අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

කෙල්ල දිනුම්!

by editor
ජනවාරි 21, 2022 - Updated on ජනවාරි 22, 2022
in ජීවිතය
Share on FacebookShare on Twitter

ඒ 19 හැවිරිදි  කෙල්ල අපේක්ෂා කළ අයුරින්ම සිය ලෝක වාර්තාව තැබුවාය. ඒ ඊයේ සවසය.

සාරා රදර්ෆඩ් ගැන දැන් අප දන්නේය. ලෝක වර්තාවක් පිහිටවනු සඳහා හුදකලාව සැහැල්ලු ගුවන් යානයක නැගී ලෝකය වටේ කරක්ගහන අතර ඇය අපේ රත්මලාන ගුවන්තොටුපලින් අපේ රටටත් ගොඩබැස්සාය. ඒ පසුගිය දෙසැම්බර් 27 වැනිදා ය.

යන ගමන් මෙහෙමත් කීවාය. “  ලොව වටා සංචාරයක යෙදෙනවා නම් ලංකාව ස්ඵර්ශ කළ යුතුමයි.  සිලෝන් ටී කියන්නෙ අමතක කරන්න බැරි රසයක්“

ඇය ඊයේ  බටහිර බෙල්ජියමේ Kortrijk ගුවන් පථය ඇයගේ කුඩා ගුවන් යානයෙන් ස්ඵර්ශ කළාය.    ගෙදරින් පිටත්ව ගොස් දින 155 කට පසු ඇය යළි ගෙදර පැමිණියේ තනිව ලොව වටා පියාසර කළ ලාබාලතම කාන්තාව ලෙස ලෝක වාර්තාවක්  තබමිනි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ගුවන් සේවා  කර්මාන්තය සහ ලෝකය මෙහෙයවන නිශ්චිත විද්‍යාවන් සම්බන්ධව   පිරිමි ආධිපත්‍යය දරන අංශවල සාර්ථක වීමට උත්සාහ කරන සියලුම තරුණියන් වෙනුවෙන්, ඔවුන්ට ආත්ම ශක්තිය සහ විශ්වාසයක් ඇතිකිරීම වෙනුවෙන්  ඇය ඒ අභියෝගාත්මක ගමන ආරම්භ කර සාර්ථකව නිමා කර තිබුණාය.

“එය කරන්න හැකියි. නමුත් එයට බොහෝ කාලයක්, ඉවසීමක්, සහ  විශාල වැඩ කොටසක් කිරීමට අවශ්‍යයයි.  නමුත් එය ඇදහිය නොහැකි තරම්  අත්දැකීමක්, ”

සිය අභියෝගාත්මක චාරිකාවෙන් පසු  සාරා සිය අත්දැකීම පැවසුවාය.    සයිබීරියාවේ හිම මිදුන තුන්ද්‍රා වනාන්තරවල  සිට පිලිපීනයේ මහා ව්‍යසනයනය සිදුකළ ටයිෆූන් සුළිකුනාටුව දක්වාත්  අරාබි කාන්තාරයේ ඉමක් නැති රුදුරු හුදකලාවත් ඇය අත් විඳ තිබුණාය.

වරක්, ඇගේ තනි ආසනයක් සහිත  “ශේක් මයික්‍රොලයිට්“ යානය කැලිෆෝනියා ලැව්ගිනි දුමින් වැසී ගියේය.   බොහෝ විට ඇය හුදකලාව මුහුදේ හෝ පාළු ගොඩබිමකට ඉහළින් පියාසර කරමින් සිටියාය. අවදානමක දී  ගලවා ගැනීමේ හැකියාව තිබුණේ බොහෝ දුරිනි.    ඇයගේ පවුල හෝ ඇය දන්නා ලෝකය සමඟ කිසිම සම්බන්ධයක් නොමැතිව කුඩා සයිබීරියාවේ අයන් ගම්මානයේ සති ගණනක් හුදෙකලා වීමට ඇයට සිදු විය.

ඇය ඒ දුර්ග චාරිකාව නිමා කර ඊයේ සිය ගුවන් නියමු දෙමාපියන් සහ සහෝදරයා   වැළඳ ගත්තාය. එය මෙතෙක් ඇය ලද මිහිරිම හැඟීම බව ඇය නොවළහා කීවාය.

 “අපි මුලින්ම පවුලක් ලෙස එකට සිටීමෙන් මේ ජයග්‍රහණය සමරමු,” ඇගේ මව බියට්‍රිස් පැවසුවාය. “මම හිතන්නේ සාරාට සති දෙකක් පමණ නිදාගෙන එය සැමරීමට අවශ්‍යයි.”

ඇය  2017 සිට 30 හැවිරිදි ඇමරිකානු ගුවන් නියමුවරියක වන Shaesta Waiz විසින් තබා තිබූ වාර්තාව බිඳ දමා තිබිණි.

බ්‍රිතාන්‍ය ට්‍රැවිස් ලුඩ්ලෝ  නැමැති 18 හැවිරිදි තරුණයා පසුගිය වසරේ   තැබූ වාර්තාව නම් තවමත් ඇත්තේ ට්‍රැවිස් සතුවය. එබැවින්   සමස්ත වාර්තාව ඇත්තේ සාරාගෙන්  බැහැරවය.

ඇගේ ගෝලීය ගුවන් ගමනට මාස තුනක් ගත විය යුතුව තිබිණි.  නමුත්, නිර්දය අයහපත් කාලගුණය සහ වීසා ගැටලු  සමහර විට සති ගණනක් ඇයව එක් එක් තැන්වල හුදකලා කර තැබුවේය.  ඒ හේතුව නිසාම  ඇයගේ වික්‍රමය මාස දෙකකින් පමණ දිගු කළේය.

පෙරගමන් ගුවන් යානා සාරාව කැඳවාගෙන එමින්…

පොද වැස්ස, හිරු රශ්මිය සහිත ඊයේ  සාරා ගොඩබසින්නට සූදානම් වනවිට  Kortrijk ගුවන් තොටුපළ අහසේ දේදුන්නක් ඇඳී තිබිණි.  ඇය පිළිගැනීමට ගිය පෙරගමන් ගුවන්යානා හතරක පිරිවරින් ඇය ගුවන්තොටුපලට පැමිණියාය. අනතුරුව ඇය රැස්ව සිටි පිරිසේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ගුවන්තොටුපල වටා අහසේ පියාසර කරමින් සිට යානය ගුවන් පථයට පහත් කළාය

ඇයගේ ගුවන් සැරිය  සැතපුම් 32,311කට වඩා වැඩිය.    දුරක්  ඇය මහාද්වීප පහක නතර වී සිටියාය. ජාතීන් 41කට සත්කාර ලැබුවාය.

සාරා සිය ගුවන් ගමනේදී  කැලිෆෝනියාවේ ලැව්ගිනිවලින් මිදී ඉගිලුනාය.  රුසියාව පුරා මිදී ගිය අධික සීතල තුළ ගිළුනාය.    උතුරු කොරියානු ගුවන් සීමාවා  යන්තම් මඟහරින අයුරු අත්දුටුවාය. ඇය   පියාසැරි නීති රීති අනුව පියාසර කළාය, යහපත් කාලගුණ තත්වයක් තුළ ඉදිරිය දර්ශනය කරමින් කළ ගුවන් සැරිය   වඩාත් සංකීර්ණ වූයේ    වලාකුළු සහ ඝණ මීදුම් පද්ධති හරහා ගමන් කරන විටය.

විටෙක ඇයට මරණ බිය දැනී තිබිණි.    තවත් විටෙක ඇය නිවසේ සරල සුවපහසුව ගුවන් ගමනේ දී අත්වින්දාය.

ඇගේ දෙමාපියන් දෙදෙනාම ගුවන් නියමුවන්ය.    පියාසර කිරීම පිළිබඳව සහජයක් ඇය සතුව තිබිණි.   ඇය වයස අවුරුදු 6 සිට කුඩා ගුවන් යානා වල ගමන් කර තිබුණාය. සාරා තනිව පියාසරකිරීම ආරම්භ කළේ වයස අවුරුදු 14 දී ය.   වැඩි කල් නොගොස් ලොව වටා පියාසර කිරීමේ සිහිනය ඇගේ හිස තුළ වර්ධනය විය.

“ඒත් මම කවදාවත් හිතුවේ නැහැ ඒක කරන්න පුළුවන් වෙයි කියලා. එය ඉතා දුෂ්කර, භයානක, මිල අධික යැයි මම මා සිතුවා ”ඇය පැවසුවාය.

ඇයගේ ගමන් වියදම  අනුග්‍රාහයකයන්ගෙන් සහ සහ ප්‍රජා දායකත්වයෙන්  ආවරණය විය.  ගමනේ   අන්තරාය සහ දුෂ්කරතා සාධක ඇය හුදකලාව භාර ගත්තාය.

ඇය කීවේ උසස් පාසලින් පිටවී විශ්විද්‍යාල ප්‍රවේශය අතර කාලය වෙනස් දෙයක් කිරීමට උචිතම අවස්ථාව බව ඇය කල්පනා කළ බවය.

“ලොව වටා පියාසර කිරීමට හොඳම අවස්ථාව මෙය යැයි මා සිතුවා..,” ඇය පැවසුවාය. එළඹෙන සැප්තැම්බර් මාසයේදී ඇය විදුලි ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට බ්‍රිතාන්‍යයේ හෝ එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාලයකට යාමට බලාපොරොත්තු වන්නීය.

නිව්යෝක් පෝස්ට් ඇසුරිනි –

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලකුණු 184ක විශිෂ්ට ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනී!

Next Post

ජනපතිට තව අවුරුදු 2ක් දෙන්නැයි සජබ මන්ත්‍රීනි ඩයනා ගමගේ ඉල්ලයි

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.