා සිය අත්දැකීම පැවසුවාය.    සයිබීරියාවේ හිම මිදුන තුන්ද්‍රා වනාන්තරවල  සිට පිලිපීනයේ මහා ව්‍යසනයනය සිදුකළ ටයිෆූන් සුළිකුනාටුව දක්වාත්  අරාබි කාන්තාරයේ ඉමක් නැති රුදුරු හුදකලාවත් ඇය අත් විඳ තිබුණාය.

වරක්, ඇගේ තනි ආසනයක් සහිත  “ශේක් මයික්‍රොලයිට්“ යානය කැලිෆෝනියා ලැව්ගිනි දුමින් වැසී ගියේය.   බොහෝ විට ඇය හුදකලාව මුහුදේ හෝ පාළු ගොඩබිමකට ඉහළින් පියාසර කරමින් සිටියාය. අවදානමක දී  ගලවා ගැනීමේ හැකියාව තිබුණේ බොහෝ දුරිනි.    ඇයගේ පවුල හෝ ඇය දන්නා ලෝකය සමඟ කිසිම සම්බන්ධයක් නොමැතිව කුඩා සයිබීරියාවේ අයන් ගම්මානයේ සති ගණනක් හුදෙකලා වීමට ඇයට සිදු විය.

ඇය ඒ දුර්ග චාරිකාව නිමා කර ඊයේ සිය ගුවන් නියමු දෙමාපියන් සහ සහෝදරයා   වැළඳ ගත්තාය. එය මෙතෙක් ඇය ලද මිහිරිම හැඟීම බව ඇය නොවළහා කීවාය.

 “අපි මුලින්ම පවුලක් ලෙස එකට සිටීමෙන් මේ ජයග්‍රහණය සමරමු,” ඇගේ මව බියට්‍රිස් පැවසුවාය. “මම හිතන්නේ සාරාට සති දෙකක් පමණ නිදාගෙන එය සැමරීමට අවශ්‍යයි.”

ඇය  2017 සිට 30 හැවිරිදි ඇමරිකානු ගුවන් නියමුවරියක වන Shaesta Waiz විසින් තබා තිබූ වාර්තාව බිඳ දමා තිබිණි.

බ්‍රිතාන්‍ය ට්‍රැවිස් ලුඩ්ලෝ  නැමැති 18 හැවිරිදි තරුණයා පසුගිය වසරේ   තැබූ වාර්තාව නම් තවමත් ඇත්තේ ට්‍රැවිස් සතුවය. එබැවින්   සමස්ත වාර්තාව ඇත්තේ සාරාගෙන්  බැහැරවය.

ඇගේ ගෝලීය ගුවන් ගමනට මාස තුනක් ගත විය යුතුව තිබිණි.  නමුත්, නිර්දය අයහපත් කාලගුණය සහ වීසා ගැටලු  සමහර විට සති ගණනක් ඇයව එක් එක් තැන්වල හුදකලා කර තැබුවේය.  ඒ හේතුව නිසාම  ඇයගේ වික්‍රමය මාස දෙකකින් පමණ දිගු කළේය.

පෙරගමන් ගුවන් යානා සාරාව කැඳවාගෙන එමින්…

පොද වැස්ස, හිරු රශ්මිය සහිත ඊයේ  සාරා ගොඩබසින්නට සූදානම් වනවිට  Kortrijk ගුවන් තොටුපළ අහසේ දේදුන්නක් ඇඳී තිබිණි.  ඇය පිළිගැනීමට ගිය පෙරගමන් ගුවන්යානා හතරක පිරිවරින් ඇය ගුවන්තොටුපලට පැමිණියාය. අනතුරුව ඇය රැස්ව සිටි පිරිසේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ගුවන්තොටුපල වටා අහසේ පියාසර කරමින් සිට යානය ගුවන් පථයට පහත් කළාය

ඇයගේ ගුවන් සැරිය  සැතපුම් 32,311කට වඩා වැඩිය.    දුරක්  ඇය මහාද්වීප පහක නතර වී සිටියාය. ජාතීන් 41කට සත්කාර ලැබුවාය.

සාරා සිය ගුවන් ගමනේදී  කැලිෆෝනියාවේ ලැව්ගිනිවලින් මිදී ඉගිලුනාය.  රුසියාව පුරා මිදී ගිය අධික සීතල තුළ ගිළුනාය.    උතුරු කොරියානු ගුවන් සීමාවා  යන්තම් මඟහරින අයුරු අත්දුටුවාය. ඇය   පියාසැරි නීති රීති අනුව පියාසර කළාය, යහපත් කාලගුණ තත්වයක් තුළ ඉදිරිය දර්ශනය කරමින් කළ ගුවන් සැරිය   වඩාත් සංකීර්ණ වූයේ    වලාකුළු සහ ඝණ මීදුම් පද්ධති හරහා ගමන් කරන විටය.

විටෙක ඇයට මරණ බිය දැනී තිබිණි.    තවත් විටෙක ඇය නිවසේ සරල සුවපහසුව ගුවන් ගමනේ දී අත්වින්දාය.

ඇගේ දෙමාපියන් දෙදෙනාම ගුවන් නියමුවන්ය.    පියාසර කිරීම පිළිබඳව සහජයක් ඇය සතුව තිබිණි.   ඇය වයස අවුරුදු 6 සිට කුඩා ගුවන් යානා වල ගමන් කර තිබුණාය. සාරා තනිව පියාසරකිරීම ආරම්භ කළේ වයස අවුරුදු 14 දී ය.   වැඩි කල් නොගොස් ලොව වටා පියාසර කිරීමේ සිහිනය ඇගේ හිස තුළ වර්ධනය විය.

“ඒත් මම කවදාවත් හිතුවේ නැහැ ඒක කරන්න පුළුවන් වෙයි කියලා. එය ඉතා දුෂ්කර, භයානක, මිල අධික යැයි මම මා සිතුවා ”ඇය පැවසුවාය.

ඇයගේ ගමන් වියදම  අනුග්‍රාහයකයන්ගෙන් සහ සහ ප්‍රජා දායකත්වයෙන්  ආවරණය විය.  ගමනේ   අන්තරාය සහ දුෂ්කරතා සාධක ඇය හුදකලාව භාර ගත්තාය.

ඇය කීවේ උසස් පාසලින් පිටවී විශ්විද්‍යාල ප්‍රවේශය අතර කාලය වෙනස් දෙයක් කිරීමට උචිතම අවස්ථාව බව ඇය කල්පනා කළ බවය.

“ලොව වටා පියාසර කිරීමට හොඳම අවස්ථාව මෙය යැයි මා සිතුවා..,” ඇය පැවසුවාය. එළඹෙන සැප්තැම්බර් මාසයේදී ඇය විදුලි ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට බ්‍රිතාන්‍යයේ හෝ එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාලයකට යාමට බලාපොරොත්තු වන්නීය.

නිව්යෝක් පෝස්ට් ඇසුරිනි –

Join @lankasara on Telegram Channel
Tags: නවතමවිශේෂ
Previous Post

ලකුණු 184ක විශිෂ්ට ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනී!

Next Post

ජනපතිට තව අවුරුදු 2ක් දෙන්නැයි සජබ මන්ත්‍රීනි ඩයනා ගමගේ ඉල්ලයි

Related Posts

පෙර හෙළ රජ කල සිට පැවතෙන  වෙසක් සිරිත…

මැයි 14, 2022

කඳුළු ගෑස්    වැදුණොත් මොකද වෙන්නේ ? කළ යුත්තේ කුමක්ද?

මැයි 8, 2022

රටේ ධනය හොරා කාපු හැටි ගැන ෆයිල් ටිකක තොරතුරු ටිකක් අනුර හෙළි කරයි…

මැයි 3, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • චීනය මඩින්න බයිඩන් ගෙන එන ආර්ථික රාමුව
  • පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…
  • CID ය පොලිස්පතිගෙන් පැය 05ක් පුරා ප්‍රකාශය සටහන් කරගනී…
  • බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…
  • ඉන්දියාවේ සෘජු විදේශ අයෝජන වල සීඝ්‍ර ඉහළයාමක්

ජනප්‍රිය පුවත්

  • පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…

    174 shares
    Share 70 Tweet 44
  • බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…

    241 shares
    Share 96 Tweet 60
  • “කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…

    241 shares
    Share 96 Tweet 60
  • පත්කිරීමට නියමිත කැබිනට් ඇමති ධුර 07බෙදෙන්නෙ මෙහෙමයි….

    239 shares
    Share 96 Tweet 60
  • පැය 16ක් පෝලිමේ සිටි මිනිසුන් නොතකා පොලිස් පාට් දමා පුතාගේ වාහනයට තෙල් ගැසූ පොලිස් සුනඛයා!

    228 shares
    Share 91 Tweet 57
  • 21 එන්නෙම බැසිල්ව ගෙදර යවන්න… මංගල කැබිනට් මණ්ඩලයට කෙටුම්පත ඉදිරිපත් කරන්න සියල්ල සූදානම්!

    215 shares
    Share 86 Tweet 54

Highlights

බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…

ඉන්දියාවේ සෘජු විදේශ අයෝජන වල සීඝ්‍ර ඉහළයාමක්

“කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…

පැය 16ක් පෝලිමේ සිටි මිනිසුන් නොතකා පොලිස් පාට් දමා පුතාගේ වාහනයට තෙල් ගැසූ පොලිස් සුනඛයා!

හරීන් – මනුෂ ඇමති කම් ගැනීම ගැන නාමල් සතුටින්….

සී.අයි.ඩී. ය පොලිස්පතිගෙන් කටඋත්තර ගැනීම අරඹයි.!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Joe Biden

චීනය මඩින්න බයිඩන් ගෙන එන ආර්ථික රාමුව

by Lankasara News
මැයි 22, 2022
0

ආසියානු කාලපය තුල නැගී එන චීනයෙන්...

පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…

by editor
මැයි 22, 2022
0

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව පොහොට්ටුව...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist